Pages

Monday, September 10, 2018

පිය සමර

අනුරාධපුරයේ මහ ඉස්පිරිතාලෙ , මිනි කාමරේට පිටිපස්සේ තිබ්බ ගුරු පාර දෙපැත්තේ යායට ඉබ්බං  ගස් සාරේට හැදිලා තිබ්බා.

ඒ පාර විහිදුනේ කෝටස් වලට.
අපි එහෙමයි කිව්වේ....
කෝටස් කිව්වේ ඉස්පිරිතාලේ සුළු සේවකයන්ගේ නිවාස.
දිග එක නිවාස සංකිර්ණයක ඇදු ගෙවල් දෙකක් තිබ්බා.
එහෙම තිබ්බ නිවාස ගාන දැන් නම් මතක් කර ගන්නවත් අමාරුයි.
එක ගෙදරකට කාමර දෙකකයි .
පොඩි ශාලයකුයි කුස්සියකුය් තිබ්බේ.

පිටිපස්සේ තිබ්බ වැසිකිළිය😱
එකේ වලේ බාල්දියක්නේ තිබ්බේ.
පෙරැමාල් හැමදාම උදේට ඇවිත් එකේ එකතු වෙලා තිබ්බ දේවල් වැසිකිලිය ඉස්සරහ තිබ්බ වලට දාලා වතුර ගහනවා.
එතනින් පස්සේ මල්ලීගෙයි මගෙයි සෙල්ලම් ගේ එක.
අම්මා කොච්චර පැන්නුවත් අපිට එකට නොගිහින් ඉන්න පුළුවන් වුනේ නැහැ.

තාත්තා ඉස්පිරිතාලේ වාට්ටු කම්කරු..
මං නම් හිතාන හිටියේ එයා තමා එකේ ලොක්කා කියලා........

උදේ පිඹින නලාවට , මායි මල්ලීයි ඉස්පිරිතාලේ කුස්සිය ගාව සියඹලා ගහ ගවට දුවන්නේ පැරකුම් ටින්කිරි හිස් ටින් එකත් අරගෙන.......
තාත්තා පාන් බාගයකුයි, සම්බෝලයි, කිරිතේයි දෙනවා.....
ඒ එයාගේ ඩයට් එකලු.

අපි දෙන්නා එකත් අර ආපහු එන්නේ කාර්වල.......
මල්ලීගේ කාර්එකේ ඇංජීම මගේ එකට වඩා හොදයි.......
ඒ හින්දා මුලින්ම  කෝටස් එකට යන්නේ මල්ලී......
හැබෑයි මගේ ගාව තිබ්බ පාන් මල්ල ඇතුලෙනේ පානුයි සම්බෝලයි තිබ්බේ....
සමහරදාට ජෑම් ගාපු පානුත් තිබ්බා.


තාත්තත් එක්ක හතරේ වාට්ටුවට ගියාම දැක්ක දොස්තර දාගෙන හිටපු නලාවට මට ආසා හිතුණා.
එයා ඇදගෙන හිටියේ තාත්තා වගේ සුදු සරමයි සුදු ෂර්ට් එකයි නෙමේ.
සිවනේෂන් දෙස්තර මහත්තයා සාක්කුවේ දාගෙන හිටපු නලාව මං දවසක් හොරෙන්ම ගන්න කොට එයා එක දැක්කා......
හිනා වෙලා ඔලුව අතගාලා
"පුතා ලොකු වෙලා මේකක් ගන්න"
කීවේ නුපුරුදු සිංහලෙන්.....
රංබණ්ඩා මාමයි, හේමා නැන්දයි මේක දැකලා හිනා වුණා..
තාත්තා මාව වඩාගෙන ප
"පුතා හොදට ඉගෙන ගත්තොත් ඔය නලාවක් දාගෙන මේ ඉස්පිරිතාලේට එන්න පුළුවන්"
ඒ කියන වේලාවේ තාත්තාගේ ඇස් දෙක මට දැණුත් මතක් වෙනවා.

තාත්තා ඒ දවස් වල සාමාන්‍ය පෙල ගණිතයට ගණ හැදුවා.
ඉස්තෝප්පු කෑල්ලේ පැදුරක් දාගෙන මුණිතලාවෙලා ගණ හදනකොට මල්ලීයි මායි, පිටේ නගිනවා.....
අම්මා ඇවිත් අපි දෙන්නව ඇදගෙන හිහින් එළියට දානවා.


පස්සේ තාත්තා කොළඹ NTS එකට ගියේ අම්මාවයි , මල්ලීවයි ආච්චිලාගේ ගෙදර නවත්තලා.........
මම බටුවත්තේ ලොකු අම්මාලාගේ ගෙදර ගියේ ඉස්කෝලේ යන්න........


සාමාන්‍ය පෙල පංතියට යද්දී ලොකුවට හිටි තාත්තා පොඩි වෙන්න ගත්තා......
එයා දන්නේ මොනවද?
කියන දේවල් වලට එරෙහිව කතා කරේ ඒ හින්දයි.

කාලය ගත වෙද්දී , මාත් පියෙක් වුණා...
හැබැයි ඒ වෙනකොට තාත්තා ආයෙම ලොකු වෙන්න පටන් අරං........

පහලම තැනින් පටං අර සෑහෙන දුරක් ගිය කෙනෙක් කියන එක ඒ වෙද්දී තේරුණා.
ආකාලයේ හදිසි අනතුරකින් වියෝවුණත් ,
දැන් දන්නවා එතුමා කෙතරම් ධෛර්‍යවන්තයෙක්ද කියන එක.
ඔහු බලාන උන්නේ මම වෛද්‍යවරයෙක් වෙලා අනුරාධපුරයේ ඉස්පිරිතාලේට යාවි කියලා........
එක ඉටු නොවුණත් අද ඉන්න තැනට එන්න හය්ය ලැබුණු විදිහ දැනුයි තේරෙන්නේ.

අද මම මගේ පුතා දිහා බලලා සතුටු වෙන විදිහට ඔහුත් සතුටු වෙන්න ඇති.

18 comments:

  1. ඔහු සිටින තැනකින් ඔබ දෙස බලා ඒ ගැන ආඩම්බර වෙනවා ඇති. ඔබට ජය.

    ReplyDelete
    Replies
    1. ස්තුතියිි , ඉයන්.........
      🙏❤🌼

      Delete
  2. සංජීව ඉහළට එන හැටි තාත්ත කොහේ ඉදං හරි දැක සතුටු වෙන්න ඇති.

    මම තැනකට එනකොට අපේ තාත්තත් අප අතර නැහැ. තාත්ත හිටිය නම් මම වැරදයට තිබ්බ අඩි බොහොමයක් නොතියන බව විශ්වාසයි.

    ReplyDelete
    Replies
    1. 🤔 මුල ඉදන් මට මේ කණ්ඩා කවුදැයි ?
      දැන් දන්නවා.....
      සස්තුතියිි

      Delete
  3. තාත්තා ගැන ගොඩක් සතුටුයි.
    විවාහයෙන් පස්සෙත් සාමාන්‍ය පෙළ ලියලා හෙද පත්වීමක් අරගත්ත ඔහුගේ ආත්ම ශක්තිය ඔබගේ ආත්ම ශක්තියටත් වඩා බලගතුයි.
    තාත්තාට නිවන් සුව !!
    ඔබට ජයෙන් ජය !!

    ReplyDelete
    Replies
    1. තාත්තා නිවන ගැන ඒ හැටි වද වුණේ නැහැ.......
      ඉන්න කාලේ සතුටින් හිටියා.....

      Delete
  4. තමන්ගෙන් දරු පවුලට ව්යයුතු යුතුකම් ඉටු කරන දෙමව්පියන් වගේම ඒ දෙමව්පියන් තමන් වෙනුවෙන් යමක් කරන්න කොයි තරම් කැපවුණාද කියලා තේරුම් ගත්ත දරුවනුත් අද කාලේ බොහොම අඩුයි.

    ReplyDelete
  5. එල ද බ්‍රා...
    ඉයන් උබත් හොයා ගන්න දේවල්.....ඉසුතුති මචෝ........

    ReplyDelete
  6. ඉයන්ගෙ මග පෙන්වීමෙන් තමයි මෙතෙන්ට ආවෙ.

    තාත්තලගෙ අගේ තේරෙන්නෙ තාත්තෙක් උනාම තමයි. මෙවන් සිද්ධීන් අනුස්මරණය කිරීමම ඒ අගය තවත් වැඩිවෙන්න හේතු වෙනව.

    ReplyDelete
  7. තාත්තද පුතාද දෙන්නාම නියමය

    ReplyDelete
  8. ඉයන්ගෙ මග අනුව තමයි මෙතෙන්ට ආවෙ.

    හරිම ලස්සනයි .

    ReplyDelete
  9. තාත්තා කරපු දේ නොකරන එකා නොට්ටිගෙ පුතාලු. බොක්කෙන්ම ලියලා නිසා බොක්කටම වදිනවා!

    ReplyDelete
  10. ඉයන්ගෙන් පාර අහගෙන පරක්කු වෙලා ආවේ. ස්තූතියි.

    ReplyDelete