Pages

Sunday, January 29, 2017

කලු බංඩා ඉස්කෝලේ මහත්තයා




නුවර කලාවි‍යේ මායිමක පිහිටි ගම්මානයකි අප්පුවා හූ කියාපුවැව. එහි උරුමක්කාරයෝ වැඩිය හිටියේ නැහැ. ගමේ ඉස්කෝලේ තිබුනේ වැව ඉස්මත්තේ. ඉස්කෝලේට උඩහින් තිබ්බේ ලන්ද. ලන්දට එපිටින් මුකලාන. ගමේ ඉස්කෝලේ පංති පහයි. ගුරුවරු තුන් දෙනයි,ලොකු මහත්තයයි. දැන් ඔය ඉස්කෝලවල අකිල මහත්තයා දාලා ඉන්නවා වාගේ නිකම් ඉන්න අනධ්‍යන කාර්ය මණ්ඩලය කියලා එකක් තිබ්බේ නැහැ. එත් වැඩ ටික ටක්කෙට කෙරුණා.

ගුරු නිවාසයේ පදිංචිව හිටියේ කලුබංඩා මහත්තයා. ලමයි නැහැ . සුමනාවතී නෝනාත් ඉස්කෝලේ හාමිනේ කෙනෙක්. මේ ගොල්ලන්ට තිබ්බා සුසුකී 50ක්. ඔකෙන් තමයි ගමන බිමන. ඒකියන්නේ ටවුමට යන්නේ වතුර ටික ගෙන්නේ කඩ පිලට යන්නේ සම්‍යක් සියලු ගමන්. දවසක් කලු බංඩා මහත්තයා නෝනත් කැන්දගෙන ටවුමට ගියේ වැඩ රාජකාරි ගොඩකට. පඩියෙන් පස්සේ දවසනේ. උවමනා එපාකම් බොහොමයි. ඒ සන්දියේ ඔය හෙල්මට් නීතිය පටන් ගත්ත අලුත. ගොඩක් අය හෙල්මටය පැලන්දුවේ අතට පොලිස් රාළහාමිලා දැක්කොත් තමා හෙල්මට් එක හිසට වැඩැම්මුවේ. කලු බංඩා මහත්තයාගේ හෙල්මට් එක සුමනාවතී ඉස්කෝලේ හාමිනේ අතින් එල්ලාගෙන පස්සෙන් වාඩි වෙලා . යකාගේ වංගුව පහු කරලා ප්‍රධාන පාරට දානවත් එක්ක මාර සේනාධිපතියෝ දෙන්නෙක් වාගේ රාළහාමිලා දෙන්නෙක් ඉස්සරහ.

        “ගෑනියේ හෙල්මට් එක දාපිය රාලහාමිලා ඉස්සරහ“

කලු බංඩා මහත්තයාගේ මොර ගැමට සුමනාවතී හාමිනේට ඉස්පාසු නැති වුණා.

රාළහාමිලාගේ තැරිය පල්ලේ බයිසිකලය නවත්තා ගත්තේ කලු බංඩා මහත්තයාගේ දස්ස කමට.........

හාමිනේ හෙල්මට් එක දාලා තිබුණේ ඉස්සර පැත්ත පස්සට, පස්ස පැත්ත ඉස්සරහට.

රාළහාමිලා දෙන්නත් හිනා කට වසං කර ගෙන හිටියේ බොහොම අමාරුවෙන්,

හෙල්මට් පැළදිය යුතුවා මිසක් එක පැළදිය යුතු පැත්තක් නීතියේ නැහැනේ, කලුබංඩා මහත්තයා රළහාමිලාගන් සමු අරන් ගමන අරඹුවා, හැබෑයි යනකන් එනකන්, පස්සෙන් පහු ගෙදර ඇවිදිල්ලාත් සුමනාවතී හාමිනේගේ කණ පිරෙන කුණු බැණුම් නම අහවර වුණේ නැහැ........

Saturday, January 28, 2017

තිසරුන් ආසයි මුහුණ බලන්නට


හිරු බැස යන හෝරාව. ගස් අතරින් රත්පැහැ හිරු කිරණ පෙරී ඇවිත් පොළවේ රටා ඇදලා.ඒ රටා ළස්සණයි.ඒ අතරේ පාරේ අතින් රැවක් මතු වුණා . ඒ නැඹුල් තරුණියක්. ස්වභාවේ ලස්සන පරයා මනෙතු ඈ වෙත ඇදෙන්නේ කිම. හිතුවත් ඈ වෙතින් ඇස් ඉවත් කර ගන්න බෑ. දශක හතරක් දිවි ගත කෙරුවා වුණත් මේ අරුමය කිම.
(ස්ත්‍රී රුපය මෙන් පුරුෂයාගේ සිත හාත්පසින් මැඩගෙන සිටින අන්‍ය ධර්මයක් මම නොදකිමි” - ගෞතම බුද්ධ (අංගුත්තර නිකාය. තික නිපාතය)
පිරිමියාට කාන්තාව තරම්, කාන්තාවට පිරිමියා තරම් රසදුනක් තවත් නොමැති බව කියවෙනවා. ඒ සත්‍යය මත පදනම්ව මගේ ස්වභාවේ අරුමයක් නැහැ.
ස්ත්‍රී ශරීරයේ අන් සියලු අංග අභිභවා පියයුරු කෙරේ පිරිමි සිත ඇදි යාමේ රහස කුමක්ද? ස්ත්‍රී ජනනේන්ද්‍රිය වෙත අවධානය යොමු විම බ‍ෙහෙවින්ම සීමාසහිතය අනෙක් අතට සිරුරේ අන් කොටස් වෙත යොමු විම ප්‍රමාණවත් නැත.
පියයුරු හදුන්වාලන සංකේත නාමයන්ගේ සංඛ්‍යාව මවිත කරවන ස්‍රුථය.
  • කැට්ස් ඇන්ඩ් කිටීස්
  • චාලි විලර්
  • ගෝල්ඩන් ඇපල්
  • බබීස්
  • ඩිඩීස්
  • බූබ්ස්
  • බ්‍රීස්ටල්ස්
  • හුවර්ස්
  • ජග්ස්
  • නොකර්ස්
ලංකාවේ අපිත් ඒ අතින් අසමත් නැහැ

  • තන්
  • පියයුරු
  • රණහංසයෝ
  • රන් තැඹිලි
  • පයෝධර
  • ගැට
ස්ත්‍රී පියයුරුවල වර්දනයේ අවස්ථා අනුව අකාර හතක් පමණ තිබේ.
  • ළමා වියේ නිපල පියයුරු
  • ගැටිසි වියේ පියයුරු
  • තරැණ වියේ උල් පියයුරු
  • වැඩිහිටි වියේ තද පියයුරු
  • මව් පිරැණු පියයුරැ
  • මැදිවියේ එල්ලා හැලෙන පියයුරු 
  • මහලු වියේ  පැද්දනෙ පියයුරු
සමාන්යෙන් පියයුරු මාතෘත්තවය හා සබැදුනක් ලෙස සැලකෙතත් එය අභියෝගයට ලක් ව ඇත. මන්ද එහි වු උඩට ගැස්සි ගත් ස්වභාවය අනුව නැහැඹුල් මවක් අසීරුවේ වැටෙන නිසයි. කිසිදු කිරි දිමේ බෝතලයක් පියයුරක් ආකාරයෙන් නිමවා නැති විම ඉහත කී කරුණ සනාථ කරවයි.
එය හුදෙක් කාමුකත්වය බැදී අතර බෝහෝ විට ඉස්මතු කිරීමේ වැයම අතීතය 1907  තෙක් විහිදේ. ඒ පෝල් පෙයෙරෙ යට බොඩිය හදුන්වා දිමත් සමගය.
2002 වර්ෂයේ ඇමරිකානු කාන්තාවන් මිලියනයකට අධික සංඛ්‍යාවක් පිපයුරු වල පෙනීම වැඩි කර ගැනීමේ සැත්කම කරවා ගෙන ඇත.