Pages

Tuesday, June 27, 2017

කණේ අමාරැව



දේ පාන්දර පුංචි පැටික්කෝ ඉස්කෝලේට එනවා. බලන්න ලස්සණයි. කොහොමටත් වෙනත් සේවා ස්ථානයකට සාපේක්ෂව පාසලක අමුතු ජීවි ගතියක් තියෙනවා. පාසලක් පාසලක් වෙන්න ළමයි විතරක් ඉදලා හරියන්නේ නැහැ. ගුරුවරු  එ් හැරුනාම විදුහල්පති එහෙමත් ඉන්න ඔන.

 ඉස්සර පාසල් වල නම් ඔය තුන් ගොල්ල ඇරුනාම වෙන ඈයෝ පාසලක එහෙමට කියලා හිටියේ නැහැ. මං ගිය පාසලේ කැන්ටිම කරපු ෂෙල්ටන් අය්යා, වෙරලු ආච්චි, අයිස්ක්‍රීම් වෙළෙන්දා එහෙම තමා වෙන අය විදිහට පාසලට ආව ගියේ, දැන් නං පාසල් වල ගරුවරුන්ට වඩා ඉන්නේ අනධ්‍යන සේවක මණ්ඩලය. අප්පේ ඒ මහත්වරු නෝනලා විදුහල්පතිටත් එහා. ඇත්තම කියනවානං අධ්‍යාපන ඇමැතිතුමාගේ කට්ටියනේ එහෙම නැතුව කොහොමද?

පාවර වැව ඉස්කෝලේ ලොකු මහත්මයා කලුබන්ඩා මහත්තයා. නම වාගේම තමා පාටත්. කොණ්ඩේ ගෙල දක්වා වවලා. සුදු ජාතික ඇදුම ඇදලා ඉන්නකොට මතක් වෙන්නේ ගායකයෙක්. ඉස්කෝලේ ගුරු මංඩලේ හත් දෙනයි. 

වැඩි හරියක් නෝනා මහත්තරු. මම නම් කල්පනා කරන්නේ නෝනා කියන එකට මොකටද ඔය මහත්තයා කියන කෑල්ල අලවන්නේ කියලා. කෝම වුණත් නෝනා කෑල්ල නැතිව මහත්තුරුන්ට හිටියේ ලොකු මහත්තයා ඇරුණාම ගුණපාල මහත්තයයි නැටුම් මහත්තයයි  විතරයි. ගුණපාල මහත්තයාගේ ගුණ තිබුණේ නමට විතරයි. හැන්දැ කොරේ ගම්මැද්දේ පාජාවේ ගිහිං ආපිට ඉස්කෝලේ ගුරු නිවාසේට එන්නේ කලුවරත් ඇන්නං, ඒ එන්නේ තුත්තිරි ගස් ගනං කොර කොර. ගුරු මණ්ඩලේ නෝනා මහතැන්ලා කියන්නේ ගුණපාලගේ කට මහබබාගේ නෝනා කපාපු එකක් කියලා. කිව්වොත් හරුපයක්.;

කමලාවතී නෝනා මහත්තයා තමන්ගේ පාඩුවේ දෙකේ පංතියට උගන්නාගන පාඩුවේ උන්නු බබලතීයක්. අරකිව්වා වාගේම බබලතී තමා. කමලාවතී නෝනාගේ මහත්තෑං රාජකාරි කරන්නේ ලග ටවුමේ පොලීසියේ. රාළහාමි කෙනෙක් කියන්නේ ලේසි පාසු තනාත්තරයැ. ඇදුම තියේද්දි ඉතිං ගමේ රජා. දැන් කාලේත් ඉතිං ඔය රජ්ජුරුවරුන්ගේ එක එක කයි කතාන්දර පත්තරවල රූපවාහිනි වල වැටේන්නේ.
මේ දෙන්නා කසාද බැදලා ඒ හැටි කාලයක් නෑ. තාම ඉතිං දරු පැට්ටෙක්ගේ හුරතල් බලන්න කාලයක් ගිහි නෑනේ. නැත්ත ඉතිං පොලෝසියේ මහත්තුරු විශ්ව විද්‍යාල සිසුන්ගේ ඔලු පලන විදිහට ඔය ඔන එකක් පලන එක මහ කජ්ජක්යැ.
හවස් කරේ ගම්මැදේ රස්තියාදුවක් දාලා ආපිට එන ගුණපාල මහත්තයාට කමලාවතී නෝනා මහත්තයාගේ ගේ ගාවින් කමලාවතී නෝනා මහත්තයා මුණ ගැහුනේ අහම්බෙන් 

“අප්පේ මට ගුණපාල මහත්තයා මුණ ගැහුනේ හොද වේලාවට , මං මේ ලොකු මහත්තයාලැ දිහා යමින් ගමං“ 

“මොකද කමලාවතී නෝනා මහත්තයා, ඇය් අද මහත්තයා ගෙදර නැතුවදං ලොකු මහත්තයා හොයං යන්නේ“

“ නෑ ගුණපාල මහත්තයා මට මේ නිවාඩු ඉල්ලුම් පත්තරයක් දෙන්න තියෙනවා  හෙට මේ පොඩි ගමනක් යන්ට “

නිවාඩු ඉල්ලුම් පත්තරය ගුණපාල බොහෝම සුරැකිව බැනියමට යට කර ගෙන ගුරු නිවාසේට ගියා.
පහුවදා කමලාවතී ටිචර් ඉස්කෝලේට ආවා. ලොකු මහත්තයා බොහෝම පංකාදු හිනාවක් දාලා....

“ආ නෝන මහත්තයා දැන් අමාරුව හොදද“ 

 කියලා ඇහැව්වේ . වෙනදා පුරුදු විදිහට නම් නෙමේ. පපුව පැත්ත දිහා බලාන වගේ කමලාවතී ටිවර්ට හිතුණා.

අඹ ගහ ගාවින් නැටුම් මහත්තයාත් කට කණ ගාවට අරගෙන 
“කව්ද නෝන මහත්තයා බේත් කරේ මහත්තයා ද“
 කියලා ඇහැව්වා
ඇත්තටම නිවාඩු ඉල්ලුම් පත්තර වල ඇත්ත කාරණය දාලා නිවාඩු ගන්න සිරිතක් ඒ දවස් වල තිබිලත් නෑ. කමලාවතී ටිචර් අසනීප නිවාඩුවක් තමා අර ගත්තේ.

“හරි වැඩක්නේ මහත්තයා ගෙන් බෙහෙත් ගන්න මං බෙහෙත් ගත්ත ඇති මහත්තයෙක් නෑ“.

පංතියට ගියාට පස්සේ ටික වේලාවකින්  සුමනා ටිචර් කුසුමාවතී ටිචර් එක්ක කෝමල හිනා එක්ක කමලාවතී ටිචර්ගේ දෙකේ පංතියට ආවා.

“ආ මේ ඔයාගේ නිවාඩු ඉල්ලුම් පත්තරේ..................“
සුමනා ටිචර් මල් මල් හිනාව පිටින්මයි 

සුමනා ටිචර් නිවාඩු ඉල්ලුම් පත්තරේ ගත්තා ....
නිවාඩු අවශය කාරණය කියන තැන තමන් ලියපු එක ටිකක් වෙනස් කරලා වගේ
කමලා ටිචර් නිවාඩුව ඉල්ලුවේ කනේ අමාරුවට බෙහෙත් ගැනීමට කියලා

ඈ ................

කවුරු හරි ..... කාරය කාරයට හරවලා


 

Thursday, May 18, 2017

ප්‍රේම දඩයම

මල් වත්තක එක එක ජාතියේ මල් තියෙනවා. සමහර එවාට මල් කීවාට මල් පිපෙන්නේ නැහැ. ඔය පර්ණාග වල මල් නොපිපිනාට මල් වතුවල අපුරුවට වවලා තියෙන්නේ. සමහර අය මල් වෙනුවට ඔසු පැලත් ලස්සණට හිටවනවා. මං දැකල තියෙනවා එලවලු වර්ගත් අලංකාරය සදහා වවනවාග එයාලා එකෙන් දෙකක් තුනක් කර ගන්නවා. එහෙම අය තමා වැඩ්ඩෝ.
මල් වත්ත ගැන කිවේ අපේ අතීතය මතක් වුණ හින්දා. මිට දශකයකට කලින් අපේ මල් වත්ත, ඒ කියන්නේ අපේ මොන්ටිසෝරිය අමරසුරිය මුහන්දිරම් ගේ වලව්ව. ඔය වලව්වේ ලංකාවේ හැම පළාතකම මල් පැල තිවුණා. පැල කාලේ නිසා මල් නං එහෙමට තිවුනේ නැහැ එත් අනාගතයේ හොදට මල් දරන බව සාක්කි තිව්නා.
ආදරය කියන එක මානවයාගේ ශිෂ්ටාරගත විම දක්වාම දිවෙනවා ඇති. අපේ ලංකාවේත් එහෙම ආදර අන්දර තියෙනවානේ. අපිට ඉතිං දම්මි සුගත් ආදරය තමා මතක. දේදුණු කැලුම් ආදරෙත් අපේ වයසේ කාට වුණත් කී පමණින් සිහි කරන්න පුලුවන්
අපේ නේවාසිකාගාරේ සුනිලා උස අඩි පහේ පොරක් කියලා හිතාන උන්නු හාදයෙක්. අම්මාර ගම වුනාට අහන කාටත් කිව්වේ කොළඔ ඉදන් එක බස් එකෙන් යනවා කියලයි. මනුස්සයා ගමේ දී ඉන්න තරමක් ගැටිස්සියන්ගෙන් ආදරේ ගැන ඉගෙන ගන්න ගිහිං ආදරය කල් කදුරු කියලා උසික්කා කරල ඒ ගැන කවුරැ හරි කියනකොටත් පරල වෙන සයිස් එකෙන් තමා කතා බහ කරේ.
හැබැය් ඔය මල්සරා කියන හාදයා එසේ මෙසේ පොරක් නෙමෙනේ . විද්දොත් ඉතිං විද්දාම තමා. බණ්ඩත්තර පැත්තේ ඉද ආපු චුටි ගුරු මානවිකාව දැක්ක දවසේ ඉද අපිට රජ මගුල්. රෑ බත් පෙට්ටිය අසරණ වෙලා තියෙන කොට එක අයින් කරන්න උදව් කරන්න හිතවතුන් ගොඩක් හිටියා. අපේ නේවාසිකාරේ භෝජනාගාරේ ඉඩ කඩ සිමා සහිත හින්දා පිරිමි නේවාසිකයන්ට රෑ කෑම එක ලබා දුන්නේ පෙට්ටියකට දාලා. ඔය සුනිලා ජනේල ගාවට ගිහි කාන්තා නේවාසිකාගරේ දිහා බලාන හුල්ල හුල්ල ඉව කරේ අර බණ්ඩත්තරිගේ දර්ශනමාත්‍රයකින් බඩ පුරවගන්න.
දින සති වුණාට මේ ප්‍රේ‍ම කථාව නම් ඇරඹෙන ලකුණක්වත් පෙණුනේ නැහැ.
ඉගැන්විම් පුහුණුවට පාසල් වලට යන්න ඔන උදේ 7ට . මායි සුනිලායි 6ට විතර පාර දිහාට ආවේ උදේ කෑම සුදානම් නැති හින්දා. ගේට්ටුවට මිටර් 10ක් විතර තියෙද්දි බණ්ඩත්තරි තවත් දෙන්නෙක් එක්ක එනවා දැක්කාම අපේ හාදයාට ඉවසුම් නැතිව ගියා
වරේ යකෝ ආ මාතර බස් එකක් එනවා *****ලාට බස් එක නවත්තමු“
සුනිලා මාවත් ඇදගෙන කාල් ලුවිස්ට ආවේශ වුණා.
බස් එක නැවැත්තුවා.
සුනිලා චණ්ඩියා වගේ “ එන්න නංගිලාට යන්න මම බස් එක නැවැත්තුවා“
කියලා බස් එකට නගින්න නංගිලාට ආරාධනා කරා.
“ ආ කව්ද ඔයාලාට බස් එක නවත්වන්න කිව්වේ“
“ අපි මේ ගැමුණු අය්යාගේ කඩේට යන ගමන්“
මාතර බස් එකේ කොන්දොස්තර අය්යා එයාගේ බුරැසු රැවුල උඩට අතගාලා අපි දිහා බැලුවා.
සුනිලා බස් එකට නැගලා ඉස්සරහ ෂිට් එකේ වාඩිවෙලාත් ඉවරයි. ඇත්තම කියනවන මාත් බස් එකට නැග්ගුනා.
එදා අහංගම සාරිපුත්තේ ගේට්ටුව ඇරියේ අපේ සුනිලා......


Friday, March 24, 2017

රං කුරුල්ලා

අදුර තුළ ආලෝකය සැගවෙන්නේ සුර්යයා අස්ථාන ගතවන හෝරාව නිසායි. පලාවන් වලාවක්ව තිබු කළැව සෙමෙන් එහෙත් ක්‍රමිකව කලු පෑයට හැරෙමින් තිබිණි . සියලු දිවාචර වනවාසී  සත්ත්වයෝ සිය විසුම් ඵලවල් කරා හනි හනික පැමිණෙමින් තිබිණි . සියොත් රෑන් රෑන් තම රසිකත්වයේ පරිදි රුක් මතට පාත් විය . මේ නිසා එම මහා වනස්පතියෝ ක්‍රමයෙන් දොඩමලු වී ය. 
ගිරවිය සිය හරිතපියාපත් මානයෙන්විදහා  සිය අසල ලැග හුන් මලීත්තිය ඇමුතුයේ  FM නාලිකා නිවේදිකා ස්වරයෙන්, පෞද්ගලික රූපවාහිනි නාලිකාවක නිවේදිකාවක් අනුයමිනි.
ගිරවියත් මලිත්තියත් දෙදෙනම පෞද්ගලික ආයතනයක උගෙනුම ලද්දේ පරිගණක මෙහෙයුම් ක්‍රමවේදයයි.

“ඔයා දැක්කද හුඹස්ගැටේ ගාව බක්මී ගහේ කපුටි, අද රන් මුදුවක් දා ගෙන හිටියනේ“

“ඔකිට  කොහේන්ද දන් නෑ මුදුව“

“ඔයා දැක්කද හැමදාම එකිගේ ලන්ච් එක එකම වගෙයි මං නං එකි ඉන්න ටේබල් එක ළගටවත් යන්නේ නැහැ “

“තමං කවුද කියලා දන්නේ නැති හැතිකරේ අපේ කැම්පස් එකේ ඩිමාන්ඩ් එකත් ඔකුන්ලා හින්දා නැති වෙනවා“

මේ සියල් වදන් හමුවේ මලිත්තිය සිය විසල් නෙතු අයා ගිරවියට සවන් දී සිටියා විනා මුවින් කිසිවක් නොබිණුවාය. ඒ ඇගේ ස්වභාවයයි. ප්‍රකට ව්‍යාපාරික දෙමහල්ලනගේ එකම දියණිය ඇයි.

ගිරවිය නියම් ගමක මුලින් හොර සුරා විකුට ලද  මුදල් පොලීයට දී එගම් වැසියනගේ රැහිරැ මායමෙන් උරා ගෙන ධනවත් වුවෙකුගේ සිව්වැනි අනියම් බිරියගේ තෙවැනි දියණියයි.

කපුටිය කළමණාකාර සහකාර යුවලකගේ දෙවැනි දරුවායි. උසස් පෙල සමත් වුවද අවශ්‍ය ලකුණු සම්පුර්ණ කර ගත නොහි ඈගේ දෙමාපියන් තමන් නොලද ඉසුරු පතා ඈ මේ පෞද්ගලික විශ්ව විද්‍යාලයට බැරි මරගාතේ බදවන ලද්දීය.

උඩු අත්තේ වසන කෑරළියක් ද  සංවාද මණ්ඩපයට ප්‍රවිශ්ඨ වුවාය.

“ ඔය කපුටි අර රංකුරුල්ලාව වසග කරගෙනනේ. එයා තමා කපුටිට මුදුව දාලා තියෙන්නේ මං දැක්කා වතුර මල ලග බංකුවේ දෙන්නා තනි පංගලමේ කයිවාරු ගහ ගහ ඉන්නවා, අපි පොඩි ශද්දෙකුත් දැම්මා.

ගිරවියගේ නෙතු දැල්වෙන අයුරු කිසිවෙකු දු නොදුටුවාය.

“මොනවා තියෙනවාට ද මන්දා රංකුරුල්ලා ඔය කපුටි පස්සේ යන්නේ, බලමුකෝ නේද?
දින සති වී මාස කිහිපයක් ගත වීය.
බොහෝ දේ සිදු වීය . ඇතැම්වා ගිරවිය හැර කිසිවෙකුදු නොපැතු ඒවාය. එහෙත් ඒ සියල්ල සැබෑවින්ම සිදු විය.

බොහෝ පිරිසක් දේශණ ශාලාවක් අසබඩ වු තුරු ගොමුවක් අස රැස්ව සිටියෝය. විවිධ කතා එහි ඇසිණි.

රංකුරුල්ලා  බිම වැතිර සිටියේය. ඔහුගේ ළය ඉරා තිබිණි. ළය තුල ඇති හද සුන්නද්ධුලි වි ඇති බැව් නොපෙනුනී. අවට සිටි හදවත් ඇත්තවුන්ගේ හද දැදුරුකරවන ස්වරයෙන් වැලපෙන්නී කපුටියයි. 

පසුපසින් සිටි ගිරවියගේ තුඩග රත් පැහැය දැක්කේ මලිත්තිය පමණි . මලිත්තියගේ නුවනග තෙත්ව ඇති බව කිසිවෙකුදු නොදුටුවෝය .