ක්‍රීං හඩින්, කෑගාන රැහැය් ඝෝෂාව පිරුණ කුරටියා යාය මැද්දේ
බයිසිකලේ ඉස්සරහට ගියා.
තඩි වලක් මග අරවන කොට තව වලක් .
වලක නොවැටි යන්න මාතලීයටත් බැරි වෙයි.
රොට්ටුවක් වු මේ පාර යංතං කපාලා බස් එකක් දැම්මට ,
්‍වැහි කාලේට බොර වතුර වලවල් පිරුන ගඟක්......මරදංකල්ලේ ටවුමේ ඉදං හෙන්ඩාඬුව ගමට හැතැප්ම පහයි.
ඔය පාර
අවුරුදු හතකට වතාවක් හදා දෙන්න කට්ටිය ආවට,
තාමත් ඉතිං හැදිලා නෑ.
හෙන්ඩාඬුව වැව ,
අගෝස්තු පෑයීල්ල දරා ගන්න බැරුව,
දිය කඩිති කිහිපයකට හැරිලා.
එයින් කිපයක දපාන උන් මීවස්සෝ
කම්මැලිකමට බුලත් හපනවා.
තැන් තැන්වල මැරී උන්නු කාවය්යෝ, මඩකරියෝ බෙදා ගන්න බැරිව
බලු නාම්බෝ දෙතුන් දෙනෙක් ගිනි රංඩුවක්.
සිරිල් ඉස්කෝලේ මහත්තයාගේ දෝණි,
චූලනී, ගමේ ඉස්කෝලේන් සාමාන්‍ය පෙළ පාස් වෙලා ටවුමේ ඉස්කෝලේට ගියේ උසස් පෙළ කරන්න ,
පළවෙනි පාර පාස් වුණත් ,
වෛද්‍ය විද්‍යාලයට යන්න ලකුණු මදී හින්දා ,
කුරුණෑගල පංති යනවා.
ඒ සති අන්තයේ,
පංති ගිහින් මරදංකල්ලේ ටවුමේ බහිද්දී හත අට වෙනවා.
ගමේ බස් එක ගිහින් තිබ්බොත්,
සිරිල් ඉස්කෝලේ මහත්මයා
තමුන්ගෙ මෝටබයිසිකලේ ටවුමට එන්න ඕන, කෙල්ල අරං යන්න.
ගමන නම් කෙටියි.
ඒත් ඔය වේලාවට අලි එලි බහිනවා.
අලි රංචුව නම් ගණන් ගන්න ඕන නෑ.
එත් තනියා නපුරා.
අණ ගුණ නෑ.
මුණට මුලිච්චි වුණොත් සෙල්ලං නෑ.
මාස ගාණකට කලියෙන්,
පුට් සයිකලේ ආපු ගුණා මාමාට තනියා ගහලා,
එතන රැකගෙනත් උන්නා.
වනජීවියේ මහත්තුරු ඇවිත් අලිවෙඩි දාලා තනියා එලොලයි, මිනිය අර දුන්නේ,
අප්පච්චි.......
ඇයි පරක්කු උනේ..."
"මොන පරක්කුවක්දැ, කෝල් එක ගන්නකොට , මං උන්නේ කව්පි කෑල්ලේ,
දන්නවානේ පාරේ හැටි......"
"හා යන්......."
"මේ චුටි දුවේ ,
ඕන් යන්න කලියෙන් කියන්නේ ....
අලියා හෙම පාරට ආවොත් කෑ ගානවා නෙවෙයි.
ගලක් වගේ ඉන්ඩොනි....."
"අය්යෝ අප්පච්චියේ ,
බය කරන්ඩ එපා ඕං......"
තම්බිගේ කඩෙන් බුලත් විඩක් ද ගත් සිරිපාල ඉස්කෝලේ මහත්මයා ,
බයිසිකලේ පණ ගැන්නුවා.
කොස්සොකන්ද පන්නලා ,
තම්බිපලියන්කුලම හරියට එද්දී,
ලොරි කාරයෙක් අස් ගහගෙන ගියේ
අලි ඉන්න බවට.
ඒත් ඒ කියලා ඉතිං හිටින්න බෑ.
චුටි දෝණිට හෙටත් පංති .
ඉක්මන් කරපු තරමට
නා ගන්න, අද සටහන් ටික බලා කියා ගන්න කාලය ලැබෙනවා.
කෙල තලියකින් මග පඬුපාට තණකොල ගොල්ල රතු කරාපු සිරිල් මහත්තයා,
හොද හුස්මකින් පපුව පුරෝන ,
බයිසිකලේ රේස් කරා......
"අප්.....ප....ච්චි...."
දෝණි සිරිල් මහත්තයාගේ උර කිටි කිටියේ මිරිකන ගාමින් කෑ ගාවා...
තනියා......
පාර මැද දූවිලි නානවා.
හදිසි ආගන්තුකයා දෙස උගුර යටින් ගුගරමින්
තනියා බැලුවේ නෝක්කාඩු බැල්ලමක්.
සිරිල් මහත්තයාගේ බුලත් බිඩේ වෙලෙන්න ඒ හැටි වේලාවක් ගියේ නෑ.
දෝණි නොහිටින්න මේ වෙනකොටත්
සිරිල් මහත්තයා ලග දිවුල් ගහ මුදුණේ.
සිරිල් මහත්තයාට තම සීයා කියා දුන් ඒ මන්තරේ මතක් වුණේ අහම්බෙන්
"ඕම් ශ්‍රීරාළි
ෂිතා භාතා
ගාවන්ති"
කුරටියා කෑලේ ගුගුරවමින් සිරිල් මහත්තයාගේ ගැඹුරු හඩ කා වැදුණා.
කන් සොලවමින් විමැසුම් බැල්මක් හෙළු
තනියා,
සිරිල් මහත්තයා දෙවන වර මතුරද්දී,
නගුට අමුඩේ ගසා ගනිමින් කැළැයට පිමි ගහැව්වා.
"අප්පච්චි...."
සිරිල් මහත්තයාගේ උරට කාවැදි දියණියගේ ඇගිලි බුරුල් වුණා...
හපොයි
ReplyDelete