Pages

Sunday, March 24, 2019

මාළු බාමුද?



හෝ ගාලා වැස්ස.
පිදුරු පලෙන් බේරෙන වතුර කහ පාටයි.
මලයාටයි මායි නිවස අඩස්සියේ .
දෙය්යනේ දෙසැම්බර් නිවාඩුවට වෙච්ච දෙයක්.

කිරි පිටි ටික ටික කිරි පිටි ටික
ටාක් ⁣ටාක් ක්වාක්
හුටාක් හුටාක් හුටාක්

ගෙබ්බෝ එක සිරුවට සිංදු කියන්නේ දඹ ගහ ගාව බාගෙට ගොඩ වේච්ච සීයාගේ ලිදේ ඉදන්.
අපි දෙන්නත් ගෙම්බන්ට එකතු වුණා.

"යකෝ කට පියාගෙන ඉදපියව්කෝ
කනක් ඇහිලා ඉන්න නෑනේ"
මාමාගේ ගෝරනාඩුවට අපි දෙන්නාගේ ගෙබි ගී නම් නැවතුණාට ගෙම්බන්ට නම් වගේ වගක් නෑ.
උන් තවත් අළුත් ශද්ද හදා හදා උන්ගේ බජව්ව දිගටම කරගෙන ගියා..

පහුවදා නම් රිටිගලට උඩින් ඉර අමාරුවෙන් එඹිලා හිටියා.
අම්මා හදපු කුරහන් රොටිය කුරපලා හැදිගාපුවත් ඉක්මණට ගිලදැම්මේ අපි එනක සනතා බලාන ඉන්න බව දන්න හින්දා.

මල්ලීයි මායි ඉදිකඩුල්ලේ උඩ ඉදන් හූ කිව්වා.....
ඒ හූව තමා කැදවුම් සංඥාව .
සරම කැහිපොට කවමින් ෂර්ලියාගේ කාර් එක ආච්චිලාගේ කොහු අඹ ගාව දී අමාරුවෙන් බ්‍රේක් ගැහැව්වා..
"ඒ අන්න ඉහලාඹතලේ වාන් දානවළු..
යමු මාළු බාන්න"
"ආයිෂ් අප්පා අන්න මරු එත්
කෝ බං බිලි පිති"
"හෑ......එක තමා යමව්කෝ සනතා ගාවට"
අපි තුන් දෙනාම කාර් ඉස්ටාට් කරගත්තා.
මල්ලීගේ කාර් එක අළුත් එකක්.
එක තමා පෙරමුණ ගත්තේ.
අපි යද්දී සනතා තාත්තාගේ මේල් නයින්ටියේ නැගගෙන එකතැන පදිනවා.
තාත්තා ලගක නැතුව ඇති නැත්ත ඉතිං සනාතට බයිසිකලේ පැත්තට එන්න දෙන එකක්යැ.
සනතාගේ අක්කා රංජා, කිරි අම්මාත්දෙක්ක (කිරිඅම්මා කිව්වාට ඈ වයස අවුරුදු දොලහක ගැටිස්සියක්,ගැටිස්සියක් කිවාට කිරිඅම්මා නම් ලෑලි කෙල්ලකි) ලිදට යන්න සුදානම.
දත් මදින්න කාපු අඟුරු හින්දා දෙන්නගෙම කට වටේ තවත් තඩි කළු කටක්,
"කොහේ යන්නද උදෙන්ම "
මේ අක්කලාන එපා කරපු ජාතියකි. හොඳ වේලාවට අපි තුන්දෙනා නම් වාසනාවන්තයෝ.
එහෙම වාසනාවක් සනතාට නැත.

"උඔට මොකටද අපි යන දිහා..
යන තැනක පලයන්කෝ"
සනතා⁣ට එයද මදිය. සරමද උස්සා පුක ඇඳ පැවේය....

"චීය්යා කඩප්පුලියා....
වරෙන් රංජෝ යන්න"

කිරි අම්මා රංජාගේ අතින් ඇඳගෙන ගමන ඉක්මන් කලේ තව ටිකක් හිටියොත් තවත් කළු පුක් කිහිපයක්ම දැක ගැනීමට වෙන බව අත්දැකිමෙන්ම දන්නා නිසාය.

සනතෝ,
ඉහලාඹතලේ වාන් දාලා යන්ද මාළු බාන්න...
අපේ කණ්ඩායමේ සනතා බාලයා වුවද ගමේ ගොඩේ වැඩ අපිට වඩා හොදින් ඔහුට හැකිය.
මා සහ මල්ලී ගමට එන්නේ නිවාඩුවටය.
ඒ ආ විට අපේ නියමුවා සනතාය.
ෂර්ලියා අපේ අනිත් සඟයාය.
පොඩ්ඩ ඇත්ත බේරිවෙනවා සේ හොස්ස අඟින් මැස්සෙක් ගිය විටද මරා ගන්න හදයි

හරි, එහෙනම් මං අපේ වත්ත පහලින් පණුවෝ ටිකක් කොටාන එන්න......
උඹලා ගිහි වී රාත්තල් දෙක තුනක් අරගෙන වරෙව්"

ආනන්ද මාමාගේ කඩේදී වී නයිලෝන් නුල් පන්දුවකටත්, තෙප්පිලි කට්ටකටත් ,හකුරු බැයකට සහ පොල්කටු විස්කෝතු කිහිපයකටත් මාරු විය.
ඉහලාඹතලේ වැවේ වාන ගල් තලාවකි.
එය හරහා වැව් බන්ට් වෙන්වි ගොස්ය.
ගල් තලාව හරහා යන වතුර ගල් තලාව ආසන්නයේ ඇති වලට පිරි එයින් ඔබ්බේ ඇති ගල් තලාව හරහා ගොස් අැලට වැටේ . ඇලේ යන වතුර කොහේ යන්නේදැයි ඒ දවස් වල අපිට තිබු ලොකුම ලොකු ප්‍රශ්නයකි.
ගල් තලාව හරහා යන වතුර පාරේ තිත්තින් පොදි පොදි පිනා යයි.
මේ තිත්තින් ඩබොල් අමරයා, ලේනා බණ්ඩය්යා එකතු කරගෙන මැහි ගසා වේලයි.
දිය පාරේ එන කාවය්යන්, තෙප්පිලින් වානේ පතුරු වලින් කොටන්නේ රෑටය.
එම ඉරණම අත් නොවු මාළුන් ඇල පාරට යයි .
එහෙම නැතිනම් ඇලපාරට මෙහායින් වු කහදිය වල තම තාවකාලික නිවහන කර ගනී.
කහදිය වල අසල කුරටියා සහ කයිල ගාලකි.
එය ඉහලාඹතලේ කිට්ටුව උන් මිනිසුන්ගේ පොදු වැසිකිලියද විය.
එනිසා අපි මුළින් තඩි ගු ගොඩවල් කොල වලින් වැසුවද ගඳ වසා දැමීම නම් කල නොහැකි විය.
ෂර්ලියාගේ චප්ප නහය තවත් චප්ප කර ගත්තේ මාළු අැල්ලීමේ ආසාව ගඳට වඩා වැඩි වු නිසාය.

සනතා ඉනේ ගසාන හුන් වක්පිහෙන් කුරටියා කොට්ටක් කඩා එයට නුලත් බැද මිලයට ගත් තෙප්පිලි කට්ටත් බැන්දේය.
කුඩා ලිී කැල්ලක් නුලේ මැද බැන්දේ ඉපියාටයි.
"වැඩේ හරි....."
පණු පොල්කට්ටෙන් තඩි ගැඩවිලෙක් තෝරා බිලී කොක්කේ ඇමුණු සනතා එයට කෙල තලියක් ගසා කහදියවලේ වතුරට විසිකලේ ජයග්‍රාහී හිනාවකිනි.
"අන්න.......
ෂර්ලියා වතුරේ නිසලව තිබු ඉපියා එහෙ මෙහේ යනු දුටු විට කෑ ගැසීය.
"කට වහපියකෝ"
සනතා මුර ගෑවේ වතුරේ ඉන්නා මාළුන්යට අපේ කතාව ඇසෙයැයි සිතා විය යුතුය.
සනතා බීලි කොක්ක ඇද්ද විට තඩි පෙතියෙක් බීලි කොක්කේ ඇමිණි සිටියේය.
වැඩේ මරුය. කහදිය වලේ වු කාවය්යන් දෙදෙනෙක්ද මඩකරියෙක්ද උඩටවිත් වැලක ඇමුණුන විට බිලි පිත්ත මා ගත්තේය.
පණුවා අමුණා දුන්නේය සනතාය. කෙල තලිය ෂර්ලියාගෙනි.
මා මගේ මංගල මාළුවා බා ගැනීමේ පවිත්‍ර චේතනාවෙන් බිලි කොක්ක වතුරට දැමිමි.
"අය්යේ ආන්.......
කවදත් මගේ සහායට එන මල්ලී වැඩේ සාර්ථක බව පෙන්නීය.
බිලී කොක්ක ගස්සා ඇද්දෙමි.
මගේ හිසට උඩින් ගිය බිලි කොක්ක සරම පසා ගෙන තට්ටම කා ගෙන යටට බැස්සේ රෑ තරු දවල් පෙන්නමිනි.
මගේ විලාපයට පැත්තක අහවල් වැඩය කරමින් උන් ජන්ගුවා සීයා දුවගෙන ආවේ ඇට්ටි⁣ම්බෙනි.
තට්ටමේ ඇමිණි තිබු තෙප්පිලි කට්ට ගලවා අත් බේතක්ද බැඳ උන්දැ ගියේය.
අල්ලාගෙන තිබු මාළුන් කහදිය වලට විසු කොට ආපිට ගෙදර යනවිට මා අනිත් උන්ට මේ ගැන කාටවත් නොකියනා ලෙස ඉල්ලුවද පසු සෙල්ලම් කිරිමට සනතාලාගේ ගෙදර ගියවිට කිරිඅම්මා මාළු බාන්න යමුදැයි ඇහුවෙි ඔලොක්කු හිනාවකනි.
ඒත් මට ඒ වන විට එකීට සරම උස්සා පෙන්නීමට බැරි තාත්තා පසුපසට බේත් දමා පැලැස්තරයක් ගසා තිබු බැවිනි.


Saturday, March 23, 2019

පීට්සා




"අම්මේ......ඒ"
නිසල් පංති කාමරේ ඉදන්ම කතා කරමින් ගේට්ටුව ගාවට ආවා.
නිසල්ලාගේ,
ඒ කියන්නේ චම්පිකාලාගේ ගේ තියෙන්නේ ඉස්කෝලේට යාබද වත්තේ.
ඒත් ඉතිං ඔය ඉස්කෝලේට නිසල්ව භාර ගන්න බෑ කිව්වානේ.
ඉනටව් එකෙන් පස්සේ ලිස්ට් එකේ නම තිබ්බේ නෑ.
පස්සේ ලීටස් මහත්තයා මේක පත්තරේට ලිව්වට පස්සේ තමා නිසල්ව ඉස්කෝලේට ගත්තේ.
ඒ වෙනකොට මාසයක් විතර ගිහින්.

චම්පිකාලාට පොඩි කඩයක් තියෙනවා.
ඒ කඩේ කරේ චම්පිකායි, කුමාරයි.
ඒ දෙන්නාගේ පුතු පැටියා තමා නිසල්.
චම්පිකාලාගේ කඩේ එක එක කඩ කෑම හදනවා.
ඒ කෑම ජාති කඩෙන් අරං ඔය ඉස්කෝලේ යන පැටවුන්ගේ පෙට්ටි පුරවනවා.
අම්මලාට උදේට වැඩි වැඩ අඩු කරන්න චම්පිකා වැඩ වැඩි කර ගන්නවා.
හැබැයි ඉතිං ඒ වැඩි වැඩ මුදල් වෙලා කඩේ ලාච්චුවට බහිනවා.
කොයිතරම් වැඩ වැඩි වුණත් නිසල්ව ඉස්කෝලේට එක්කගෙන යන්න අාපහු අරගෙන එන්න චම්පිකා යනවා.
අනෙක ඉතිං හැම ලමෙක්ටම එහෙම කරන නිසා පොඩ්ඩාගේ හිත රිදෙන්න පුළුවන්නේ,

"අම්මේ අද මං ගිරවෙක් වුණා....
ටිචත් හිනා වුණා ..
ඇත්තටම මං ගිරවෙක් වගෙයිලු."

හරි හරි දැන් යන්කෝ ගෙදරට......
කෝ දෙන්න ඔයාගේ බෑග් එක..

"අපෝ එපා.........
අද අපිට ටිචර් කිව්වා අම්මලාට කරදර කරන්නේ නරක ලමයිලු..
අම්මාට ඕන මාව නරක ලමෙක් කරන්නද?

"හප්පේ නෑ මැණිකේ ,
මට ඕන ඔයා රජෙක් කරන්නනේ....
ඔව් ඔයා තමා මගේ රජා"
චම්පිකා කිව්වේ හිනා කටෙන්.

අම්මේ......ඒ
අද මගේ කණ්ඩායමේ ඉන්න
රයාන්.....
අර කළුපාට තඩි කාර්එකේ එන්නේ...
අර සුදුම සුදු මහතම මහත නැන්දාගේ පුතා............
එයා අද කෑමට ගෙනත් තිබ්බේ "හීසා"
අම්මේ මටත් ඕන හීසා......"

"මොනවද පුතේ ඒ.........
එන්නකෝ යන්න මං පුතාට ත්‍රිපෝෂ හදලා තියෙන්නේ......
ඇග හෝදගෙන කමු........"

චම්පිකා , කුමාර එක්ක පැනලා ආවේ දහයේ පංතියේ දී.
කුමාර චම්පිකාගේ ඉස්කුල් වෑන් එකේ ඩැයිවර්.
මේ පැන්නිල්ල හින්දා කුමාරගේ රස්සාව නැති වුණා .
චම්පිකාගේ අම්මයි තාත්තයි දෙන්නා චම්පිකාව දරුකමෙන් අයින් කලා.
චම්පිකායි, කුමාරයි කලාපේ අවුරුදු තුන හතරක් වැඩ කලා.
ඒත් බබෙක් හම්බ වෙන්න ඉන්නකොට චම්පිකාව රස්සාවෙන් අයින් කරපු හින්දා කුමාරගේ ගෙදට්ට ආවා.
කුමාරගේ ගෙදර කුමාරගේ තාත්තා විතරයි.
කුමාරගේ තාත්තා ,
ඒ කියන්නේ නිසල්ගේ සීයා තාත්තා
පලාතේම නමගිය ගස් කැපුම් කාරයා.
එත් දැන් නම් දිරපු ගහක්වත් කපා ගන්න බෑ.
නිසල්ට ඔය රූංපෙති, ගොක්කොල නලා හදලා දෙන එක තමා දැන් නම් එයාගේ රාජකාරිය . නිසල් ඉස්කෝලේ ගියපුවාම කඩේ ඉස්සර බංකුවේ ඉදගෙන ඉස්කෝලේට අනිමිසලෝචන පුජා තියෙනවා.
ගන හිලවු බැරි හින්දා කඩේ වැඩට හවුල් වෙන්නත් බෑනේ..

උදේ තුනට විතර කුමාරයි චම්පිකායි දෙන්නත් එක්ක නැගිට⁣ගෙන කඩේට ඕන ඉදිආප්ප, ලැවරියා, ⁣ආප්ප, බුලත් විඩ එහෙම හදනවා..
ඒ වැඩ හය වෙද්දී ඉවරයි.
එතන ඉදං චම්පිකා නිසල්ව ඇහැරවාන නිසල්ව ඉස්කෝලේ යවන්න සුදාන කරනවා.
හත වෙද්දී නිසල්ට ඉස්කෝලේට යන්න ඕන.
එතන ඉද එකොලහ වෙනක කඩේ වැඩ කරන්නේ චම්පිකා.
කුමාර ඒ ටිකේ පොඩි රවුමක් දාලා අැවිත් නිදා ගන්නවා.
දහයාමාරට විතර ආපහු කඩේ වැඩ කුමාර බාර ගන්නවා.
චම්පිකා නිසල්ව ගෙන්න ඉස්කෝලේට ගිහින් අැවිත්,
නිසල් එක්ක නිසල්ගේ ඉස්කෝලේ වැඩ වලට උදව් කරනවා........

"සීයා තාත්තා කාලා තියෙනවද "හීසා"..
⁣"මොනවා.........
හීසා......
ඒ මොනවද?.....

"අය්යෝ සීයා තාත්තේ......
හීසා...... හීසා....... හීසා.....
අද අපේ රයන්ගේ ගෙනාවේ.....

"අම්මේ පුතේ .....
මං ඔය පුස්නාම්බු , ලෑතර නම් කාලා තියෙනවා.......
ඔය හීසා නම් ඇහැව්වේත් අදයි......."

"වැඩක් නෑ..........
හීසා කාලා නැත්තං වැඩක් නෑ"

"අම්මේ..ඒ.
අම්මේ...ඒ......
මට හීසා ඕන දවල්ට.....

"අනේ පුතේ හීසා නෙවෙයි පීසා
මං එව්වා හදන්න දන්නේ නෑනේ........
පුතාට මං බත් උයලා.......
පරිප්පු මැල්ලුමක් එක්ක බිත්තරයක් බැදලා දෙන්නම්කෝ........"

"එපා ......එපා..... එපාමයි.. මට ඕන හීසා..
හීසා විතරමයි........"

"කුමාර........
කුමාර මේ බලන්නකෝ..
පුතා බත් කන්නේ නෑ......
එයාට පීසා ඕනලු......."

"නිසල් මොකද ඔය.....
බත් ටික කනවා....."

"බෑ....... මට බත් එපා....
මට පීසා ඕන.....
බත් ඕන නෑ......."

නිසල්ගේ පීසා අරගලය අවසන් වුයේ ඉරටු දෙකකින් ගුටි දෙකක් කෑමෙනි.
ඉන් වැඩිපුර රිදුනේ නිසල්ගේ සීයා තාත්තාටය.
නිසල් මෙන්ම සීයා තාත්තාද දවල් ආහාර නොගෙනයි දවල් නින්දට ගියේ..
නිසල් සිහිනයෙන්ද පීසා ගැන කියවනු කකුලේ වු ඉරටු පාරට පොල්තෙල් ගෑමට ගිය චම්පිකාට ඇහුණා..


හවස කුමාර ආවේ බඩු මල්ලක් අරගෙන

"ආ.......මේ කොලේ තියෙනවා පීසා හදන හැටි.......
මං ඉතාලි ඩගීයගෙ වයිප්ගෙන් අහගෙන ලියා ගත්තේ......
ඔකේ තියෙනවා හදන හැටි...
එකේ තිබ්බ බඩු ලිස්ට් එක කාතිකේෂන් එකෙන් ගත්තා....."

නිසල්ගේ මුහුණ තේක්ක යායට උඩින් පායන සද වැනිය......
නිසල්ගේ බෙලෙක් පිගාන වැසෙන්නට පීසා රොටියකි.
නිසල්ගේ සීයා තාත්තා ඔහුගේ පීසා රොටියෙන් අයිනක් කා දවල් බත් තියේදැයි සොයාගෙන ආවේ.....
"අපේ පොඩි එකා ගුටි කෑවේ මේ දහජරාවටදැයි" කියමිනි.







Wednesday, March 20, 2019

තැඹිලි වල්ල

කේබී මහත්තයා........
කවුරුත් දන්නේ එහෙම කියපුවාම .
කේබී කියන්නේ කළුබංඩා කියන එක කෙටියෙන්,
නමට ගැලපෙන්න හොද සිංහල කළුපාට.
උස අඩි පහයි අගල් දෙකක් විතර.
ගෙල දක්වා වවපු කොණ්ඩය.
ඇනදේ ජාතික ඇදුම.......
එතුමා තමා එවකට මගේ විදුහල්පතිවරයා......
ගමේ අය⁣ට නම් ලොකු මහත්තයා.
තව සමහරක් නම් කිව්වේ කේබීකාරයා කියලා.

සිවුර දරාන ඉගෙන ගෙන දුක්සහිත ලෞකික ජීවිතයෙන් ඉකුත් වෙන්න උත්සාහ කලාට පන්සල පල්ලේ බබලතීයක් සිවුරු බර උරෙන් අයින් කල්ල හිටං උන්දැව තමන්ගේ පතියා කරගෙන.
ඒ වෙනකොටත් දෙදරු පියෙක්.
බොහොම විනෝදයෙන් කල් ගත කරේ.
ඔය කියන එවායින් බඩදරු වෙනවා නම් අපේ ඉස්කෝලේ එක ගුරුවරියක්වත් බේරෙන එකක් නැහැ.

ඒ ඉස්කෝලේ ඒ පලාතේ හැටියට ලොකු එකක්
ලමයිත් පන්හයය සියක් උන්නා.
ඒත් කාර්යාලයට නම් තිබ්බේ 10×20 කාමරයක්,
එකේ ජනේලේ ගාවම තමා ⁣කේබී මහත්මයාගේ මේසේ තිබ්බේ .
ඒ මේසය ගාව පරණ ඔලිම්පියා ටයිප්රයිටරේ පොඩි ඩෙස් එකක් උඩ තියලා තිබ්බා .
පාසලේ ලියු කියු එහෙම ටයිප් කරේ ස්වර්ණපාල මහත්තයා ,
එයා තමයි නියෝජ්‍ය විදුහල්පති .
සමහර වේලාවට මටත් ඔය වැඩේ කරන්න ලැබුණා .
එදත් හදිසි ලියුමක් ටයිප් කරන වැඩේ මට බාර වුනා.
මං ඉතිං කෝ කෝ සිස්ටමයෙන් යතුරු ලියන්නෙක්නේ.
යතුරු පුවරුව බලාන මගේ වැඩේ කරමින් උන්නේ.......

තුසිතා මිසුයි, වසන්තා මිසුයි ⁣කෙකර ගාන සද්දෙට මං ඔළුව උස්සලා බැලුවා .
හද්දෙය්යනේ කේබී සර් උළුඅස්සට හේත්තු වෙලා කාර්යාලයට ඉස්සරහින් තියෙන තැබිලි ගහ දිහ⁣ා බලාන ඉන්නවා.
උදාහිරු එලිය නිසා තැබිලි වලු තැබිලි කොල අස්සෙන් අපුරුවට පෙනවා..
කේබි සරුත් තැඹිලි ගහක් වෙලා
රෙද්ද පසා කරගෙන උදාහිරු කිරන කාර්යාලයට ආවා.

කේබී සර් අමුඩයට ආයුබෝවන් නොකියපු හොඳ සිංහලයෙක්,
ඒත් එදා එතුමාට අමුඩය ආයුබෝවන් කියලා තිබ්බා.....
ඔය තුසිතායි වසන්තායි දෙන්නම එවකට නොබැදිව හිටියේ.......


අපේ තේ බොන වේලාවේ.......
රතු වෙච්චි තුසිතායි, බේරි වෙච්චි වසන්තාටයි අමතරව තේ හිරවෙච්චි, තේ ඉස්පොල්ලේ ගියපු කිප දෙනෙකුත් උන්නා.