Pages

Monday, October 4, 2021

ලාම්පු එළියයි ප්‍රේමය

 




ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එලිය සේ අචින්තයි සුනිල් මහත්තයා⁣ ලියපු එක
නන්දා මැඩම්ගේ හඩින් තමයි අපේ කන් අස්සට රිගැව්වේ.
ප්‍රේමය නම් අසෙනිය කුසුමක් වේ
ලෝභ සිතින් නොව පිදුව මනාවේ
පෙරලා බිඳකුත් ලබනට ඉන්....
ඒ සරත්චන්ද්‍ර මහත්මයා ප්‍රේමය ගැන හිතැව්ව හැටි.
ආකස්මික ගේය පද රචිකා
යමුනා මාලනීය කියන්නේ නම්....

ප්‍රේමය ලොව හැමතැනම ඇති
අපි හැමටම හමු වෙලා ඇති
එනමුදු ප්‍රේමය කීමැයි කියා
හදුනා ගත් කිසි කෙනෙකු නැති

මම තුනේ පංතියේ ඉන්නකොට අපේ පංතිභාර ටිට මාව දැම්මේ
මේ චන්ද්‍රිකා ගාවට.
චන්ද්‍රිකාත් කළුයි , මාත් කළුයි.
ටිච බැඳලා නෑ.
ටිච ඔය ළමයින් එක ලගට දැම්මේ ටිචගේ යටි හිතේ මොකක්දො වැඩ සටහනකට.
දැන් තමයි එහෙම හිතෙන්නේ .
අර චන්ද්‍රිකා හිනැහෙන කොට නම් කමුබුලේ සුළි දෙකක් එනවා.
එක බලන්න මං කැමැති.
ඒක මොකක්ද ?
කවුද දන්නේ .
පොඩි එවුන්නේ.

වයස අවුරුදු දහය දොළහ වෙනකොට ගැණු ළමයි , පිපෙනවා.
ඒකට ඒ අයගේ ඇග ඇතුලේ හැදෙන ස්ත්‍රී හෝර්මෝන තමයි බලපාන්නේ
යටැස් බැලුම් ,කෝල කතා,
මුකුළු හිනා, ලලිත ගමන්
ඔක්කොම හින්දා කවුරු හරි පිරිමි පරාණයක්
මේ ගැටිස්සියට ලැග් වෙනවා.
අනේ ඉතිං අහසේ තරු කඩාන  මාල දාන්නම්,
මකරු ගෙනත් දෙනවා කියලා හිටං
මේ දැරිවිය එක්ක
සාද කතා, අතරේ හාපුරා කියලා මුවමී බොනවා
එතකොට කියන්නේ "ආදරෙයි පණටත් වඩා"

පස්සෙන් පහු ඔය ස්ත්‍රී පරානයක්
පුරුෂ පරානයක් එක්ක කුඩු වෙනවා.
බබ්බු හම්බ වෙනවා.
උයනවා කනවා
එකද ආදරය.
මන්ද ඉතිං  ඔය අපි කියෝන, බලන නිර්මාණ හැම එකකම ප්‍රේමය කියන්නේ ඔහොම එකකට
අයිති සටහන් කර ගැනීමට .
අයිති නැතිනම් එහෙම ප්‍රේම කරන්න බැයිද?
නෑ ඉතිං මට හිතෙන්නේ
අපේ බැඳිම් හින්දා හිතේ ඇතිවෙන හිතුවිලි සංකලනයක් වෙන්න ඕන ප්‍රේමය කියන්නේ
එහෙනම් ඉතිං ප්‍රේමයට පුර්වයෙන් බැදිමක් ඇති වෙන්න ඕන.
මේ බැදිම් වලට දැඩි බවට රාගය ,
ස්පර්ශය, කඩහට, පණිවිඩ වගේ එව්වා අවුළුපත් වගෙයි.
අවුළුපත් වැඩි වෙන්න වැඩි වෙන්න ප්‍රේමයේ දැඩි බව වැඩි වෙනවා.
ඔය අපේ කාලත්‍රයා එයාව අපිට නිතීයෙන්ම බන්දා තියෙන්නේ.

දැන් ඉතිං කාලය ගත වෙනකොට අපේ හෝර්මෝන අඩු වෙනවා.
සමහර දේ සදහා තියෙන උපයෝගීතාවය අඩු වෙනවා..
එතකොට මේ බැඳිම් ටිකක් විතර සසල වෙනවා.
අපේ සංස්කෘතික ,
අපිට දාලා තියෙන සීමා, තහංචි
ඔව්වා නිසා වැඩය තවත් කචල් වෙනවා.
සාම්ප්‍රදායික සමාජය පවුල් ප්‍රශ්න කියන්නෙ ඒවටයි. අපි ආදරය කරමු. ඒක ස්වාභාවිකයි. ඒවගේම ඒක ස්වාභාවිකයි කියන එක සාම්ප්‍රදායික සමාජය තුල පිලිගැනුනු දෙයක්. 
එත් ප්‍රේමනීය හැඟිම් තුල ඇතිවන රාගය
ඒක නම් අපේ සංස්කෘතිය ඇතුලේ ස්වාභාවිකයි කියලා පිලි ගන්නේ නෑ
එක නම් අවසනාවකට වෙච්චි දෙයෙක්
ඔය රාගයේ ප්‍රතිඵලය  ප්‍රජනනය
බොහොම ස්වාභාවිකයි .
ඒත් ඒ සදහා තියෙන බලපත්‍රය විවාහය.
ඒ බලපත්‍රය නැතිනම් ප්‍රජනනය බෑ.
අනෙක වයස
අවු 40 පැනලා ඔය වැඩේ කරන්න ලංකාවේ නම් ලොකු ගැම්මක් තියෙන්න එපායැ.
අනෙක අපේ කාන්තාවන්.
ඔය කාලය වෙනකොට බොහොම අබලන්.
කොහොමට වුනත් ඔය කාලය ගත කරන කෙනෙක්ට ,
ආලවන්තකොම හිත පිරෙන්න බැයිද?
ඉර නිමෙන කොට සඳ සිහිල විදින්න හිත් දෙන්නේ නෑතිවද?
ඔය පංසලට ගිහින් ඒ සිහිල පාං තිරයක් පුළුස්සා පා කරන්න හදනවා.
ජීවිතය අඩක් මරාන මේ අය ඉන්නවා .
ජනප්‍රිය චරිත අරුණාම අනෙක් අයට වෙන්නේ එහෙම ඉන්න.
ඉදින් තනි තටුවෙන් පියාඹන්න බෑ.
තව තටුවක් ඕන.
ඒ තටුව හොයා ගන්න බෑ.
කොහේ තියෙනවද දන්නේ නෑ.
බටහිර රටවල සංස්කෘතිය මේ කාරණය වැලි කෝං පිට්ටුවක් වගේ හිතනවා කියලා එයාලගේ නවකතා කියෝන කොට හිතෙනවා නමුත් ආසියාතික අපිට මේක සිරිපාදේ වගෙයි.

වික්ටර් මහත්මයාගේ දෙවැනි විවාහය ගැන අනෙක ලිපි රචනා ලියවුණත්,
බටහිර කලාකරුවන්ගේ එවැනි තීරණ ගැන පයිසෙකට මායිම් නොකරන්නත් හේතුව එක වෙන්නැති...෴

Thursday, September 30, 2021

"මෝඩයා"

 "මෝඩයා"

තුසිත පේප සර්වියටයෙන් මුහුන පුරා විසිරුන නෙක්ටෝ බිඳිති පිහ දැමිමා.
ඔහුගේ යටැස් බැල්ම උද්‍යානයේ කෙලි සෙල්ලමින් හුන් කුඩාවුන් සිසාරයි තිබ්බේ.
ස්තුති
සිගිත්තියට  සිය මව ගැනවත් , සිගිත්තාට සිය පියා ගැනවත් නිනව්වක් නෑ.
උතුරා යන සතුටෙන් ඉක්සෝරා පදුරේ  විලිකුන් පල සොයමිනුයි ඔවුන් හිටියේ.
නිම්මිගේ නෙත් වල තිබ්බේ මොකක්ද ?
එදා වගෙම අදත් තුසිතට තෝර ගන්න බෑ.
ඒ......
"තමුසේ ඉතිං ඇයි කිව්වේ නැත්තේ"
නිම්මිගේ ගවැස් තුසිතගේ වත පුරා දිවගියේ පිලිතුරු නෙතින් සොයන්න පුළුවන් කියලද ?

තුසිත උපැ⁣ස් පිහ දැම්මා.
නෙක්ටෝ වලින් උපැස් වල කාච පිරිසිදු වෙලා.
පුරුදු මුවකොන් හාසය යලි තුසිතගේ වත එලිය කරා.
"ඔයාට මතකයිද?"
..........................................................................
11 වසරේ සාහිත්‍ය සමිතියට
කොස් ගහ ශාලාවේ
කට්ටියම පිරිලා.
සුමනසිරි සර්රුයි, සුසිලා ටිචයි ශාලාවේ කෙලොරේ ⁣ගුරු මේසයක් ගාව
සුහද සාකච්ඡාවක්.
සභාපති  තුසිත.
ලේකම් විශ්වා
තුසිත සමිතියේ කටයුතු පටන් ගත්තා .
එක දෙක අංග යන අතරේ,
ජයතිලක චිට් එකක් තුසිතට විද්දා
"අරකිට සිංදුවක් දාහ"
රකුසු අකුරෙන් එකේ තිබ්බේ එහෙම..
ඔය අරකි කියන්නේ අළුතෙන් 11 පහ පංතියට ආපු කෙල්ල .
"නිම්මි"
තුසිතට නම් නිම්මිගේ මහ ලොකු අපුරු බවක් පෙන්න තිබ්බේ නෑ.
නමුත් අළුතෙන් ආපු හින්දා කොයි කවුරුත් බැලුවා .
නාමල්ට වාගේ පිරුණු ඇගක් තිබ්බේත් නෑ.
ඒත් නිම්මිගේ ලොකු ඇස්වල කළුම කළු පාට ඇස් බෝල නම් තුසිතවත් බය කරා.
පෙරේයිදා ලැබ් එකේදී.
කොල තම්බන වේලාවේ නිම්මි හිටියේ තුසිතගේ කණ්ඩායමේ .
ඒ වේලාවේ ,
නිම්මි අතේ තිව්න
ටෙස්ට් ටියුබ් එකේ,
ඇල්කොහොල් , ජයතිලක හැප්පුන නිසා
තුසිතගේ පිටට හැළුනා.
"සොරීඉඉඉ....
කියලා කියපු වේලාවේ
ඒ මුනේ තිබ්බේ
බොහොම බයටපත් වෙච්චි පෙනුමක්
ඇස්වලින් කදුළු පනින්න ඕනන මෙන්න
වගෙයි.
තුසිත
හා කමක් නෑ කිව්වේ ඇත්තටම .
ජයතිලකලා හිනා වුණා.
මොකද අත පන නැද්දැ
එහෙම තමා ජයතිලක ඇහැව්වේ
සාමා ටිච කට්ටියම ඇත් කරලා ගෑස් බර්නරය වැහැව්වා .
"ළමයි ලැබ් එකේ සෙල්ල එපා...
පොඩ්ඩක් මිස් වුනොත් හැමෝමටම කරදරයි"
විද්‍යාව පිරියඩ් එකෙන් පස්සේ
පුස්තකාලය
පුස්තකාලය පිරියඩ් එක ජයතිලකලා කට් කරනවා.
තුසිත නම් බලාන හිටපු පිරියඩ් එකක්.
අදවත් සැගවුණ ලෝකය හොයා ගන්නවා
තුසිත හිතාගෙන ගියේ එහෙම.
පරිවර්තන රාක්කේ ගාව නිම්මිත් හිටියා.
එතන වෙන කවුරුත් නෑ.
තුසිතට එතනට යන්න ඕන වුණත්
පොඩි බයාදු ගතියක් දැණුනා .
එත් පොතට තියෙන කැමැත්ත බයාදු හිත මැරුවා.

"ඔයාත් ආස ද"
"පරිවර්තන වලට"
අනේ සොරී
ලැබ් එකේදී කවුරු හරි අතේ හැප්පුනා "

තුසිත අතේ තිබ්බ පොතෙන්ම "නිශ්ශබ්ද වෙනු"
පුවරුව පෙන්නුවා
නිම්මි හිනාව තද කර ගත්තා.

නිම්මි ඉස්කෝලේට බාර දුන්නේ පහුගිය සතියේ.
තුසිතගේ පංතියට ඒක්කන ආවේ
තඩි ලෝරා, ශිෂ්‍ය නායිකාව
නිම්මිට හම්බ වුනේ අන්තිම පේලිය.
පේලි මැද්දෙන් යනකොට වටපිට බැලුවේ නෑ.
බැලුවන හැමෝම එයා දිහා බලාන ඉන්නවා දකින්න තිබ්බා .

තුසිත බලනකොට නිම්මි අයිනක ඉන්නවා දැක්කා.
"පව්.........
එයාට සිංදු කියන්න බැරි නම්..."
ජයතිලක සහ නඩේ දිහා බලපු තුසිත
නැගිට්ටා.
ජයතිලකලා තමයි පංතියේ චන්ඩියෝ.
තුසිත කෙල තලියක්ම ගිල්ලා

"අපේ පාසලට අළුතෙන් පැමිණි,
නිම්මි සොයුරියට ගීයක් ගයන ලෙස ආරාධනයක් කරලා තියෙනවා ,
ඒ නිසා මිලගට අපේ සාහිත්‍ය සමිතියේ සැවෝම
ගීතයකින් රස ගන්වන්නට මම ඇරයුම් කරනවා
11 පහේ නිම්මි සොයුරියට...."

ජයතිලකලාගේ අත්පුඩි ගෝෂාව මැද්දේ
නිම්මි ඉස්සරහට එනවා තුසිත දැක්කා.

"ආයුබෝවන්,
සභාපති තුමාගෙන් සහ නිලධාරීන්ගෙන් අවසරයි,
මට ආරාධනා කරපු සහෝදරයන්ට ස්තුති .
ගීයක් ගයන්නම්
එය අසන ලෙස ඉල්ලමින්.......

තුසිතට සෙනවිරත්න සර් ගුත්තිල කාව්‍ය පාඩම උගන්වනවා මතක් වුණා.
ඒ හඬ..............
මුළු ශාලාවම නිහඬ වුනා
සුමනසිරි සර් ,
සුසිලා ටිචව අත ඇරලා ගී හඩ පිටවන මුව බැලුවා.
තුසිත මතක් කර ගන්න බෑ මේ තරම් මිහිරියට ගයපු ගැයුමක් ඉස්කෝලේ සමිතියක නම්.
තුසිත නිම්මිගේ කට දිහා
කට අයාන බලන් උන්නා
අත්පොලසන් හඩ ඇහෙනකම්ම.
හිස පාත් කරලා ආචාර කරපු ලස්සන .
වැරහැල්ලක් වගේ පෙනුන නිම්මිව තුසිතගේ හිත් පින්සලෙන් පාට කරන්න පටන් අරගෙන තිබ්බේ තුසිතටත් හොරෙන්.

පහුවදා වඩුවැඩ සර්ගේ බුද්ධාගම පාඩම
පුරුදු විදිහට සර් පොතේ පාඩම් කියවන්න නියම කරන්න පටන් ගත්තා
"විශ්වා පාඩම පටන් ගන්නවා "
විශ්වා බලාන ඉන්නේ එකටමයි
විශ්වාගේ කඩහටට නියන්, අතකොළු හිට දෙදරුම් කෑවා.
විශ්වාගෙන් පස්සේ පුරුදු විදිහටම තුසිතට
තුසිත කියෙව්වාට පස්සේ .
වඩුවැඩ සර් අළුත් ළමයාව දැක්කා.
"හා......
අළුත් මුණක් , කියවනවාකෝ එහෙනම් පාඩම.

නිම්මි නැගිට්ටා...
තුසිත බැලුවේ අතකොළු දිහා.
එව්වා තුෂ්නිම්භුත වෙලාද?
වරක්කලය ගාව තිබ්බ කැටයම් නියන්
ටික ගල්ගැහිලා කියලයි
තුසිතට හිතුනේ.
විශ්වාගේ මුහුණ දෙහි ලෙල්ලක් වෙලා.
ආයේ ඉතං පාඩම පටන් ගන්න විශ්වාට හමිබ වෙන එකක් නෑ.
.......................................................
එදා හවස පංති දවසක්
තුසිත පත්තර කඩදාසියේ දවටාන උන් සිනි මැදි කල පාන් කාල පොඩියට කඩමින් කමින් හිටියේ.

"ආ මේ.......

සැන්විචර්ස් පෙත්තක් නිම්මි දික් කලා
තුසිත  වටපිට බැලුවේ කවුද පංතියේ ඉන්නේ කවුද බලන්න .
තුසිතගේ වාසනාව.
සුමනා පොතකට එඹිගෙනයි හිටියේ.
අනික සුමනට ඔව්වායේ ගානක් තියෙන එකක්යැ.........
තුසිත පාන් පෙත්ත හනික ගත්තා
අය්යෝ මගේ අතත් තව ඩින්ගෙන්  කැඩෙනවා
මෙච්චර ලස්සන හඩක් මේ ඉස්ගෙඩි කෙල්ලට කොයින්ද ?

ආ මේ නෑ..........

තුසිතට එක පාරටම වචන ආවේ නෑ.
ඒ වුණත් තුසිතත් ඉස්කෝලේ විවාද කණ්ඩායමේ සමාජීකයෙක්.

"යං වතුර බොන්න"
නිම්මි කතා කරාම තුසිත ඉස්සර වුණා
තුසිතලාගේ ඉස්කෝලේ වතුර බොන ලිද තිබ්බේ ගේට්ටුව ගාව.
එකේ කඹ දාලා පිරිමහගන්න බැරි හින්දා
ටයර් පටියක් තමයි දාලා තිබ්බේ.
වතුර පනිට්ටුව බම්ප් වෙවි එනකොට අදින්න අමාරුයි .
නිම්මි ඕක දන්න එකක්යැ
පනිට්ටුව සිරි සිරි ගාලා ළිදට බස්සලා
අදින්න ගන්න කොටයි රගේ දැනුනේ
තුසිත වහාම නිම්මිගේ අත් අතරෙන් අත දාලා ටයර් පටිය ඩැහැ ගත්තා.

"අයින් වෙන්න"

විශ්වාට වගේ නම් හොද හරුපයක් අහගන්න තිබ්බා
එත් නිම්මිට එහෙම කියන්න තුසිතගේ දිව කිකෝරු නෑ.

පනිට්ටුවේ වතුර ටික අත්ගොට්ටෙන් එකතු කරගෙන
නිම්මි බිව්වා.
නිම්මිගේ ගවුමේ උඩ කොටසත් තෙමිලා.
නාමල්ට වාගේ ඒ උඩ කොටස හිර ගතියක් නිම්මිගේ තිබ්බේ නෑ.

කෝ එන්ඩ පනිට්ටුව ඉල්ලා ගත් නිම්මි
තුසිතට බොන්න වතුර දැම්මා .

අඩේ..හ්  මෙහේ වරෙව්.......
මේ බලපියව්කෝ
තුසිතයා දිහා......
මේ......
මෙවුන්ට මක් වෙලාද ?
බොන්න වතුර ඩිංගක් වත් කරන එකට මේ හැටි මොර දෙන්නේ ඇයි?

"ඇයි මොකද තුසිතට මොකක්ද වෙලා තියෙන්නේ ,

මෙන්න නිම්මි විසුවියස් වෙලා.
කොහොමටත් ලොකුවට තියෙන නිම්මිගේ ඇස් බෝල, ගිනිබෝල වගෙයි.
එව්වායේ ගිනිසැරට ජයතිලකලා පසුබෑවා.
එත් එක්කම රත්නදාස සර් පංතිය පටන් ගන්න ස්ටාෆ් රූම් එකේ ඉදන් එනවා දැකපු නිසා
ගිනිකදු නිවාන පංතියට ගි⁣යේ සාන්ත දාන්ත මී රංචුවක් .
...................................................

මුණසිංහ ටිච කෘෂිකර්මය පිරියඩ් එකට බද්ධ කරන්න අඹ තවානට එක්ක ගියා.
තවාන තිව්නේ ලැබ් එක ගාව.
බොරළු පිරුණ පාත්ති වල හදපු මෑ පැල
කරන්ගෑටි වෙලා
ලැබ් එක ගාව තිව්න ටැංකිය කොළම කොළ පාටයි.
ඇල්ගී
එතන පඩි කිහිපයක් එක්ක හදා තිව්න ටැංකිය  පාවිච්චියට ගත්තේ නෑ.

තුසිතගේ සහායිකාව නිම්මි .
තුසිත නිම්මි අල්ලාන උන් අඹ අත්තේ අනුජයක් කැපුවා.
සාප් බ්ලේඩ් එ⁣ක වැරදි පාරක ගියා.
නිම්මිගේ චුටි ඇගිල්ල යාන්තං කැපුණා.

"ආහ් අනේහ්"
නිම්මි අඹ අත්ත ඇරියා.

කෝ....
තුසිත ඉක්මනින් නිම්මිගේ සුළගිල්ල කටේ දාගෙන ඉරැවා...

"අපොයි,
මෝඩයෝ අර අනිත් එවුං දැක්කොත් විසුමක් නෑ.."
ඒත් නිම්මි ඇගිල්ල කටෙන් ඇද ගත්තේ නෑ.

තුසිතට පස්සේ කල්පනා උනේ,
නිම්මිගේ ඇඟිල්ල උරන්න
නිම්මිගේ කවුරුත්යැ
තුසිත දෙන්නා එක පංතියේ උනාට
එහෙමත් ගැණු ළමෙක්ගේ ඇගිල්ලක් උරන්න බෑ නේ
නිම්මිගේ ඇස් බාගේට වැහි ගිහින් තියෙන්නේ ඇයි?
ක්ලාන්තේ දාන්නද?

"දැන් හොදයි නේද?"

නිදිකුම්බා කොළ ටිකක් හපලා කැපුම වහපු තුසිත ඇහැව්වා

"හරි යයි අනේ,
චුට්ටයි කැපිලා තියෙන්නේ "

"ඉතිං ඔයා බය වුණාද......"

ඇත්තටම තුසිතට ලේ බලන්න බෑ තමයි.
ක්ලාන්ත වෙනවා.
අද එහෙම වුනේ නැති වුණත් බයටමයි ඇගිල්ල
කටේ දාගෙන ඉරුවේ

"ඇයි ඔයා එහෙම කරේ"

කෝ.......
තුසිතට උත්තර නෑ.
ඇත්තටම තුසිත එහෙම කරේ ඇයි.
තුසිතටත් හිතා ගන්න බෑ.

"ඔයා මට ආදරෙයිද??"

"ආ.... ම්......
නෑ.....හ්....."

තුසිතට පුළුවනේ ඔව් වුණත් එහෙම කියන්න.
පිරියඩ් එක ඉවර කරන බෙල් එක වාගේම බෙල් එකක් තුසිතගේ පපුවේ නාද වුණා

එතනින් පස්සේ කම්මැලි කමට ඉස්කෝලේ වැඩ කෙරුනේ.
නිම්මි තුසිත දිහා බැලුවත් තුසිත බැලුවොත් අහක බලා ගත්තා .
නිම්මි තරහ වෙලා.තුසිත හිතුවා
සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ තුසිත ගියා තුසිතගේ අම්මාගේ ගමට
අනුරාධපුරයේ .
නිම්මි කදා⁣න ඉස්කෝලේට උසස් පෙළ කරන්න .

......................................................................
ඒ පාඨමාලාවේ ප්‍රසන්ටේෂන් එකේ දී ඇහුණ හඩ තුසිතට හොදටම හුරුයි.
ඔව් මේ නම් එයාම තමයි.
ඉක්මනින් වට්ස්අප් ගෘපය පිරික්සා
දුරකතන අංකය හොයා ගත්තා

හලෝ....ව්
ඔය නිම්මි.....ද

"ඔව් මෝඩයෝ......."
*************************************

Monday, March 1, 2021

වයලා

 *** වයලා**


අඹ ගහේ එල්ලී උන් බස් රීම් එකට,
රේල් ඇනේකින්
රංජී අය්යා තලාගෙන තලාගෙන ගියා...



ටං ටං ටං සද්දෙ පාවරවැව ඉස්කෝලෙන් එලියට පැනලා තිස්ඹබේත් පහුකරාන
නීකිනියාව වැව්බන්ටෙකටම ගියා.
මග දෙපස සිරි අසිරිය බල බලා
ඉස්කෝලේ එන්න ගාටපු කොළු කෙල්ලො
තමන්ගේ ගමන ඉක්මන් කරේ,
ඊලග සද්දෙට කලින් නොගියොත් කළුබංඩා මහත්තයාගේ ගිනිසැර ඇස්බැල්මට මුලිච්චි වෙන හින්දයි.


"මොකද උඹ.......
පස්සට ඉර වැටෙනකන් බුදියා ගත්තේ"

අහද්දී
එක දවසක් සෝමයාගේ දෙපැරැන්දෙන්
ගඟක් ගලන්න ගත්තා.


පාවරවැව ඉස්කෝලේ තිබ්බේ නීකිනියාව වැවට උඩින්.
වැවයි ඉස්කෝලේයි මැද්දේ තිස්ඹබේ වෙල.
වෙල අද්දර පුරාන විහාරය.
පන්සලට ඉස්කෝලේ පෙනවා.
ගම් මණ්ඩියේ ඉදන් එන කොළු කෙල්ලෝ ඉස්කෝලේට එන්නේ වැව් බන්ටෙක දිගේ.
පාවරවැව ඉස්කෝලේ ලොකු ඉස්කෝලේ මහත්තයා ,
කළුබංඩා .......
ගං පලාත නම් ගම්පහ පැත්තේ ,
දැන් ඉස්කෝලේ ගුරු නිවාසේ තමන්ගේ නිවාසේ කරගෙන සුමනාවතී ඉස්කෝලේ හාමිනේයි, කෙල්ලෝ තුන් දෙනයිදෙක්කම ඉන්නේ .
ගරා වැටි තිබ්බ පාවරවැව ඉස්කෝලේට
හඳ පැයුවා වාගේ එළියක් ආවේ,
කළුබංඩා මහත්තයා ආවට පස්සේ ,
ගංගොඩේ කරක් ගහලා,
ඉස්කෝලේට නොඑන කොළු කෙල්ලියන්ගේ අප්පලා මොලාට හොද පදෙන් කියපු හින්දා දැන් ගංකරේ ඉස්කෝලේට නේන කොළු කෙල්ලෝ නැති ගානයි.
ඉස්කෝලේ වත්තේ වැට ගැහැව්වේ
ගමේ⁣ම කාණ්ඩේ එක්කාසු කරාන,
ඒ වැට තහනමත් එක්ක,
ඉබාගතේ කකා යමින් ,
ඉස්කෝලේ වත්තටත් ආපු හරක් රෑනට වෙන අතක් බලා ගන්ට උනා.
ලොකු මහත්තයාගේ නෝනට ලොකු ඉස්කෝලේ හාමිනේ කිව්වට උන්දැ ඉස්කෝලේ උගන්වන්නේ නෑ........

ලොකු මහත්තයාට උන්නේ කෙල්ලෝම තුන්දෙනෙක්..........
වයලා බඩ පිස්සී
හයේ පංතියට පාස් වුනේ මේ අවුරුද්දේ .......
සුමනාවතී හාමිනේ ගුරු නිවහනේ ඉදිරිපිට මැස්සක
සමන් පිච්ච වැලක් ඉන්දා තිබ්බා.
කොයිතරම් පැයිල්ලක උනත්
සමන්පිච්ච වැලට ඉස්මුරිතෙ හැදෙන්න
වතුර වක්කොරනවා.
වැතිනම් වක්කොරොනවා,
ලොකු ඉස්කෝලේ මහත්තයා
ලොකු ඉස්කෝලේ ඇත්තන්ටනේ
සැප සාත්තු නොඅඩුව ලැබුණු  හින්දා සමන්පිච්ච වැල සාරේට දළු ලාඑන්න වැඩි කලක් ගියේ නෑ.
ඕන් පහුණු දවසක කාගේ කාගේ හිනා මල් වත මත්තේ පිපුණේ,
වැල අග්ගිස්සේ කෝඩුකාර සමන්පිච්ච කැකුළු දැකලා..

වයලා ලං කරගෙන ලොකු හාමිනේ කටුකු⁣ටු ගැවා.
වයලා තම අප්පච්චිගෙන් ලැබුණු තරු කරාබු කුට්ටම හුරතල් කරා

"දැන් ඉතිං උඹ ඉස්සර වාගේ ගස් බඩගානවා නෙවෙයි,
ඔය වස්තර ඇතුල පරෙස්සම් කර ගනින්,
දළදා කරඩුව වාගේ.....

පංසලේ මල් වට්ටිය වාගේ ඇවිත් උන්නු නෑ බබලතීයන්ගේ දැනමුතුකම් වලට කන් දෙන්න වයලා මාරු වුණා.
එදා රෑ දෙසොයුරියන් මැද්දැවේ වයලා නින්දට ගියේ කන් දෙකම පිරෙන්නැහේ ලැබුණු දැනමුතු කන්දරාව එක්ක.
එව්වට වැඩිය වයලාගේ හිත ගත්තේ නම්
සයිබෝඩ් එක උඩයි ඇතුලෙයි බ්‍රවුන් පේපර් වැසුම් ඇතුලේ තිබ්බ ප්‍රසාදයි.

ඉස්කෝලේ විද්‍යාව උගන්වන්නේ නාමරත්න මහත්තයා ,
නාමරත්න මහත්තයා එන්නේ බියුක් බයිසිකල් එක්කින්,
අල්ලාපු ගමේ ඉදන්..
කන ගාව සයිඩ් බන්ස් උඩු රවුලත් එක්ක කට දෙපැත්තෙන් එකතු වෙලා තිබ්බා....
නාමරත්න මහත්තයා ඇන්දේ බැල්බොටම්.
නාමරත්න මහත්තයා පංතියට ආවේ පංතියම මහ සැර සුවදකින් පුරවාන.
උගන්වද්දී ඔය සුවද වැඩිපුරම
හමා ගියේ ගෑණු ළමයින් ඉන්න පැත්තේ .

එකපාරටම වයලාගේ කන ගාව කරකුණු හීතල හුල පාරට ,
වයලාගේ පටි සෙරෙප්පු යට ඉදන්ම හීතල වුණා.

"මොකැයි මේ නාමරත්න මහත්තයාට වෙලා තියෙන්නේ ,
කනට පුගන්නේ....."
වයලා හැරි බලද්දී ඇස් පුංචි කර හිනාවක් දාපු නාමරත්න මහත්තයා වම් පැත්තේ උන්නු කුසුමලතා ගාවට මාරු වුණා.
ඇස් යට්න් බලාපුවාම නාමරත්න සර්
කුසුමලතාගේ කිහිල්ලට අනිනවා පෙනුනට
කුසුමලතා ගැස්සුනේ නෑ.

සිකුරාදා  නාමලේඛන පොත් ගන්න ස්ටාප් කාමරේට වයලා විතරයි ගියේ,
පංති නායිකාවන්ට ඉස්කෝලේ තනියම යන්න අවසර තිබ්බා ,
අනෙක වයලා ලොකු මහත්තයාගේ පොඩි දුවනේ.....

නාමරත්න මහත්තයා උනුවතුර බෝතලේකින් තේ වතුර,
කෝප්පයකට වක්කරමින් හිටියේ,

"අප්පේ අපේ ලොකු මහත්තයාගේ චුටි මැණිකගේ හැඩ,
මං මේ බලාන හිටියේ අර ජංගී කොට ඇදගෙන දුවපි ඇට්ටිබි කෙල්ල හැඩවෙච්චි හැඩවිල්ල..........
මට දැනුත් එහෙම බලන්න ආසයි කෙල්ලේ..."

වයලාගේ කන් ඇතුලට මේ රිංගපු වචන හෝ ගා දෝංකාර දෙන්න ගත්තා.
වයලා තොල් වලට දිව ගෙනිච්චේ
එව්වා හරි ඉක්මනට වේලි ගිය හින්දා .

"මෙහේ එනවකෝ ටිකක්,"

ස්ටාප් කාමරේ සන්ලයිට් මේසේ උඩින් ආපු හිනි අතකින් වයලාගේ අත කිටි කිටියේ අල්ල ගත්තා ,
අනෙක් අත පංතිනායිකා පදක්කම සාවියේ හක්කලන් කරන්න පටන් ගත්තා

වයලාගේ කනට එදා අම්මා, නැන්දා, පුංචිලා කියපු වචන පෙරහැරේ එන්න පටන් ගත්තේ ,
හිත ඇතුලේ දඩ බඩ ගාලා ගැහුන බෙර තාලේට,

නිදහස් අතෙන් උනුවතුර බෝතලේ අරන්
තපස්  ගාලා උනු තේ වලින්,
නාමරත්න මහත්තයාව නැව්වේ
වයලා⁣ නෙමෙයි,
අම්මා, නැන්දා පුංචිලා......

"අම්මේහ් ......."
පිලිස්සුම් හඩකින් නාමරත්න මහත්තයා වයලාව අතඇරියා....
වයලා කිරිල්ලියක් වුණා.
ඒත් වැහැව්වේ පංතියේ නෙමෙයි.
ගුරු නිවාසේ දෙපියන් දොර දඩාස් ගා ඇරගෙන
හති හලමින් ⁣රිංගපු වයලා දැකපු
ඉස්කෝලේ හාමිනේගේ ඇස් උඩ ගියා.
මොකෝ යකෝ
මේ මහසෝනා දැක්කා වගේ මේ උදේ....

"ආ...ම්....හ්..
නෑ.....
අම්මේ......
මං මේ භුගෝලේ පොත ගෙනිහින් නෑ..."

"වලාමේ කට කැඩෙනක කියනවා නේද?
රාත්තිරියේ ඔය අඩුම කුඩුම සුජානං කරගන්ටෙයි කියලා...."

කුස්සියට රිංගා ගත් වයලා,
පොල් කටු දෙකක්ම කොත ගහලා ගත්තු වතුර වලින් බඩේ ගින්න නිවා ගත්තා,
ඒ වෙද්දී හිතේ ගින්දර යංත නිමෙන්න පටන් අරන්,

"වයලෝ, වයලෝ
අන්න අර කාන්ඩේ දුවන්නේ මොකදැයි බලාපං......."

කළු බංඩා මහත්තයා පෙරටු කරගත්
ගුරු මණ්ඩලයේ මහත්තුරු ටිකයි
වයලාගේ අක්කලාගේ පංතියේ අය්යලා ටිකයි රෑනට
පාර පැත්තට දුවනවා.

..........................
නාමරත්න මහත්තයා ,
උදේ තේ බොන්ඩ යද්දී කැරකිල්ලක් අල්ලලා වැටිලා,
ඇගපත පුරාම තේ.....
ඉතිං මං ගෙදර ගිහින් රෙදි මාරු කරගෙන
එන්ඩ යැව්වා.....
මඟදි කබරයා
අර තනියා
ඒකා මේ දවස්වල ගං මණ්ඩියට ඇවිල්ලාලු.......
මහ නුගේ ගාවදී නාමරත්න මහත්තයාගේ කට උඩ.......
කරුමේ තමයි.......
බයිසිකලේ කුඩු පට්ටම්

වයලාගේ ඇස් වලට කඳුලක් ආවට ඒ දුකකට නෙමෙයි.
පපුව පිරෙන්න හුස්මක් ගත්තු වයලා
අත්ගොබේ පිරි මැද්දා......
...............නිමි.....................



























Thursday, November 12, 2020

හුඟක් ඉස්සර

 නිවාඩුව එනකම් ඇඟිලි ගැන්නේ,

නිවාඩුවට ලබුනෝරු යන්න ලැබෙන හින්දයි.
ලබුනෝරුව තමා අපේ ගම.
ගමට යන ඒක ඉතිං ලොකු අලංකලන්චියක්.
උදේ එකේ කෝච්චියට බටුවත්තෙන් නඟින්න ඕන.
එකේ රාගම ස්ටේෂන් එකෙන් බහිනවා.
කොළඹ ඉදන් මඩකලපුව සහ තිරිකුණාමලේ යන උදේදේවිය ගැන යකඩ කටින් කියනකොට අපි එයාව පිලිගන්න ලැස්ති වෙනවා.
තාත්තට වරන්ට් තිබ්බේ තුන්වැනි පංතියේ .
වාසනාව තිබ්බොත් මල්ලීටයි මටයි ජනේලි අයින් ලැබෙනවා.
අපි දෙන්නාව දාලා තාත්තා අන්තරස්දාන වෙනවා.
එකට මොකද,
මඟ අපිව පහුකරන දේවල් කොච්චරක්ද ?
ගල්ගේ ඇතුලේදී අපි දෙන්නම තරගෙට හු කිව්වා........
ඔය වඩේයි කාරයෝ,
පැලපී කාරයෝ ගියාට අපිට මොකද?
පොල්ගහවෙලින් පස්සේ ලයිට් කණු වෙනුවට සිග්නල් අත් තිබ්බේ .
මහවදී කෝච්චිය නවත්තපුවාම තාත්තා ප්‍රාදුර්භූත වෙනවා...
මහව ඉස්ටේසං කැන්ටිමේ මාළුපාන්වල රහ..........
එයිට හපන් කිරි තේ එක....
පුදුම විජ්ජාව තමයි
කෝච්චිය ආපු පැත්තටම යන ඒක.
කෝ කවුරුත් හිටියේ නෑ
ඒ මොකක්ද වුණේ කියලා දෙන්න නම්
කවුරුත් හිටියායැ.
කැකිරාවේ ඉස්ටේසමේ කාකිමාමාට තාත්තා ටිකැට් කෑලි දුන්නා.
අමුතු වහ කුයිල මැලතියන්වල.
කුචිබුචි කියන ගේ කුරුල්ලෝ හැම තැනම.
ඉස්ටේසම ඉස්සරහ කඩ පේළියේ එක කඩයයි ඇරලා තිබ්බේ .
කඩේ ඉස්සරහ කුඩුවක දඬු ලේනෙක් එල්ලීගෙන බලාන උන්නා .
වතුර ජෝගුවෙන් විදුරුවට දාගත්තු වතුර
බොන්න ටිකක් අමාරුයි .
කියුල.....
ස්ටේෂන් එකේ ඉදන් අනුරාධපුර දඹුල්ල පාරට හැතැප්ප කාලයි.
පේන දුර.....
පයින් ගියාම විනාඩි විස්සයි.
එතන ඉදන් පැයක් විතර බලාන ඉන්න කොට කැකිරා බස් එනවා..
ඊයා........
මට බස් දකිනකොටම වමනේ යනවා.
මොනව කරන්නද වමනේ දදා යන්න එපැයි.
කැකිරාවේ බස් නැවතුම් පොලේ කොනක
"පව්කාරමඩුව"
එ් මඩුවේ සිමෙන්ති බංකුවල හිඟන්නෝ බුදිය හිටියා.
අපිට බස්සේක තියෙන්නේ දෙකට....
බස් එක එනකම් අපිත් පව්කාරමඩුවේ ඉන්දවලා තාත්තා අතුරුදහන් .........
ගොඩාක් වේලාවට කට්ටමුරිච්චාන බස් එක කැඩෙනවා
එහෙම වුණාම ගෙලෙන්බිදුණුවැව,
කහටගස්දිගිලිය බස් සරණ ගච්ජාමි ......
බස් එකේදී මට ලොකු වැඩක් තියෙනවා .
පුළුවන් තර වමනේ දාන ඒක....
එතකොට මගේ පෙනුම
හුඹහෙන් ඇඳගත් ගොයා වගෙයිලු...
පව් අසරණ මම....

මුරියාකඩවල මෛත්‍රී විද්‍යාලය පෙන දුරින් බස් එක ජරස් ගාලා නවතින කොට
කඩිමුඩියේ එලියට බැහැලා වමනේ පාරක් දාලා ඇඟ හැල්ලු කර ගන්නවා.
අම්මෝ දැනෙන සනීපේ.
දැන් තියෙන්නේ
ඉස්සරහ ඩැනී මුදලාලිගේ කඩේට ගිහින් තේ බොන්න,
එකේ තේ හදන්න හිටියේ බළල් ඇස් තියෙන සුට්ට කෙල්ලෙක් ...
රාණි.....
රාණි දිහා ,
රාණිගේ බළල් ඇස් දිහා බැලුවේ පුදුමයෙන්..
අපේ ඉස්කෝලේ නම් බළල්ඇසියෝ නෑ..
තේ බොන්න ගල් බනිස්, හුළං විස්කෝතු තමයි හොඳ.......
ඉස්කෝලේ ගාව ඉදන් ලබුනෝරු පාරට යනකම්,
ගෙවල් නෑ.....
හැතැම්ප තුන පයින් .....
මග දිගට හම්බ වෙන බෝක්කු ,
එරමිණියා ගාල් ගනන් කරන එක තමයි යනෙන කාන්සිය මකන්නේ ......
ගිනි පිඹින ඉර අහසට වෙලා
පොළවට රැව්වා......
පාර අයිනේ තියෙන මහ ගස් ඒ රැවුම් ගනන් ගත්තේ නෑ....
රඹැව හම්බ වෙන්න හැතැම්මක් විතර යන්න ඕන....
පිදුරු හෙවිල්ලාපු ගෙවල් දෙක තුනක ඉස්සර වල ගොඩ ගොඩවල්.....
බුලත් කහට හිනා කටින් ඒ ගෙවල් ඉස්සරහ වල ඉදි කරමින් දෙන්නා දෙමහල්ලෝ උන්නා.......
අපේ වයසේ කොළු කෙල්ලෝ ජංගී කොට ඇදගෙන එක එක සෙල්ලම් .....
තව ටිකකින් උන්ට සමවෙන හිත නිසා
මල්ලීයි මායි මුණෙන් මුන බලාන
හිනා වුණා......
හන්දියේ කඩේ ගාවදි මරදන්කඩවල ඉදන් එන පාර මුරියාකඩවල පාරට හේත්තු වෙනවා......
ඉහලාඹතලේ වෙල් යාය එතන ඉදන් පටන් ගන්නේ ......

ආනන්ද අය්යාගේ කඩේ ගාවදී අපි දෙන්නා දුවන්න පටන් ගන්නවා.....
මල්ලීට මට වඩා හය්යෙන් දුවන්න පුළුවන් .....
මං කොච්චර වේගේ වැඩි කරත් ඌ තමයි ඉදිකඩුල්ලේ හරස් පොල්ලෙන් මුලින්ම පනින්නේ.
ඉදිකඩුල්ල සීයා හදපු එකක්
පිටලෑලි දෙකක් වෑයෙන් ගාලා හිල් තුනක් විදලා, හොද ඇද නැති හල්මිල්ල ලී තුනක්
හරහට දාපුවාම ගුණා සීයාගේ හරක් හැතිකරේට වත්තට එන්න බෑ....
ඒ වුණාට ඉතිං උන්දැගේ වැස්සියන්ගේ කිරි, මුදෝපු කිරි , දුං තෙල් එහෙම නම්
ජාති.......

මැලතියන් නාවපු ආච්චිලාගේ ගෙයි බිච්ච ,
කුඹුක් හුනෙන් සුදු කල්ලා තිබ්බේ .
ඉස්සරහ වටපිල....
බිම රටාවට ගොම ගාලා....
ගේ කුරුල්ලෝ වහලේ පිදුරු ඇද ඇද සෙල්ලම් කරනවා...
ගේ ඉස්සර තඩි වද මල් ගහේ තුය්යෝ පැණි බොන්න ඇවිත්.
හැම පැත්තෙන්ම රැහැය්යන්ගේ බ්රැඩි හඩ දෝකාර දුන්නා.

අවුරුදු නිවාඩුවේ අපි කාටත් සෙල්ලම් ගොඩයි.
රන්ජා, සනතා, සිල්ලරයා, උපාලි, මැණිකේ,
කිරිමැණිකේ, අපේ මල්ලී
ඔක්කොම එකතු වුනේ අවුරුදු උත්සවයක් දාන්න....
රන්ජාගේ ඇස් බැඳලා,
අලියට ඇහැ තියන්න.....
අලි බෝඩ් එක ඉස්සරහ..
උපාලියා සරම උස්සාන පුක ඇද පාගෙන...
රන්ජා උපාලියාගේ පුකේ හුණුකුර ගෙනියනවා.....
හිනා බෝම්බ පුපුරද්දී.....
රන්ජා ඇස් වහපු චීත්තේ ගැලෙව්වා
චියීයා.....
වලත්තයෝ #$& ....
රන්ජා ගෙදරම දිව්වා......


Saturday, July 18, 2020

ඉරණම

මා මගේ පර්යේෂණාගාරයට ගියෙමි. අපේ නිවසට පසුපස වු කාණුවට, උඩ වත්තේ ජලය එක්විමේදී ඒ වත්ත සේදීම නිසා ඇති වු ගුහාවක් බඳු කොටස මගේ පර්යේෂණාගාරයයි. තාත්තාගේ අත වැදිම නිසා බිදි ගිය චිවිනි ලාම්පුවේ කර,ඇණ ටිකක්, රේමන් මාමාගේ ගොනාගේ ගලවා ඉවත් කල ලාඩම් කුට්ටමක් මාගේ පර්යේෂණාගාර උපකරණයි.
මටත් අවශ්‍ය වුයේ අහස් විමනක් සෑදීමටයි.
මේ තියෙන කෑලි බෑලි වලින් ඒ සඳහා ප්‍රමණවත් නැති බව නොතෙරේන්නට මං පොඩි බබෙක්යැ........
ස්කයි ලැබය පතිත වන්නේ ඉන්දියන් සාගරය ආසන්න ප්‍රදේශයකටයි......
හරි එහෙනම් ඒ අපේ ගේ ඉස්සරහ ඇති මෝලේ වත්තට වැටුණොත්!......
එහෙනම් වැඩේ හරි...

මේ මෝල වත්ත යනු පෙර කොහුබත් මෝලක් පිහිටි, නමුත් දැන් පාළුවට ගිය ඉඩමකි.
එහි තැන් තැන්වල පොල්ගස් කිහිපයකි. ලොකු කැඩුණු ටැංකියක්ද කුඩා නිවුන් ටැංකියක් ද ඇත්තේ එහි පහල කොටසේය.
එහි වු පොල් ලෙලි වල අපි කාගේ කාගේත් මත්ස්‍ය කර්මාන්තයට පුර්ව කුසලතා ලබා දුන් තැනයි.
එහෙත් එයට මේරි අක්කාත්, ජොසපිං නැන්දාත් අකමැති වුයේ ඔවුන්ගේ පල් විමට දමා තිබු පොල් අතු මාළු ඇල්ලීමට දඟලන අප අතින් කැඩෙන නිසාය.
මා මුහුණ සේදීමට නාන ලිදට යන්නේ ස්කයි ලැබ් එකේ වැටුණු කොටස් හිමිකර ගැන්මේ බලාපොරොත්තුවෙනි...........
එහෙත් එය කිසි කලක ඉටු නොවුණකි.
ඒ පර්යේෂකයා මිය ගිියේය.
නැතහොත් මරා දැමිණි.
මිනිමරුවන් හෝ මියගිය ආකාරය ගැන කිසිවෙක් විමසුවේ නැත..........
ඒ ස්කයි ලැබ් අහස් විමන මිහිතලයට පතිත විමට නියමිත කාලයයි. සන්ධ්‍යා පුවත් කියවන රම්‍යා වනිගසේකර එය පතිත විමට නියමිත ඉන්දීයන් සාගරය ආශ්‍රීත ප්‍රදේශයකට බව කියනු ඇසිණි.
ලැබ් එකේ වැටුණු කොටස් හිමිකර ගැන්මේ බලාපොරොත්තුවෙනි...........
එහෙත් එය කිසි කලක ඉටු නොවුණකි.
ඒ පර්යේෂකයා මිය ගිියේය.
නැතහොත් මරා දැමිණි.
මිනිමරුවන් හෝ මියගිය ආකාරය ගැන කිසිවෙක් විමසුවේ නැත..........


Friday, July 17, 2020

ඉදින් ඒ නිමා වී නැත

පංකාවේ බඹන තල ,
කාර්යාලයේ නිසල වාතලය අඹර අඹරා
සසල කරයි.
මාගේ ඉදිරිපස ඉන්නී, සිිිිිිිිරිමලී නවක ගුරුවරියකි.
ඉතා මෑතක පත්විම් ලද්දී,
සිය පළමු සේවා ස්ථානය වුයේ අපගේ පාසලයි.
පියකරු වතකින්, මන බඳනා දේහයකින් යුතු ඈ පෙනුමෙන් අහිංසකය.
කැළණිය විශ්ව විද්‍යාලයේ උපාධිලාභීනියක වු ඈ,
වැඩ භාර ගත් දිනයද මට මතකය.
මව සමඟ වැඩ භාර ගැනීමට පැමිණ සිටි ඇයගේ විපිලිසර බව , උපාධිලාභීනියකට,
තරම් නොවුවාය.
කඳුළුබර දෙනෙතක් තිබු ඇයගේ ඒ බැලුම් පිලිබඳව මා මාගේ බිරිය සමඟද බෙදා ගත්තේය.
ජාතික පාසලක සේවය කරන මාගේ බිරිඳද ඒ පිළිබදව ඇගේ විමතිය පල කර සිටියාය.

සිරීමලීගේ දෙනෙත,
කදුළු ඇල්ලකට පෙරලි ඇත.
ඉන් ගලනා කදුළු දහරින් ඇයගේ පිරිපුන් ලැම වසා සිටි හැට්ටයද තෙත් වි ගොසිනි.

"ස..ර්.....
අනේ සර් , මට අනුයුක්තය හදා ගන්න උදව් කරන්න.
නැත්ත මම වහ ටිකක් බීලා මැරෙනවා....."

මේ බලන්න සර්,
ඇය හැට්ට අත මදක් ඇද්දීය.
රත් පැ තැල්මක සේයාව ගජදත් සම මත විය.

"සර් කොරෝනා නිවාඩුවේ,
මාව ඇදගෙන ඇවිත් කාර් එකට යට කරන්නත් හැදුවා...."

"නිරෝධගේ අම්මා තමයි උදව් කරේ."

---------------------------------------------
සීරිමලි තෙල්දෙණිය ආසන්න කුඩා ගමක උපත ලද්දේ,
දුගී බවේ අන්තයේ වු පවුලකය.
ඈ උපත ලබා කෙටි කලකින් ඇයගේ පියා,
තේ වත්තේ දළු කඩනාතරයේ, නයෙක් දෂ්ට කිරිමෙන් මෙලොව අතැර ගියේ,
ඇයගේ මව තව තවත් අසරණ කරමිනි.
එතැන් සිට තේ වතු වල දළු කැඩිමෙන්
සිය පවුල රැක බලා ගැනීමේ අසීරු කාර්ය ඈ උරමත පැටවිනි.
සිරිමලීගේ නිවසාසන්නයේ තිබු කුඩා පන්සලේ වැඩ වාසය කල සිල්වත් යතිවරයාණන්ද ,
ඉතුරු වන දාන පිරිනැමිමෙන් සිරීමලිගේ පවුලේ බඩසාය නිවන්නට දායක වුවේය.
පන්සල හා සිරිමලීලාගේ වත්ත වෙන් කර තිබු ,
කටුකම්බි වැට සල් ගහ ගාව දී
කුරුබිලීයක් හදා තිබිනි.
ඇතැම් හැන්දෑ වල සිරිමලිගේ අම්මා ,
ඒ කපොල්ලෙන් රිංගා,
පොල් අත්තක්, පොල් ගෙඩියක පිහිටුම් ස්ථාන වෙනස් කළාය.
ඒ පොල් ගෙඩි එදිනම ඔවුනගේ මිරිස් ගල මත දී පොල් සම්බල බවට හැරවිනි.

එ් සිරිමලී පහේ පංතියේ ඉගෙන ගන්නා සමයයි.
සල්ගහ ලග සිරිමලීගේ වත්තේ තිබු කටුලොවි ගහ පල්ල සිරිමලීගේ සෙල්ලම් තිප්පලයි.
පොල්කටු වළං,
පොල්ලෙලි ලිපේ බතක් සහ මාළුවක් උයමින් තිබිණි.
සිරිමලිගේ උකුලේ, හමගිය ප්ලාස්ටික් බෝනික්කා කතාන්දරයකට, හුමිටි නොතියා , ඇස් නොගසා අසමින් හුන්නේය.

"කෙල්ලේ.....ඒ....."

බරසාර හඬ ඇසුණේ පන්සල් වත්තෙනි.
බුලත් විඩක් හපමින් ,
හාමුදුරුවෝ වැඩ සිටිති.

"මෙහාට වරෙන් කෙල්ලේ....."

සිරිමලී, බස බස ගා චීත්ත ගවුමේ දුලි පිසදමින් නැගි සිටියාය.

"කෝ තොපේ අම්මා"
අම්මා දළු වලට ගියා හාමුදුරුවනේ.."
"තෝ, උදේට කෑවාද......"
"ආ.....ම්......
නෑ......
අම්මා එනකොට පාං ගෙනවා කිව්වා.."

"හා.... වරෙන්කෝ එහෙනම්...."

ආවාසයට ගාව දං හලේදී
රසම රස ආප්ප එක්ක,
හීතල කරපු කිරි එකකින් සිරිමලීගේ බඩ වගෙම හිතත් පිරි ගියේ,
හාමුදුරුවෝ ගැන පහන් සිතුවිලි ඈගේ හිතපුරා පුරවමිනි.

"හා දැන් පලයං......
උඹට ඕන වේලාවක,
මෙහෙට වරේ.......
ඔය තියෙන දෙයක් ඇත්ත කන්න බැරිවායැ...."

පසුදින සිරිමලී , බෝනික්කියට කතා කියුවද, දෙනෙත් දෙසවන් මුළුමනින්ම පංසල් සාවියට නතුව තිබිනි .
ඒ හඬ ඇසෙන මොහොත ඇයගේ බලාපොරොත්තුව විය.
අවසන, ඇයගේ නෙතු දැල්විණි. සවන් පිරිණි.
එදින ජෑම් තැවරු පාන්,
රසම රස චොකලට් රස කිරි වලින් සිරිමලීගේ මුව පිරිණි.
උතුරා යන ගෞරවයෙන් හාමුදුරුවන්ගේ දෙපා වැටුණ,
සිරිමලීගේ කෙසඟ අත් දණ්ඩ ,
හාමුදුරුවන්ගේ පුෂ්ඨිමත් අතකට හිර වුණි.

"කෙල්ලේ උඹ කීයේ පංතියේදැ...."
පහේ පංතියේ .....
සිරිමලී පිළිතුරු දුන්නේ සතුටෙනි.
කසාවත මත ඉන්දවුණ ඈ
ප්‍රශ්නයක් අසන තුරු බලා හුනී.
ලොකු මල් චීත්ත ගව්මේ, ඇතුලත නොපීපි
මල් කැකුළක, ළපටි පෙති ඉසියුම්ව ගලවන උත්සහයකි.
කලින් බී ගත් චොකලට් කිර මෙන්ම දැනෙනුයේ රසයකි.
සිරිමලී ඒ රසයට කැමැති වුවාය.
බුලත් රස ඒ ගන්ධයට අකමැති වුවත්,
මල් කැකුලේ පෙති ගලවන උත්සාහය සුවදායකය.
දෙකකුල් අතර සැරි සරන ගොරෝසු අතැගිලි අවසන එතැන නතර විය.

හා දැන් උඹ පලයං.....
මේ කැවිලි පාර්සලයත් අරං පලයන්.

සිරිමලීගේ සති අන්තයන් වෙනස් වුයේ එලෙසිනි.
ඒ වසරේ දෙසැම්බර් නිවාඩුවේ ,
වැහිබර දිනයක,
දන්හලට ගොස් සිරිමලී නිවසට ගියේ කොර ගසමිනි.
ඒ වුයේ කුමක්ද ?
එදින සිරිමලීගේ අම්මා සිරිමලී කාමරයක දැමුවාය.
දින හතකට පසු ඈ නහවා එළියට ගත්තාය.
සිරිමලීයගේ අතලොස්සක් වු නෑසියන් සිරිමලීගේ ගෙදරට රැස් වුවාය.
ඉතා වටනා තෝඩු යුවලක් පන්සලේ හාමුදුරුවන් එවා තිබිණි.
නෑයන් ලබා දුන් තෑගි සියල්ලේ වටිනාකමද එයට සම නොවිය.
වසර අවසන නිකුත් වු ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුව, සිරිමලීට මධ්‍ය විද්‍යාලයක නේවාසිකව ඉගෙනීමට අවස්ථාව ලැබිණි.
නේවාසිකාගාරයේ යෙහෙළියන්ගේ කතා වලදී,
වැහිදිනයේ වු එය........
ඇයගේ සියොලග දහදියෙන් නහවාලිය.
සියල්ල අවසන්ය.
එය නැවත හැරවිය නොහැක.
උසස් පෙළ උගන්නා කාලයේ නිවාඩුවකට ගිය විට ඒ හිමියෝ අපවත් වු බවත් දැන් පන්සලේ හිමි නමක් නොමැති බවත් සිරිමලීට දැන ගන්නට ලැබිණි.
...................................................
සර්,
නිරෝධව මට හම්බ වුණේ සේවාරම්භක පුහුණුවේදී.........
අපි බැන්ඳා....
බැඳපු දා මම හැමදේම කිව්වා,
නිරෝධ කිව්වා කමක් නෑ කියලා.....
ඒත් එදා රෑ එයාට මාව ඕන වුණේ නෑ...
මාස ගාණක් ගියාට පස්සේ මං එත් ඇහැව්වා ඇයි කියලා....
එයා මුකුත් කිව්වේ නෑ....
නිරෝධගේ හොඳම යාළුවෙක් තමා මට ඒක කිව්වේ......
එයාට නෝනලා ඕන නෑළු....
යාළුවෝ ඉන්නවාලු......
මං නිරෝධට බේත් ගන්න කතා කරා.
එතැනින් පස්සේ තමා මට කරදර කරන්න පටන් ගත්තේ,
එයා අම්මට මං ගැන කියලා....
අම්මත් එයාත් එකතු වෙලා බනිනවා,
ගහනවා......
අපි හිඟන්නොලු........
මං වලත්තියක්ලු සර්,
අනේ සර්....
මං දැනගත්තු තේරෙන කාලේක මොනවත් කරේ නෑ සර්.....
මට දැන් නින්ද යන්නෙත් නෑ සර්,
මම ආපහු ගමට ගිහින් අම්මත් එක්ක ඉන්නයි මේ මාරුව හදා ගන්නේ,
සර් මං වැඳලා කියන්නේ .....
මට උදව් කරන්න සර්......

හරි සිරිමලී , අපි බලමු......
මම වහාම ජාතික පාසල් ගුරු ආයතනයේ හුන් මාගේ මිතුරාට ඇමතුමක් ගතිමි.

හමාර කීම......
සිරිමලී මේ වනවිට වෙනත් පාසලක උද්යෝගිමත් ගුරුවරියක ලෙස සේවය කරයි.
නිරෝධද මම දකිමි. ඔහු රජයේ ගුරු සේවයට සමු දී ඇත. දැන් නගරයේ ප්‍රසිද්ධ පෞද්ගලික ගුරුවරයෙකි.

*****************************
සත්‍යයට අසත්‍ය මුසු කොට ඇත. නම් ගම් ආදේශක මිස සැබෑ එවා නොවේ.
ඔබට සිරිමලී , නිරෝධ හමු විමට ඉඩ ඇත.






Thursday, July 16, 2020

තනියා

ක්‍රීං හඩින්, කෑගාන රැහැය් ඝෝෂාව පිරුණ කුරටියා යාය මැද්දේ
බයිසිකලේ ඉස්සරහට ගියා.
තඩි වලක් මග අරවන කොට තව වලක් .
වලක නොවැටි යන්න මාතලීයටත් බැරි වෙයි.
රොට්ටුවක් වු මේ පාර යංතං කපාලා බස් එකක් දැම්මට ,
්‍වැහි කාලේට බොර වතුර වලවල් පිරුන ගඟක්......මරදංකල්ලේ ටවුමේ ඉදං හෙන්ඩාඬුව ගමට හැතැප්ම පහයි.
ඔය පාර
අවුරුදු හතකට වතාවක් හදා දෙන්න කට්ටිය ආවට,
තාමත් ඉතිං හැදිලා නෑ.

හෙන්ඩාඬුව වැව ,
අගෝස්තු පෑයීල්ල දරා ගන්න බැරුව,
දිය කඩිති කිහිපයකට හැරිලා.
එයින් කිපයක දපාන උන් මීවස්සෝ
කම්මැලිකමට බුලත් හපනවා.
තැන් තැන්වල මැරී උන්නු කාවය්යෝ, මඩකරියෝ බෙදා ගන්න බැරිව
බලු නාම්බෝ දෙතුන් දෙනෙක් ගිනි රංඩුවක්.

සිරිල් ඉස්කෝලේ මහත්තයාගේ දෝණි,
චූලනී, ගමේ ඉස්කෝලේන් සාමාන්‍ය පෙළ පාස් වෙලා ටවුමේ ඉස්කෝලේට ගියේ උසස් පෙළ කරන්න ,
පළවෙනි පාර පාස් වුණත් ,
වෛද්‍ය විද්‍යාලයට යන්න ලකුණු මදී හින්දා ,
කුරුණෑගල පංති යනවා.
ඒ සති අන්තයේ,
පංති ගිහින් මරදංකල්ලේ ටවුමේ බහිද්දී හත අට වෙනවා.
ගමේ බස් එක ගිහින් තිබ්බොත්,
සිරිල් ඉස්කෝලේ මහත්මයා
තමුන්ගෙ මෝටබයිසිකලේ ටවුමට එන්න ඕන, කෙල්ල අරං යන්න.
ගමන නම් කෙටියි.
ඒත් ඔය වේලාවට අලි එලි බහිනවා.
අලි රංචුව නම් ගණන් ගන්න ඕන නෑ.
එත් තනියා නපුරා.
අණ ගුණ නෑ.
මුණට මුලිච්චි වුණොත් සෙල්ලං නෑ.
මාස ගාණකට කලියෙන්,
පුට් සයිකලේ ආපු ගුණා මාමාට තනියා ගහලා,
එතන රැකගෙනත් උන්නා.
වනජීවියේ මහත්තුරු ඇවිත් අලිවෙඩි දාලා තනියා එලොලයි, මිනිය අර දුන්නේ,

අප්පච්චි.......
ඇයි පරක්කු උනේ..."
"මොන පරක්කුවක්දැ, කෝල් එක ගන්නකොට , මං උන්නේ කව්පි කෑල්ලේ,
දන්නවානේ පාරේ හැටි......"

"හා යන්......."

"මේ චුටි දුවේ ,
ඕන් යන්න කලියෙන් කියන්නේ ....
අලියා හෙම පාරට ආවොත් කෑ ගානවා නෙවෙයි.
ගලක් වගේ ඉන්ඩොනි....."

"අය්යෝ අප්පච්චියේ ,
බය කරන්ඩ එපා ඕං......"

තම්බිගේ කඩෙන් බුලත් විඩක් ද ගත් සිරිපාල ඉස්කෝලේ මහත්මයා ,
බයිසිකලේ පණ ගැන්නුවා.

කොස්සොකන්ද පන්නලා ,
තම්බිපලියන්කුලම හරියට එද්දී,
ලොරි කාරයෙක් අස් ගහගෙන ගියේ
අලි ඉන්න බවට.
ඒත් ඒ කියලා ඉතිං හිටින්න බෑ.
චුටි දෝණිට හෙටත් පංති .
ඉක්මන් කරපු තරමට
නා ගන්න, අද සටහන් ටික බලා කියා ගන්න කාලය ලැබෙනවා.
කෙල තලියකින් මග පඬුපාට තණකොල ගොල්ල රතු කරාපු සිරිල් මහත්තයා,
හොද හුස්මකින් පපුව පුරෝන ,
බයිසිකලේ රේස් කරා......

"අප්.....ප....ච්චි...."

දෝණි සිරිල් මහත්තයාගේ උර කිටි කිටියේ මිරිකන ගාමින් කෑ ගාවා...
තනියා......
පාර මැද දූවිලි නානවා.
හදිසි ආගන්තුකයා දෙස උගුර යටින් ගුගරමින්
තනියා බැලුවේ නෝක්කාඩු බැල්ලමක්.
සිරිල් මහත්තයාගේ බුලත් බිඩේ වෙලෙන්න ඒ හැටි වේලාවක් ගියේ නෑ.
දෝණි නොහිටින්න මේ වෙනකොටත්
සිරිල් මහත්තයා ලග දිවුල් ගහ මුදුණේ.

සිරිල් මහත්තයාට තම සීයා කියා දුන් ඒ මන්තරේ මතක් වුණේ අහම්බෙන්

"ඕම් ශ්‍රීරාළි
ෂිතා භාතා
ගාවන්ති"

කුරටියා කෑලේ ගුගුරවමින් සිරිල් මහත්තයාගේ ගැඹුරු හඩ කා වැදුණා.
කන් සොලවමින් විමැසුම් බැල්මක් හෙළු
තනියා,
සිරිල් මහත්තයා දෙවන වර මතුරද්දී,
නගුට අමුඩේ ගසා ගනිමින් කැළැයට පිමි ගහැව්වා.

"අප්පච්චි...."

සිරිල් මහත්තයාගේ උරට කාවැදි දියණියගේ ඇගිලි බුරුල් වුණා...

Saturday, February 1, 2020

පීට මහත්තයා

පීට මහත්තයා
"කලේ පැන් ඇත
නැවුම් රහ නැත......"

මොකද මංදා ලිපට වුයේ"
පීට මහත්තයා දඩාස් ගා
නැගිටලා
ටිකිස් ගාලා
ගුවන්විදුලි කට වැහැව්වා.
මැටිල්ඩා උදෙන්ම නැගිටලා
දවල් කෑම එහෙම හදලා
සිය නෑඟණියේ ගෙදර ගියේ
පිට මහත්මයාට යං යං කියලා
දින ගානක ඉද කරපු යාදිකාව
තඹේකට මායිම්
නොකරපු හින්දනේ.
යන්න කලින්
කිටීයාට, බූලාට කෑම පිඟන් දෙක්කට ඇරලා,
ඒවා දෙන හැටි වගේම
කන පිරෙන්න විධාන රොත්තක්ම දුන්නා තමා.
පීට මහත්මයාගේ
එකම දෝණිය
කොළඹ විශ්ව විද්‍යාලයේ.
දෙන්නා දෙමහල්ලෝ
ගෙදර තනියෙන් ගානයි.

මේ ගිය ගමන
පුරුදක් කර ගත්තොත්
????!
පීට මහත්තයාගේ
කන් අඩි රත් වේගෙන
තට්ට හිසටම ආවේ
කොන්කෝඩ් යානාවක වේගයෙන්.....

වහ වහ ගෙයි ඉස්සර පිීට
කිරි හලේ
නැම්බියගේ
ලිප්ස්ටික් හිනාව ගාව පිට මහත්තයා හිට ගත්තා......

"සඅර් මොනාද ඕනා........"

විදුරු වළලු හෙලවෙන හඩට
පිීට මහත්මයාට
ඉල්ලන්න හිතුණේ
වෙන වෙන දේවල්.....

"මට මීකිරි හට්ටියකුයි
පැණි කාලකුයි දෙන්න දුවේ"

දුවේ කියන වචනය නම්
තිත්තම තිත්තට දිවේ ගෑවුණේ

කිරි හට්ටියයි, පැනි කාලටයි
අයිස් පෙට්ටියේ ඉඩ හදා දීලා
පිීට මහත්තයා
මේට් පිප්ටිය එලියට ගත්තා
බ්රම් බ්රෝම්.......
හඬින්
බෑ නොකියා මෝටෝ බයිසිකලේ
පන ගත්තා......
කෙලින්ම ඩගීයගේ බාර් එකට
ගල් කාල සාක්කුවට දාගෙන
මාතර බත් කඩෙන්
හරක් මස් එක්ක බත් එකක් ගත්තා.
මැටිල්ඩා හරක් මස් කන එකයි
ගෙදරට ගෙන එකයි
නවත්වා දැම්මේ මෙයිට දසකයකටත් කලින්.

බූලාටයි , කිටීයාටයි
කිරි, පැණි එක්ක බත් එක්ක අනා
වෙනම කන්න දුන්න පීට මහත්තයා
කාලක්‍රියා කරේ
සාලේ දිග පුටුව මත්තේ......
බුලගෙයි, කීටියටයි
මැඩිල්ඩාගේ කෑම පිගන් දුන්න,
පිීට මහත්තයා ,
හරක් මස් කෑම එකේ ඇටයක් ඉතුරු නොවෙන්න කෑවා.
බුලා බඩ පැලෙන්න කිරිපැණි එක්ක බත් කාලා හිටපු හින්දා
මැටිල්ඩා අක්කාගේ බත් ඉව කල්ලා
කකුලෙන් තල්ලු කරා.
කීටියා ඉතිං ඒ පිඟාන ගාවට කිට්ටු උනෙත් නෑ.
වැනි වැනි කන්තෝරු කාමරේට රිංග ගත්තු
පිට මහත්මයා
ඇදට පැන්නා..........

"එය්යි.....එයි.......
මොකද මේ...........
නැගිටින්න........"

මැටිල්ඩාගේ රීදි සිනු හඬට
පිීට මහත්තයා උඩ ගිහින් ඇහැරුණේ.........

"හපො......යී....
මේ
මොකද
කීටියෝ.....
මොකද බං උඹ බත් කෑවේ නෑත්තේ,
හෑ.....හ්.
බූලෝ උඹත් කාලා නැද්ද...."

කුස්සිය පැත්තෙන්
අහන ප්‍රශ්න වලට උත්තර විදිහට

"ඥා⁣ආවෝ......
ඥා⁣ආවෝ .....
බුබුහ් බුබුහ්
අර්ග්.....බාවුහ්"

වාගේ උත්තර තමයි ඇහුණේ.

"අපොයි මේ මනුස්සයා කාලත් නෑ නේද......"
විස්සෝප හඬත් එක්ක
කේතලේ විසිල් හඩ ඇහුණා

සාලේ ටීපෝ එක උඩ
දුරකතනේ හඬට ආපු
මැටිල්ඩා ....

"අා  ඹව් අක්කේ
දැන් ටික්කට කලින්
ආවේ......
........................
...
අනේ අක්කේ
ආයේ නම් බෑ......
කීටියා කාලාත් නෑ
බූලා කාලාත්.....
අපේ එක්කෙනා කාලත් නෑ
මං එනකොට
කවදකවත් නැතුව මහ දවාලේ නිදි......."

පිීට මහත්තයාගේ කට කොනකට
ආපු හිනාව
දැක්ක බූලා කන්පොට ගහලා
ඉස්සරහ ගාත් දෙක් දික් කරලා
බුහුව්ග් ගෑවා.

Friday, August 23, 2019

නයා ගෙවුණු හැටි

සීයාගේ එනම් අපේ අම්මාගේ ගෙදර පුංචිය.
එහි පලය හෙවිල්ලා තිබුණේ පිදුරු වලිනි.
හැම කන්නයකම පුසුඹ ගහන පිදුරු තට්ටුවක් වහලය මත බැවෙයි.
මේඅකාරයට පලය මත තට්ටු හත අටක්ම පලය මත අරක්ගත් පසුවයි,
පලයේ පිදුරු ඉවත් කරන්නේ,
ඒ ගෙදර ගමගෙවල් කොයිකක මෙන් කාමර දෙකක් , කුස්සියක්, අටුගෙයක් සහ වටපිලක් තිබුණුකි.

සීයාගේ කරුමන්තයට උදව්වෙන එ්කමේක තබා තිබුණේ අටුගේය.
උකුණුගස්, දෑතිගොය්යෝ, ඇඹුල් කැති, පොල කැති ආදි වු උපකරණ වරිච්චි බිත්තියේ මුව අං වල එල්ලි තිබිණි.

"මේ ඇහුණද?"
ඒ දවස්සොල මං හිතා උන්නේ "මේ ඇහුණාද " යනු ආච්චිගේ නම බවයි.

"හෙට වල් කොටන්න පාන්දරියෙන්ම යන්න ඕන......."
සීයා මෙවර හේන සදහා තෝරා ගෙන තිබුණේ තිඹිරිවැවේ ඉස්බඩේ වු කොටසකි.
ආරච්චියාගේ ගෙදර ඉස්සරහ දෙවැටෙන් ද මහගල උඩින් වැටි තිබු රොට්ටුවෙන්ද තිඹිරිවෙල යා හැකි වුවද එතැනින් ඔබ්බට හරි හමන් පාරක් නැත.
කෑලේ මැදින් දිගින් දිගටම යාමෙන් හැදෙන අඩිපාර හේනට පාර වෙයි.
උදෑසනින්ම ආච්චිගේ කුරහන් රොටි සහ ලුණුමිරිස් තලිය පංමල්ලේ ඔබා ගෙන පුරුදු පරිදි සුම්බරයද බැදගෙන දසමහ යෝධ සෙය්යාවෙන් සීයා ගමන් ඇරඹුවේ හිස මත්තේ කෑ ගැසු හූනාගේ අදෝනාව පයිසෙකට මායිම් නොකරමිනි.

අපුච්චියේ .......
ඒ මහා අලකලංචිය වුණේ මහගල පයිනවත් එක්කය.
හතරහිමාවේ හුළ පොදක් නැති අල්ලපනල්ලේ සීයා,
තුස්නිම්භුත වුයේ සුම්බරය ගැලවී
උසික්කා විමෙනි.........
අකුල් කැටේ මැදින් මහාහුළගක්
"ෂුෂ්" හඬින් යලිත් වැදිමත් හා සමඟම සීයා බැලුවේ මේ මොන සමයමක්දැයි කියාය.

අකුල් කැටේ,කුල්ලක ප්‍රමාණයට අඩු නැති පෙන ගොඹය අල්ලාන ,
මාරවේෂයෙන් ඇස්ගොඹ උලුප්පාන උන් නයිහාමිගේ දර්ශනයෙන් සීයා නොවෙන්න වෙන පුතයෙක්ගේ නම් වස්තරේ තෙමනවාමය.
නයි නෙත්තරා දිහා බලාන මේ මරාලයෙන් ගොඩයන එක ගැන කල්පනා කල සීයාට මතක් වී ඇත්තේ දෙපය පමණී.

"ඔහේටු ###පුතා......"

මහ හඬින් කියු සීයාගේ පළමු පිම්ම නයාගේ පිම්මට තප්පර අරික්කාලකට එහා මෙහා නොවුනේ නම්.....
මට අයේ සීයෙක් හමු නොවනු ඇති.
කටු අකුල් බිදගෙන කුළුමීමෙක් සේ දුවන සීයාගේ පාරේ මේ අසමජ්ජාති නයාද එලවන්නට පටන්ගෙන ඇත.
සීයා දුවයි......
නයා එළවයි.
මේ තරගය පුරා හෝරා දෙක තුනක්ම තිබි ඇත.
ගමට හැතැම්ම හත අටකට එපිටින් රිටිගල දෙසට සීයා හැරි ඇත්තේ මේ මාරයා එතකොටවත් මඟ ඇරි යතැයි කල්පනාවෙනි. සීයා දීවිම නවතා ඇත්තේ
රිටිගල බන්දා පොකුණට එපිටින් ඇති බැලුම් ගල මත දිය.
හැරි බලන විට නයා නොදුටුවෙන් සැනසුම් සුසුමක් හෙලමින්,
ගල මත්තේ වාඩිගෙන ඇත්තේ හති නිවා ගැනීමටය.
ආන්න එතකොට මාපටගිල්ල විතර ගැඩවිලෙක් සීයා පැත්තට එනවා දැක ඇත.
මේ මොකාදැයි වග විස්තර බලනකොටයි සීයාට තේරුං ගිහින් ඇත්තේ අර තඩි නාගයා දුවපු දිවිල්ලට ගෙවි ඇති බව.



Thursday, August 22, 2019

කොළ පෑගිල්ල

සීයාගේ කතා
අපේ සීයා කොහොඹයාය.
උන්දැට ඒ නම වැටි ඇත්තේ ගම කොහොඹගස්කඩ නිසාය.
නැතිනම් උන්දැගේ උප්පැන්න සහතිකයේ ඇත්තේ ඩිංගිරිබංඩා කියාය.
ඔය සහතිකවල ඇති නම් ගමේ එකලා පාවිච්චියට ගන්නේ නැතිය.
එවුන් තම තමන්ගේ පහසුවට ගමේ එකලාට එකීලාට නම දමා ගන්නවාය.
ඒ නිසා ඒ කාලයේ
කාක්කි, ලේනා, ලේනී නම් තියෙන මිනිසුන් ද ගමේ සිටියෝය.

අපේ සීයාගේ ඇඹේණීය වු මාගේ අම්මාගේ මව ඔහුගේ හත්වැනි ගැණිබව සටහන් කරන්නේ බලවත් කණගාටුවෙනි.
උන්දැගේ ලොකුම මුණුපුරා ඒ අතින් අහිංසකයෙකි.
අපේ ආච්චිව සීයා තම නිවසට කැන්දාගෙන ඒමේදී,
ඉදිකඩුල්ල පන්නාගෙන ඇත්තේ වඩාගෙනය.
ඒ වන විට ආච්චිගේ වයස අවුරුදු දොළහක් බව අම්මා කියා ඇත.
ඒ වාගේම
නිවාඩුවට ගම ගියවිට,
රාත්‍රී නින්දට පෙරාතුව කතාන්දර කියන විටත් ආච්චි මේ ගැන කීවේ

"ඔය මිනිහා මාව කොක්කබිල්ලේ ගහගෙනනේ ඉදිකඩුල්ල පැන්නේ,

අදක නම් මෙව්වා බාලාපරාධය.
එහෙත් එකල කෙල්ලක නාවා ගෙට ගත්තායින් පසු දීගෙක දිම සිරිත බව ආච්චි කිවේ කතාන්දර සැසියකදීමය.
සීයා පිටගංකාරයා වෙච්චි .
ගම්මැද්දේ ගෙදර ආච්චිගේ මලයා වු පූලා සීයාටම පංගාඩම් කර,
සිය මිත්තර මල්ලීයා සමඟ අළුත් ඉඩම් හොයාන පිටගං වෙච්චි.
මහගල ගාව නිවුන් ඉඩම් කාල් දෙකක ගේ හදා ගත්තේ එහෙමයි.
හැබැයි ඉතිං ඔය ඉඩම්වල වැට ගහන දවසක් ඇත්නම් පොඩි ගෝරනාඩුවක් නම් වැරදුනේ නෑ.....
සීයා හිටවන එඩරු දඩු මල්ලීයා සීයා ගලවලා විසිකරනවා,
මල්ලීයා සියාගේ එඩරු දඩු අපේ සීයා ගලවලා උසික්කා කරනවා.
කොහොමින් හරි වතුදෙක අතර හරි හමන් වැටක් නම් උන්දලා ඉන්දැද්දී තිබ්බේ නැතුවා.

සීයාට කුඹුරු හතරයි.
තිඹිරිවැවේ කාලයි, අසුවේ කාලයි, දහඅටේ කාලයි......
කාලක් කිව්වට අක්කර වලින් නම් දෙකක් දෙකාමාරකට කිට්ටුයි .
මේ අලකලංචිය වුනෙු ට්‍රැක්ටරේ ගම ආපු අලුත.
තිඹිරි වැවේ කැපුම් හමාර කරලා කොළ පාගන්න ට්‍රැක්ටරේ ඩ්‍රැයිවරයා වු චොසාට කිව්වා.......
ගමටම තිබ්බ එකම ට්‍රැක්ටරේ චොසාගේ ට්‍රැක්ටරේ .
මටත් මතකයිනේ චොසා එකේ යන්නේ එරොප්ලේන් එකක වගේ.
බෙල්ල පල්ලේ කමිස කරට යටින් ලේන්සුවක් එහෙම දාගෙන.....
හයුයෝ දෙය්යෝ......


එක විඩයක් නෙමෙයි දහදොලාස් වතාවක් එකා නවාතැන් අරන් උන්නු මහකඩේටයි, කමත් ගානෙයි ගිහින් සීයාට මරු නැග්ගා...
ඔන්න එදාත් උදේ රැයින් ට්‍රැක්ටර් පාරේ ගියේ,

"අදවත් මේ වැඩෙන් බේරෙන්න ඕන බොලල්ලා කියමින්"

පැයකට දෙකකට පස්සේ සීයා ගෙදරට ආවේ නගුට ගහමින් ආලවන්තකම් පාන්න ගිය රාජටත් පයින් සලකමින් .
රාජා බෑගිරි ගාමින් අටුපල්ලේ රිංගා ගත්තේ මෙවුන්දාට ආවේශ වු යක්නාම්බා මොකාදැයි හිතමින් වෙන්ටැ..

"යෝදියේ ,
මට ඔය වංගෙඩි දෙක එළියට පෙරලා දියන්....."

ආච්චි මේ වාගේ වෙලාවට කියු දේ කරනවා මිසක් ආයේ මීක් කියන්න යන්නේ නෑ......

සීයා, සීයාගේ ඊස්ටන් බයිසිකලේ රෝදා දෙක ගැලෙව්වා.
හයි කරා වංගෙඩි .......
එහෙම්ම පැගුවා කමතට.
උන්දැගේ තරහ අහවර වුණේ, දෙපැත්තේ මල්ලීයා සීයාගෙයි,
මල්ලා උන්දාගෙයි කොළ දෙකත් පැගුවාට පස්සෙයි........

Friday, August 16, 2019

දියබරි







"ඔහේ දැන්ය ආවේ........."

තිස්සයාගේ බරසාර හඬ කන්පල්ලේ රිංග ගත්තේ අමනාපය හිත අස්සට රින්ගවමින්.
බෙරළිහෙල අනුරයයි, කාවන්තිස්සපුර කීර්තියාත් එක්ක එක කාමරේ ඉන්න ආවට මුන් දෙන්නා කතා කරන කොට මට හිතෙන්නේම මාත් එක්ක තරහෙන් කතා කරනවා කියලමයි.
උපන්නේ වන්නියේ උනාට උන්නේ බස්නාහිර පලාතේ,
ඒ නිසා මේ දකුණු පළාතේ බාසාව අමුතුවට දැනෙන එක පුදුමයැක්යැ.
අපේ වෘත්තිය අධ්‍යාපන ආයතනය තිබ්බේ ගාල්ලේ,
හතර වටින්ම කණ පිරෙන්නම දකුණේ බාසාව ඇහිලා ටික දවසක් යනකොට
කන එකට හුරු වෙච්චි.

වසගලාගේ ගම රන්න..
නිවාඩුවකට විද්‍යාව පංතියේ ඔක්කොම රන්නට කැන්දගෙන ගියේ ඌගේ ගෙදර උන් නැගණියන් දෙන්නාට යහපතක් කරන්න මිස යාළුවන්ට ගමරට පෙන්වන්න නෙමෙය කියල කියපු පාපමිත්‍රයොත් උන්නා.....
පාපමිත්‍ර සැට් එක ලංකාවේ හතරදිග්බාගයම ආවරණය කරා.
උපාලියට ඒ දවස්වලත් තෙල් පොහොර කඩයක් තිබ්බ හින්දාත්.තවත් නොකිය හැකි හේතුවක් හින්දත් ඌ ඉබේම වසගලා වෙලයි තිබ්බේ.....

වසගලාගේ ගේ ඉස්සරහින් ඇල පාරක් යනවා.
මේ ඇලපාරේ තැන් තැන්
නාන තොටුපලවල්.
හෑන්දැකරේ කට්ටිය ග්‍රීස්මේ නිවාගන්න නාන්න ගියාට පෙන්ගා ඇද උන්නු සරං කොටේ ඇරෙන්න අනිත් කාටවත් සරං තිබ්බේ නෑනේ.
දැන් හැමෝම කල්පනා කරේ එක සරමකින් නෑමේ කාර්ය කරන එක ගැන.
බකට්බ්‍රෝන්කා මේකට කදිම විසදුමක් දුන්නා

"පෙන්ගෝ උඹ ඇලට බැහලා සරම මට දියන්,
මමත් බැහලා,
පෙරජීංයට සරම දෙන්න....
අපි ඔක්කොම එහෙම බහිමු"

වැඩේ සෙට්.......
හැමෝම දිය කෙලිද්දී
උඩහ තොටුපලේ මහකලබලයක්.
නන්තාරේ යන දියබරි ජෝඩුවක් ඇල පහලට එනවා.........
කට්ටිය කලබල වෙච්චි පාර හනිහනික ඇලෙන් ගොඩවුණා.
අපේ තොටුපළට යාබද තොටුපලේ උන් නැන්දලා, නංගීලා පණ එපාය කියලා දිව්වේ "අමුතු දියබරියන්" දැකලා මංදා
එත් ඉතිං නැන්දලා නම් එහෙම දුවන්න ඕනයැ.......

Tuesday, April 30, 2019

මලකඩ

ගිනිපිඹින මද්දහන් අවුවේ කැරලි ගහපු දුවිලි වලාවක් වෛයිවර්ණ පෝස්ටර් බිත්තිය ඉම්බා
එක එක ජාතියේ සර්ලා ශිල්ප විකුණන තරගයට දාපු පෝස්ටර් වල වැදුණු දුවිලි හුලග එගොඩ යන්න බැරැව නතර වුණා......
මේ පෝස්ටර් ගොන්නේ වැඩි පදාසයක් උරුම වෙලා තිව්නේ නාඹර ගැටිස්සියෝ, ඉලන්දාරි කිහිප දෙනෙක්ගේ මුණු එක්ක තිබ්බ "පෙම් වැස්ස" පෝස්ටරයට...........
ලග එන ප්‍රේමවන්තයන්ගේ දිනය සමරන්න පෞද්ගලික පංති පවත්වන ගුරුවරයෙක් අලවා තිබු එම පෝස්ටරය නගරයේ බෝක්කු කුණු බක්කි පවා අත්පත් කරගෙන තිබ්බා......
******************************
සිද්ධාර්ථ තෙල් සහ තවත් නොදන්නා බේත් තෙල් කිහිපයකම සැර එකතු විමෙන් හැමුයේ අමුතුම කුයිලකි.
එය සුපුන්ට හුරුය.
ඉදා.........
බත් වල අඩුවට පාත්තරා කොකු හැන්දක් රංජී පිගානට වැටුණා.
රංජීන්ගේ හිස මත්තේ අර කුයිල කැරකිලා තුනී වෙලා ගියා.
අඹ ලෑලි මේසේ උඩ තිබ්බ කුප්පි ලාම්පුව බැරි මරගාතේ අදුර යවන්න උත්සහ ගත්තා.

මාටින් පොල් ගහකින් පාත් වෙලා දැන් අවුරුදු තුනක් වෙනවා.
මේ ගෙදර කළුවර එක්ක පටන් ගත්තු ජරිබිරි සද්ද නැතිවුණා විතරයි.
අනෙත් හැමදේම ඒ වාගෙමයි.
සොයිදා තාමත් වී මෝලට යනවා.
අර සැර කුයිල සොයිදාගාවට ආවේ එයින් පස්සේ.
ගෙදර උන්නු රංජනී රංජීත් අවුරුදකින් වැඩිමල්.
රේටි බැහපු රංජනීගේ ඇගේ දැවටි තිබ්බේ චීත්ත ගවුමක්.
රංජනී හයේ ,
රංජීත් පහේ
දෙන්නම යන්නේ ලග තිබ්බ රජයේ පාසලට.
රංජනී නම් ඔය ගමන යන්නේ නොගිහින් බැරිකමට.
හඩ්ඩි, මුසලී කපුටි, වැද්දී, වාගේ නම් මිසක් රංජනී කියන නම කියවුණේ නම් අඩගහද්දී විතරයි.
ඒත් රංජීත් ඉගෙන ගන්න දස්සය.
ඉස්කෝලේ ගුරුවරු පවා බලාන උන්නේ මෙදාපාර ශිෂ්‍යත්තේ රංජීත් පාස් වෙයි කියලා.
*******************************
රංජනීගේ මතක

මේවා කාට කියන්ද මං වත් දන්නේ නෑ.
එත් ඉතිං හිතේ ගුලි කරාන ඉන්නවාට වඩා කළුවටවත් කියා දාන්න ඕන.
අපේ ගෙදර උන්නේ මල්ලීයි මායි.
තාත්තා ගහෙන් වැටිලා මැරුණා.
මල්ලී විභාගේ පාස් වෙලා සෙන්ටල් එකට ගියාට පස්සේ අපිට තවත් කරදර වැඩි වුණා .
ඒ හින්දා මාත් අම්මත් එක්ක මෝලේ වැඩට යන්න ආවා.
මුදලාලි හිණා වුණා මේ ඇට්ටිබි කෙල්ලට මොන වැඩද කියලා...
වී තුනි කරන්න,
මළු ගෙනියන්න ඒවා තමා මං කරපු වැඩ.
මටත් රුපියල් පනහක් දුන්නා.
මෝලේ ඔක්කොම වැඩ කරන්න හය දෙනෙක් හිටියා.
ගැණු හතරයි පිරිමි දෙකයි.
මෝලේ වැඩට යද්දී වී ගෝනි අස්සේ මාව හම්බ වුණාම මුදලාලි මගේ බඩ මිරිකනවා.......
රිදෙන්නම...
ඉන් පස්සේ බක බක ගාලා හිනාවෙනවා.
එක දවසක්
මුදලාලි මාව කන්තෝරු කාමරේ අතු ගාන්න කියලා ගෙන්න ගත්තා..
අතු ගාද්දි අතින් ඇදලා ඔඩොක්කුවට ගත්තා.
එදා නම් මං දැනගෙන හිටියේ නෑ මුදලාලි මගේ ගවුම අස්සේ කලබලෙන් මොනවද හෙව්වේ කියලා.

"තෝ මේවා කාටවත් කියනවා එහෙම නෙමෙයි "
කියලා මුදලාලි මාව යැව්වේ රුපියල් විස්සකුත් දීලා.

එදා වී එදා වී වේලන දවසක් කට්ටියම වෙළුම් කමතේ වී වනමින් හිටියේ.
මුදලාලි වී ගබඩාවේ වී ගෝනියක් උඩට මාව දාලා කටපියාගෙන හිටු කියලා කිව්වා..
වෙනදට ගවුම අතරින් හොයපු ඒවා ඒදා මුදලාලි එලිපිටම හම්බ වුණා.
වී ගෝනියක් උඩ කෙල්ලෙක් නොවිම මං ගෑණියෙක් වෙන හැටි බලාන හිටියේ අට්ටි ගහපු වී ගෝනි විතරය......

"තෝ මෙව්වා ආයේ කාටවත් කියලා තිබ්බොත් තෝවයි මහ එකීවයි දෙන්නවම පන්නලා දානවා"

මුදලාලි තඩි බඩ අත ගගා මට කිව්වේ අැගිල්ලකුත් උළුක් කරලා
******************************

රංජීත් විශ්ව විද්‍යාලයට අැතුලත් විමෙන් පසු ලොකු මෝලට වී දාන්නා සේ මුදල් යැවිය යුතු විම සොයිදාට මෙන්ම රංජනීටත් මතු වු අහම්බ හෙණයක් විය.
උදේ උයාගත් බතට කැලෑ කොලයකින් මාළුව සරිකරගත් ඔවුනට වෙනත් අරමුණක් නොවිය.
තිබු එකම අරමුණ රංජීත්ගේ වුවමනාවන් උදෙසා මුදල් සෙවිම පමණී.

විශ්ව විද්‍යාලයේ නිවාඩුවටත් නොපැමිණෙන රංජීත් එක් රාත්‍රියක පැමිණියේ ඔහුගේ ඇදුම් බෑගයත් සමඟය.
එදින රාත්‍රියේ රූපවාහිනි පුවත් බැලුවේ නම් කඩාකප්පල්කාරී ලෙස අමානුෂික නවක වදය දුන් සිසුන් කිහිප දෙනෙකු විශ්ව විද්‍යාලයෙන් නෙරපු බව සොයිදාට හෝ රංජනීට දැන ගත හැකිය.
එහෙත් ඒ දෙදෙනාම රූපවාහිනිය දැක තිබුණේ දින කිහිපයක් පමණී.

සතියකට පමණ පසු ප්‍රධාන නගරයක එක් කුඩා පෞද්ගලික පංති ආයතනයක උසස් පෙළ සිංහල විෂය සදහා පංති ඇරඹු නවක තරුණයෙකි.
කෙස්ස මෙන්ම රැවුල ද වවා ගෙන සිටි මේ තුරුණු දේශකයා තදින් සාම්ප්‍රදාය ප්‍රශ්න කලේය.
අතපය දිගහැර කියු කියුම් නාඹර කෙළි කොල්ලන්ට ප්‍රිය විය.
ඉතා ඉක්මනින් ඔහුට ඒම ආයතනයේ වඩා විශාල දේශණ ශාලාවක් ලබා දිමට ආයතනයට සිදුවිය.

රංජනීගේ එල්ලී මිය යාම ගැන ගමේ විවිධ කතා කියවුණි.
ඇය මේ විනාශය කර ගැනීමට සතියකට පෙර අමු අන්නාසි ගැට උලා කනවා සොයිදා දුටුවාය.
එමෙන්ම උදැසන කක්කුස්සිය අසලට වී පණ යනතෙක් වමනය කරනවාද ඇය දුටුවාය.
එහෙත් සොයිදා කුමක් නම් කරන්නද?

අම්මේ............
මට සල්ලි ටිකක් හොයා ගන්න ඕන
එකයි අද මං තකහනියේම ආවේ..

"අනේ දෙය්යෝ
මගේ ගාව කොයින්දැ සල්ලි
රංජනීයා මැරුණායින් පස්සේ,
මාත් ඔය ගෙදරකට ගිහින් වල කෑල්ලක් හොදලා දෙන කෑමක් කනවා මිසක් මෝලේ වැඩට ගියෙත් නෑ.......
ගියත් මට වැඩ දෙන එක්කුත් නෑ.."

"නෑ නෑ......
අම්මා මට මේ ඉඩම ලියලා දෙන්න මං බැංකු ණයක් ගන්නම්....."

උපතේ සිට සොයිදා ජීවත් වු බිම්කඩේ උරුමය අහිමි වි යාමට අඩිතාලම වැටුණේ එලෙසිනි.
සොයිදා නගරයට එක් කරගෙන ගොස් ඉඩමේ හිමිකාරත්වය ලියා ගත් පසු රංජීත් යන්නට ගියේය
එදින මල්කාන්ති නොසිටින්නට සොයිදාට නගරයේ සිට ගමට එමට සිදුවන්නේ පයිනි.
නගරයට ගොස් ආපසු ගමට යමින් සිටි මල්කාන්ති අැයගේ ස්කුටියෙන් සොයිදාව ගමට අැරලුවාය.

ඉන් මසකට පමණ පසු සොයිදාගේ පැල්පතට එඹුණු දිගු රැවුල්කාරයෙක් එම ඉඩම තමන් මිල දී ගත් බවත් ඉඩමෙන් ඉවත් විය යුතු බවත් දැන්විය.
එතැන් සිට සොයිදාගේ නව නිවස්නය වුයේ මිනි පිට්ටනියේ වු ශාලාවයි.
ඇය මිය ගිය පසු ගමේ තරුණ සමිතිය විසින් භුමදාන කටයුතු සිදු කල අතර ගුණ කතනයක් තබා නෑයෙක්වත් අවමංගල්‍යය සදහා නොසිටියේය.

එ් ප්‍රකට ගුවන් විදුලි නාලිකාවේ හිමිකාරයා විදේශිකයෙකි.
වැඩ සටහන් අධ්‍යක්ෂ අචාර්ය වරයෙකි.

"මිස්ටර් රාන්ජීත් අපි ඔයා පංති ඉහලට ගෙනවා,
එකේ ප්‍රචාරණ කටයුතු අපි බලා ගන්නම්,
ටියුට් වගේම අනෙත් හැමදේම අපි කරලා දෙනවා.....
ඔයාට තියෙන්නේ මේ ආගමට, සංස්කෘතියේ අඩුපාඩු ලමයින්ට දාන එක."

"හරි.......
මිස්ටර් ..
අපි වැඩේ කරමු

සකසන ලද වෙළෙන්දා වචන ඇමුණුම.

(කාල්පනික ලියවිල්ලකි)

Tuesday, April 16, 2019

මියුරියල්

හාන්සි පුටුවේ දිගැදුණ ජයම්පති සිය ජන්ම භුමිය සිසාරා උකුසු බැල්ලමක් හෙළුයේය.
නඩත්තුව නිසියාකාරව සිදු නොවන වත්තේ අනාරාධිත ගස් වැල් ජයටම වැඩි තිබිණි.
ගුණපාලට ආණ්ඩු මාට්ටු කර නොහෙන තරමටම ඒ ගස් වැල් දඩබ්බරද,
නැතහොත් ඔහුගේ සවිබල කාලය විසින් වියැකි ගොසින්ද?
ජයම්පතිලාගේ මහ ගෙදරට ඉදිරිපස ඉඩම කට්ටි වි කුඩා ගම්මානයකට පෙරළි ඇත.
එහි පාරට මුහුණ ලා ඇති බිම් කොටස් වල, චයිනීස් කෑමහල්, ජංගම දුරකතන අළුත්වැඩියා කරන තැන්, ජුස් බාර් එකක් වැනි ව්‍යාපාරික ස්ථාන පිහිටා ඇති බව ඊයේ එනවිටම ජයම්පතිගේ නෙතු ගැටුණී.
හරියටම වසර දහයකට පසු මෙරටට පැමිණි ජයම්පතිට සියල්ල උඩුයටිකුරුවී ඇති බව සිතිම පුදුමයක්ද නොවේ.

"චුටි මහත්මයා , උදේ කෑම ..........."
ගුණපාලගේ හඩ තවමත් නොනැසි ලෙංගතු බවින් පිරිපුන්ය .
ගුණපාලට ඉතා මැනවින් ඉවිමේ පිසිමේ කටයුතු කල හැකිය.
එකල ජයම්පතිගේ පංති සඟයෝ නිවාඩු කාලයේදී ජයම්පතිගෙ නිවසටම පැමිණිමට එයද හේතුවක් විය.
ශිෂ්‍යත්ව විභාගයෙන් අනතුරුව අගනුවර විශාල පාසලකට ඇතුලත් වු ජයම්පති එම පාසලේ නේවාසික ශිෂ්‍යයෙක් විය.
මව නොමැති ජයම්පතිට නේවාසිකාගාරය නිවසට වඩා හිතට ඇල්ලීම අරුමයක් නොවිය.
ඔහු එතැන් සිට සිය නිවසට පැමිණියේ පාසල් නිවාඩුව සදහා පමණි.
ඒ පැමිණිමේදී පංති සඟයින් කිහිප දෙනෙක්ද ඔහු සමඟ පැමිණි අතර දින ගණනාවක් ජයම්පතිගේ නිවසේ ගතකොට යාම සිරිතක් විය.
"චුටි මහත්තයා ඕං මං කංකු තෙල් දාලා ගත්තා,
මහත්තයා ඉස්සර හරිම කැමැතිනේ...

උදේ ආහාරයෙන් අනතුරුව ජයම්පති ගමේ අවුරුදු උළෙල සදහා යාමට පිටත් විය.
ජයම්පතිගේ පැමිණිමේ ආරංචිය සමඟම උත්සව සංවිධායක තරුණ නඩය ජයම්පතට ඒ සදහා ඇරුයුම් කර තිබිණි.
පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා පාඨමාලාවක් හැදැරු ජයම්පති එහිම කථිකාචාර්යවරයකු ලෙස සේවය කරේ ඔහුගේ උසස් සාමාර්ථය නිසාය.
ඔහු විසින් ඉදිරිපත් කල "විකල්ප බලශක්ති" පර්යේෂණය හමස් පෙට්ටියට විසි වුණ ද ඒ සබැඳිව ඔහු ලියු ලිපි හරහා විදේශ රටක් ජයම්පතිට එරට බලශක්ති පර්යේෂණායතනයට ඇරුයුම් කලේය.
එහෙත් තම රටට ඉටු කල යුතු සේවය වෙනත් රටකට ලබා දීයු යුත්තේ ඇයිදැයි යන ප්‍රශ්නය සිත තුල හොල්මන් කල බැවින් ජයම්පති ඒ පිළිබදව උනන්දුවක් දැක්වුයේ නැත.
එහෙත් දිගින් දිගටම ජයම්පති මහතාට විවිධ අපහසුතාවයන්ට මුහුණ දිමට සිදුවුයේ ඔහු විසින් බලශක්ති අර්බුදය සම්බන්ධයෙන් ඉදිරිපත් කල මතවාදය නිසා විය යුතුය.
අවසන එය සිදුවිය.
ජයම්පති මහතා මෙරට අතැර විදෙස්ගතවිය.
එරට ඔහුව සාදරයෙන් පිළිගත්තේය.
ජයම්පති මහතාගේ දැනුමින් එරට පාලකයෝ යහමින් ප්‍රයොජන ගත්තෝය.

ශබ්ද විකාශන යන්ත්‍ර හරහා ඇසෙන්නේ ජයම්පති කුඩා කල ඇසු අවුරුදු ගීතමය.
එහෙත් එකෙල මෙකෙල වන තරුණ තරුණියන්ගේ ඇදුම් ආයිත්තම් නම් වෙනස්ය.

⁣"මෙන්න අපි දැන් අාරම්භ කරන්නේ බොහොම විනෝදමත් තරඟයක්,
ඔව් කුක්කු බීමේ තරගය.....
හහ් හා........
නෑ...... නෑ ..
මේ තරගය තියෙන්නේ කෝඩුකාර නංගීලාටයි, විසේකාර මල්ලීලාටයි...
තරගයට සෑහෙන ඉල්ලුමක් තියෙන හින්දා සංවිධායක මණ්ඩලය තීරණය කරා මුලින්ම නම දුන් ජෝඩු දහය ..
මේ තරගයට ගන්න......."

"ඒ වගේම මේ වන කොට අපේ සැඟවුණු අමුත්තා ⁣අත් කොට කමිසයක් අැදගෙන පිට්ටනියේ එහා මෙහා යනවා.......
ඕන කෙනෙක්ට පුළුවන් ඔහුව හඳුනා ගැනීමේ තරගයට ඇතුල් වෙන්න.....
ඒ සදහා අපේ කාර්යාලයට රුපියල් පනහක් ගෙවලා කුපන් එකක් ගන්න,"

ජයම්පති මහත්තයා පිට්ටනියේ එහා මෙහා ගියේ අවුරුදු තරග දකිමින්.....
එක තැනක පස්සේ හයි කල බැලුම් පිපිරවිමේ තරගයක් දිහා අත්පොලසන් දෙමින් හුරේ දාන පොදියක්.......

තමන්ගේ පිටට තට්ටුවක් දානවා දැනිච්ච ජයම්පති මහත්තයා හැරුණා.....
"මහත්තයා නේද සැඟවුණු අමුත්තා"
ජයම්පති මහත්තයාට විදුලි සැරයක් වැදුණේ ඒ ගව නෙත් දෙක දැකලා......
ඒ.......හ්....
********************************
ඒ ජයම්පති උසස් පෙල පංතියේ ඉගැනුම ලබන වකවානුවයි.
අවුරුදු නිවාඩුවට පැමිණි මිතුරු කැල ඉක්මනින් යාමත් සමඟම ජයම්පතිට දැණුනේ පාළුවකි.
නිවසේ ගුණපාල පමණි.
පියාණන් ව්‍යාපාරික කටයුතු සදහා බැහැර ගොස්ය.
මිදුලේ රවුමක් ගැසු ජයම්පති හෙමිහිට ⁣සිය රබර් වත්ත දෙසට ගියේ අරමුණක් රහිතවය.
රබර් වත්තේ කැපුම්කාරයන් සහ කැපුම්කාරියන් යුහුසුළුව කිරි එකතු කරමින් , නව කැපුම් යොදමින් සිටියි.
අංක 07 කට්ටියට ඔබින් ඇත්තේ කජුලන්දයි.
එහි කජු , කීන, දං, ගොරක යහමින් තිබේ.
ගම පැත්තෙන් එන කොළු කුරුට්ටන්ට මුරකරුගෙන් ලෙහෙසියෙන් බේරි ඇතුලට පැමිණිය නොහැක.
පෙතං කජු ගසේ අතු සරබර ගාන්නේ ඇයි?
උඩ බලමින් පැමිණි ජයම්පති දුටුවේ
කජු ගස උඩ සිටින යුවතියකි.
නිල් පෑ ගවොමක් ඇද සිටි ඈ සිය කාර්යටම සිත යොමා සිටි බැවින් ජයම්පතිගේ ආගමනය නොදුටුවාය.
ගස මුලට පැමිණි ජයම්පති ඉහල බැලුවේය.
ජයම්පතිගේ ඇඟපුරා කිතියක් දිවෙන්නට විය.

"එයි.........
කවුද මේ හොරා....
අපේ කජු කඩන්නේ.......
බහිනවා ......"

ජයම්පති එළියට නොදැමු සිනාහවකින් මුරගෑය.

යුවතිය වහ වහා බිමට බසින්නී.
කලබලය නිසාම බිමට ආසන්න අත්තකදී පය පැකිලි ඇද වැටිණි.....
කජුකොල ඇතිරිල්ල මත වැටි ඇයගේ අකීකරු ගවොම රතට හුරැ සුදු පෑ දඟයුග නිරාවරණය කරමින් ඉහලය.
අනපේක්ෂිත ආගන්තුකයාගේ පැමිණිමත් සිදුවු අකරතැබ්බය නිසාත් යුවතීය ශෛලමය ප්‍රතිමාවක්ව ගොසිනි.
යුවතිය අසල දණ ගසා ගත් ජයම්පති ,

"එයි....එයි..... මොකද වුණේ, විමසුවේ නැඟි සිනහව එලියට අදිමිනි.

යුවතීය සිය ගව නෙත් විවර කරේ අතිශය භීතියෙනි.......
"අනේ මහත්තයා මට යන්න දෙන්න,
දවල්ට උයන්න කජු නාඹර ටිකක් කඩා ගන්න ආවේ....."

ඇයගේ දැස කොනකින් කඳුළු බිංදුවක් පනින්නට ආසන්නය.
"හරි , හරි.......දැන් ඉතිං නැගිටිනවා..."
සරාස් ගා නැගිට්ට යුවතිය ගවොමේ පසෙක එල්ලාගෙන සිටි කුඩා මල්ලක් ජයම්පතිට පෑවාය.
"තියාගන්නවා .......ඕක.....
මොකක්ද තමුන්ගේ නම......

"මියුරියල්......
අය්යට මතක නැතුව ඇති අය්යා ශිෂ්‍යත්වේ පාස් වෙලා යන උත්සවේ මල්මාලේ දැම්මේ මංනේ......."

ජයම්පතිට ඒ හුරුබුහුටි දැරිය සැනකින් සිහියට ආවේය.

"අපේ ගෙවල් මේ ලග.....
අද අපේ ගෙදට්ට නෑයෝ එනවා..
එකයි කජු නාඹර ටිකක් කඩාගෙන යන්න ආවේ...."

"හොඳයිනේ ඔහොමත් කෙල්ලො ගස් යනවාද?
මං උඩ බලපු වේලාවේ මගෙත් ඇස් නිලංකාර වුණානේ......."

මියුරියල්ගේ කොපුල විලියෙන් රත් පෑ විනි.
***************
"ආ..........
මේ දුවගේ අම්මා මියුරිල්ද?"

"ඔව් අංකල් අම්මාව අදුරනවාද?....
අම්මා නම් ආවේ නෑ........
අම්මා අදත් ඩියුටිනේ....
අවුරුදු නිසා ස්පෙෂල් ඩියුටි......
හදිසි අනතුරු වැඩියිනේ.......
මායි මල්ලී , තාත්තයි උත්සවේට ආවා.
ඉතිං අංකල් ⁣,
අංකල් නේද සැඟවුණු අමුත්තා"

ඇගේ කට කතුරකි.
කජුගහ මුලදී ජයම්පති නැගු සිනහවම යලි ජයම්පතිගේ මුවට පැමිණියේ නිතැතිනි.








Monday, April 8, 2019

එඬරු නැට්ට

සුමනාවතී දිස් දිස් ගා සිය පපුවට ගසා ගත්තේ හොටු මුසු කදුළු වගුරවමිනි.
වනා ගත් කොණ්ඩය නිසා ඈ පෙනුනේ උන්මාදයෙන් පෙලෙන්නියක් ලෙසිනි.

තෝ.......
තෝ අපිව කෑවා..
පරට්ට බැල්ලී,
අපි කොහොමද යකෝ දැන් පාරක බැහැලා යන්නේ....

පෙරේරා කවිච්චිය මත වාඩිවි සිය උපැස් යුවල පිරිසිදු කරන්නේ පසෙක වැටි හඬමින් සිටින රැවනී දෙස රවමිනි.

රැවනී , පෙරේරා සහ සුමනාවතීගේ එකම දියණියයි.
එකම දියණිය වුවෙන් නොමද ඉසුරෙන් යුතුව හැදුණු ඈ තවමත් දාහත් ඇවිරිදි වියේ පසු වෙන්නීය.
සුමනාවතී සමුපකාර මැනේජර්වරියකි.
පෙරේරා තැපැල්කාර්යාලයක ස්ථානාධිපතිවරයෙකි.
රුවනී කුඩා කල සිටම අධ්‍යාපනය සදහා යොමු කරන ලද්දේ ඇයගේ මැණියන් විසිනි.
ගමේ පාසලට නොයවා නගරයේ වු ප්‍රසිද්ධ ජනප්‍රිය පාසලට ඇය ඇතුලත් කරේ සුමනාවතීගේ "ඇගේ" හය්යෙනි.
ඒ සදහා ඈ කල කැපකිරීම් සහ වෙහෙස පෙරේරාවත් නොදනී.
ඔහු දන්නේ සුමනාවතී ඔවුන්ගේ සමුහ ගිණුමෙන් රුපියල් ලක්ෂයක් ගත් බව පමණි.
පාසලට ඇතුල් කිරීමෙන් පසුවද එකේ පංතියේ සිටම අකුරු පංතියකටත් පසුව ශිෂ්‍යත්ව පංතියකටත් ඇතුල් කල රුවනී නිවසට ආවේ හැන්දැජාමයේය.
ගෙදර ආ රුවනීට ඉස්පාසුවක් ලැබුණා නම් ඒ නා ගැනීමට පමණි.
නාන කාමරයෙන් එළියට එන රුවනී සුමනාවතී විසින් කෑම කාමරයට කැදවා ගෙන ගොස්,
ඇගේ යෙහෙළියන් විසින් නිර්දේශ කරන ලද නා නා ප්‍රශ්න පත්‍ර කට්ටල සදහා පිළිතුරු ලිවිමට යොමු කරවයි.
දැරිය ශිෂ්‍යත්ව විභාගය සමත් වුවාය.
එහෙත් ඒ යන්තමිනි.
දෙමාපියන් රජයේ රැකියාධාරින් නිසා රුවනීට ශිෂ්‍යාධාර නැත. ඇයගේ ලකුණු ප්‍රමාණවත් වුයේ එතෙක් ඈ ඉගෙන ගත් පාසලට ප්‍රවේශ විම සදහා පමණි.

පුරුදු පරිදිම රුවනී පාසල් ගමන සිදු කරන ලද්දේ පාසල් වෑන් රථයෙනි.
ඇයගේ ලෝකය , ඇගේ පාසල, පාසල් වෑන් රථය සහ නිවසය.
පාසල බාලිකාවකි.
රුවනී පාසලේ වාර විභාගයන් සඳහා සෑම විෂයක් සදහාම ලකුණු හැට හැත්තෑවක් ලබා ගත්තද ඒ සුමනාවතීට ප්‍රමාණවත් ⁣වුයේ නැත.
A නවයක් දා ගැනීමට නම් අසුවක් අනුවක් වාර විභාග සදහා ලකුණු ලබා ගත යුතු බව ඇයගේ අදහස විය .
ඒ අනුව ගමේ පාසලේ විද්‍යාව සහ ගණිතය ඉගැන්වීම් කල රත්නදාස මහතාට පෞද්ගලික ඉගෙන්විම සදහා කතා කර ගත්තේ බලවත් පෙරැත්තයකිනි.
රත්නදාස මහතා හවසට ගමේ පාසලේ ලමයින් කිහිප දෙනාවම සිය නිවසට කැදවාගෙන ඒ අයගේ පාඩම් වැඩ වලට උපකාරී වුවේය.
රුවනී ද ඒ කාණ්ඩයට එක් කර ගැනීමට රත්නදාස මහතා යෝජනා කලේය.
ඒ කාලයේ රුවනී ඉතා සතුටෙන් කාලය ගත කල අතර රාත්‍රීයට සුමනාවතීට ඇයගේ ගිරා කතා වලට සවන්දීමට සිදුවිය.
දිනක් තෑපැල්හලට පැමිණි රත්නදාස මහතාගේ අසල්වැසි නිවසේ කාන්තාවක් සුමනාවතීට හයිඩ්‍රජන් බෝම්බයක් දී ගියාය.
ඒ පිපිරුනේ එදින සවසය.
එහෙත් එහි වැඩි හඩක් නොවිය.

"රුවනී කවුද බණ්ඩාර කියන්නේ,"

"බණ්ඩාර කියන්නේ අපේ හවස පංතියට එන ලමෙක්......
හරි හොදයි.....
රත්නදාස සර්ගේ හොදම ගෝලයා..."

"හා එහෙමද, උෟත් එක්ක තියෙන ඇයි හොදය්ය මොකක්ද ?"

"හෑ..... මං......
⁣එහෙම මොකුත් නෑ.......
අපි එකට හවස පංතියේ වැඩ කරනවා.
අනෙක සර් පංතිය ඉවර වෙනකම් ඉන්නවානේ,
පංතිය ඇරුණාම මාව එක්කගෙන එන්නේ තාත්තානේ....."

හරි අපිට ඔය පංතිය හරි යන්නේ නැහැ.
මං වෙන සර් කෙනෙක් හොයා ගන්නම්.

ඉනික්බිතිව සුමනාවතීගේ යෙහෙළියක් විසින් හදුන්වාදෙන ලද සර්,
රුවනීට පාඩම් කියා දීම සදහා සතියට දින තුනක් හවසට පැමිණිම සිදුවිය.
මුල් කාලයේ පංතිය පැවැත්වෙන අතරතුර පෙරේරා හෝ සුමනාවතී අයිනක හාන්සි පුටුවක වාඩි වි පරණ ඉරිදා පත්තරය යලි කියවිම සිරිතක් වුවද කාල⁣යාගේ ඇවැමෙන් එය අපෝ විය.

එදා සුමනාවතී එන විට සර් බයිකලය පණ ගන්වාගෙන, බයිසිකලයට සැර දමමින් සිටියේය.
සුමනාවතී දකින හුචස් ගා නැවතුණ බයිසිකලය යලි කඩිනමින් පණ ගස්වා යන්නට පිටත් විය..
සුමනාවතීගේ ස්ත්‍රී ඉවට මෙය ඒ හැට ඇල්ලුවේ නැත.
රුවනී පාඩම් කාමරයේ නැත.
කෝ රුවනී .........
රුවනී ඇදුම හරි බරි ගසමින් ඇයගේ කාමරයෙන් එළියට ආවාය.

"රුවනී.........ඉඉඉඉ"

සුමනාවතීගේ දෙකකුල් පණ නැතිව ගියේය.
වහ වහා රුවනීගේ කාමරයට යාමට පණ නැති වුවද ඒ කකුල් උපකාරී විය.
ඇද අසල රුවනීගේ බෝනික්කා උඩුබැලි අතට වැටි සිටියි.
සුමනාවතීගේ විපරම්කාරි ඇස් කාමරය සිසාරා විහිද ගොස් ඇද ඇතිරිල්ල මත වු එක් කුඩා පැල්ලමක අස නතර වුයේ සිහින් ඉකියක්ද සමඟය.........

ඉනික්බිතිව රුවනීගේ දිගු කේශකලාපය සුමනාවතීගේ අත් අඩංගුවට පත්විය.

" කියාපිය පරට්ට බැල්ලී........
මොකක්ද වුණේ......"

ඒ අනුව පොඩි පොඩි සිදුවිම් වලින් ඇරඹි අද දින ඇද මත හුන් බෝනික්කා බිමට වැටිම දක්වා වු සියල්ල රුවනිගේ කදුළ සහ ඉකිය මුසු වු වදන් වලට පෙරලිනි.
................................................
" සුමනා දැන් මේකට කෑ ගහලා, අඩලා මේ දරුවට ගහලා වැඩක් නැහැ.
අපි පොලීසියට පැමිණිල්ලක් දාමු.
දාලා මේ කෙල්ලව ඒ හාදයටම බන්දලා දෙමු.."

සුමනාවතී සහ පෙරේරා පොලිස් පැමිණිලි අංශයට ගියේ ඒ අනුවය.

"ගැණු ළමයාගේ වයස"

තඩි බැරලයකට යුනිෆෝමයක් ඇන්දුවා වැනි පොලිස් කාන්තාව බෙලෙක් හඩකින් ඇහුවේ ඔලොක්කු හිනාවක් එක්ක..

"දා හතයි"

"එහ්..........
එහෙමද එහෙනම් ඉතිං වැඩක් නෑ....
මේකට අපිට මොනවත් කරන්න විදිහක් නෑ......"

"හෑ...දහඅ⁣ට වෙනකම් බාලවයස්කාරයෝ නෙමෙයිද?"

"ඔව් බාල වයස් තමා,
විවාහ වෙන්න බෑ.......
නමුත් ඉතිං.........
දන්නවානේ....
මෙතන බලාත්කාරකමක් වෙලා නෑ..
ඉතිං හොදම දේ වයස සම්පූර්ණ වුනාම බන්දලා දෙන්න."

සුමනාවතීට පොලිස් කාන්තාවගේ යුනිෆෝමයේ තිබු තරු පොලිසියේ වහලේ පෙනෙන්නට විය.
වහාම සර්ව සම්බන්ධ කර දුන් හිතවතියට කතා කොට සර්ගේ වාසබවන තියෙන තැන අසා දැන ගත් පෙරේරා මහතා ,
කුළී රථයකින් අදාල නිවස සොයා ගියේය.
නිවස පිහිටා තිබුණේ නව නිවාස ඉදිකල කට්ටි ඉඩම් ව්‍යාපෘතියකය.
හෝඩුවා අනුව කාමර දෙකක් ඉදිකර තිබු නිවසක් සහිත ඉඩමකට කුළි රථ රියදුරු වාහනය හැරවිය.
බට් අඹ ගහක යට ජංගීයක් පමණක් ඇද සිටි කෙසඟ දැරියක් වාහනය දැක හනික සාදා තිබු කාමරයට පලා ගියේය.
ඒ සැණින් දැරියගේ මුහුණුවර ඇති දැරිය මෙන්ම කෙට්ටු ගැහැණියක් කාමරයෙන් මතු වුවාය.
ඇය තව දරුවෙකු බලාපොරොත්තුවන බව ඇයගේ ඇදුම් විලාසිතාව මෙන්ම නෙරාගිය උදරයද කියා පැවේය.
ආයාසයෙන් සිනහවක් දල්වා ගත් ඈ....
"ඇයි මහත්මයා .........යි විමසුවාය.
"ආ ...........අප ......සර්ව මුණ ගැහෙන්න.."
"එයා දැන් පංතියක ." ඇය කිවේ නගරයේ ප්‍රකට ආයතනයක නමකි.
පෙරේරා මහතාගේ උගුරේ විශාල ගුලියක් සිරුවෙන්නට විය.
ගැහැණියගේ ඇදුමෙන් වසං වෙමින් ගෙතුලට රිංගාගත් දැරිවිය එඹි බැලුවේ කෝලං සිනා පාමිනි.
"හරි දුවේ අපි යනවා....."
වහා කුළිරථයට රිංගා ගත් පෙරේරා මහතා අතින් යන ලෙස රියැදුරුට සන් කළේය.

............................
"සුමනා මේ කෙල්ලට බැණලා වැඩක් නෑ.
මේවාට අපිත් වැරදිකාරයෝ.
නිකම් හිතලා බලන්න මුල ඉදන්ම ,
අපි කරලා තියෙන්නේ හරි දේ ද කියලා.."
දැන් අපිට කරන්න තියෙන්නේ මේ ලමයාව නිදහස් කරන එක..

පෙරේරා මහතා දන්නා හදුනන වෛද්‍යවරුන් කිහිප දෙනෙක්ගෙන්ම තොරතුරු විමසා සිටියත් ඒ ලද තොරතුරු සතුටුදායක නැත.
ඇග ඇයගේ වුවත් ඇයට එය අනවශ්‍ය වුවත් කල හැකි නීත්‍යානුකූල කිසිවක් නැත.
ඔය අතර කැළෑගම ජුවානිස් වෙදරාල ගැන තොරතුරු දැනගන්නට හැකි වුයේ අහම්බෙනි.
තැපැල් හල ඉදිරිපිට ත්‍රීරෝද රථගාලේ චම්පිකගේ ත්‍රීරෝද රථය නිතර තරුණ ජෝඩු සොයයි.
මේ ඉව අනුව චම්පිකගෙන් ඇසු විට ජූවානිස් වෙදා ගැන දැනගැනීමට හැකිවිය.
ජුවානිස් නැතහොත් එරඬු නැට්ටේ වෙද මහත්මයා පෙරේරා මහත්මයලාගේ ඉටු දෙවියා වුය් ඒ අයුරිනි.
........................
ජුවානිස්ගේ ගෙදරට තරමක් දුරින් වෙදහල පිහිටා තිබිණි .
ගෙදරට හැරෙන ගේට්ටුව අසල විශාල පුවරුවක ජුවානිස් වෙදමහතාගේ වෙදකම් පිළිබද විස්තර කර තිබුණි.
එහි කාන්තාවන්ගේ කල් ගතවු ඔසප් විම් එවේලේම ඇති කර දෙන බව විශේෂ කොට සටහන් කර තිබුණි.

වෙද මහතා මැදියම් වයසේය.
විශාල උඩු රැවුලත්, බෝතල් මුඩි උපැස් යුවලත් නිසා වයසට තව අවුරුදු කිහිපයක් එක් කර තිබුණි.
පලල් උරිස්සේ පළල අත් සහිත බැනියම නිසා තවත් පලල් ව තිබිණි.
දෙපතුල් පල්ලේ වු පඩික්කමට තවත් විශාල බුලත් කෙල තලියක් හෙළු හේ..
"කෝ වම් අත දෙමු බලන්න"
රුවනීගේ වමත ගත් හේ දෑස පියා ගත්තේය.

"මාස තුනයි...........
ඉස්කෝලේ යනවා මගේ හිතේ..."

"ඔව් වෙද මහත්තයා, මේ පාර ඕ ලෙවල්"

"හොදා ... හොද.....
ලක්ෂයක් දෙන්න මහත්තයා ......
අද හලනවා නම් හෙමයි, නැත්ත මාස හතර පහු උනොත් ගාන වැඩියි."

චම්පික සියලු තොරතුරු ලබා දී තිබුණි.
අවශ්‍ය මුදල් පෙරේරා මහතා සුරැකිව ගෙනවිත් තිබිණි.

වෙදහලට ඔබින් වු ලැගුම්හලකට පෙරේරා යුවල පිටත් කෙරිනි.
එහි තවත් මැදිවියේයුවලක් සිය වාරය අපේක්ෂිතවබලා සිටියහ.

විනාඩි හතලිස් පහකට පමණ පසු රුවනිගේ කාර්යය අවසන් විය.
මේ සදහා එඬරු නැට්ටට අමතරව තවත් නැට්ටක් ගැසු බව ඇය හැරුණු විට දන්නේ නැට්ට ගැසු තැනැත්තාම පමණි.

නගරයේ පාසලින් ඉවත් කල රුවනි ගමේ පාසලට ඉන් පසුව ඇතුලත් කරන ලදි.
............................................

හමාර කීම...........

මේ වන විට රුවනී පෙරේරා නිතිඥවරියකි. කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පිහිටුවා ඇති ප්‍රබල සංවිධානයක සම කැඳවුම්කරුය.
ගබ්සාව නිතීගත කිරිම සදහා විශාල හඬක් නංවයි.
දරු දෙපලකගේ මවකි.. ඇයගේ සැමියා බණ්ඩාරය. ඔහුද නිතිවේදියෙකි.








Saturday, April 6, 2019

මහසෝනා


ඉස්සරහ දිවුල් ගහ පැත්තෙන් ඇහෙන බකමුහුණු විලාපය,
සිය ඇඹේණීය සදහා වන ආලිංගන ඇරැයුමක් වුණත් කිරි බණ්ඩේගේ පපුවයි කනයි දෙකම හාරාගෙන ගියා.
කිරිබණ්ඩා පුංචි කාලේ අහපු හොල්මන් කතා ඇස් ඉදිරියේ මැවි මැවි මැකෙන්න ගත්තේ ,
ඇගේ මයිල් කෙලින් කරමින්,
හීතල නැතුවම කිරි බණ්ඩේගේ හීබොඩු මතු වුණා.....
උක්කු මැණිකේ ලිප ලග ඇණබාගෙන ලිපගිනි සරු කෙරුවේ කුරහන් පිට්ටුව ඉක්මනින් හදා ගන්න,
තව කලුවර වැටුණොත් කිරිබණ්ඩේ අවලාද කතා වලින් ගේ පිරෙන්න ගන්නා බව උක්කු මැණිකේට ආයේ කවුරුවත් කියා දෙන්න ඕන එකක්යැ.
අල්ලාපු ලිපේ ලුල් මාළුව බොක බොක ගාමින් පැහුණේ ගින්දර පාට හොද්ද උකු ගස්සවමින්.
එකෙන් ආපු කුයිලට පිස්සු වැටුණු බළල් නාම්බා ලිප වටේ ඩෙගා නැටුවා.

ඈතින් පෙනුන උණ්ඩියාගේ පැලට ඉහලින් හඳ පායාන එමින් තිබ්බා.
පිලේ වාඩිගෙන උණ්නු කිරි බණ්ඩේ බුලත් වට්ටිය ඇන්න තලාකොළ අහුරකුත් එක්ක හුණු කලවං කරන් ජෑකරල් පොත්තක් කටට බස් ගාලා විසි කරා.
සරං ගැටේ සුරුකිව තිබ්බ දුංකොලෙන් තරමක කැල්ලක් කටේ දමා ගත්තේ තරමක් වෙලා විට පදං වෙන්න ඇරලා.

උදේ පොල් අතු රටා ඇදෙන්න අතු ගාපු මිදුලේ තැන තැන අඹ කොළ වගේම අරලිය මලුත් විසිරිලා.
ලොවි ගහ පල්ලේ උඩහ ගෙදර උංගියායි උගේ නඟායි හදපු කෝම්පිට්ටුත් එක්ක පොල්කටු කිහිපයක්ම උඩ බලාන උන්නා.
උක්කු මැණිකේ එක්ක පැල් ගැහිලා මේ නැගෙන පෝයට පෝයවල් නවයක්ම වෙනවා.
ඊයෙත් කිරි බණ්ඩේගේ කනවැන්දුම් අක්කණ්ඩියි, අම්මයි ඇවිත් ගිහින් තිබ්බේ නිකම්ම නෙමෙයි කියලා,
උක්කු මැණිකේ ඇතුල් ගෙයි ගල්ලෑ පැදුරේ දපාන ඉන්දැද්දි කිරිබණ්ඩේට නොහිතුනා නෙමෙයි.
තේ කහට ඩිංගිත්තක් ඉල්ලද්දී,
කුස්සි කෑල්ලට යද්දී කකුළේ දැවිටි ආලවන්තකම් පාන්න ගිය බළල් නාම්බා ඕවා දන්න එකක්යැ.
උෟ උඩින් ගිහින් දිස්ගාලා වැටුණේ බාලා තිබ්බ දුං මැස්ස උඩට,
තව ඩිගෙන් එකා වේලි තිබ්බ අංගුණ්ටන්ට වැඩෙි දෙනවා.
කිරිබණ්ඩේටි එකාව කන් කෙටියෙන් උස්සලා අයිනකට දැම්මේ.

"මේ ඇහුණාද?...
ඕන්න පිට්ටුව බෑවා.....
පැලට යන්ඩ සුනගුං වෙයි.

කලගෙඩියෙන් වතුර පොල්කට්ටක් නවාන ජුකු බුකු ගාලා බුලත විඩේ හෝදාලා,
වතුර ඉතිරියෙන් අතත් තෙමාගත්තු කිරිබණ්ඩේ කුස්සි කෑල්ලට රිංගුවා.
මඩක්කුව පිරෙන්න බෙදපු කුරහන් පිට්ටුව වැහෙන්න හොදි වක්කරපු උක්කු මැණිකේ එක දෝතින්ම පෑවා.
කිරි බණ්ඩේ වංගෙඩිය උඩ,
උක්කුමැණිකේ හිරමනේ උඩ.

"ඕන්න අදත් ආරච්චියා හෑන්දැකරේ මෙහේ ආවා........"
උන්දැට උඹැහැ ලව්වා මොකක්දෝ කාරිනාවක් කර ගන්න තියෙනවාළු.."

ගමේ ආරච්චියා ගැන ඇත්තේ හොද ආරංචි නොවේ.
කරන තරමක් පසික්කාඩු වැඩ කරන්නේ උන්දැය.
නානා සමඟ එකතු වි නුග ලන්ද කෑලේ කංසා හේන් වවනා බව නොදන්නේ ආණ්ඩුවේ මහතැන් පමණී.
ඇහට කනට පෙන ඉස්තිරියාවන් ඉතරක්යැ ඔය පීදෙන නැඹුල් කෙහෙල් ගස් වාගේ ලැමිස්සියෝ ද බලය නිලය ⁣පා තම වසඟයට ගන්න උන්දැ දතකන වග කිරි බණ්ඩේගේ ද දනී.

වංගෙඩි පල්ලේ වාඩිගෙන පිට්ටු කන උක්කු මැණිකේ වතුර නමා ගැනිමට පාත්වෙද්දී කිරිබණ්ඩේ ඇඟ සීස් ගා ගියා.
කිරි බණ්ඩේ හනි හනික කුරහන් පිට්ටු ගුලි ගිල දැම්මේ වෙන කල්පනාවකින්.

කිරි බණ්ඩේ පැටියා කාලේම අපුච්චා එක්ක හේනට කුඹුරට ගියේ.
ආය ඉතිං ඇස්වාක් නෑ ඕන වගාවක් පිලවෙලට කරන ගොය්යෝ කීප දෙ⁣නාගෙන් කෙනෙක්..

"මැණිකේ......
ඔය ලොකු පැදුරම එලුවන.......
මං ඩිංගක් සුනංගු වෙලා අද පැලට යනවා....."

හේනක් කොටන කොට ඔය මහ බැද්ද කපාලා හිටං ,
ලොකු ගස් කදු බානවා...
එක බොහෝම සීරුවට කරන්නේ..
බීජ වපුරන්න කලිං භුමිය පාදා ගන්න ඕන.
වරිච්චි බිත්ති වලින් වට වුණු ඇතුල් ගෙයි තිබ්බ කුප්පි ලාම්පුව නිමුවට ජනේල් පියං නැති ජනේලියෙන් ඇති පද හඳ එලිය රින්ගපු හින්දා ,
වරිච්චි බිත්තියේ දුව පැනපු හුණන්ව උනත් අදුරගත්තැකි.
ගල්ලෑ පැදුර උඩ පුළුන් කොට්ටා දෙකෙන් එකක ඉතරයි හිසක් තිබ්බේ.
කිරිබණ්ඩේට පුළුං කොට්ටා වලටත් වඩා මෙලෙක් කොට්ටා දෙකක් ලැබී තිබ්බා.
කොහොමටත් හේනක් කොටා බීජ වපුරද්දී ගොය්යාට හොද හැටි වෙහෙසයි.

කිරි බණ්ඩේ කලගෙඩිය ඇල කරාන වතුර ⁣පොල් කටු දෙකක්ම හිස් කරා.

බුලත් මල්ලයි, කොළ කැත්තයි ඇන්න කිරි බණ්ඩේ පැලට යන්න පිටත් වුණේ පොල් අතු පැලැල්ල ඉස්සරහ දොරට හේත්තු කරමින්.
එකේ පොල්ල දාන්න උක්කු මැණිකේ දැම්ම එන එකක් නෑ..
ඉදි කඩුල්ලේ පොලු තුනම දාපු කිරි බණ්ඩේ කෑලි හයේ බෑස්ටිය දෙවට එලිය වෙන්න ඇල්ලුවා.
හද්දෙය්යනේ මහනුගේ ලග අමුත්ත කිරි බණ්ඩේට දැණුනා.
එතන දෙවට කළුවට හිට උන්නු මහසෝනා දැක්කාම කිරිබණ්ඩේට බයකට වඩා ආවේ තරහක්,
මහසෝනා පාර උඩ තමන්ගේ රහසඟ වැටෙන විදිහට උන්නේ .
කකුල්වල කළුම කළු මයිල්.
අතේ තද වෙච්ච කොළ කැත්ත අමෝරාගෙන කිරි බණ්ඩේ ඉස්සරටම ගියා.

"ආරච්චි මහත්තයාගේ යටිබඩමළු කපා තියෙන්නේ."
"ඔය කෑලෑ අස්සේ මොකට හක්කල කොරන්න ගියාද?"
"ඉන්තේරුවෙන්ම අර යකා මහත්තයලා කංසා හේන් හබයට කොටා දාන්න ඇති."
"ඕකාට නං දෙය්යෝ අඩුව දීලා තියෙන්නේ"

කයිප්පු මුදලාලිගේ ⁣කඩේ කහට එකක් බොමින් හිටි කිරි බණ්ඩේ,
සිය කහට එකේ අවසන් උගුරත් හලා ගත්තේ
"මුදලාලි මට ලෑතර දෙකකුත් දෙනවාකෝ" යි කියමින්...
උක්කු මැණිකේ ලෑතර වලට කෑදරයිනේ.