Pages

Friday, August 23, 2019

නයා ගෙවුණු හැටි

සීයාගේ එනම් අපේ අම්මාගේ ගෙදර පුංචිය.
එහි පලය හෙවිල්ලා තිබුණේ පිදුරු වලිනි.
හැම කන්නයකම පුසුඹ ගහන පිදුරු තට්ටුවක් වහලය මත බැවෙයි.
මේඅකාරයට පලය මත තට්ටු හත අටක්ම පලය මත අරක්ගත් පසුවයි,
පලයේ පිදුරු ඉවත් කරන්නේ,
ඒ ගෙදර ගමගෙවල් කොයිකක මෙන් කාමර දෙකක් , කුස්සියක්, අටුගෙයක් සහ වටපිලක් තිබුණුකි.

සීයාගේ කරුමන්තයට උදව්වෙන එ්කමේක තබා තිබුණේ අටුගේය.
උකුණුගස්, දෑතිගොය්යෝ, ඇඹුල් කැති, පොල කැති ආදි වු උපකරණ වරිච්චි බිත්තියේ මුව අං වල එල්ලි තිබිණි.

"මේ ඇහුණද?"
ඒ දවස්සොල මං හිතා උන්නේ "මේ ඇහුණාද " යනු ආච්චිගේ නම බවයි.

"හෙට වල් කොටන්න පාන්දරියෙන්ම යන්න ඕන......."
සීයා මෙවර හේන සදහා තෝරා ගෙන තිබුණේ තිඹිරිවැවේ ඉස්බඩේ වු කොටසකි.
ආරච්චියාගේ ගෙදර ඉස්සරහ දෙවැටෙන් ද මහගල උඩින් වැටි තිබු රොට්ටුවෙන්ද තිඹිරිවෙල යා හැකි වුවද එතැනින් ඔබ්බට හරි හමන් පාරක් නැත.
කෑලේ මැදින් දිගින් දිගටම යාමෙන් හැදෙන අඩිපාර හේනට පාර වෙයි.
උදෑසනින්ම ආච්චිගේ කුරහන් රොටි සහ ලුණුමිරිස් තලිය පංමල්ලේ ඔබා ගෙන පුරුදු පරිදි සුම්බරයද බැදගෙන දසමහ යෝධ සෙය්යාවෙන් සීයා ගමන් ඇරඹුවේ හිස මත්තේ කෑ ගැසු හූනාගේ අදෝනාව පයිසෙකට මායිම් නොකරමිනි.

අපුච්චියේ .......
ඒ මහා අලකලංචිය වුණේ මහගල පයිනවත් එක්කය.
හතරහිමාවේ හුළ පොදක් නැති අල්ලපනල්ලේ සීයා,
තුස්නිම්භුත වුයේ සුම්බරය ගැලවී
උසික්කා විමෙනි.........
අකුල් කැටේ මැදින් මහාහුළගක්
"ෂුෂ්" හඬින් යලිත් වැදිමත් හා සමඟම සීයා බැලුවේ මේ මොන සමයමක්දැයි කියාය.

අකුල් කැටේ,කුල්ලක ප්‍රමාණයට අඩු නැති පෙන ගොඹය අල්ලාන ,
මාරවේෂයෙන් ඇස්ගොඹ උලුප්පාන උන් නයිහාමිගේ දර්ශනයෙන් සීයා නොවෙන්න වෙන පුතයෙක්ගේ නම් වස්තරේ තෙමනවාමය.
නයි නෙත්තරා දිහා බලාන මේ මරාලයෙන් ගොඩයන එක ගැන කල්පනා කල සීයාට මතක් වී ඇත්තේ දෙපය පමණී.

"ඔහේටු ###පුතා......"

මහ හඬින් කියු සීයාගේ පළමු පිම්ම නයාගේ පිම්මට තප්පර අරික්කාලකට එහා මෙහා නොවුනේ නම්.....
මට අයේ සීයෙක් හමු නොවනු ඇති.
කටු අකුල් බිදගෙන කුළුමීමෙක් සේ දුවන සීයාගේ පාරේ මේ අසමජ්ජාති නයාද එලවන්නට පටන්ගෙන ඇත.
සීයා දුවයි......
නයා එළවයි.
මේ තරගය පුරා හෝරා දෙක තුනක්ම තිබි ඇත.
ගමට හැතැම්ම හත අටකට එපිටින් රිටිගල දෙසට සීයා හැරි ඇත්තේ මේ මාරයා එතකොටවත් මඟ ඇරි යතැයි කල්පනාවෙනි. සීයා දීවිම නවතා ඇත්තේ
රිටිගල බන්දා පොකුණට එපිටින් ඇති බැලුම් ගල මත දිය.
හැරි බලන විට නයා නොදුටුවෙන් සැනසුම් සුසුමක් හෙලමින්,
ගල මත්තේ වාඩිගෙන ඇත්තේ හති නිවා ගැනීමටය.
ආන්න එතකොට මාපටගිල්ල විතර ගැඩවිලෙක් සීයා පැත්තට එනවා දැක ඇත.
මේ මොකාදැයි වග විස්තර බලනකොටයි සීයාට තේරුං ගිහින් ඇත්තේ අර තඩි නාගයා දුවපු දිවිල්ලට ගෙවි ඇති බව.



Thursday, August 22, 2019

කොළ පෑගිල්ල

සීයාගේ කතා
අපේ සීයා කොහොඹයාය.
උන්දැට ඒ නම වැටි ඇත්තේ ගම කොහොඹගස්කඩ නිසාය.
නැතිනම් උන්දැගේ උප්පැන්න සහතිකයේ ඇත්තේ ඩිංගිරිබංඩා කියාය.
ඔය සහතිකවල ඇති නම් ගමේ එකලා පාවිච්චියට ගන්නේ නැතිය.
එවුන් තම තමන්ගේ පහසුවට ගමේ එකලාට එකීලාට නම දමා ගන්නවාය.
ඒ නිසා ඒ කාලයේ
කාක්කි, ලේනා, ලේනී නම් තියෙන මිනිසුන් ද ගමේ සිටියෝය.

අපේ සීයාගේ ඇඹේණීය වු මාගේ අම්මාගේ මව ඔහුගේ හත්වැනි ගැණිබව සටහන් කරන්නේ බලවත් කණගාටුවෙනි.
උන්දැගේ ලොකුම මුණුපුරා ඒ අතින් අහිංසකයෙකි.
අපේ ආච්චිව සීයා තම නිවසට කැන්දාගෙන ඒමේදී,
ඉදිකඩුල්ල පන්නාගෙන ඇත්තේ වඩාගෙනය.
ඒ වන විට ආච්චිගේ වයස අවුරුදු දොළහක් බව අම්මා කියා ඇත.
ඒ වාගේම
නිවාඩුවට ගම ගියවිට,
රාත්‍රී නින්දට පෙරාතුව කතාන්දර කියන විටත් ආච්චි මේ ගැන කීවේ

"ඔය මිනිහා මාව කොක්කබිල්ලේ ගහගෙනනේ ඉදිකඩුල්ල පැන්නේ,

අදක නම් මෙව්වා බාලාපරාධය.
එහෙත් එකල කෙල්ලක නාවා ගෙට ගත්තායින් පසු දීගෙක දිම සිරිත බව ආච්චි කිවේ කතාන්දර සැසියකදීමය.
සීයා පිටගංකාරයා වෙච්චි .
ගම්මැද්දේ ගෙදර ආච්චිගේ මලයා වු පූලා සීයාටම පංගාඩම් කර,
සිය මිත්තර මල්ලීයා සමඟ අළුත් ඉඩම් හොයාන පිටගං වෙච්චි.
මහගල ගාව නිවුන් ඉඩම් කාල් දෙකක ගේ හදා ගත්තේ එහෙමයි.
හැබැයි ඉතිං ඔය ඉඩම්වල වැට ගහන දවසක් ඇත්නම් පොඩි ගෝරනාඩුවක් නම් වැරදුනේ නෑ.....
සීයා හිටවන එඩරු දඩු මල්ලීයා සීයා ගලවලා විසිකරනවා,
මල්ලීයා සියාගේ එඩරු දඩු අපේ සීයා ගලවලා උසික්කා කරනවා.
කොහොමින් හරි වතුදෙක අතර හරි හමන් වැටක් නම් උන්දලා ඉන්දැද්දී තිබ්බේ නැතුවා.

සීයාට කුඹුරු හතරයි.
තිඹිරිවැවේ කාලයි, අසුවේ කාලයි, දහඅටේ කාලයි......
කාලක් කිව්වට අක්කර වලින් නම් දෙකක් දෙකාමාරකට කිට්ටුයි .
මේ අලකලංචිය වුනෙු ට්‍රැක්ටරේ ගම ආපු අලුත.
තිඹිරි වැවේ කැපුම් හමාර කරලා කොළ පාගන්න ට්‍රැක්ටරේ ඩ්‍රැයිවරයා වු චොසාට කිව්වා.......
ගමටම තිබ්බ එකම ට්‍රැක්ටරේ චොසාගේ ට්‍රැක්ටරේ .
මටත් මතකයිනේ චොසා එකේ යන්නේ එරොප්ලේන් එකක වගේ.
බෙල්ල පල්ලේ කමිස කරට යටින් ලේන්සුවක් එහෙම දාගෙන.....
හයුයෝ දෙය්යෝ......


එක විඩයක් නෙමෙයි දහදොලාස් වතාවක් එකා නවාතැන් අරන් උන්නු මහකඩේටයි, කමත් ගානෙයි ගිහින් සීයාට මරු නැග්ගා...
ඔන්න එදාත් උදේ රැයින් ට්‍රැක්ටර් පාරේ ගියේ,

"අදවත් මේ වැඩෙන් බේරෙන්න ඕන බොලල්ලා කියමින්"

පැයකට දෙකකට පස්සේ සීයා ගෙදරට ආවේ නගුට ගහමින් ආලවන්තකම් පාන්න ගිය රාජටත් පයින් සලකමින් .
රාජා බෑගිරි ගාමින් අටුපල්ලේ රිංගා ගත්තේ මෙවුන්දාට ආවේශ වු යක්නාම්බා මොකාදැයි හිතමින් වෙන්ටැ..

"යෝදියේ ,
මට ඔය වංගෙඩි දෙක එළියට පෙරලා දියන්....."

ආච්චි මේ වාගේ වෙලාවට කියු දේ කරනවා මිසක් ආයේ මීක් කියන්න යන්නේ නෑ......

සීයා, සීයාගේ ඊස්ටන් බයිසිකලේ රෝදා දෙක ගැලෙව්වා.
හයි කරා වංගෙඩි .......
එහෙම්ම පැගුවා කමතට.
උන්දැගේ තරහ අහවර වුණේ, දෙපැත්තේ මල්ලීයා සීයාගෙයි,
මල්ලා උන්දාගෙයි කොළ දෙකත් පැගුවාට පස්සෙයි........

Friday, August 16, 2019

දියබරි







"ඔහේ දැන්ය ආවේ........."

තිස්සයාගේ බරසාර හඬ කන්පල්ලේ රිංග ගත්තේ අමනාපය හිත අස්සට රින්ගවමින්.
බෙරළිහෙල අනුරයයි, කාවන්තිස්සපුර කීර්තියාත් එක්ක එක කාමරේ ඉන්න ආවට මුන් දෙන්නා කතා කරන කොට මට හිතෙන්නේම මාත් එක්ක තරහෙන් කතා කරනවා කියලමයි.
උපන්නේ වන්නියේ උනාට උන්නේ බස්නාහිර පලාතේ,
ඒ නිසා මේ දකුණු පළාතේ බාසාව අමුතුවට දැනෙන එක පුදුමයැක්යැ.
අපේ වෘත්තිය අධ්‍යාපන ආයතනය තිබ්බේ ගාල්ලේ,
හතර වටින්ම කණ පිරෙන්නම දකුණේ බාසාව ඇහිලා ටික දවසක් යනකොට
කන එකට හුරු වෙච්චි.

වසගලාගේ ගම රන්න..
නිවාඩුවකට විද්‍යාව පංතියේ ඔක්කොම රන්නට කැන්දගෙන ගියේ ඌගේ ගෙදර උන් නැගණියන් දෙන්නාට යහපතක් කරන්න මිස යාළුවන්ට ගමරට පෙන්වන්න නෙමෙය කියල කියපු පාපමිත්‍රයොත් උන්නා.....
පාපමිත්‍ර සැට් එක ලංකාවේ හතරදිග්බාගයම ආවරණය කරා.
උපාලියට ඒ දවස්වලත් තෙල් පොහොර කඩයක් තිබ්බ හින්දාත්.තවත් නොකිය හැකි හේතුවක් හින්දත් ඌ ඉබේම වසගලා වෙලයි තිබ්බේ.....

වසගලාගේ ගේ ඉස්සරහින් ඇල පාරක් යනවා.
මේ ඇලපාරේ තැන් තැන්
නාන තොටුපලවල්.
හෑන්දැකරේ කට්ටිය ග්‍රීස්මේ නිවාගන්න නාන්න ගියාට පෙන්ගා ඇද උන්නු සරං කොටේ ඇරෙන්න අනිත් කාටවත් සරං තිබ්බේ නෑනේ.
දැන් හැමෝම කල්පනා කරේ එක සරමකින් නෑමේ කාර්ය කරන එක ගැන.
බකට්බ්‍රෝන්කා මේකට කදිම විසදුමක් දුන්නා

"පෙන්ගෝ උඹ ඇලට බැහලා සරම මට දියන්,
මමත් බැහලා,
පෙරජීංයට සරම දෙන්න....
අපි ඔක්කොම එහෙම බහිමු"

වැඩේ සෙට්.......
හැමෝම දිය කෙලිද්දී
උඩහ තොටුපලේ මහකලබලයක්.
නන්තාරේ යන දියබරි ජෝඩුවක් ඇල පහලට එනවා.........
කට්ටිය කලබල වෙච්චි පාර හනිහනික ඇලෙන් ගොඩවුණා.
අපේ තොටුපළට යාබද තොටුපලේ උන් නැන්දලා, නංගීලා පණ එපාය කියලා දිව්වේ "අමුතු දියබරියන්" දැකලා මංදා
එත් ඉතිං නැන්දලා නම් එහෙම දුවන්න ඕනයැ.......

Tuesday, April 30, 2019

මලකඩ

ගිනිපිඹින මද්දහන් අවුවේ කැරලි ගහපු දුවිලි වලාවක් වෛයිවර්ණ පෝස්ටර් බිත්තිය ඉම්බා
එක එක ජාතියේ සර්ලා ශිල්ප විකුණන තරගයට දාපු පෝස්ටර් වල වැදුණු දුවිලි හුලග එගොඩ යන්න බැරැව නතර වුණා......
මේ පෝස්ටර් ගොන්නේ වැඩි පදාසයක් උරුම වෙලා තිව්නේ නාඹර ගැටිස්සියෝ, ඉලන්දාරි කිහිප දෙනෙක්ගේ මුණු එක්ක තිබ්බ "පෙම් වැස්ස" පෝස්ටරයට...........
ලග එන ප්‍රේමවන්තයන්ගේ දිනය සමරන්න පෞද්ගලික පංති පවත්වන ගුරුවරයෙක් අලවා තිබු එම පෝස්ටරය නගරයේ බෝක්කු කුණු බක්කි පවා අත්පත් කරගෙන තිබ්බා......
******************************
සිද්ධාර්ථ තෙල් සහ තවත් නොදන්නා බේත් තෙල් කිහිපයකම සැර එකතු විමෙන් හැමුයේ අමුතුම කුයිලකි.
එය සුපුන්ට හුරුය.
ඉදා.........
බත් වල අඩුවට පාත්තරා කොකු හැන්දක් රංජී පිගානට වැටුණා.
රංජීන්ගේ හිස මත්තේ අර කුයිල කැරකිලා තුනී වෙලා ගියා.
අඹ ලෑලි මේසේ උඩ තිබ්බ කුප්පි ලාම්පුව බැරි මරගාතේ අදුර යවන්න උත්සහ ගත්තා.

මාටින් පොල් ගහකින් පාත් වෙලා දැන් අවුරුදු තුනක් වෙනවා.
මේ ගෙදර කළුවර එක්ක පටන් ගත්තු ජරිබිරි සද්ද නැතිවුණා විතරයි.
අනෙත් හැමදේම ඒ වාගෙමයි.
සොයිදා තාමත් වී මෝලට යනවා.
අර සැර කුයිල සොයිදාගාවට ආවේ එයින් පස්සේ.
ගෙදර උන්නු රංජනී රංජීත් අවුරුදකින් වැඩිමල්.
රේටි බැහපු රංජනීගේ ඇගේ දැවටි තිබ්බේ චීත්ත ගවුමක්.
රංජනී හයේ ,
රංජීත් පහේ
දෙන්නම යන්නේ ලග තිබ්බ රජයේ පාසලට.
රංජනී නම් ඔය ගමන යන්නේ නොගිහින් බැරිකමට.
හඩ්ඩි, මුසලී කපුටි, වැද්දී, වාගේ නම් මිසක් රංජනී කියන නම කියවුණේ නම් අඩගහද්දී විතරයි.
ඒත් රංජීත් ඉගෙන ගන්න දස්සය.
ඉස්කෝලේ ගුරුවරු පවා බලාන උන්නේ මෙදාපාර ශිෂ්‍යත්තේ රංජීත් පාස් වෙයි කියලා.
*******************************
රංජනීගේ මතක

මේවා කාට කියන්ද මං වත් දන්නේ නෑ.
එත් ඉතිං හිතේ ගුලි කරාන ඉන්නවාට වඩා කළුවටවත් කියා දාන්න ඕන.
අපේ ගෙදර උන්නේ මල්ලීයි මායි.
තාත්තා ගහෙන් වැටිලා මැරුණා.
මල්ලී විභාගේ පාස් වෙලා සෙන්ටල් එකට ගියාට පස්සේ අපිට තවත් කරදර වැඩි වුණා .
ඒ හින්දා මාත් අම්මත් එක්ක මෝලේ වැඩට යන්න ආවා.
මුදලාලි හිණා වුණා මේ ඇට්ටිබි කෙල්ලට මොන වැඩද කියලා...
වී තුනි කරන්න,
මළු ගෙනියන්න ඒවා තමා මං කරපු වැඩ.
මටත් රුපියල් පනහක් දුන්නා.
මෝලේ ඔක්කොම වැඩ කරන්න හය දෙනෙක් හිටියා.
ගැණු හතරයි පිරිමි දෙකයි.
මෝලේ වැඩට යද්දී වී ගෝනි අස්සේ මාව හම්බ වුණාම මුදලාලි මගේ බඩ මිරිකනවා.......
රිදෙන්නම...
ඉන් පස්සේ බක බක ගාලා හිනාවෙනවා.
එක දවසක්
මුදලාලි මාව කන්තෝරු කාමරේ අතු ගාන්න කියලා ගෙන්න ගත්තා..
අතු ගාද්දි අතින් ඇදලා ඔඩොක්කුවට ගත්තා.
එදා නම් මං දැනගෙන හිටියේ නෑ මුදලාලි මගේ ගවුම අස්සේ කලබලෙන් මොනවද හෙව්වේ කියලා.

"තෝ මේවා කාටවත් කියනවා එහෙම නෙමෙයි "
කියලා මුදලාලි මාව යැව්වේ රුපියල් විස්සකුත් දීලා.

එදා වී එදා වී වේලන දවසක් කට්ටියම වෙළුම් කමතේ වී වනමින් හිටියේ.
මුදලාලි වී ගබඩාවේ වී ගෝනියක් උඩට මාව දාලා කටපියාගෙන හිටු කියලා කිව්වා..
වෙනදට ගවුම අතරින් හොයපු ඒවා ඒදා මුදලාලි එලිපිටම හම්බ වුණා.
වී ගෝනියක් උඩ කෙල්ලෙක් නොවිම මං ගෑණියෙක් වෙන හැටි බලාන හිටියේ අට්ටි ගහපු වී ගෝනි විතරය......

"තෝ මෙව්වා ආයේ කාටවත් කියලා තිබ්බොත් තෝවයි මහ එකීවයි දෙන්නවම පන්නලා දානවා"

මුදලාලි තඩි බඩ අත ගගා මට කිව්වේ අැගිල්ලකුත් උළුක් කරලා
******************************

රංජීත් විශ්ව විද්‍යාලයට අැතුලත් විමෙන් පසු ලොකු මෝලට වී දාන්නා සේ මුදල් යැවිය යුතු විම සොයිදාට මෙන්ම රංජනීටත් මතු වු අහම්බ හෙණයක් විය.
උදේ උයාගත් බතට කැලෑ කොලයකින් මාළුව සරිකරගත් ඔවුනට වෙනත් අරමුණක් නොවිය.
තිබු එකම අරමුණ රංජීත්ගේ වුවමනාවන් උදෙසා මුදල් සෙවිම පමණී.

විශ්ව විද්‍යාලයේ නිවාඩුවටත් නොපැමිණෙන රංජීත් එක් රාත්‍රියක පැමිණියේ ඔහුගේ ඇදුම් බෑගයත් සමඟය.
එදින රාත්‍රියේ රූපවාහිනි පුවත් බැලුවේ නම් කඩාකප්පල්කාරී ලෙස අමානුෂික නවක වදය දුන් සිසුන් කිහිප දෙනෙකු විශ්ව විද්‍යාලයෙන් නෙරපු බව සොයිදාට හෝ රංජනීට දැන ගත හැකිය.
එහෙත් ඒ දෙදෙනාම රූපවාහිනිය දැක තිබුණේ දින කිහිපයක් පමණී.

සතියකට පමණ පසු ප්‍රධාන නගරයක එක් කුඩා පෞද්ගලික පංති ආයතනයක උසස් පෙළ සිංහල විෂය සදහා පංති ඇරඹු නවක තරුණයෙකි.
කෙස්ස මෙන්ම රැවුල ද වවා ගෙන සිටි මේ තුරුණු දේශකයා තදින් සාම්ප්‍රදාය ප්‍රශ්න කලේය.
අතපය දිගහැර කියු කියුම් නාඹර කෙළි කොල්ලන්ට ප්‍රිය විය.
ඉතා ඉක්මනින් ඔහුට ඒම ආයතනයේ වඩා විශාල දේශණ ශාලාවක් ලබා දිමට ආයතනයට සිදුවිය.

රංජනීගේ එල්ලී මිය යාම ගැන ගමේ විවිධ කතා කියවුණි.
ඇය මේ විනාශය කර ගැනීමට සතියකට පෙර අමු අන්නාසි ගැට උලා කනවා සොයිදා දුටුවාය.
එමෙන්ම උදැසන කක්කුස්සිය අසලට වී පණ යනතෙක් වමනය කරනවාද ඇය දුටුවාය.
එහෙත් සොයිදා කුමක් නම් කරන්නද?

අම්මේ............
මට සල්ලි ටිකක් හොයා ගන්න ඕන
එකයි අද මං තකහනියේම ආවේ..

"අනේ දෙය්යෝ
මගේ ගාව කොයින්දැ සල්ලි
රංජනීයා මැරුණායින් පස්සේ,
මාත් ඔය ගෙදරකට ගිහින් වල කෑල්ලක් හොදලා දෙන කෑමක් කනවා මිසක් මෝලේ වැඩට ගියෙත් නෑ.......
ගියත් මට වැඩ දෙන එක්කුත් නෑ.."

"නෑ නෑ......
අම්මා මට මේ ඉඩම ලියලා දෙන්න මං බැංකු ණයක් ගන්නම්....."

උපතේ සිට සොයිදා ජීවත් වු බිම්කඩේ උරුමය අහිමි වි යාමට අඩිතාලම වැටුණේ එලෙසිනි.
සොයිදා නගරයට එක් කරගෙන ගොස් ඉඩමේ හිමිකාරත්වය ලියා ගත් පසු රංජීත් යන්නට ගියේය
එදින මල්කාන්ති නොසිටින්නට සොයිදාට නගරයේ සිට ගමට එමට සිදුවන්නේ පයිනි.
නගරයට ගොස් ආපසු ගමට යමින් සිටි මල්කාන්ති අැයගේ ස්කුටියෙන් සොයිදාව ගමට අැරලුවාය.

ඉන් මසකට පමණ පසු සොයිදාගේ පැල්පතට එඹුණු දිගු රැවුල්කාරයෙක් එම ඉඩම තමන් මිල දී ගත් බවත් ඉඩමෙන් ඉවත් විය යුතු බවත් දැන්විය.
එතැන් සිට සොයිදාගේ නව නිවස්නය වුයේ මිනි පිට්ටනියේ වු ශාලාවයි.
ඇය මිය ගිය පසු ගමේ තරුණ සමිතිය විසින් භුමදාන කටයුතු සිදු කල අතර ගුණ කතනයක් තබා නෑයෙක්වත් අවමංගල්‍යය සදහා නොසිටියේය.

එ් ප්‍රකට ගුවන් විදුලි නාලිකාවේ හිමිකාරයා විදේශිකයෙකි.
වැඩ සටහන් අධ්‍යක්ෂ අචාර්ය වරයෙකි.

"මිස්ටර් රාන්ජීත් අපි ඔයා පංති ඉහලට ගෙනවා,
එකේ ප්‍රචාරණ කටයුතු අපි බලා ගන්නම්,
ටියුට් වගේම අනෙත් හැමදේම අපි කරලා දෙනවා.....
ඔයාට තියෙන්නේ මේ ආගමට, සංස්කෘතියේ අඩුපාඩු ලමයින්ට දාන එක."

"හරි.......
මිස්ටර් ..
අපි වැඩේ කරමු

සකසන ලද වෙළෙන්දා වචන ඇමුණුම.

(කාල්පනික ලියවිල්ලකි)

Tuesday, April 16, 2019

මියුරියල්

හාන්සි පුටුවේ දිගැදුණ ජයම්පති සිය ජන්ම භුමිය සිසාරා උකුසු බැල්ලමක් හෙළුයේය.
නඩත්තුව නිසියාකාරව සිදු නොවන වත්තේ අනාරාධිත ගස් වැල් ජයටම වැඩි තිබිණි.
ගුණපාලට ආණ්ඩු මාට්ටු කර නොහෙන තරමටම ඒ ගස් වැල් දඩබ්බරද,
නැතහොත් ඔහුගේ සවිබල කාලය විසින් වියැකි ගොසින්ද?
ජයම්පතිලාගේ මහ ගෙදරට ඉදිරිපස ඉඩම කට්ටි වි කුඩා ගම්මානයකට පෙරළි ඇත.
එහි පාරට මුහුණ ලා ඇති බිම් කොටස් වල, චයිනීස් කෑමහල්, ජංගම දුරකතන අළුත්වැඩියා කරන තැන්, ජුස් බාර් එකක් වැනි ව්‍යාපාරික ස්ථාන පිහිටා ඇති බව ඊයේ එනවිටම ජයම්පතිගේ නෙතු ගැටුණී.
හරියටම වසර දහයකට පසු මෙරටට පැමිණි ජයම්පතිට සියල්ල උඩුයටිකුරුවී ඇති බව සිතිම පුදුමයක්ද නොවේ.

"චුටි මහත්මයා , උදේ කෑම ..........."
ගුණපාලගේ හඩ තවමත් නොනැසි ලෙංගතු බවින් පිරිපුන්ය .
ගුණපාලට ඉතා මැනවින් ඉවිමේ පිසිමේ කටයුතු කල හැකිය.
එකල ජයම්පතිගේ පංති සඟයෝ නිවාඩු කාලයේදී ජයම්පතිගෙ නිවසටම පැමිණිමට එයද හේතුවක් විය.
ශිෂ්‍යත්ව විභාගයෙන් අනතුරුව අගනුවර විශාල පාසලකට ඇතුලත් වු ජයම්පති එම පාසලේ නේවාසික ශිෂ්‍යයෙක් විය.
මව නොමැති ජයම්පතිට නේවාසිකාගාරය නිවසට වඩා හිතට ඇල්ලීම අරුමයක් නොවිය.
ඔහු එතැන් සිට සිය නිවසට පැමිණියේ පාසල් නිවාඩුව සදහා පමණි.
ඒ පැමිණිමේදී පංති සඟයින් කිහිප දෙනෙක්ද ඔහු සමඟ පැමිණි අතර දින ගණනාවක් ජයම්පතිගේ නිවසේ ගතකොට යාම සිරිතක් විය.
"චුටි මහත්තයා ඕං මං කංකු තෙල් දාලා ගත්තා,
මහත්තයා ඉස්සර හරිම කැමැතිනේ...

උදේ ආහාරයෙන් අනතුරුව ජයම්පති ගමේ අවුරුදු උළෙල සදහා යාමට පිටත් විය.
ජයම්පතිගේ පැමිණිමේ ආරංචිය සමඟම උත්සව සංවිධායක තරුණ නඩය ජයම්පතට ඒ සදහා ඇරුයුම් කර තිබිණි.
පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා පාඨමාලාවක් හැදැරු ජයම්පති එහිම කථිකාචාර්යවරයකු ලෙස සේවය කරේ ඔහුගේ උසස් සාමාර්ථය නිසාය.
ඔහු විසින් ඉදිරිපත් කල "විකල්ප බලශක්ති" පර්යේෂණය හමස් පෙට්ටියට විසි වුණ ද ඒ සබැඳිව ඔහු ලියු ලිපි හරහා විදේශ රටක් ජයම්පතිට එරට බලශක්ති පර්යේෂණායතනයට ඇරුයුම් කලේය.
එහෙත් තම රටට ඉටු කල යුතු සේවය වෙනත් රටකට ලබා දීයු යුත්තේ ඇයිදැයි යන ප්‍රශ්නය සිත තුල හොල්මන් කල බැවින් ජයම්පති ඒ පිළිබදව උනන්දුවක් දැක්වුයේ නැත.
එහෙත් දිගින් දිගටම ජයම්පති මහතාට විවිධ අපහසුතාවයන්ට මුහුණ දිමට සිදුවුයේ ඔහු විසින් බලශක්ති අර්බුදය සම්බන්ධයෙන් ඉදිරිපත් කල මතවාදය නිසා විය යුතුය.
අවසන එය සිදුවිය.
ජයම්පති මහතා මෙරට අතැර විදෙස්ගතවිය.
එරට ඔහුව සාදරයෙන් පිළිගත්තේය.
ජයම්පති මහතාගේ දැනුමින් එරට පාලකයෝ යහමින් ප්‍රයොජන ගත්තෝය.

ශබ්ද විකාශන යන්ත්‍ර හරහා ඇසෙන්නේ ජයම්පති කුඩා කල ඇසු අවුරුදු ගීතමය.
එහෙත් එකෙල මෙකෙල වන තරුණ තරුණියන්ගේ ඇදුම් ආයිත්තම් නම් වෙනස්ය.

⁣"මෙන්න අපි දැන් අාරම්භ කරන්නේ බොහොම විනෝදමත් තරඟයක්,
ඔව් කුක්කු බීමේ තරගය.....
හහ් හා........
නෑ...... නෑ ..
මේ තරගය තියෙන්නේ කෝඩුකාර නංගීලාටයි, විසේකාර මල්ලීලාටයි...
තරගයට සෑහෙන ඉල්ලුමක් තියෙන හින්දා සංවිධායක මණ්ඩලය තීරණය කරා මුලින්ම නම දුන් ජෝඩු දහය ..
මේ තරගයට ගන්න......."

"ඒ වගේම මේ වන කොට අපේ සැඟවුණු අමුත්තා ⁣අත් කොට කමිසයක් අැදගෙන පිට්ටනියේ එහා මෙහා යනවා.......
ඕන කෙනෙක්ට පුළුවන් ඔහුව හඳුනා ගැනීමේ තරගයට ඇතුල් වෙන්න.....
ඒ සදහා අපේ කාර්යාලයට රුපියල් පනහක් ගෙවලා කුපන් එකක් ගන්න,"

ජයම්පති මහත්තයා පිට්ටනියේ එහා මෙහා ගියේ අවුරුදු තරග දකිමින්.....
එක තැනක පස්සේ හයි කල බැලුම් පිපිරවිමේ තරගයක් දිහා අත්පොලසන් දෙමින් හුරේ දාන පොදියක්.......

තමන්ගේ පිටට තට්ටුවක් දානවා දැනිච්ච ජයම්පති මහත්තයා හැරුණා.....
"මහත්තයා නේද සැඟවුණු අමුත්තා"
ජයම්පති මහත්තයාට විදුලි සැරයක් වැදුණේ ඒ ගව නෙත් දෙක දැකලා......
ඒ.......හ්....
********************************
ඒ ජයම්පති උසස් පෙල පංතියේ ඉගැනුම ලබන වකවානුවයි.
අවුරුදු නිවාඩුවට පැමිණි මිතුරු කැල ඉක්මනින් යාමත් සමඟම ජයම්පතිට දැණුනේ පාළුවකි.
නිවසේ ගුණපාල පමණි.
පියාණන් ව්‍යාපාරික කටයුතු සදහා බැහැර ගොස්ය.
මිදුලේ රවුමක් ගැසු ජයම්පති හෙමිහිට ⁣සිය රබර් වත්ත දෙසට ගියේ අරමුණක් රහිතවය.
රබර් වත්තේ කැපුම්කාරයන් සහ කැපුම්කාරියන් යුහුසුළුව කිරි එකතු කරමින් , නව කැපුම් යොදමින් සිටියි.
අංක 07 කට්ටියට ඔබින් ඇත්තේ කජුලන්දයි.
එහි කජු , කීන, දං, ගොරක යහමින් තිබේ.
ගම පැත්තෙන් එන කොළු කුරුට්ටන්ට මුරකරුගෙන් ලෙහෙසියෙන් බේරි ඇතුලට පැමිණිය නොහැක.
පෙතං කජු ගසේ අතු සරබර ගාන්නේ ඇයි?
උඩ බලමින් පැමිණි ජයම්පති දුටුවේ
කජු ගස උඩ සිටින යුවතියකි.
නිල් පෑ ගවොමක් ඇද සිටි ඈ සිය කාර්යටම සිත යොමා සිටි බැවින් ජයම්පතිගේ ආගමනය නොදුටුවාය.
ගස මුලට පැමිණි ජයම්පති ඉහල බැලුවේය.
ජයම්පතිගේ ඇඟපුරා කිතියක් දිවෙන්නට විය.

"එයි.........
කවුද මේ හොරා....
අපේ කජු කඩන්නේ.......
බහිනවා ......"

ජයම්පති එළියට නොදැමු සිනාහවකින් මුරගෑය.

යුවතිය වහ වහා බිමට බසින්නී.
කලබලය නිසාම බිමට ආසන්න අත්තකදී පය පැකිලි ඇද වැටිණි.....
කජුකොල ඇතිරිල්ල මත වැටි ඇයගේ අකීකරු ගවොම රතට හුරැ සුදු පෑ දඟයුග නිරාවරණය කරමින් ඉහලය.
අනපේක්ෂිත ආගන්තුකයාගේ පැමිණිමත් සිදුවු අකරතැබ්බය නිසාත් යුවතීය ශෛලමය ප්‍රතිමාවක්ව ගොසිනි.
යුවතිය අසල දණ ගසා ගත් ජයම්පති ,

"එයි....එයි..... මොකද වුණේ, විමසුවේ නැඟි සිනහව එලියට අදිමිනි.

යුවතීය සිය ගව නෙත් විවර කරේ අතිශය භීතියෙනි.......
"අනේ මහත්තයා මට යන්න දෙන්න,
දවල්ට උයන්න කජු නාඹර ටිකක් කඩා ගන්න ආවේ....."

ඇයගේ දැස කොනකින් කඳුළු බිංදුවක් පනින්නට ආසන්නය.
"හරි , හරි.......දැන් ඉතිං නැගිටිනවා..."
සරාස් ගා නැගිට්ට යුවතිය ගවොමේ පසෙක එල්ලාගෙන සිටි කුඩා මල්ලක් ජයම්පතිට පෑවාය.
"තියාගන්නවා .......ඕක.....
මොකක්ද තමුන්ගේ නම......

"මියුරියල්......
අය්යට මතක නැතුව ඇති අය්යා ශිෂ්‍යත්වේ පාස් වෙලා යන උත්සවේ මල්මාලේ දැම්මේ මංනේ......."

ජයම්පතිට ඒ හුරුබුහුටි දැරිය සැනකින් සිහියට ආවේය.

"අපේ ගෙවල් මේ ලග.....
අද අපේ ගෙදට්ට නෑයෝ එනවා..
එකයි කජු නාඹර ටිකක් කඩාගෙන යන්න ආවේ...."

"හොඳයිනේ ඔහොමත් කෙල්ලො ගස් යනවාද?
මං උඩ බලපු වේලාවේ මගෙත් ඇස් නිලංකාර වුණානේ......."

මියුරියල්ගේ කොපුල විලියෙන් රත් පෑ විනි.
***************
"ආ..........
මේ දුවගේ අම්මා මියුරිල්ද?"

"ඔව් අංකල් අම්මාව අදුරනවාද?....
අම්මා නම් ආවේ නෑ........
අම්මා අදත් ඩියුටිනේ....
අවුරුදු නිසා ස්පෙෂල් ඩියුටි......
හදිසි අනතුරු වැඩියිනේ.......
මායි මල්ලී , තාත්තයි උත්සවේට ආවා.
ඉතිං අංකල් ⁣,
අංකල් නේද සැඟවුණු අමුත්තා"

ඇගේ කට කතුරකි.
කජුගහ මුලදී ජයම්පති නැගු සිනහවම යලි ජයම්පතිගේ මුවට පැමිණියේ නිතැතිනි.








Monday, April 8, 2019

එඬරු නැට්ට

සුමනාවතී දිස් දිස් ගා සිය පපුවට ගසා ගත්තේ හොටු මුසු කදුළු වගුරවමිනි.
වනා ගත් කොණ්ඩය නිසා ඈ පෙනුනේ උන්මාදයෙන් පෙලෙන්නියක් ලෙසිනි.

තෝ.......
තෝ අපිව කෑවා..
පරට්ට බැල්ලී,
අපි කොහොමද යකෝ දැන් පාරක බැහැලා යන්නේ....

පෙරේරා කවිච්චිය මත වාඩිවි සිය උපැස් යුවල පිරිසිදු කරන්නේ පසෙක වැටි හඬමින් සිටින රැවනී දෙස රවමිනි.

රැවනී , පෙරේරා සහ සුමනාවතීගේ එකම දියණියයි.
එකම දියණිය වුවෙන් නොමද ඉසුරෙන් යුතුව හැදුණු ඈ තවමත් දාහත් ඇවිරිදි වියේ පසු වෙන්නීය.
සුමනාවතී සමුපකාර මැනේජර්වරියකි.
පෙරේරා තැපැල්කාර්යාලයක ස්ථානාධිපතිවරයෙකි.
රුවනී කුඩා කල සිටම අධ්‍යාපනය සදහා යොමු කරන ලද්දේ ඇයගේ මැණියන් විසිනි.
ගමේ පාසලට නොයවා නගරයේ වු ප්‍රසිද්ධ ජනප්‍රිය පාසලට ඇය ඇතුලත් කරේ සුමනාවතීගේ "ඇගේ" හය්යෙනි.
ඒ සදහා ඈ කල කැපකිරීම් සහ වෙහෙස පෙරේරාවත් නොදනී.
ඔහු දන්නේ සුමනාවතී ඔවුන්ගේ සමුහ ගිණුමෙන් රුපියල් ලක්ෂයක් ගත් බව පමණි.
පාසලට ඇතුල් කිරීමෙන් පසුවද එකේ පංතියේ සිටම අකුරු පංතියකටත් පසුව ශිෂ්‍යත්ව පංතියකටත් ඇතුල් කල රුවනී නිවසට ආවේ හැන්දැජාමයේය.
ගෙදර ආ රුවනීට ඉස්පාසුවක් ලැබුණා නම් ඒ නා ගැනීමට පමණි.
නාන කාමරයෙන් එළියට එන රුවනී සුමනාවතී විසින් කෑම කාමරයට කැදවා ගෙන ගොස්,
ඇගේ යෙහෙළියන් විසින් නිර්දේශ කරන ලද නා නා ප්‍රශ්න පත්‍ර කට්ටල සදහා පිළිතුරු ලිවිමට යොමු කරවයි.
දැරිය ශිෂ්‍යත්ව විභාගය සමත් වුවාය.
එහෙත් ඒ යන්තමිනි.
දෙමාපියන් රජයේ රැකියාධාරින් නිසා රුවනීට ශිෂ්‍යාධාර නැත. ඇයගේ ලකුණු ප්‍රමාණවත් වුයේ එතෙක් ඈ ඉගෙන ගත් පාසලට ප්‍රවේශ විම සදහා පමණි.

පුරුදු පරිදිම රුවනී පාසල් ගමන සිදු කරන ලද්දේ පාසල් වෑන් රථයෙනි.
ඇයගේ ලෝකය , ඇගේ පාසල, පාසල් වෑන් රථය සහ නිවසය.
පාසල බාලිකාවකි.
රුවනී පාසලේ වාර විභාගයන් සඳහා සෑම විෂයක් සදහාම ලකුණු හැට හැත්තෑවක් ලබා ගත්තද ඒ සුමනාවතීට ප්‍රමාණවත් ⁣වුයේ නැත.
A නවයක් දා ගැනීමට නම් අසුවක් අනුවක් වාර විභාග සදහා ලකුණු ලබා ගත යුතු බව ඇයගේ අදහස විය .
ඒ අනුව ගමේ පාසලේ විද්‍යාව සහ ගණිතය ඉගැන්වීම් කල රත්නදාස මහතාට පෞද්ගලික ඉගෙන්විම සදහා කතා කර ගත්තේ බලවත් පෙරැත්තයකිනි.
රත්නදාස මහතා හවසට ගමේ පාසලේ ලමයින් කිහිප දෙනාවම සිය නිවසට කැදවාගෙන ඒ අයගේ පාඩම් වැඩ වලට උපකාරී වුවේය.
රුවනී ද ඒ කාණ්ඩයට එක් කර ගැනීමට රත්නදාස මහතා යෝජනා කලේය.
ඒ කාලයේ රුවනී ඉතා සතුටෙන් කාලය ගත කල අතර රාත්‍රීයට සුමනාවතීට ඇයගේ ගිරා කතා වලට සවන්දීමට සිදුවිය.
දිනක් තෑපැල්හලට පැමිණි රත්නදාස මහතාගේ අසල්වැසි නිවසේ කාන්තාවක් සුමනාවතීට හයිඩ්‍රජන් බෝම්බයක් දී ගියාය.
ඒ පිපිරුනේ එදින සවසය.
එහෙත් එහි වැඩි හඩක් නොවිය.

"රුවනී කවුද බණ්ඩාර කියන්නේ,"

"බණ්ඩාර කියන්නේ අපේ හවස පංතියට එන ලමෙක්......
හරි හොදයි.....
රත්නදාස සර්ගේ හොදම ගෝලයා..."

"හා එහෙමද, උෟත් එක්ක තියෙන ඇයි හොදය්ය මොකක්ද ?"

"හෑ..... මං......
⁣එහෙම මොකුත් නෑ.......
අපි එකට හවස පංතියේ වැඩ කරනවා.
අනෙක සර් පංතිය ඉවර වෙනකම් ඉන්නවානේ,
පංතිය ඇරුණාම මාව එක්කගෙන එන්නේ තාත්තානේ....."

හරි අපිට ඔය පංතිය හරි යන්නේ නැහැ.
මං වෙන සර් කෙනෙක් හොයා ගන්නම්.

ඉනික්බිතිව සුමනාවතීගේ යෙහෙළියක් විසින් හදුන්වාදෙන ලද සර්,
රුවනීට පාඩම් කියා දීම සදහා සතියට දින තුනක් හවසට පැමිණිම සිදුවිය.
මුල් කාලයේ පංතිය පැවැත්වෙන අතරතුර පෙරේරා හෝ සුමනාවතී අයිනක හාන්සි පුටුවක වාඩි වි පරණ ඉරිදා පත්තරය යලි කියවිම සිරිතක් වුවද කාල⁣යාගේ ඇවැමෙන් එය අපෝ විය.

එදා සුමනාවතී එන විට සර් බයිකලය පණ ගන්වාගෙන, බයිසිකලයට සැර දමමින් සිටියේය.
සුමනාවතී දකින හුචස් ගා නැවතුණ බයිසිකලය යලි කඩිනමින් පණ ගස්වා යන්නට පිටත් විය..
සුමනාවතීගේ ස්ත්‍රී ඉවට මෙය ඒ හැට ඇල්ලුවේ නැත.
රුවනී පාඩම් කාමරයේ නැත.
කෝ රුවනී .........
රුවනී ඇදුම හරි බරි ගසමින් ඇයගේ කාමරයෙන් එළියට ආවාය.

"රුවනී.........ඉඉඉඉ"

සුමනාවතීගේ දෙකකුල් පණ නැතිව ගියේය.
වහ වහා රුවනීගේ කාමරයට යාමට පණ නැති වුවද ඒ කකුල් උපකාරී විය.
ඇද අසල රුවනීගේ බෝනික්කා උඩුබැලි අතට වැටි සිටියි.
සුමනාවතීගේ විපරම්කාරි ඇස් කාමරය සිසාරා විහිද ගොස් ඇද ඇතිරිල්ල මත වු එක් කුඩා පැල්ලමක අස නතර වුයේ සිහින් ඉකියක්ද සමඟය.........

ඉනික්බිතිව රුවනීගේ දිගු කේශකලාපය සුමනාවතීගේ අත් අඩංගුවට පත්විය.

" කියාපිය පරට්ට බැල්ලී........
මොකක්ද වුණේ......"

ඒ අනුව පොඩි පොඩි සිදුවිම් වලින් ඇරඹි අද දින ඇද මත හුන් බෝනික්කා බිමට වැටිම දක්වා වු සියල්ල රුවනිගේ කදුළ සහ ඉකිය මුසු වු වදන් වලට පෙරලිනි.
................................................
" සුමනා දැන් මේකට කෑ ගහලා, අඩලා මේ දරුවට ගහලා වැඩක් නැහැ.
අපි පොලීසියට පැමිණිල්ලක් දාමු.
දාලා මේ කෙල්ලව ඒ හාදයටම බන්දලා දෙමු.."

සුමනාවතී සහ පෙරේරා පොලිස් පැමිණිලි අංශයට ගියේ ඒ අනුවය.

"ගැණු ළමයාගේ වයස"

තඩි බැරලයකට යුනිෆෝමයක් ඇන්දුවා වැනි පොලිස් කාන්තාව බෙලෙක් හඩකින් ඇහුවේ ඔලොක්කු හිනාවක් එක්ක..

"දා හතයි"

"එහ්..........
එහෙමද එහෙනම් ඉතිං වැඩක් නෑ....
මේකට අපිට මොනවත් කරන්න විදිහක් නෑ......"

"හෑ...දහඅ⁣ට වෙනකම් බාලවයස්කාරයෝ නෙමෙයිද?"

"ඔව් බාල වයස් තමා,
විවාහ වෙන්න බෑ.......
නමුත් ඉතිං.........
දන්නවානේ....
මෙතන බලාත්කාරකමක් වෙලා නෑ..
ඉතිං හොදම දේ වයස සම්පූර්ණ වුනාම බන්දලා දෙන්න."

සුමනාවතීට පොලිස් කාන්තාවගේ යුනිෆෝමයේ තිබු තරු පොලිසියේ වහලේ පෙනෙන්නට විය.
වහාම සර්ව සම්බන්ධ කර දුන් හිතවතියට කතා කොට සර්ගේ වාසබවන තියෙන තැන අසා දැන ගත් පෙරේරා මහතා ,
කුළී රථයකින් අදාල නිවස සොයා ගියේය.
නිවස පිහිටා තිබුණේ නව නිවාස ඉදිකල කට්ටි ඉඩම් ව්‍යාපෘතියකය.
හෝඩුවා අනුව කාමර දෙකක් ඉදිකර තිබු නිවසක් සහිත ඉඩමකට කුළි රථ රියදුරු වාහනය හැරවිය.
බට් අඹ ගහක යට ජංගීයක් පමණක් ඇද සිටි කෙසඟ දැරියක් වාහනය දැක හනික සාදා තිබු කාමරයට පලා ගියේය.
ඒ සැණින් දැරියගේ මුහුණුවර ඇති දැරිය මෙන්ම කෙට්ටු ගැහැණියක් කාමරයෙන් මතු වුවාය.
ඇය තව දරුවෙකු බලාපොරොත්තුවන බව ඇයගේ ඇදුම් විලාසිතාව මෙන්ම නෙරාගිය උදරයද කියා පැවේය.
ආයාසයෙන් සිනහවක් දල්වා ගත් ඈ....
"ඇයි මහත්මයා .........යි විමසුවාය.
"ආ ...........අප ......සර්ව මුණ ගැහෙන්න.."
"එයා දැන් පංතියක ." ඇය කිවේ නගරයේ ප්‍රකට ආයතනයක නමකි.
පෙරේරා මහතාගේ උගුරේ විශාල ගුලියක් සිරුවෙන්නට විය.
ගැහැණියගේ ඇදුමෙන් වසං වෙමින් ගෙතුලට රිංගාගත් දැරිවිය එඹි බැලුවේ කෝලං සිනා පාමිනි.
"හරි දුවේ අපි යනවා....."
වහා කුළිරථයට රිංගා ගත් පෙරේරා මහතා අතින් යන ලෙස රියැදුරුට සන් කළේය.

............................
"සුමනා මේ කෙල්ලට බැණලා වැඩක් නෑ.
මේවාට අපිත් වැරදිකාරයෝ.
නිකම් හිතලා බලන්න මුල ඉදන්ම ,
අපි කරලා තියෙන්නේ හරි දේ ද කියලා.."
දැන් අපිට කරන්න තියෙන්නේ මේ ලමයාව නිදහස් කරන එක..

පෙරේරා මහතා දන්නා හදුනන වෛද්‍යවරුන් කිහිප දෙනෙක්ගෙන්ම තොරතුරු විමසා සිටියත් ඒ ලද තොරතුරු සතුටුදායක නැත.
ඇග ඇයගේ වුවත් ඇයට එය අනවශ්‍ය වුවත් කල හැකි නීත්‍යානුකූල කිසිවක් නැත.
ඔය අතර කැළෑගම ජුවානිස් වෙදරාල ගැන තොරතුරු දැනගන්නට හැකි වුයේ අහම්බෙනි.
තැපැල් හල ඉදිරිපිට ත්‍රීරෝද රථගාලේ චම්පිකගේ ත්‍රීරෝද රථය නිතර තරුණ ජෝඩු සොයයි.
මේ ඉව අනුව චම්පිකගෙන් ඇසු විට ජූවානිස් වෙදා ගැන දැනගැනීමට හැකිවිය.
ජුවානිස් නැතහොත් එරඬු නැට්ටේ වෙද මහත්මයා පෙරේරා මහත්මයලාගේ ඉටු දෙවියා වුය් ඒ අයුරිනි.
........................
ජුවානිස්ගේ ගෙදරට තරමක් දුරින් වෙදහල පිහිටා තිබිණි .
ගෙදරට හැරෙන ගේට්ටුව අසල විශාල පුවරුවක ජුවානිස් වෙදමහතාගේ වෙදකම් පිළිබද විස්තර කර තිබුණි.
එහි කාන්තාවන්ගේ කල් ගතවු ඔසප් විම් එවේලේම ඇති කර දෙන බව විශේෂ කොට සටහන් කර තිබුණි.

වෙද මහතා මැදියම් වයසේය.
විශාල උඩු රැවුලත්, බෝතල් මුඩි උපැස් යුවලත් නිසා වයසට තව අවුරුදු කිහිපයක් එක් කර තිබුණි.
පලල් උරිස්සේ පළල අත් සහිත බැනියම නිසා තවත් පලල් ව තිබිණි.
දෙපතුල් පල්ලේ වු පඩික්කමට තවත් විශාල බුලත් කෙල තලියක් හෙළු හේ..
"කෝ වම් අත දෙමු බලන්න"
රුවනීගේ වමත ගත් හේ දෑස පියා ගත්තේය.

"මාස තුනයි...........
ඉස්කෝලේ යනවා මගේ හිතේ..."

"ඔව් වෙද මහත්තයා, මේ පාර ඕ ලෙවල්"

"හොදා ... හොද.....
ලක්ෂයක් දෙන්න මහත්තයා ......
අද හලනවා නම් හෙමයි, නැත්ත මාස හතර පහු උනොත් ගාන වැඩියි."

චම්පික සියලු තොරතුරු ලබා දී තිබුණි.
අවශ්‍ය මුදල් පෙරේරා මහතා සුරැකිව ගෙනවිත් තිබිණි.

වෙදහලට ඔබින් වු ලැගුම්හලකට පෙරේරා යුවල පිටත් කෙරිනි.
එහි තවත් මැදිවියේයුවලක් සිය වාරය අපේක්ෂිතවබලා සිටියහ.

විනාඩි හතලිස් පහකට පමණ පසු රුවනිගේ කාර්යය අවසන් විය.
මේ සදහා එඬරු නැට්ටට අමතරව තවත් නැට්ටක් ගැසු බව ඇය හැරුණු විට දන්නේ නැට්ට ගැසු තැනැත්තාම පමණි.

නගරයේ පාසලින් ඉවත් කල රුවනි ගමේ පාසලට ඉන් පසුව ඇතුලත් කරන ලදි.
............................................

හමාර කීම...........

මේ වන විට රුවනී පෙරේරා නිතිඥවරියකි. කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පිහිටුවා ඇති ප්‍රබල සංවිධානයක සම කැඳවුම්කරුය.
ගබ්සාව නිතීගත කිරිම සදහා විශාල හඬක් නංවයි.
දරු දෙපලකගේ මවකි.. ඇයගේ සැමියා බණ්ඩාරය. ඔහුද නිතිවේදියෙකි.








Saturday, April 6, 2019

මහසෝනා


ඉස්සරහ දිවුල් ගහ පැත්තෙන් ඇහෙන බකමුහුණු විලාපය,
සිය ඇඹේණීය සදහා වන ආලිංගන ඇරැයුමක් වුණත් කිරි බණ්ඩේගේ පපුවයි කනයි දෙකම හාරාගෙන ගියා.
කිරිබණ්ඩා පුංචි කාලේ අහපු හොල්මන් කතා ඇස් ඉදිරියේ මැවි මැවි මැකෙන්න ගත්තේ ,
ඇගේ මයිල් කෙලින් කරමින්,
හීතල නැතුවම කිරි බණ්ඩේගේ හීබොඩු මතු වුණා.....
උක්කු මැණිකේ ලිප ලග ඇණබාගෙන ලිපගිනි සරු කෙරුවේ කුරහන් පිට්ටුව ඉක්මනින් හදා ගන්න,
තව කලුවර වැටුණොත් කිරිබණ්ඩේ අවලාද කතා වලින් ගේ පිරෙන්න ගන්නා බව උක්කු මැණිකේට ආයේ කවුරුවත් කියා දෙන්න ඕන එකක්යැ.
අල්ලාපු ලිපේ ලුල් මාළුව බොක බොක ගාමින් පැහුණේ ගින්දර පාට හොද්ද උකු ගස්සවමින්.
එකෙන් ආපු කුයිලට පිස්සු වැටුණු බළල් නාම්බා ලිප වටේ ඩෙගා නැටුවා.

ඈතින් පෙනුන උණ්ඩියාගේ පැලට ඉහලින් හඳ පායාන එමින් තිබ්බා.
පිලේ වාඩිගෙන උණ්නු කිරි බණ්ඩේ බුලත් වට්ටිය ඇන්න තලාකොළ අහුරකුත් එක්ක හුණු කලවං කරන් ජෑකරල් පොත්තක් කටට බස් ගාලා විසි කරා.
සරං ගැටේ සුරුකිව තිබ්බ දුංකොලෙන් තරමක කැල්ලක් කටේ දමා ගත්තේ තරමක් වෙලා විට පදං වෙන්න ඇරලා.

උදේ පොල් අතු රටා ඇදෙන්න අතු ගාපු මිදුලේ තැන තැන අඹ කොළ වගේම අරලිය මලුත් විසිරිලා.
ලොවි ගහ පල්ලේ උඩහ ගෙදර උංගියායි උගේ නඟායි හදපු කෝම්පිට්ටුත් එක්ක පොල්කටු කිහිපයක්ම උඩ බලාන උන්නා.
උක්කු මැණිකේ එක්ක පැල් ගැහිලා මේ නැගෙන පෝයට පෝයවල් නවයක්ම වෙනවා.
ඊයෙත් කිරි බණ්ඩේගේ කනවැන්දුම් අක්කණ්ඩියි, අම්මයි ඇවිත් ගිහින් තිබ්බේ නිකම්ම නෙමෙයි කියලා,
උක්කු මැණිකේ ඇතුල් ගෙයි ගල්ලෑ පැදුරේ දපාන ඉන්දැද්දි කිරිබණ්ඩේට නොහිතුනා නෙමෙයි.
තේ කහට ඩිංගිත්තක් ඉල්ලද්දී,
කුස්සි කෑල්ලට යද්දී කකුළේ දැවිටි ආලවන්තකම් පාන්න ගිය බළල් නාම්බා ඕවා දන්න එකක්යැ.
උෟ උඩින් ගිහින් දිස්ගාලා වැටුණේ බාලා තිබ්බ දුං මැස්ස උඩට,
තව ඩිගෙන් එකා වේලි තිබ්බ අංගුණ්ටන්ට වැඩෙි දෙනවා.
කිරිබණ්ඩේටි එකාව කන් කෙටියෙන් උස්සලා අයිනකට දැම්මේ.

"මේ ඇහුණාද?...
ඕන්න පිට්ටුව බෑවා.....
පැලට යන්ඩ සුනගුං වෙයි.

කලගෙඩියෙන් වතුර පොල්කට්ටක් නවාන ජුකු බුකු ගාලා බුලත විඩේ හෝදාලා,
වතුර ඉතිරියෙන් අතත් තෙමාගත්තු කිරිබණ්ඩේ කුස්සි කෑල්ලට රිංගුවා.
මඩක්කුව පිරෙන්න බෙදපු කුරහන් පිට්ටුව වැහෙන්න හොදි වක්කරපු උක්කු මැණිකේ එක දෝතින්ම පෑවා.
කිරි බණ්ඩේ වංගෙඩිය උඩ,
උක්කුමැණිකේ හිරමනේ උඩ.

"ඕන්න අදත් ආරච්චියා හෑන්දැකරේ මෙහේ ආවා........"
උන්දැට උඹැහැ ලව්වා මොකක්දෝ කාරිනාවක් කර ගන්න තියෙනවාළු.."

ගමේ ආරච්චියා ගැන ඇත්තේ හොද ආරංචි නොවේ.
කරන තරමක් පසික්කාඩු වැඩ කරන්නේ උන්දැය.
නානා සමඟ එකතු වි නුග ලන්ද කෑලේ කංසා හේන් වවනා බව නොදන්නේ ආණ්ඩුවේ මහතැන් පමණී.
ඇහට කනට පෙන ඉස්තිරියාවන් ඉතරක්යැ ඔය පීදෙන නැඹුල් කෙහෙල් ගස් වාගේ ලැමිස්සියෝ ද බලය නිලය ⁣පා තම වසඟයට ගන්න උන්දැ දතකන වග කිරි බණ්ඩේගේ ද දනී.

වංගෙඩි පල්ලේ වාඩිගෙන පිට්ටු කන උක්කු මැණිකේ වතුර නමා ගැනිමට පාත්වෙද්දී කිරිබණ්ඩේ ඇඟ සීස් ගා ගියා.
කිරි බණ්ඩේ හනි හනික කුරහන් පිට්ටු ගුලි ගිල දැම්මේ වෙන කල්පනාවකින්.

කිරි බණ්ඩේ පැටියා කාලේම අපුච්චා එක්ක හේනට කුඹුරට ගියේ.
ආය ඉතිං ඇස්වාක් නෑ ඕන වගාවක් පිලවෙලට කරන ගොය්යෝ කීප දෙ⁣නාගෙන් කෙනෙක්..

"මැණිකේ......
ඔය ලොකු පැදුරම එලුවන.......
මං ඩිංගක් සුනංගු වෙලා අද පැලට යනවා....."

හේනක් කොටන කොට ඔය මහ බැද්ද කපාලා හිටං ,
ලොකු ගස් කදු බානවා...
එක බොහෝම සීරුවට කරන්නේ..
බීජ වපුරන්න කලිං භුමිය පාදා ගන්න ඕන.
වරිච්චි බිත්ති වලින් වට වුණු ඇතුල් ගෙයි තිබ්බ කුප්පි ලාම්පුව නිමුවට ජනේල් පියං නැති ජනේලියෙන් ඇති පද හඳ එලිය රින්ගපු හින්දා ,
වරිච්චි බිත්තියේ දුව පැනපු හුණන්ව උනත් අදුරගත්තැකි.
ගල්ලෑ පැදුර උඩ පුළුන් කොට්ටා දෙකෙන් එකක ඉතරයි හිසක් තිබ්බේ.
කිරිබණ්ඩේට පුළුං කොට්ටා වලටත් වඩා මෙලෙක් කොට්ටා දෙකක් ලැබී තිබ්බා.
කොහොමටත් හේනක් කොටා බීජ වපුරද්දී ගොය්යාට හොද හැටි වෙහෙසයි.

කිරි බණ්ඩේ කලගෙඩිය ඇල කරාන වතුර ⁣පොල් කටු දෙකක්ම හිස් කරා.

බුලත් මල්ලයි, කොළ කැත්තයි ඇන්න කිරි බණ්ඩේ පැලට යන්න පිටත් වුණේ පොල් අතු පැලැල්ල ඉස්සරහ දොරට හේත්තු කරමින්.
එකේ පොල්ල දාන්න උක්කු මැණිකේ දැම්ම එන එකක් නෑ..
ඉදි කඩුල්ලේ පොලු තුනම දාපු කිරි බණ්ඩේ කෑලි හයේ බෑස්ටිය දෙවට එලිය වෙන්න ඇල්ලුවා.
හද්දෙය්යනේ මහනුගේ ලග අමුත්ත කිරි බණ්ඩේට දැණුනා.
එතන දෙවට කළුවට හිට උන්නු මහසෝනා දැක්කාම කිරිබණ්ඩේට බයකට වඩා ආවේ තරහක්,
මහසෝනා පාර උඩ තමන්ගේ රහසඟ වැටෙන විදිහට උන්නේ .
කකුල්වල කළුම කළු මයිල්.
අතේ තද වෙච්ච කොළ කැත්ත අමෝරාගෙන කිරි බණ්ඩේ ඉස්සරටම ගියා.

"ආරච්චි මහත්තයාගේ යටිබඩමළු කපා තියෙන්නේ."
"ඔය කෑලෑ අස්සේ මොකට හක්කල කොරන්න ගියාද?"
"ඉන්තේරුවෙන්ම අර යකා මහත්තයලා කංසා හේන් හබයට කොටා දාන්න ඇති."
"ඕකාට නං දෙය්යෝ අඩුව දීලා තියෙන්නේ"

කයිප්පු මුදලාලිගේ ⁣කඩේ කහට එකක් බොමින් හිටි කිරි බණ්ඩේ,
සිය කහට එකේ අවසන් උගුරත් හලා ගත්තේ
"මුදලාලි මට ලෑතර දෙකකුත් දෙනවාකෝ" යි කියමින්...
උක්කු මැණිකේ ලෑතර වලට කෑදරයිනේ.





Sunday, March 24, 2019

මාළු බාමුද?



හෝ ගාලා වැස්ස.
පිදුරු පලෙන් බේරෙන වතුර කහ පාටයි.
මලයාටයි මායි නිවස අඩස්සියේ .
දෙය්යනේ දෙසැම්බර් නිවාඩුවට වෙච්ච දෙයක්.

කිරි පිටි ටික ටික කිරි පිටි ටික
ටාක් ⁣ටාක් ක්වාක්
හුටාක් හුටාක් හුටාක්

ගෙබ්බෝ එක සිරුවට සිංදු කියන්නේ දඹ ගහ ගාව බාගෙට ගොඩ වේච්ච සීයාගේ ලිදේ ඉදන්.
අපි දෙන්නත් ගෙම්බන්ට එකතු වුණා.

"යකෝ කට පියාගෙන ඉදපියව්කෝ
කනක් ඇහිලා ඉන්න නෑනේ"
මාමාගේ ගෝරනාඩුවට අපි දෙන්නාගේ ගෙබි ගී නම් නැවතුණාට ගෙම්බන්ට නම් වගේ වගක් නෑ.
උන් තවත් අළුත් ශද්ද හදා හදා උන්ගේ බජව්ව දිගටම කරගෙන ගියා..

පහුවදා නම් රිටිගලට උඩින් ඉර අමාරුවෙන් එඹිලා හිටියා.
අම්මා හදපු කුරහන් රොටිය කුරපලා හැදිගාපුවත් ඉක්මණට ගිලදැම්මේ අපි එනක සනතා බලාන ඉන්න බව දන්න හින්දා.

මල්ලීයි මායි ඉදිකඩුල්ලේ උඩ ඉදන් හූ කිව්වා.....
ඒ හූව තමා කැදවුම් සංඥාව .
සරම කැහිපොට කවමින් ෂර්ලියාගේ කාර් එක ආච්චිලාගේ කොහු අඹ ගාව දී අමාරුවෙන් බ්‍රේක් ගැහැව්වා..
"ඒ අන්න ඉහලාඹතලේ වාන් දානවළු..
යමු මාළු බාන්න"
"ආයිෂ් අප්පා අන්න මරු එත්
කෝ බං බිලි පිති"
"හෑ......එක තමා යමව්කෝ සනතා ගාවට"
අපි තුන් දෙනාම කාර් ඉස්ටාට් කරගත්තා.
මල්ලීගේ කාර් එක අළුත් එකක්.
එක තමා පෙරමුණ ගත්තේ.
අපි යද්දී සනතා තාත්තාගේ මේල් නයින්ටියේ නැගගෙන එකතැන පදිනවා.
තාත්තා ලගක නැතුව ඇති නැත්ත ඉතිං සනාතට බයිසිකලේ පැත්තට එන්න දෙන එකක්යැ.
සනතාගේ අක්කා රංජා, කිරි අම්මාත්දෙක්ක (කිරිඅම්මා කිව්වාට ඈ වයස අවුරුදු දොලහක ගැටිස්සියක්,ගැටිස්සියක් කිවාට කිරිඅම්මා නම් ලෑලි කෙල්ලකි) ලිදට යන්න සුදානම.
දත් මදින්න කාපු අඟුරු හින්දා දෙන්නගෙම කට වටේ තවත් තඩි කළු කටක්,
"කොහේ යන්නද උදෙන්ම "
මේ අක්කලාන එපා කරපු ජාතියකි. හොඳ වේලාවට අපි තුන්දෙනා නම් වාසනාවන්තයෝ.
එහෙම වාසනාවක් සනතාට නැත.

"උඔට මොකටද අපි යන දිහා..
යන තැනක පලයන්කෝ"
සනතා⁣ට එයද මදිය. සරමද උස්සා පුක ඇඳ පැවේය....

"චීය්යා කඩප්පුලියා....
වරෙන් රංජෝ යන්න"

කිරි අම්මා රංජාගේ අතින් ඇඳගෙන ගමන ඉක්මන් කලේ තව ටිකක් හිටියොත් තවත් කළු පුක් කිහිපයක්ම දැක ගැනීමට වෙන බව අත්දැකිමෙන්ම දන්නා නිසාය.

සනතෝ,
ඉහලාඹතලේ වාන් දාලා යන්ද මාළු බාන්න...
අපේ කණ්ඩායමේ සනතා බාලයා වුවද ගමේ ගොඩේ වැඩ අපිට වඩා හොදින් ඔහුට හැකිය.
මා සහ මල්ලී ගමට එන්නේ නිවාඩුවටය.
ඒ ආ විට අපේ නියමුවා සනතාය.
ෂර්ලියා අපේ අනිත් සඟයාය.
පොඩ්ඩ ඇත්ත බේරිවෙනවා සේ හොස්ස අඟින් මැස්සෙක් ගිය විටද මරා ගන්න හදයි

හරි, එහෙනම් මං අපේ වත්ත පහලින් පණුවෝ ටිකක් කොටාන එන්න......
උඹලා ගිහි වී රාත්තල් දෙක තුනක් අරගෙන වරෙව්"

ආනන්ද මාමාගේ කඩේදී වී නයිලෝන් නුල් පන්දුවකටත්, තෙප්පිලි කට්ටකටත් ,හකුරු බැයකට සහ පොල්කටු විස්කෝතු කිහිපයකටත් මාරු විය.
ඉහලාඹතලේ වැවේ වාන ගල් තලාවකි.
එය හරහා වැව් බන්ට් වෙන්වි ගොස්ය.
ගල් තලාව හරහා යන වතුර ගල් තලාව ආසන්නයේ ඇති වලට පිරි එයින් ඔබ්බේ ඇති ගල් තලාව හරහා ගොස් අැලට වැටේ . ඇලේ යන වතුර කොහේ යන්නේදැයි ඒ දවස් වල අපිට තිබු ලොකුම ලොකු ප්‍රශ්නයකි.
ගල් තලාව හරහා යන වතුර පාරේ තිත්තින් පොදි පොදි පිනා යයි.
මේ තිත්තින් ඩබොල් අමරයා, ලේනා බණ්ඩය්යා එකතු කරගෙන මැහි ගසා වේලයි.
දිය පාරේ එන කාවය්යන්, තෙප්පිලින් වානේ පතුරු වලින් කොටන්නේ රෑටය.
එම ඉරණම අත් නොවු මාළුන් ඇල පාරට යයි .
එහෙම නැතිනම් ඇලපාරට මෙහායින් වු කහදිය වල තම තාවකාලික නිවහන කර ගනී.
කහදිය වල අසල කුරටියා සහ කයිල ගාලකි.
එය ඉහලාඹතලේ කිට්ටුව උන් මිනිසුන්ගේ පොදු වැසිකිලියද විය.
එනිසා අපි මුළින් තඩි ගු ගොඩවල් කොල වලින් වැසුවද ගඳ වසා දැමීම නම් කල නොහැකි විය.
ෂර්ලියාගේ චප්ප නහය තවත් චප්ප කර ගත්තේ මාළු අැල්ලීමේ ආසාව ගඳට වඩා වැඩි වු නිසාය.

සනතා ඉනේ ගසාන හුන් වක්පිහෙන් කුරටියා කොට්ටක් කඩා එයට නුලත් බැද මිලයට ගත් තෙප්පිලි කට්ටත් බැන්දේය.
කුඩා ලිී කැල්ලක් නුලේ මැද බැන්දේ ඉපියාටයි.
"වැඩේ හරි....."
පණු පොල්කට්ටෙන් තඩි ගැඩවිලෙක් තෝරා බිලී කොක්කේ ඇමුණු සනතා එයට කෙල තලියක් ගසා කහදියවලේ වතුරට විසිකලේ ජයග්‍රාහී හිනාවකිනි.
"අන්න.......
ෂර්ලියා වතුරේ නිසලව තිබු ඉපියා එහෙ මෙහේ යනු දුටු විට කෑ ගැසීය.
"කට වහපියකෝ"
සනතා මුර ගෑවේ වතුරේ ඉන්නා මාළුන්යට අපේ කතාව ඇසෙයැයි සිතා විය යුතුය.
සනතා බීලි කොක්ක ඇද්ද විට තඩි පෙතියෙක් බීලි කොක්කේ ඇමිණි සිටියේය.
වැඩේ මරුය. කහදිය වලේ වු කාවය්යන් දෙදෙනෙක්ද මඩකරියෙක්ද උඩටවිත් වැලක ඇමුණුන විට බිලි පිත්ත මා ගත්තේය.
පණුවා අමුණා දුන්නේය සනතාය. කෙල තලිය ෂර්ලියාගෙනි.
මා මගේ මංගල මාළුවා බා ගැනීමේ පවිත්‍ර චේතනාවෙන් බිලි කොක්ක වතුරට දැමිමි.
"අය්යේ ආන්.......
කවදත් මගේ සහායට එන මල්ලී වැඩේ සාර්ථක බව පෙන්නීය.
බිලී කොක්ක ගස්සා ඇද්දෙමි.
මගේ හිසට උඩින් ගිය බිලි කොක්ක සරම පසා ගෙන තට්ටම කා ගෙන යටට බැස්සේ රෑ තරු දවල් පෙන්නමිනි.
මගේ විලාපයට පැත්තක අහවල් වැඩය කරමින් උන් ජන්ගුවා සීයා දුවගෙන ආවේ ඇට්ටි⁣ම්බෙනි.
තට්ටමේ ඇමිණි තිබු තෙප්පිලි කට්ට ගලවා අත් බේතක්ද බැඳ උන්දැ ගියේය.
අල්ලාගෙන තිබු මාළුන් කහදිය වලට විසු කොට ආපිට ගෙදර යනවිට මා අනිත් උන්ට මේ ගැන කාටවත් නොකියනා ලෙස ඉල්ලුවද පසු සෙල්ලම් කිරිමට සනතාලාගේ ගෙදර ගියවිට කිරිඅම්මා මාළු බාන්න යමුදැයි ඇහුවෙි ඔලොක්කු හිනාවකනි.
ඒත් මට ඒ වන විට එකීට සරම උස්සා පෙන්නීමට බැරි තාත්තා පසුපසට බේත් දමා පැලැස්තරයක් ගසා තිබු බැවිනි.


Saturday, March 23, 2019

පීට්සා




"අම්මේ......ඒ"
නිසල් පංති කාමරේ ඉදන්ම කතා කරමින් ගේට්ටුව ගාවට ආවා.
නිසල්ලාගේ,
ඒ කියන්නේ චම්පිකාලාගේ ගේ තියෙන්නේ ඉස්කෝලේට යාබද වත්තේ.
ඒත් ඉතිං ඔය ඉස්කෝලේට නිසල්ව භාර ගන්න බෑ කිව්වානේ.
ඉනටව් එකෙන් පස්සේ ලිස්ට් එකේ නම තිබ්බේ නෑ.
පස්සේ ලීටස් මහත්තයා මේක පත්තරේට ලිව්වට පස්සේ තමා නිසල්ව ඉස්කෝලේට ගත්තේ.
ඒ වෙනකොට මාසයක් විතර ගිහින්.

චම්පිකාලාට පොඩි කඩයක් තියෙනවා.
ඒ කඩේ කරේ චම්පිකායි, කුමාරයි.
ඒ දෙන්නාගේ පුතු පැටියා තමා නිසල්.
චම්පිකාලාගේ කඩේ එක එක කඩ කෑම හදනවා.
ඒ කෑම ජාති කඩෙන් අරං ඔය ඉස්කෝලේ යන පැටවුන්ගේ පෙට්ටි පුරවනවා.
අම්මලාට උදේට වැඩි වැඩ අඩු කරන්න චම්පිකා වැඩ වැඩි කර ගන්නවා.
හැබැයි ඉතිං ඒ වැඩි වැඩ මුදල් වෙලා කඩේ ලාච්චුවට බහිනවා.
කොයිතරම් වැඩ වැඩි වුණත් නිසල්ව ඉස්කෝලේට එක්කගෙන යන්න අාපහු අරගෙන එන්න චම්පිකා යනවා.
අනෙක ඉතිං හැම ලමෙක්ටම එහෙම කරන නිසා පොඩ්ඩාගේ හිත රිදෙන්න පුළුවන්නේ,

"අම්මේ අද මං ගිරවෙක් වුණා....
ටිචත් හිනා වුණා ..
ඇත්තටම මං ගිරවෙක් වගෙයිලු."

හරි හරි දැන් යන්කෝ ගෙදරට......
කෝ දෙන්න ඔයාගේ බෑග් එක..

"අපෝ එපා.........
අද අපිට ටිචර් කිව්වා අම්මලාට කරදර කරන්නේ නරක ලමයිලු..
අම්මාට ඕන මාව නරක ලමෙක් කරන්නද?

"හප්පේ නෑ මැණිකේ ,
මට ඕන ඔයා රජෙක් කරන්නනේ....
ඔව් ඔයා තමා මගේ රජා"
චම්පිකා කිව්වේ හිනා කටෙන්.

අම්මේ......ඒ
අද මගේ කණ්ඩායමේ ඉන්න
රයාන්.....
අර කළුපාට තඩි කාර්එකේ එන්නේ...
අර සුදුම සුදු මහතම මහත නැන්දාගේ පුතා............
එයා අද කෑමට ගෙනත් තිබ්බේ "හීසා"
අම්මේ මටත් ඕන හීසා......"

"මොනවද පුතේ ඒ.........
එන්නකෝ යන්න මං පුතාට ත්‍රිපෝෂ හදලා තියෙන්නේ......
ඇග හෝදගෙන කමු........"

චම්පිකා , කුමාර එක්ක පැනලා ආවේ දහයේ පංතියේ දී.
කුමාර චම්පිකාගේ ඉස්කුල් වෑන් එකේ ඩැයිවර්.
මේ පැන්නිල්ල හින්දා කුමාරගේ රස්සාව නැති වුණා .
චම්පිකාගේ අම්මයි තාත්තයි දෙන්නා චම්පිකාව දරුකමෙන් අයින් කලා.
චම්පිකායි, කුමාරයි කලාපේ අවුරුදු තුන හතරක් වැඩ කලා.
ඒත් බබෙක් හම්බ වෙන්න ඉන්නකොට චම්පිකාව රස්සාවෙන් අයින් කරපු හින්දා කුමාරගේ ගෙදට්ට ආවා.
කුමාරගේ ගෙදර කුමාරගේ තාත්තා විතරයි.
කුමාරගේ තාත්තා ,
ඒ කියන්නේ නිසල්ගේ සීයා තාත්තා
පලාතේම නමගිය ගස් කැපුම් කාරයා.
එත් දැන් නම් දිරපු ගහක්වත් කපා ගන්න බෑ.
නිසල්ට ඔය රූංපෙති, ගොක්කොල නලා හදලා දෙන එක තමා දැන් නම් එයාගේ රාජකාරිය . නිසල් ඉස්කෝලේ ගියපුවාම කඩේ ඉස්සර බංකුවේ ඉදගෙන ඉස්කෝලේට අනිමිසලෝචන පුජා තියෙනවා.
ගන හිලවු බැරි හින්දා කඩේ වැඩට හවුල් වෙන්නත් බෑනේ..

උදේ තුනට විතර කුමාරයි චම්පිකායි දෙන්නත් එක්ක නැගිට⁣ගෙන කඩේට ඕන ඉදිආප්ප, ලැවරියා, ⁣ආප්ප, බුලත් විඩ එහෙම හදනවා..
ඒ වැඩ හය වෙද්දී ඉවරයි.
එතන ඉදං චම්පිකා නිසල්ව ඇහැරවාන නිසල්ව ඉස්කෝලේ යවන්න සුදාන කරනවා.
හත වෙද්දී නිසල්ට ඉස්කෝලේට යන්න ඕන.
එතන ඉද එකොලහ වෙනක කඩේ වැඩ කරන්නේ චම්පිකා.
කුමාර ඒ ටිකේ පොඩි රවුමක් දාලා අැවිත් නිදා ගන්නවා.
දහයාමාරට විතර ආපහු කඩේ වැඩ කුමාර බාර ගන්නවා.
චම්පිකා නිසල්ව ගෙන්න ඉස්කෝලේට ගිහින් අැවිත්,
නිසල් එක්ක නිසල්ගේ ඉස්කෝලේ වැඩ වලට උදව් කරනවා........

"සීයා තාත්තා කාලා තියෙනවද "හීසා"..
⁣"මොනවා.........
හීසා......
ඒ මොනවද?.....

"අය්යෝ සීයා තාත්තේ......
හීසා...... හීසා....... හීසා.....
අද අපේ රයන්ගේ ගෙනාවේ.....

"අම්මේ පුතේ .....
මං ඔය පුස්නාම්බු , ලෑතර නම් කාලා තියෙනවා.......
ඔය හීසා නම් ඇහැව්වේත් අදයි......."

"වැඩක් නෑ..........
හීසා කාලා නැත්තං වැඩක් නෑ"

"අම්මේ..ඒ.
අම්මේ...ඒ......
මට හීසා ඕන දවල්ට.....

"අනේ පුතේ හීසා නෙවෙයි පීසා
මං එව්වා හදන්න දන්නේ නෑනේ........
පුතාට මං බත් උයලා.......
පරිප්පු මැල්ලුමක් එක්ක බිත්තරයක් බැදලා දෙන්නම්කෝ........"

"එපා ......එපා..... එපාමයි.. මට ඕන හීසා..
හීසා විතරමයි........"

"කුමාර........
කුමාර මේ බලන්නකෝ..
පුතා බත් කන්නේ නෑ......
එයාට පීසා ඕනලු......."

"නිසල් මොකද ඔය.....
බත් ටික කනවා....."

"බෑ....... මට බත් එපා....
මට පීසා ඕන.....
බත් ඕන නෑ......."

නිසල්ගේ පීසා අරගලය අවසන් වුයේ ඉරටු දෙකකින් ගුටි දෙකක් කෑමෙනි.
ඉන් වැඩිපුර රිදුනේ නිසල්ගේ සීයා තාත්තාටය.
නිසල් මෙන්ම සීයා තාත්තාද දවල් ආහාර නොගෙනයි දවල් නින්දට ගියේ..
නිසල් සිහිනයෙන්ද පීසා ගැන කියවනු කකුලේ වු ඉරටු පාරට පොල්තෙල් ගෑමට ගිය චම්පිකාට ඇහුණා..


හවස කුමාර ආවේ බඩු මල්ලක් අරගෙන

"ආ.......මේ කොලේ තියෙනවා පීසා හදන හැටි.......
මං ඉතාලි ඩගීයගෙ වයිප්ගෙන් අහගෙන ලියා ගත්තේ......
ඔකේ තියෙනවා හදන හැටි...
එකේ තිබ්බ බඩු ලිස්ට් එක කාතිකේෂන් එකෙන් ගත්තා....."

නිසල්ගේ මුහුණ තේක්ක යායට උඩින් පායන සද වැනිය......
නිසල්ගේ බෙලෙක් පිගාන වැසෙන්නට පීසා රොටියකි.
නිසල්ගේ සීයා තාත්තා ඔහුගේ පීසා රොටියෙන් අයිනක් කා දවල් බත් තියේදැයි සොයාගෙන ආවේ.....
"අපේ පොඩි එකා ගුටි කෑවේ මේ දහජරාවටදැයි" කියමිනි.







Wednesday, March 20, 2019

තැඹිලි වල්ල

කේබී මහත්තයා........
කවුරුත් දන්නේ එහෙම කියපුවාම .
කේබී කියන්නේ කළුබංඩා කියන එක කෙටියෙන්,
නමට ගැලපෙන්න හොද සිංහල කළුපාට.
උස අඩි පහයි අගල් දෙකක් විතර.
ගෙල දක්වා වවපු කොණ්ඩය.
ඇනදේ ජාතික ඇදුම.......
එතුමා තමා එවකට මගේ විදුහල්පතිවරයා......
ගමේ අය⁣ට නම් ලොකු මහත්තයා.
තව සමහරක් නම් කිව්වේ කේබීකාරයා කියලා.

සිවුර දරාන ඉගෙන ගෙන දුක්සහිත ලෞකික ජීවිතයෙන් ඉකුත් වෙන්න උත්සාහ කලාට පන්සල පල්ලේ බබලතීයක් සිවුරු බර උරෙන් අයින් කල්ල හිටං උන්දැව තමන්ගේ පතියා කරගෙන.
ඒ වෙනකොටත් දෙදරු පියෙක්.
බොහොම විනෝදයෙන් කල් ගත කරේ.
ඔය කියන එවායින් බඩදරු වෙනවා නම් අපේ ඉස්කෝලේ එක ගුරුවරියක්වත් බේරෙන එකක් නැහැ.

ඒ ඉස්කෝලේ ඒ පලාතේ හැටියට ලොකු එකක්
ලමයිත් පන්හයය සියක් උන්නා.
ඒත් කාර්යාලයට නම් තිබ්බේ 10×20 කාමරයක්,
එකේ ජනේලේ ගාවම තමා ⁣කේබී මහත්මයාගේ මේසේ තිබ්බේ .
ඒ මේසය ගාව පරණ ඔලිම්පියා ටයිප්රයිටරේ පොඩි ඩෙස් එකක් උඩ තියලා තිබ්බා .
පාසලේ ලියු කියු එහෙම ටයිප් කරේ ස්වර්ණපාල මහත්තයා ,
එයා තමයි නියෝජ්‍ය විදුහල්පති .
සමහර වේලාවට මටත් ඔය වැඩේ කරන්න ලැබුණා .
එදත් හදිසි ලියුමක් ටයිප් කරන වැඩේ මට බාර වුනා.
මං ඉතිං කෝ කෝ සිස්ටමයෙන් යතුරු ලියන්නෙක්නේ.
යතුරු පුවරුව බලාන මගේ වැඩේ කරමින් උන්නේ.......

තුසිතා මිසුයි, වසන්තා මිසුයි ⁣කෙකර ගාන සද්දෙට මං ඔළුව උස්සලා බැලුවා .
හද්දෙය්යනේ කේබී සර් උළුඅස්සට හේත්තු වෙලා කාර්යාලයට ඉස්සරහින් තියෙන තැබිලි ගහ දිහ⁣ා බලාන ඉන්නවා.
උදාහිරු එලිය නිසා තැබිලි වලු තැබිලි කොල අස්සෙන් අපුරුවට පෙනවා..
කේබි සරුත් තැඹිලි ගහක් වෙලා
රෙද්ද පසා කරගෙන උදාහිරු කිරන කාර්යාලයට ආවා.

කේබී සර් අමුඩයට ආයුබෝවන් නොකියපු හොඳ සිංහලයෙක්,
ඒත් එදා එතුමාට අමුඩය ආයුබෝවන් කියලා තිබ්බා.....
ඔය තුසිතායි වසන්තායි දෙන්නම එවකට නොබැදිව හිටියේ.......


අපේ තේ බොන වේලාවේ.......
රතු වෙච්චි තුසිතායි, බේරි වෙච්චි වසන්තාටයි අමතරව තේ හිරවෙච්චි, තේ ඉස්පොල්ලේ ගියපු කිප දෙනෙකුත් උන්නා.

Sunday, February 3, 2019

මල් පුසුඹ


ආඩම්බරකාර පැජරෝ ගොය්යා බරසාර සද්දයක්ද සමඟින් මෝලේ මිදුලේ කෙලවරේ තැන්පත් වුණේ දුම් කැස්සේ අවසන් පොදත් පිබිමින්.
දුවගෙන ආ කෙසඟ හාදයා,
ඉස්සරහ දකුණු පැත්තේ ද්වාරය විවර කරේ බොහොම ගරු නම්බු ඇතිව.
එකෙන් බැස්ස කොට මහත මනුස්සයා රජෙක් වගේ වට පිටවත් නොබලා උඩින් උඩින් කාර්යාලයට ගියා.

සාපිනුයි, නන්දායි, නන්දාගේ කෙල්ලෝ දෙන්නයි මෝල ඉස්සරහ අඹ ගහ ගාව බංකුවේ වාඩිගෙන බලාන උන්නේ එ් රජාගේ කැදවිම එනකම්.
සාපින් කෙට්ටුයි, උසයි.
හරියට පන් ගහක් වගෙයි.
නන්දා නම් එහෙමට කෙට්ටුවක් නැතත් මහතයි කියන්න බෑ.
කෑම අහේනියේ ලකුණු පිරිණු කෙල්ලෝ දෙන්නම නොගැලපෙන ගවුම් බාච්චු දෙකකින් කැත කරලා තිබ්බා.
ඉස්කෝලේ යායුතු වයසේ උන්, උන් දෙන්නා අවුරුදු එකක පරතරයක සහෝදරියෝ උනාට දෙවැනියාගේ හැදුම බාල වෙලා නිසා රේටි ගැහිලා තිබ්බේ.
ලොක්කිට අවුරුදු දොලහක් .
එත් වයස අටකට වඩා පෙනුමක් තිබ්බේ නෑ............
මන්ද පෝෂණය දෙවැනි කෙල්ලව තව තවත් අබලන් කර තිබුණා.......

සිරිසෝම මහත්තයා පලාතේම දානපතියා.
එතුමා නොයන පිංකමක් අහල ගං හතකවත් තිබ්බේ නෑ.
සිරිසෝම කොහුමෝල ඇරුණාම රණවරාව පාරේ දුවන සිරිසෝම ට්‍රැවල්ස් බස් ටිකත් එතුමාගේ,
රණවරාව පාර දෙපස එක දිගට තිබ්බ පොල්වතු කන්දරාවකුත් එතුමාගේ නමින් ලියැවුණු ඔප්පු මිටියක හිර වෙලා තිබුණා.........

"අන්න උඹලට මහත්තයා කතා කරනවා"
පංගස් මිනිහා කාරියාලේ එලිපත්තේ ඉදං සාපින්ලාව කැදෙව්වා.
ඔය විදිහට තමයි සාපි ඇතුළු පවුල කොහුමෝලේ හතේ ගෙදර පදිංචියට ආවේ.
ගෙදරක් කිව්වට එකේ කාබ⁣රයයි.
සාලේට ඉස්සරහින් බාගේ බිත්ති බැදපු ඉස්තෝප්පුව.
තව උයා පිහා ගන්න කුස්සි පොඩ්ඩක්.
ඒ කුස්සියට ඩිංගක් විතර ඈතින් කක්කුස්සිය.
එකේ පොහොර මළු කපාන හදපු බිත්ති වලට උඩින් වහලයක් තිව්නේ නැහැ.

රමණිටයි, කමනීටයි අළුත් ගෙදර හොදට හිතට ඇල්ලුවේ තනියට එහා ගෙදරත් ඒ වයසේ කෙල්ලක් උන්නු හින්දයි.
ඇය රණවරාව පාසලේ හතේ පංතියේ.
දෙසොහොයුරියන්ට වඩා පැහැයෙන් කළු වුණත් අැගපත නම් සනිපෙට හැදිලා තිව්නා.

" එයි , ඔයාලා ඉස්කෝලේ යන්නේ නැද්ද?"
චමිලාගේ ප්‍රශ්නයත් එක්ක රමණිට වගේම කමනීටත් ජනපද මහා විද්‍යාලය සිහි වුණා.
මෙහේ එන්න කලින් දෙන්නා ගියේ ඒ ඉස්කෝලේට .
යකාවංගුව පහු කරනවත් එක්ක තිබ්බ තනි ශාලාවේ ඉස්කෝලේ .
ලොකු මහත්තයයි, තව ඉස්කෝලේ නෝන මහත්තුරු හතර දෙනෙකුයි තමා මුළු ඉස්කෝලේටම උන්නේ.
ඉබාගතේම වාගේ දෙන්නම පංතියෙන් පංතිය හයටයි පහටයි ගිහින් තිබ්බාට දෙන්නටම අකුරු තුනක් එකතු කල්ලා වචනයක් ලියා ගන්නවත්, වචනයක් කියා ගන්නවත් බෑ..
ප්‍රේමාවතී නෝන මහත්මයාගේ පොඩි කොළුව ඉස්කෝලේට ගෙනවානේ.
ඉතිං එයාව වඩාන ඉන්න රාජකාරිය පැවරුනේ හතරේ පංතියේ කෙල්ලන්ට.
සමහර කෙල්ලන් කොල්ලව වඩා ගත්තම කොල්ලගේ කකුළුත් බිම වදිනවා.
රමණී උරහිස දිහා බැලුවේ පුංචි මහත්තයා හපපු කෑළල තාමත් තියෙන නිසයි.

"දන්නෑ ......
අපුච්චා නම් අස්සීමේ කොළ පුරෝගෙන ආවේ..........
මෙහේ තියෙන ඉස්කෝලේකට දාන්න ඕන කිව්වා.."
අම්මා නම් කිව්වේ මෝල වැඩට ගියාම තව කියක් හරි අපිටත් හොයා ගන්න පුලුහං කියලා"
කමනී තමා උත්තර බැන්දේ.

සාපින් ගිනි කසයා වගේ ගෙදර ඉස්සරහ උදළු ගාන ගාමන් චමිලා දිහාට බුලත් කහටෙන් කළු වුණු හිනාවක් පෑවා..

"දූව කීයේ පන්තියේදැ?"

"හතේ........
අපේ ඉස්කෝලේ නවේ පංතියට විතරයි පංති තියෙන්නේ ..
තව අවුරුදු දෙක්කින් මමත් ටවුමේ ඉස්කෝලේට යන්න ඉන්නේ"

ඉලග දවසේ ඉස්සර සුදු පාටට තිබ්බ ගවුං දෙකක් දවටා ගත්තු කෙල්ලෝ දෙන්නා ඉස්සරහින් සාපිං රණවරාව ඉස්කෝලේට ගමන අැරඹුවා.
නුහුරු රබර් සෙරෙප්පු හින්දා කෙල්ලෝ දෙන්නගේ ගමන බාලයි

"විජහට වරෙව්කෝ"

කියන හඩට ඒ ගමන ඉක්මන් කරන්න බෑ.

කන්දක් උඩ තිබ්බ රණවරාව කණිෂ්ටේ වටේම මල්.
කාර්යාලය තිබ්බ ශාලාව ඉස්සරහ පොඩි කළු ගල් අතුරපු මිදුල.
ළමයි ඉදල් අරං අතු ගානවා යනකොටත්.
ජනපද ඉස්කෝලේට වඩා මේ ඉස්කෝලේ අමුතුයි කියලා දෙන්නටම හිතුණා.
ශාලාවේ හයි කල්ලා තිබ්බ පොඩි ඉස්පිකර් දෙකක් ඒ වෙනකොට සිංදු කියා කියා හිටියේ.......
කාර්යිලයේ කවුරුත් නැති හින්දා තුන්දෙනා දොර ගාව හිට ගත්තා...
කමනී පුරුදු පරිදි නහයේ මිනිරන් හාරන කොට රමණී රබර් සෙරෙප්පුවෙන් සිමෙන්තියේ ඉරි ඇන්දා......
සාපින් ඉනේ තිබ්බ බුලත් විඩෙන් කටේ තිබ්බ හපේ අළුත් කරා.....

"අන්න"

මුලින්ම ඔහුව දැක්කේ රමණී....
උඩ පඩි පේල පනිමින් එන කොට කළු මනුස්සයා ආවේ හිනාවෙමින්....

"එන්න මහත්තයා "

සාපින්ගේ ඇසුයි කටයි දෙකම අැරුනේ ජිවිතේ පලමු වතාවට තමන්ට මහත්තයා කියලා කතා කරපු හින්දා වෙන්නැති.....

මේ ළමයින්ව මේ ඉස්කෝලේට දාන්න වෙන්න ඇති
කෝ දෙන්න අස්වීමේ සහතික
අස්වීමේ සහතික බලලා පරණ ඉස්කෝලේ ලියපු පොත් ඉල්ලුවා
එත්ඉතිං ⁣දෙන්නටම හැමදේටම තිබ්බේ එක පොත ගානේ
රමණීගේ පොත නම් පොඩි මහත්තයා ඉරලාත් එක්ක.
එකේ වැඩි පුරම තිබ්බේ පොඩි මහත්තයා ඇදපු බලිබුච.....
දවසක් පොඩි මහත්තයාට පොත නොදී ඉදලා ප්‍රේමාවතී ටිචර් ඇනපු ටොක්ක නිසා රමණීගේ ජංගීයත් යාන්තමට තෙමුණේ ඇස්වටේ කනාමැදිරි එලි දැල්වෙද්දීමයි.

පොත බලද්දී ලොකු මහත්තයා (හැබෑයි එයාට කාර්යාලේට ආ ගෑනු කෙනෙක් කතා කරේ ලොකු සර් කියලා)
නළල රැලි කර ගත්තා..

"සාපිං අපි මේ ළමයි දෙන්නවම පහට දාමු.
ඒ පංතියත් මෙයාලට ගැලපෙන්නේ නැහැ වාගෙයි.
කමක් නෑ අපි බලමු මොනවද කරන්න පුළුවන් කියලා....."

මේ කතාව කියද්දි රමණී, කමනී එළියට යවලා තිබ්බට දෙන්නටම ඇහුණා.
ලොකුම ලොකු සර් කාර්යාලේ කබඩ් එකකින් ගත්තු පොත් බෑග් දෙකකුත් එක්ක ලියන පොත් එක්ක දෙන්නට දුන්නා.........

ඒ ඉස්කෝලේ උදේට කෑමත් දෙනවා.
දෙන්නාගේ පංතියේ ළමයි තව විසි දෙනෙක් උන්නා...
සීලවතී ටිචර්ට නම් පුංචි මහත්තයයෙක් නෑ.
නටමින්, ගීත ගයමින් වැඩ කෙරුණේ...
එදා ඉන්ටවල් එක දෙන්නට හම්බ වුණේ නෑ.
සීලවතී ටිචර් දෙන්නව ලං කරගෙන වග විස්තර ඇහැව්වා..
කියන තොරතුරු අහන ඉන්න අතරේ සීලවතී ටිචර් ඔසරි පොටෙන් දැස් පිහදපු වාරත් තිඋණා..
ඉන්ටවලු එක කෙලවරේදී දෙන්නාව නිදහස් කරලා ටිචර් කාර්යාල කාමරේට ගියා...

රමණීටයි කමනීටයි ඉස්කෝලේ ඇරෙන්නේ අනිත් ළමයි ගිහිල්ලාත් පැයකට දෙකකට පස්සේ.
ඉස්කෝලේ ටිචර්ලා දවස් බෙදාන මේ දෙන්නාට අකුරු හරඹේ හුරු කරන්න පටන් ගත්තා.

ඇදට කැතට තිබ්බ අකුරු වලින් රමණිටයි , කමනීටයි ලස්සන හාවෝ, මල්, කුමාරයෝ පේන්න වැඩි කලක් ගියේ නෑ.......
ඉස්කෝලේ තිබ්බ පුස්තකාලේ පොඩි පොත් වල උන්නු තාපසවරු, රාජකුමාරවරු එක්ක දෙන්නා දැන් හරි හරියට කතා කරනවා.
දෙන්නාගේ පොත් වලත් දැන් මුතු ඇමිණෙනවා....
ඒ දැකලා සීලවතී ටිචර්ගේ මුහුණටත් ඒ මුතු අාවා.

එදා ඉස්කෝලේ රැස්වීමේදී ලොකුම ලොකු සර් පද්‍ය රචනා තරගයක් ගැන කිව්වා.
ලොකු තෑගි හම්බ වෙන එකක්....

රමණී , කමනී එදා හවස අපුච්චා ලව්වා ගෙන්න ගත්ත පුල්ස් කැප් කොලේට කවි පිරෙව්වේ ඉස්තෝප්පුවේ දිගැදිගෙන.

උදෙන්ම දෙන්නා ලොකු සර්ගේ කාර්යාලයට ගියා.
කොයිතරම් කාර්යාලය පිරිසිදු වුණත් පිලිවෙලට තිබ්බත් එතුමාගේ මේසේ නම් අපුච්චාගේ බුලත් වට්ටිය වගෙයි නේද කියලා රමණිට හිනාත් ගියා.

මාසේකට හමාරකට පස්සේ උදේ රැස්වීම අවසන් වෙන්න ඕන්න මෙන්න තියලා ලොකු සර් ආවේ වෙනදටත් වඩා හිනාපුරෝගෙන.....

අද අපිට හරිම සතුටු දවසක්
සමස්ත ලංකා පද්‍ය රචනා තරගයේ කනිෂ්ඨ අංශයේ පලමු සහ තුන්වෙනි ස්ථාන දෙකම අපේ පාසලට ලැබිලා.
මේ සිද්ධිය අැත්තටම අපිට සතුටු වෙන්න පුළුවන් එකක්.
මේ ජය පිටුපස අපේ පාසලේ සමස්ත ප්‍රාථමික ගුරු මණ්ඩලයම ඉන්නවා....
විශේෂයෙන්ම පහේ සීලවතී මහ......
..............

ආපිට බලපු කමනී දැක්කේ අඬමින් හිනැහෙන සීලවතී ටිචර්.

(තවත් දේ සිදුවිමට නියමිතය. හෙට දින කුමක් වේදැයි කවුරුන් නම් දනිද)

Tuesday, January 1, 2019

මයිනට නිදහස

ගුණපාල ලැජ්ජාකාරයා...
යාළුවෝ කියන්නේ ගැණු ළමයා වගෙයි කියලා.
පිරිමි ඉස්කෝලේක ඉගෙන ගෙන දැන් රස්සාව කරන්නේ රජයේ කාරියාලේක ලියන මහත්තැන් කෙනෙක් විදිහට.
කාරියාලේ හිටපු බබලතීයෝ දුසිම් දෙකාමාරෙන් එකියක් එක්කවත් ගුණපාලගේ වැඩි බජනයක් නෑ......
කාරියාලේ අනෙක් සඟයෝ තේ බොද්දී, කෑම කද්දී ඒ අයට කරපු කවටකම්වලට කන රතු කර ගත්තේ ගුණපාල.......

ගුණපාලගේ මැණියන්දැත්, පියාණනුත් රජයේ පාසල් වල සේවය කරලා විස්රාමික සුව විදිනවා.
ඒ දෙමහල්ලන්ට ඒ සුවය නිසියාකාරව විඳ ගන්න තිබ්බ එකම බාධකය මේ ගුණපාලගේ ස්ත්‍රීභීතිකාව.......

කොහොම හරි වදෙන් පොරෙන් දෙන්නට පුළුවන් වුණා ගුණපාලව කරකාරයකට කැමැති කර ගන්න......
එත් ඉති එයිට පස්සේ තමා යම යුද්දේ ගම ඇතුලේ පටන් ගත්තේ.
හංදියේ විලියොංගේ කුළි කාර් එකට මෙකෙන් වැඩ වැඩි වුණා.
මාසේ හැම ඉරිදාවකම සියදෝරිස් කපුවාගේ ඔත්තු වලට කළුබංඩා ඉස්කෝලේ මහත්තයයි, ගුණපාලයි  සියදෝරිස් කපුවා එක්ක විලියොංගේ කාර් එක දුවිලි කාගෙන ඉගිල්ලුනා........

එත් ඔය ගිය හැමතැනකම උන්නු ගැණු ලැමිස්සියන්ගේ මොකක් හරි අඩුවක් ගුණපාලට පෙණුනා..
ඉහල ගමේ නන්දීතාගේ කට ඇදයි.
වැවගම ⁣මුදලාලි දෝණියැන්දැගේ නහය ලොකුයි.....
ඔය වාගේ අඩුපාඩු ඉදිරිපත් කරලා කරකාරය පස්සට දාන්න ගුණපාල කටයුතු කරා.........

මේ සන්දියේ තමා ගුණපාලගේ කාරියාලයට අළුත් ටයිපිස්ට් නෝනා......
ට්‍රික්ෂි ආවේ......
ඇය කලින් සේවය කර තිබ්බේ අග නගරේ ප්‍රධාන කාරියාලයේ.......
ඇගේ පැමිණිම තේ බොන වේලාවට මාළු බනිස් වලට වඩා අලෙවි කරේ කාරියාලයේ එතෙක් රැවැත්තියන් ලෙස නම් දරාන උන්නු චමිලායි, ප්‍රමිලායි.........
කාරියාලයේ මහත්තුරුත් චමිලාගෙයි , ප්‍රමිලාගෙයි මේ රස ගැන්වු බනිස් වලට එක එක කෙසෙල් එකතු කරා.....

කොහොම වුණත් ට්‍රික්ෂි කියන්නේ සුන්දර ලියක්,
හිනැහෙන විට වල ගැසෙන කම්මුලට නල දත් නිසා අමුතුම සිරියාවක් ගෙනාවා......
තද වෙන්න ඇදපු සාරි පොට ඇතුලේ කොයි තරම් දේ එළියට පනින්න වලි කනවද?
ලාවට උලාපු තොල් සායම් වගේම වත පුරා උලාපු රෝස පවුඩර් වලින් ට්‍රික්ෂිගේ මුණ තවත් හැඩ වුණා.......................
ට්‍රික්ෂි යද්දී විසිරෙන ගාඩිනියා සුවද කාරියාලේ කාටත් මතක තිබුණා ....

ගුණපාලගේ මේසයට ඉස්සරහින් තිබ්බ මේසයේ තිබ්බ ටයිප් රයිටරේ යතුරු ගැන ඊර්ෂ්‍යාවක්  ගුණපාලගේ හිතේ ඇති වෙන්න වැඩි කාලයක් ගියේ නැහැ..........
බලන බලන අත ගුණපාලට පෙණුනේ ට්‍රික්ෂිගේ වල..........
ට්‍රික්ෂිගේ නල දත්...
නහයට දැණුනේ ගාර්ඩිනියා සුවඳ....
වෙනදා කාරියාලයෙන් ඇවිත් වත්තේ පිටිය වැඩ කරපු ගුණපාල කාමරේ ඇදේ මුනින්තලාවි ඉන්න ඉදිල්ල අම්මා කෙනෙක්ට නොතේරිවියැ.....
අනෙක අවුරුදු තිහක් උසස් පෙල කොළු කෙල්ලන්ට උගන්නාපු ගුරු අම්මෙක්නේ ගුණපාලගේ මව්.......
හැන්දෑ කරේ තේ එක දීලා ගුණපාලට කතා කරපු අමරාවතී ඉස්කෝලේ හාමිනේ ගුණපාලගේ බඩයි ඇද ඇතිරිල්ලයි අතරේ තිබ්බ රහස හොයා ගත්තා........
එදා රාත්තීරියේම මේ රහස තවදුරටත් රහසක් වෙන එක නැතුව ගියේ දෙන්නා දෙමල්ලන්ගේ හිතට ජනේලයෙන් ආපු හින් හිතල හුලගත් එක්කමයි.......

දෙතුන් දොහොකට පස්සේ  කාලෙකට පසුව සියදෝරිස්ට ගුරු ගෙදර තේ කහට එකක් බොන්න ලැබුණා .
අමරාවති ඉස්කෝලේ හාමිනේ දුන්න කඩදාසියයි, ඉස්කෝලේ මහත්තයා දුන්නු නෝට්ටුවයි ඇන්න සියදෝරිස් කුඩය කරකවමින් එලියට බැස්සේ මොහිඩීන් බෙග් මාස්ටර්ගේ ගීයක පද මුමුණමින්.


හාමිනේ මං ඕන්න මගේ කටයුතු සහසුද්දෙටම ඉවර කරා.....

සියදෝරිස් උන්නැහේට ගෙදර හොයා ගන්න අමාරුවක් වුණේ නැද්ද

හාමිනේ මං මේ ලන්කාවේ කරක් නොගපු තැනක් නෑ නෙව....
අනෙක ඉතිං මගේ මිත්තරයෝ නැති පලාතක් මේ තුන් ලංකාවේ නෑ ඕං

හොඳයි ඉතිං දැන් කියමුකෝ බලන්ඩ තොරතුරු .........

සියදෝරිස් තේ කෝප්පයේ වු අවසන් තේ උගුරද මුවට රිගවා ගත්තේ කෑබල කමින්.

"හාමිනේ ...............
ඔය ගුණපාල මහත්තයාගේ ඔපිසියේ දැරිවි,
කලින් වැඩ කොල්ල තියෙන්නේ කොළඹ මහ කන්තෝරුවේ ..........
එකේ හිටපු උන්දලා.......
මේ........
මේ...
මේ දැරිවිගේ කුලේ නිසා එක මේක කියන්ඩ පටන් අරං තියෙනවා......
ඒ හින්දා තමා මෙහෙට මාරුව හදාන තියෙන්නේ......
හාමිනේලාට කියන්ඩ ඉතිං ඒ දැරිවි බඩහැල තමයි.......
දැරිවිගේ අම්මා, තාත්තා නම් දැන් සෝරුව 😱පැත්තකින් තියලා......

ඒ මේ දැරිවි රස්සාවට ගියාට පස්සෙන් පහු..
ඒ දැරිවිට බාල තවත් දැරිවියෝ දෙන්නෙක්ම ඉන්නවා......
ඒ ගොල්ලෝ ඉස්කෝලේ යනවා.......
ඉතිං තමුන්නැහේලට මනාප නම් මං මේ කාරිනාව ඒ මහ දෙන්නත් එක්ක කතා කරන්නම්........
එත් ඉතිං ඒ අය අඩු කුලේ........

හොදා සියදෝරිස් උන්නැහේ
මං අපේ ඉස්කෝලේ මහත්තයටත් මේ ගැන කියලා පණිවුඩයක් එවන්නම්...
මේකත් තියා ගන්න⁣කෝ........

සියදෝරිස් තමන්ට ලැබුණු රුපියල් දහයේ නෝට්ටුව අටකට නමා සරම හිර කොට බැද තිබු පටියේ වු පසුම්බියට ඇතුල් කරා.
එහෙන හාමිනේ මං ගොහි එන්නම්,
අපේ ගුණපාල මහත්තය කැමැති වෙච්ච එකම ලැමිස්සිනේ,
අනේ ඉතිං එකෙත් හැටි......

පැන්ෂන් පඩි ගෙන එමට තැපැල් කන්තෝරුවට ගොස් සිටි කළු බංඩා මහත්තයා ගෙදර ආවේ අතක් බරට බඩු අරගෙන........
ඒ අතරේ හාමිනේ ආසා කරන පුහුල් දෝසි පාර්සලය වෙනදා වාගේම වෙනම ගෙනත් තිබ්බා.....
ආ ගුණපාලගේ එළුවලු රොටියත් අමතක කර තිබ්බේ නෑ.........
තේ බොන ගමන් හාමිනේ සියදෝරිස් කියපු දේ අකුරක් නෑර කළුබංඩා මහත්තයාගේ කන පිරෙව්වා............

අපේ කොල්ලා කැමැති වෙච්ච එකම කෙල්ල,
ආයේ ඉතිං අහිකුණ්ඨිකියක් වුණත් කාරි නෑ....
හෙටම සියදෝරිස් ගොය්යා ලව්වා පණිවුඩේ යවමු.......

තෙමසකට පසු..........
********************
දැන් ගුණපාල ට්‍රික්ෂිගේ සැමියා...
දෙදෙනාම ඉන්නේ මහ ගෙදර..
තරමක ලැජ්ජාකාරයා වුණත් ට්‍රික්ෂිට ඕන කරන දේ දෙන්න ගුණපාලට පුළුවන්....
එදත් උදේ ගුණපාල ඔපිස් යන්න සුදානම..
උදේම නාන්න ගියපු ට්‍රික්ෂි කාමරයට එද්දී ගුණපාල උන්නේ කලිසම අදින්න සුදානමින්.
නිගන්ඨ ඇදුමින්........
හදිස්සිය හින්දා කලිසමට රිගපු ගුණපාල ජරාස් ගා ෂිප් එක ඇද්දා.....
හද් දෙය්යනේ ෂිප් එක උඩට එද්දී ගුණපාලගේ අහවල් එ⁣කත් අහුවුණා....
කොහොම හරි අන්තිමට ෂිප් බන්ධනයට අහු වුණ මයින් පැංචාව ට්‍රික්ෂි බොහොම අසීරුවෙන් ගලව ගත්තා.......