ගිනිපිඹින මද්දහන් අවුවේ කැරලි ගහපු දුවිලි වලාවක් වෛයිවර්ණ පෝස්ටර් බිත්තිය ඉම්බා
එක එක ජාතියේ සර්ලා ශිල්ප විකුණන තරගයට දාපු පෝස්ටර් වල වැදුණු දුවිලි හුලග එගොඩ යන්න බැරැව නතර වුණා......
මේ පෝස්ටර් ගොන්නේ වැඩි පදාසයක් උරුම වෙලා තිව්නේ නාඹර ගැටිස්සියෝ, ඉලන්දාරි කිහිප දෙනෙක්ගේ මුණු එක්ක තිබ්බ "පෙම් වැස්ස" පෝස්ටරයට...........
ලග එන ප්රේමවන්තයන්ගේ දිනය සමරන්න පෞද්ගලික පංති පවත්වන ගුරුවරයෙක් අලවා තිබු එම පෝස්ටරය නගරයේ බෝක්කු කුණු බක්කි පවා අත්පත් කරගෙන තිබ්බා......
******************************
සිද්ධාර්ථ තෙල් සහ තවත් නොදන්නා බේත් තෙල් කිහිපයකම සැර එකතු විමෙන් හැමුයේ අමුතුම කුයිලකි.
එය සුපුන්ට හුරුය.
ඉදා.........
බත් වල අඩුවට පාත්තරා කොකු හැන්දක් රංජී පිගානට වැටුණා.
රංජීන්ගේ හිස මත්තේ අර කුයිල කැරකිලා තුනී වෙලා ගියා.
අඹ ලෑලි මේසේ උඩ තිබ්බ කුප්පි ලාම්පුව බැරි මරගාතේ අදුර යවන්න උත්සහ ගත්තා.
මාටින් පොල් ගහකින් පාත් වෙලා දැන් අවුරුදු තුනක් වෙනවා.
මේ ගෙදර කළුවර එක්ක පටන් ගත්තු ජරිබිරි සද්ද නැතිවුණා විතරයි.
අනෙත් හැමදේම ඒ වාගෙමයි.
සොයිදා තාමත් වී මෝලට යනවා.
අර සැර කුයිල සොයිදාගාවට ආවේ එයින් පස්සේ.
ගෙදර උන්නු රංජනී රංජීත් අවුරුදකින් වැඩිමල්.
රේටි බැහපු රංජනීගේ ඇගේ දැවටි තිබ්බේ චීත්ත ගවුමක්.
රංජනී හයේ ,
රංජීත් පහේ
දෙන්නම යන්නේ ලග තිබ්බ රජයේ පාසලට.
රංජනී නම් ඔය ගමන යන්නේ නොගිහින් බැරිකමට.
හඩ්ඩි, මුසලී කපුටි, වැද්දී, වාගේ නම් මිසක් රංජනී කියන නම කියවුණේ නම් අඩගහද්දී විතරයි.
ඒත් රංජීත් ඉගෙන ගන්න දස්සය.
ඉස්කෝලේ ගුරුවරු පවා බලාන උන්නේ මෙදාපාර ශිෂ්යත්තේ රංජීත් පාස් වෙයි කියලා.
*******************************
රංජනීගේ මතක
මේවා කාට කියන්ද මං වත් දන්නේ නෑ.
එත් ඉතිං හිතේ ගුලි කරාන ඉන්නවාට වඩා කළුවටවත් කියා දාන්න ඕන.
අපේ ගෙදර උන්නේ මල්ලීයි මායි.
තාත්තා ගහෙන් වැටිලා මැරුණා.
මල්ලී විභාගේ පාස් වෙලා සෙන්ටල් එකට ගියාට පස්සේ අපිට තවත් කරදර වැඩි වුණා .
ඒ හින්දා මාත් අම්මත් එක්ක මෝලේ වැඩට යන්න ආවා.
මුදලාලි හිණා වුණා මේ ඇට්ටිබි කෙල්ලට මොන වැඩද කියලා...
වී තුනි කරන්න,
මළු ගෙනියන්න ඒවා තමා මං කරපු වැඩ.
මටත් රුපියල් පනහක් දුන්නා.
මෝලේ ඔක්කොම වැඩ කරන්න හය දෙනෙක් හිටියා.
ගැණු හතරයි පිරිමි දෙකයි.
මෝලේ වැඩට යද්දී වී ගෝනි අස්සේ මාව හම්බ වුණාම මුදලාලි මගේ බඩ මිරිකනවා.......
රිදෙන්නම...
ඉන් පස්සේ බක බක ගාලා හිනාවෙනවා.
එක දවසක්
මුදලාලි මාව කන්තෝරු කාමරේ අතු ගාන්න කියලා ගෙන්න ගත්තා..
අතු ගාද්දි අතින් ඇදලා ඔඩොක්කුවට ගත්තා.
එදා නම් මං දැනගෙන හිටියේ නෑ මුදලාලි මගේ ගවුම අස්සේ කලබලෙන් මොනවද හෙව්වේ කියලා.
"තෝ මේවා කාටවත් කියනවා එහෙම නෙමෙයි "
කියලා මුදලාලි මාව යැව්වේ රුපියල් විස්සකුත් දීලා.
එදා වී එදා වී වේලන දවසක් කට්ටියම වෙළුම් කමතේ වී වනමින් හිටියේ.
මුදලාලි වී ගබඩාවේ වී ගෝනියක් උඩට මාව දාලා කටපියාගෙන හිටු කියලා කිව්වා..
වෙනදට ගවුම අතරින් හොයපු ඒවා ඒදා මුදලාලි එලිපිටම හම්බ වුණා.
වී ගෝනියක් උඩ කෙල්ලෙක් නොවිම මං ගෑණියෙක් වෙන හැටි බලාන හිටියේ අට්ටි ගහපු වී ගෝනි විතරය......
"තෝ මෙව්වා ආයේ කාටවත් කියලා තිබ්බොත් තෝවයි මහ එකීවයි දෙන්නවම පන්නලා දානවා"
මුදලාලි තඩි බඩ අත ගගා මට කිව්වේ අැගිල්ලකුත් උළුක් කරලා
******************************
රංජීත් විශ්ව විද්යාලයට අැතුලත් විමෙන් පසු ලොකු මෝලට වී දාන්නා සේ මුදල් යැවිය යුතු විම සොයිදාට මෙන්ම රංජනීටත් මතු වු අහම්බ හෙණයක් විය.
උදේ උයාගත් බතට කැලෑ කොලයකින් මාළුව සරිකරගත් ඔවුනට වෙනත් අරමුණක් නොවිය.
තිබු එකම අරමුණ රංජීත්ගේ වුවමනාවන් උදෙසා මුදල් සෙවිම පමණී.
විශ්ව විද්යාලයේ නිවාඩුවටත් නොපැමිණෙන රංජීත් එක් රාත්රියක පැමිණියේ ඔහුගේ ඇදුම් බෑගයත් සමඟය.
එදින රාත්රියේ රූපවාහිනි පුවත් බැලුවේ නම් කඩාකප්පල්කාරී ලෙස අමානුෂික නවක වදය දුන් සිසුන් කිහිප දෙනෙකු විශ්ව විද්යාලයෙන් නෙරපු බව සොයිදාට හෝ රංජනීට දැන ගත හැකිය.
එහෙත් ඒ දෙදෙනාම රූපවාහිනිය දැක තිබුණේ දින කිහිපයක් පමණී.
සතියකට පමණ පසු ප්රධාන නගරයක එක් කුඩා පෞද්ගලික පංති ආයතනයක උසස් පෙළ සිංහල විෂය සදහා පංති ඇරඹු නවක තරුණයෙකි.
කෙස්ස මෙන්ම රැවුල ද වවා ගෙන සිටි මේ තුරුණු දේශකයා තදින් සාම්ප්රදාය ප්රශ්න කලේය.
අතපය දිගහැර කියු කියුම් නාඹර කෙළි කොල්ලන්ට ප්රිය විය.
ඉතා ඉක්මනින් ඔහුට ඒම ආයතනයේ වඩා විශාල දේශණ ශාලාවක් ලබා දිමට ආයතනයට සිදුවිය.
රංජනීගේ එල්ලී මිය යාම ගැන ගමේ විවිධ කතා කියවුණි.
ඇය මේ විනාශය කර ගැනීමට සතියකට පෙර අමු අන්නාසි ගැට උලා කනවා සොයිදා දුටුවාය.
එමෙන්ම උදැසන කක්කුස්සිය අසලට වී පණ යනතෙක් වමනය කරනවාද ඇය දුටුවාය.
එහෙත් සොයිදා කුමක් නම් කරන්නද?
අම්මේ............
මට සල්ලි ටිකක් හොයා ගන්න ඕන
එකයි අද මං තකහනියේම ආවේ..
"අනේ දෙය්යෝ
මගේ ගාව කොයින්දැ සල්ලි
රංජනීයා මැරුණායින් පස්සේ,
මාත් ඔය ගෙදරකට ගිහින් වල කෑල්ලක් හොදලා දෙන කෑමක් කනවා මිසක් මෝලේ වැඩට ගියෙත් නෑ.......
ගියත් මට වැඩ දෙන එක්කුත් නෑ.."
"නෑ නෑ......
අම්මා මට මේ ඉඩම ලියලා දෙන්න මං බැංකු ණයක් ගන්නම්....."
උපතේ සිට සොයිදා ජීවත් වු බිම්කඩේ උරුමය අහිමි වි යාමට අඩිතාලම වැටුණේ එලෙසිනි.
සොයිදා නගරයට එක් කරගෙන ගොස් ඉඩමේ හිමිකාරත්වය ලියා ගත් පසු රංජීත් යන්නට ගියේය
එදින මල්කාන්ති නොසිටින්නට සොයිදාට නගරයේ සිට ගමට එමට සිදුවන්නේ පයිනි.
නගරයට ගොස් ආපසු ගමට යමින් සිටි මල්කාන්ති අැයගේ ස්කුටියෙන් සොයිදාව ගමට අැරලුවාය.
ඉන් මසකට පමණ පසු සොයිදාගේ පැල්පතට එඹුණු දිගු රැවුල්කාරයෙක් එම ඉඩම තමන් මිල දී ගත් බවත් ඉඩමෙන් ඉවත් විය යුතු බවත් දැන්විය.
එතැන් සිට සොයිදාගේ නව නිවස්නය වුයේ මිනි පිට්ටනියේ වු ශාලාවයි.
ඇය මිය ගිය පසු ගමේ තරුණ සමිතිය විසින් භුමදාන කටයුතු සිදු කල අතර ගුණ කතනයක් තබා නෑයෙක්වත් අවමංගල්යය සදහා නොසිටියේය.
එ් ප්රකට ගුවන් විදුලි නාලිකාවේ හිමිකාරයා විදේශිකයෙකි.
වැඩ සටහන් අධ්යක්ෂ අචාර්ය වරයෙකි.
"මිස්ටර් රාන්ජීත් අපි ඔයා පංති ඉහලට ගෙනවා,
එකේ ප්රචාරණ කටයුතු අපි බලා ගන්නම්,
ටියුට් වගේම අනෙත් හැමදේම අපි කරලා දෙනවා.....
ඔයාට තියෙන්නේ මේ ආගමට, සංස්කෘතියේ අඩුපාඩු ලමයින්ට දාන එක."
"හරි.......
මිස්ටර් ..
අපි වැඩේ කරමු
සකසන ලද වෙළෙන්දා වචන ඇමුණුම.
(කාල්පනික ලියවිල්ලකි)
Pages
Showing posts with label සිතුවිලි. Show all posts
Showing posts with label සිතුවිලි. Show all posts
Tuesday, April 30, 2019
Tuesday, April 16, 2019
මියුරියල්
හාන්සි පුටුවේ දිගැදුණ ජයම්පති සිය ජන්ම භුමිය සිසාරා උකුසු බැල්ලමක් හෙළුයේය.
නඩත්තුව නිසියාකාරව සිදු නොවන වත්තේ අනාරාධිත ගස් වැල් ජයටම වැඩි තිබිණි.
ගුණපාලට ආණ්ඩු මාට්ටු කර නොහෙන තරමටම ඒ ගස් වැල් දඩබ්බරද,
නැතහොත් ඔහුගේ සවිබල කාලය විසින් වියැකි ගොසින්ද?
ජයම්පතිලාගේ මහ ගෙදරට ඉදිරිපස ඉඩම කට්ටි වි කුඩා ගම්මානයකට පෙරළි ඇත.
එහි පාරට මුහුණ ලා ඇති බිම් කොටස් වල, චයිනීස් කෑමහල්, ජංගම දුරකතන අළුත්වැඩියා කරන තැන්, ජුස් බාර් එකක් වැනි ව්යාපාරික ස්ථාන පිහිටා ඇති බව ඊයේ එනවිටම ජයම්පතිගේ නෙතු ගැටුණී.
හරියටම වසර දහයකට පසු මෙරටට පැමිණි ජයම්පතිට සියල්ල උඩුයටිකුරුවී ඇති බව සිතිම පුදුමයක්ද නොවේ.
"චුටි මහත්මයා , උදේ කෑම ..........."
ගුණපාලගේ හඩ තවමත් නොනැසි ලෙංගතු බවින් පිරිපුන්ය .
ගුණපාලට ඉතා මැනවින් ඉවිමේ පිසිමේ කටයුතු කල හැකිය.
එකල ජයම්පතිගේ පංති සඟයෝ නිවාඩු කාලයේදී ජයම්පතිගෙ නිවසටම පැමිණිමට එයද හේතුවක් විය.
ශිෂ්යත්ව විභාගයෙන් අනතුරුව අගනුවර විශාල පාසලකට ඇතුලත් වු ජයම්පති එම පාසලේ නේවාසික ශිෂ්යයෙක් විය.
මව නොමැති ජයම්පතිට නේවාසිකාගාරය නිවසට වඩා හිතට ඇල්ලීම අරුමයක් නොවිය.
ඔහු එතැන් සිට සිය නිවසට පැමිණියේ පාසල් නිවාඩුව සදහා පමණි.
ඒ පැමිණිමේදී පංති සඟයින් කිහිප දෙනෙක්ද ඔහු සමඟ පැමිණි අතර දින ගණනාවක් ජයම්පතිගේ නිවසේ ගතකොට යාම සිරිතක් විය.
"චුටි මහත්තයා ඕං මං කංකු තෙල් දාලා ගත්තා,
මහත්තයා ඉස්සර හරිම කැමැතිනේ...
උදේ ආහාරයෙන් අනතුරුව ජයම්පති ගමේ අවුරුදු උළෙල සදහා යාමට පිටත් විය.
ජයම්පතිගේ පැමිණිමේ ආරංචිය සමඟම උත්සව සංවිධායක තරුණ නඩය ජයම්පතට ඒ සදහා ඇරුයුම් කර තිබිණි.
පාසල් අධ්යාපනයෙන් අනතුරුව විශ්ව විද්යාලයේ භෞතික විද්යා පාඨමාලාවක් හැදැරු ජයම්පති එහිම කථිකාචාර්යවරයකු ලෙස සේවය කරේ ඔහුගේ උසස් සාමාර්ථය නිසාය.
ඔහු විසින් ඉදිරිපත් කල "විකල්ප බලශක්ති" පර්යේෂණය හමස් පෙට්ටියට විසි වුණ ද ඒ සබැඳිව ඔහු ලියු ලිපි හරහා විදේශ රටක් ජයම්පතිට එරට බලශක්ති පර්යේෂණායතනයට ඇරුයුම් කලේය.
එහෙත් තම රටට ඉටු කල යුතු සේවය වෙනත් රටකට ලබා දීයු යුත්තේ ඇයිදැයි යන ප්රශ්නය සිත තුල හොල්මන් කල බැවින් ජයම්පති ඒ පිළිබදව උනන්දුවක් දැක්වුයේ නැත.
එහෙත් දිගින් දිගටම ජයම්පති මහතාට විවිධ අපහසුතාවයන්ට මුහුණ දිමට සිදුවුයේ ඔහු විසින් බලශක්ති අර්බුදය සම්බන්ධයෙන් ඉදිරිපත් කල මතවාදය නිසා විය යුතුය.
අවසන එය සිදුවිය.
ජයම්පති මහතා මෙරට අතැර විදෙස්ගතවිය.
එරට ඔහුව සාදරයෙන් පිළිගත්තේය.
ජයම්පති මහතාගේ දැනුමින් එරට පාලකයෝ යහමින් ප්රයොජන ගත්තෝය.
ශබ්ද විකාශන යන්ත්ර හරහා ඇසෙන්නේ ජයම්පති කුඩා කල ඇසු අවුරුදු ගීතමය.
එහෙත් එකෙල මෙකෙල වන තරුණ තරුණියන්ගේ ඇදුම් ආයිත්තම් නම් වෙනස්ය.
"මෙන්න අපි දැන් අාරම්භ කරන්නේ බොහොම විනෝදමත් තරඟයක්,
ඔව් කුක්කු බීමේ තරගය.....
හහ් හා........
නෑ...... නෑ ..
මේ තරගය තියෙන්නේ කෝඩුකාර නංගීලාටයි, විසේකාර මල්ලීලාටයි...
තරගයට සෑහෙන ඉල්ලුමක් තියෙන හින්දා සංවිධායක මණ්ඩලය තීරණය කරා මුලින්ම නම දුන් ජෝඩු දහය ..
මේ තරගයට ගන්න......."
"ඒ වගේම මේ වන කොට අපේ සැඟවුණු අමුත්තා අත් කොට කමිසයක් අැදගෙන පිට්ටනියේ එහා මෙහා යනවා.......
ඕන කෙනෙක්ට පුළුවන් ඔහුව හඳුනා ගැනීමේ තරගයට ඇතුල් වෙන්න.....
ඒ සදහා අපේ කාර්යාලයට රුපියල් පනහක් ගෙවලා කුපන් එකක් ගන්න,"
ජයම්පති මහත්තයා පිට්ටනියේ එහා මෙහා ගියේ අවුරුදු තරග දකිමින්.....
එක තැනක පස්සේ හයි කල බැලුම් පිපිරවිමේ තරගයක් දිහා අත්පොලසන් දෙමින් හුරේ දාන පොදියක්.......
තමන්ගේ පිටට තට්ටුවක් දානවා දැනිච්ච ජයම්පති මහත්තයා හැරුණා.....
"මහත්තයා නේද සැඟවුණු අමුත්තා"
ජයම්පති මහත්තයාට විදුලි සැරයක් වැදුණේ ඒ ගව නෙත් දෙක දැකලා......
ඒ.......හ්....
********************************
ඒ ජයම්පති උසස් පෙල පංතියේ ඉගැනුම ලබන වකවානුවයි.
අවුරුදු නිවාඩුවට පැමිණි මිතුරු කැල ඉක්මනින් යාමත් සමඟම ජයම්පතිට දැණුනේ පාළුවකි.
නිවසේ ගුණපාල පමණි.
පියාණන් ව්යාපාරික කටයුතු සදහා බැහැර ගොස්ය.
මිදුලේ රවුමක් ගැසු ජයම්පති හෙමිහිට සිය රබර් වත්ත දෙසට ගියේ අරමුණක් රහිතවය.
රබර් වත්තේ කැපුම්කාරයන් සහ කැපුම්කාරියන් යුහුසුළුව කිරි එකතු කරමින් , නව කැපුම් යොදමින් සිටියි.
අංක 07 කට්ටියට ඔබින් ඇත්තේ කජුලන්දයි.
එහි කජු , කීන, දං, ගොරක යහමින් තිබේ.
ගම පැත්තෙන් එන කොළු කුරුට්ටන්ට මුරකරුගෙන් ලෙහෙසියෙන් බේරි ඇතුලට පැමිණිය නොහැක.
පෙතං කජු ගසේ අතු සරබර ගාන්නේ ඇයි?
උඩ බලමින් පැමිණි ජයම්පති දුටුවේ
කජු ගස උඩ සිටින යුවතියකි.
නිල් පෑ ගවොමක් ඇද සිටි ඈ සිය කාර්යටම සිත යොමා සිටි බැවින් ජයම්පතිගේ ආගමනය නොදුටුවාය.
ගස මුලට පැමිණි ජයම්පති ඉහල බැලුවේය.
ජයම්පතිගේ ඇඟපුරා කිතියක් දිවෙන්නට විය.
"එයි.........
කවුද මේ හොරා....
අපේ කජු කඩන්නේ.......
බහිනවා ......"
ජයම්පති එළියට නොදැමු සිනාහවකින් මුරගෑය.
යුවතිය වහ වහා බිමට බසින්නී.
කලබලය නිසාම බිමට ආසන්න අත්තකදී පය පැකිලි ඇද වැටිණි.....
කජුකොල ඇතිරිල්ල මත වැටි ඇයගේ අකීකරු ගවොම රතට හුරැ සුදු පෑ දඟයුග නිරාවරණය කරමින් ඉහලය.
අනපේක්ෂිත ආගන්තුකයාගේ පැමිණිමත් සිදුවු අකරතැබ්බය නිසාත් යුවතීය ශෛලමය ප්රතිමාවක්ව ගොසිනි.
යුවතිය අසල දණ ගසා ගත් ජයම්පති ,
"එයි....එයි..... මොකද වුණේ, විමසුවේ නැඟි සිනහව එලියට අදිමිනි.
යුවතීය සිය ගව නෙත් විවර කරේ අතිශය භීතියෙනි.......
"අනේ මහත්තයා මට යන්න දෙන්න,
දවල්ට උයන්න කජු නාඹර ටිකක් කඩා ගන්න ආවේ....."
ඇයගේ දැස කොනකින් කඳුළු බිංදුවක් පනින්නට ආසන්නය.
"හරි , හරි.......දැන් ඉතිං නැගිටිනවා..."
සරාස් ගා නැගිට්ට යුවතිය ගවොමේ පසෙක එල්ලාගෙන සිටි කුඩා මල්ලක් ජයම්පතිට පෑවාය.
"තියාගන්නවා .......ඕක.....
මොකක්ද තමුන්ගේ නම......
"මියුරියල්......
අය්යට මතක නැතුව ඇති අය්යා ශිෂ්යත්වේ පාස් වෙලා යන උත්සවේ මල්මාලේ දැම්මේ මංනේ......."
ජයම්පතිට ඒ හුරුබුහුටි දැරිය සැනකින් සිහියට ආවේය.
"අපේ ගෙවල් මේ ලග.....
අද අපේ ගෙදට්ට නෑයෝ එනවා..
එකයි කජු නාඹර ටිකක් කඩාගෙන යන්න ආවේ...."
"හොඳයිනේ ඔහොමත් කෙල්ලො ගස් යනවාද?
මං උඩ බලපු වේලාවේ මගෙත් ඇස් නිලංකාර වුණානේ......."
මියුරියල්ගේ කොපුල විලියෙන් රත් පෑ විනි.
***************
"ආ..........
මේ දුවගේ අම්මා මියුරිල්ද?"
"ඔව් අංකල් අම්මාව අදුරනවාද?....
අම්මා නම් ආවේ නෑ........
අම්මා අදත් ඩියුටිනේ....
අවුරුදු නිසා ස්පෙෂල් ඩියුටි......
හදිසි අනතුරු වැඩියිනේ.......
මායි මල්ලී , තාත්තයි උත්සවේට ආවා.
ඉතිං අංකල් ,
අංකල් නේද සැඟවුණු අමුත්තා"
ඇගේ කට කතුරකි.
කජුගහ මුලදී ජයම්පති නැගු සිනහවම යලි ජයම්පතිගේ මුවට පැමිණියේ නිතැතිනි.

Sunday, March 19, 2017
පුස්තකාලේට පොත් ගෙනත්
හද රවුමට පායලා. පොල් ගස් අස්සෙන් පායපු හදේ එළිය තීරු තීරු ඉරලා මිදුලට වට්ටනවා. සේපාලිකා ගහ ගාව සිමෙන්ති බංකුවේ වාඩි වුනේ හද එළියේ ලස්සන බලන්න.
තරුවාත් කොහේදෝ පාඡාවක ගිහින් මං ඉන්නවා දැකලා කකුල් දෙක අතරට අනාරාධිතව ආවා. අද දවස මට විශේෂයි. එත් ඒ කොහොමද?
මම වැඩ කරන්නේ චුට්ටං ඉස්කෝලේක . එ්ක දුෂ්කරයි කියලා මට නං මොහොතකටවත් හිතෙන්නේ නැහැ. එත් එක අධ්යාපන අමාත්යාංශයට දුෂ්කරයි . අර කියමනක් තියෙනවානේ කරවිල ගෙඩියේ ඉන්න පණුවට එක තිත්ත නැත කියලා. මේ ඉස්කෝලේටම ඉන්නේ සිගිත්තෝ 61යි.
කාර්යාලය කියලා බෝඩ් එක ගහලා තිබ්බ කාමරේට මං ගිය මුල් දවසේ මට පුදුමත් හිතුණා. මේ තරම් සකසුරුවම් කමක් කියලා. එකේ බැට් බෝල, රබන්, පොත්. තණකොළ කපන මැෂිම ද කොටින්ම ඉස්කෝලේකම බඩු කාර්යාලේ පුරවලා.
ඉස්කෝලේ වටේ ටිකක් කැරකුනාම මං දැක්කේ හරි ම සුන්දර පරිසරයක් . පිට්ටනිය මායිම් වෙලා තිබුනේ හොරකැලේ රක්ෂිතයට. ඉදලා හිටලා රිලවෙක් දෙන්නෙකුත් කඩාගෙන ආවට, ඉස්කෝලේ බල්ලෝ තමන්ගේ අයිතිය පැහැර ගන්න උන්ට ඉඩ තිබ්බේ නැහැ.
ඔපිස් කාමරේ මුල්ලක තිබ්බ වානේ අල්මාරියක් ඇරියම මළලසේකර ශබ්දකෝෂ 6 ය 7ක් එක්ක පොත් 60 - 70වක් තිබ්බා. ඒ තමා ඉස්කෝලේ පුස්තකාලේ.
මට දුක හිතුණා. ළගම පාසල හොදම පාසල නේ
මං නවකතා පොතක් මුලින්ම කියෙව්වේ පෙරේරා ටිචර්ගේ තුනේ පංතියේ ඉන්දැද්දි, පැදුරක් අස්සේ ඉදං. එදා ලොකු අම්මගේ උකුසු ඇසට එක අහුවෙලා ගුටිත් කෑවා. ඒ කාලේ නවකතා කියවන එක පොඩිවුන්ට අහිතකරයි කියලානේ ගොඩාක් දෙනා හිතුවේ. බටුවත්තේ මහජන පුස්තකාලේ විවෘත කරපු දවසේ මායි චන්දනයි පුස්තකාලේ ජනේලෙන් බලාගෙන හිටියේ අාසාව වැඩිකමට. එදා ජෝෂප් මයිකල් පෙරේරා ධිවර ඇමැති සහ ජාඇල ආසනේ මන්තීර්. මේක දැකලා අපි දෙන්නාව ඇතුලට අරං ගිහි සාමාජීක වෙන්න ඉල්ලුම් පත්ර දෙකක් දුන්නා.
“මට බැරිද මේ ළමයින්ට කියවන්න සුදසු පොත් ඉස්කෝලේ ඇතුලේ වැඩි කර ගන්න“
ආව දවසේ මුලටම හිතුණ දේ එක.
අපේ Orientation Program දි අපි තර්ක විතර්ක වැඩිපුර කලේ අන්තර්ජාලය ගැන සමාජ ජාල අඩවි ගැන. ගොඩාක් සේවාරම්භක විදුහල්පතිවරුන් අන්තර්ජාලය හදුන්වන්න පාවිච්චි කලේ අනතර්ජංජාලය කියන වචනය. අපි නම් කිවේ බ්ලේඩ් එකත් මාරාන්තිකයි කියන එක. මට FB එකේ මිතුරො ඉන්නේ සොච්චමයි. ඒ හින්දා මං හිතුවා පොඩි post එකක් වැඩි දෙනෙක් ඉන්න පෙඡ් එකක දාගන්න.
මං මුලින්ම කොරියාවේ ගිහින් ඉන්න අනුරාධපුරේ ඉස්කෝලේක පරණ ගෝලයෙක්ගෙන් මේ උදව්ව ගන්න වැඩේ දැනුම් දුන්නා. මං ඉල්ලුවේ POST දාලා දෙන්න කියලයි. දෙය්යනේ එයාලා කොරියාවේ පන්සලක් හදන හින්දා ලංකාවේ දරුවන්ට පොත් ගන්න උදව් කරන්න අමාරුයි කිව්වා. මං ඉතිං සාධුකාරයක් දිලා Beyond the mirror පේජ් එකේ ඇඩ්මින්ට කථා කරලා විස්තරේ කිව්වා. එතුමා ගොඩාක් මේ ගැන උනන්දු වුණා. .එතුමා පෝස්ට් එකක් දැම්මා.
ඒ වගේම සිංහල බ්ලොග් කරුවන් අතර ඉන්න හිතහොද මානවවාදියෙක් වන ලක්මාල් කන්දේවිදාන මහත්මයා, මං එතුමගෙනුත් උදව් කරන්න කියලා ඉල්ලපුවාම එතුමාගේ අටම්පහුර බ්ලොග් අඩවියේ මේ ගැන දැන්වීමක් දැම්මා.
අපේ ළමයි ටික වාසනාවන්තයි.
ලංකාව පුරාම කට්ටිය පොත් එව්වා. සුමනේන් දෙකෙන් මට මගේ ඉලක්කයට යන්න පුලුවන් වුණා . අද වෙද්දි මේ ළමයින්ට කියවන්න පොත් 1770ක් තියෙනවා.
මං කාර්යාලේ ඉස්සරහට වෙලා පාර දිහා බලාන හිටියේ නිකමට වගේ. ඈතින් හති හලාගෙන ආපු සපාරි බයිසිකලයක් තද බ්රේක් එකක් එක්ක ඉස්කෝලේ ගේට්ටුව ගාව නැවතුණා.
බයිසිකලේ හිටියේ තරමක වියපත් යුවලක්
නෝනා බෑග් එකක් කරේ දාගෙන හිිටියේ
මහත්තය බයිසිකලේ ගේට්ටුව ගාව නැවැත්තුවා . අර නෝනා ෂොපිං බැග් එකක දාගත්ත පාර්සලයක් පපුවට තුරැලු කරගෙන වටපිට බැලුවේ තරමක විපිලිසර නෙතු බැල්මක් රදවගෙන. මාව දැකල දෙන්නම මං දිහාවට ආවා.
“ලොකු මහත්තයා කවුද“
ඒ පිරිමියා
මං හිනාවෙලා දෙන්නව පිලි ගත්තා
දැන් අපි විස්තර කතා කරනවා.
“පාන්දරින් ආවේ මහත්තයා හැතැක්ම 30- 40ක් විතර තියෙනවා මගේ හිතේ, නේද හාමිනේ“
“ඔව් අපි පාර දන්නේත් නැහැනේ, අහං එන්න වෙන හින්දා ටිකක් කලිං ආවා“
මම දවසක් අනුරාධපුරේට මගේ ඩිස්කවරි බයිසිකලෙන් ගිහිං එපා වුනා. පස්ස පැත්ත ගන්න දෙයක් නැහැ.
“මහත්තයාගේ පුස්තකාලේට පොත් එකතු කරනවා නේද?“
“අපේ මිණිබිරි තමා විස්තරේ කිව්වේ, ඔය කොමිපියුටරේ මොකක්ද එකක දාලා තිබුණයි කියලා“
“අපි ඉතිං ලොකු සල්ලි කාරයෝ නම් නෙවේ“
“අපිට පුලුහං විදියට පොත් ටිකක් ගත්තා“
“මෙවා හොදයි ද බලන්නකෝ මහත්තයෝ“
මේ විසල් හදැති යුවල ටදිනිට පොත් ටික දුන්නේ දෑතින්ම
“මහත්තයෝ මට පොත්නං ගන්න පුලුවන් වුනේ ඔච්චරයි , එත් මහත්තයා මට පුස්තකාලේ හදන දවස කියන්න මං එනවා දවස් දෙකක් තුනක් වැඩ කරලා දෙන්නම්. මගේ රස්සාව මේසන් වැඩ “
මං ඉංග්රීසි ම්ස්ට කතා කලේ ඔලුවෙන්.
වැසිකිලියට යාමේ ඇවැසියාවක් නොවුණත් මං වැසිකිලියට ගියා. ඇස් එහෙම හොදට හෝදගෙන විනාඩි කිපයකින් මං අපහු ඔපිස් එකට ආවා .
ඉංග්රීසි මිස්ගේ ඇස් දෙක ජීල් බෝල වගේ රවුං වෙලා. මං එනකොටම ඇය හනි හනිකට පැන ගත්තා.
ඒ උත්තුංග මානවයන් දෙපලගේ නික්ම යාම මං බලාගෙන හිටියේ සියලු මිනිස් වග මෙසේ වන්නේ නම් යන හැගුමෙන්
😅

ඔය තුනේ සැට් එක පුස්තකාලේට ගිහින් පොත් කියවනවා

Thursday, November 10, 2016
මේ මනරම් පුරේ උපදින්නට වාසනා
පසුදා පටන් මේ නව බදු පුර වැසියන්ට පනවන ලදින් පුර වැසියෝ ප්රීතීයෙන් භ්රාන්ත වී අර කී කටයුතු පසුවට කල් දමන්නට වන්හ.
ඉදින් දැන් මේ පුරවැසියෝ.............................
Sunday, August 7, 2016
අලුත් සර්
අදින් දසක 2 කට ඔබින් වූ දිනක දුෂ්කර පාසලක බිහිදොර අබියස එකල මෙකල වන ගැටවරයෙකි. ඔහු නොඉවසිල්ලෙන් බව පේනේ . කාර්යාලයෙන් මතු වන හිසක් හිස වනා මේ ගැටයා කැදවයී.
"පුතා වැඩ බාර ගන්නද ?" ලොකු සර් පුතාගේ ලොකු තාත්තාය. පුතාගේ මේ පෑමිනිම අලුත් ගුරුවරයකු ලෙස වැඩ බාර ගැනීමටයි .
"කෝ ඔලුව පිරගනවත් නැහැ"
ලොකු සර් සාක්කුවෙන් ගත් පනාවකින් පුතාගේ අකීකරු කෙස්ස පීරා දමයි .ලොකු සර් ගුරු පුතාට දිග උපදෙස් මාලාවක් දෙන්නේ සතුටු සිතින් බව පෙනේ .
"දැන් මහත්තයා යන්න 10 පංතියට."
පුතා ඉනි දහදිය සගවමින් පංතිය සොයා යයි .
ගුරු පුතා ගුරු පුතාට දෙතුන් වසකින් ලපැටි සිසුන් රංචුවක් මැදය . ඔවුන් ඇතැමෙක් ගුරු පුතාගේ කෙළි සගයන්ය.
ඉතිං අපිට දැන් විද්යාව සර්ද කරන්නේ ? පාඩම අරබන්නේ සිසුන් ය .
අමාරු ආරම්බය පමණක්ම බව පසක් වේ .
පැරණි ගුරුවරුන් කිහිප දෙනක්ම පැමිණ හැරි යයි .ගුරු ගැටයාට කාලජෙද සීමා හඩ නිනව් නැත. සිසුන්ට පාඩම රසබරය. විදුහල්පති රවාගන පංති කාමරය අසබඩය.
අවවාදය මිහිරිය. සීනු හඩ පාසලක අඥාධිපතීෙයක් බව ෙහ් හිස වනා පිලිගනි. ඉදින් දැන් popler පැල සිටුවන්න කාලයයි.
Monday, August 1, 2016
ළිද නැතිවිම
පහුගිය දිනවල විදුහල්පති පුහුණුවට සම්බන්ද වුනා. හැමෝම වාගේ පුහුණුව ෂෝක් කිව්වා. දැන් පුහුණු ලාභින් ආපහු පාසල්වලට මුදා හැරලා. හැබැයි පරන පුරුදු විදිහට ගුරුවරුන්විදිහටමයි.
පුහුණුව මොකටද? .....
වැඩය හරියට කර ගන්න බැරි නම් විභාගය පවත්වන්නේ නැතිව ඉන්න ඒක තමා කරන්න තිබුණේ
.කාටත් පහසුයි යාලුවෙක්ට හිතවතෙක්ට ජොබ් එක දෙන එක
එක් පාසලක භාන්ඩ සමීක්ෂණයක් සදහා මාත් සහභාගී වුණා. ඒ මිට අවුරැදු ගණනකට ඉහත්තෙන්.
අපොයි දෙය්යනේ, ඔබ දන්නවාද? ඒ විදුහලෙ ළිද ඉන්වැන්ටිගත කරලා තිබුණා. හා එක කමක් නැහැ කියලා අත හැරලා දාමුකෝ
පස්සෙන් පහු විදුහල්පතිතුමා තොග පොතින් ළිද ඉවත් කරලා.............
Subscribe to:
Posts (Atom)