ගුණපාල බඩරස්සාවට බැලගෙඩි කඩන හාදයා.
ඔය මණුස්සයා වැඩිපුරම ආසා වුණේ ඒ ගස්ගෙඩි කඩන ගෙවල්වල පොඩි වුන්ව අමාරුවේ වැටෙන විහිළු කරන්න.
හවසට නම් පේදි මාමාගේ කසිප්පු කලවම් නාන ලිං වතුර බි ගත්තම ජෝතිපාල වෙනවා.
මට ඒ දවස්වල ජෝතිපාලවත් පෙන්න බෑ.
ඒ දවස්වල පොඩිවුන්ගේ පොදු ඇදුම ජංගීය.
චිත්ත රෙද්දෙන් මහපු ජංගී ඇදගත්තු කොළු කෙල්ලෝ වෙන් කර ගන්න නම් නාන ළිද ගාවටම යන්න ඕන.
ඇයි ගෙදරටම එන රැවුල් බාබර හැමෝටම ගහන්නේ නැඹිලි කට් එකනේ..
නාන එකත් මහ එපා කරපු වැඩක්.
තඩි බාල්දියකින් වතුර වක් කරද්දි හුස්ම ගන්නේ කොහොමද?
ඒ අමාරුව නැති කරන්න බෝවිටියා ඉපලකට පුළුවන් .
හැබෑයි ඉස්පල්ලේ වතුර බහින කාණුව හිරකරලා හදා හන්න පොකුණ නම් නාන්න විතරක් නෙමේ පීනන්නත් ජාති.
ඒවා අම්මලා දන්න එකක්යැ.
එ්ත් සුමානේ කිලිටි හෝදන දවසට නම් ඇස් රතු වෙලා වේව්ල වේව්ල තමා ගෙදරට බස් එක එලවාන එන්නේ.
ගුණපාලය එනකොට මම දම්මිකායි, සුදුනෝනායි, සුදුමැණිකායි(මගේ ඕනෑ නොවුණු නෑනාලා)
එක්ක සෙල්ල ගෙදර පොල්පිති ළමයින්ට බෙහෙත් කරනවා.
"ආ සංජී මහත්තුරු........කෙල්ලොන්ට බෙහෙත් දෙනවා වාගේ"
ගුණපාලයා බුලත් කහට දත් දෙතිසෙන්ම හිනා වෙන්නේ ඇහැකුත් ගහන ගමන්.
ඌ දන්නවා මම ඔය කතා වලට කැමැති නැති බව........
"සවුසේට මොකද, යනවා යන්න......
නැත්තං රේමන් මාමාට කියනවා අපි"
"අප්පෝ මං බයයි,
කෝ නැද්ද බිත්තර කට්ටක්"
"මොකටද ගුණා මාමේ බිත්තර කටු"
ඒ දම්මිකා.
ඇය මගේ පලොලේම මගේ පංතියේම ඉගෙන ගන්නා
ලොකුම නෑනාය. මට වැඩිපුරම ජුවල් යන්නේ ඇය හා සම්බන්ධ කර කරන කවටකම්වලටය.
ඇයි ඇය වපරයිනේ.
"අය්යකෝ බොලාගේ රේමන් බඩා එද්දී හැන්ගෙන්න නෙවැ...."
මේ උත්තරෙත් එක්ක දම්මිකාගෙයි ,
සුදු නෝනාගෙයි ඇස් රතුවුණා......
රේමන් මාමා ඒ දෙන්නාගේ තාත්තානේ.
ඉගිලී ආ පොල්කටු ජෝඩුවෙන් ගුණපාලයා දක්ෂ ලෙස බේරි දිව්වා.......
ගුණපාලයා නවසි ගහේ කලටියකුත් අරගෙන ආවේ සුදු කොඩි ඔසවන්න.
නවසි ගහේ කලටියේ කට්ට ඇරෙන්න අනිත් හැමදේම කන්න පුළුවන් .
" සංජී මහත්තයා ආසා නැද්ද කුරුල්ලෝ ඇති කරන්න"
මගේ ඇස් බැබළුනා.........
කතා කරන පෙත්තප්පුවෙක් ඕන්න දැන් මගේ ඉස්සරහ.
"ආ.......සයි,...........
ගුණපාල ගාව ඉන්නවද ගිරවු"
" මං ඊයේ පල්ලැහැ ගෙදර පියල්ටත් ගිරා පැටියෙක් ගිහින් දුන්නා,
දැක්කේ නැද්ද..........
ආන් ඒකා ඉස්තොප්පු කෑල්ලේ කුඩුවක ඉන්නේ......."
"ඉතිං මටත් එකෙක් දෙනවකෝ"
"අපොයි මහත්තයා,
තව දෙතුන් මාසයක් ඉන්න වෙනවා.....
තාම බිත්තර ,
අර මෝලවත්තේ ගස් දෙක තුනකම බෙන වල ගිරවු ටැක් ගැහෙනවා මං දැක්කා නෙවැ."
"හැබැයි මහත්තයාට දෙමලිච්චෙක්ව නම් දැන් වුණත් අල්ල ගත්තෑකි..."
"ඒ කොහොමද'.........
දෙමලිච්චෙක් මගේ අතේය. ගුණපාලය නරකම නෑ ඉතිං..
මගේ හිත තුල ගුණපාල ගැන ආදර කරුණාවක් ඇතිවේ.
"මහත්තයා,
පොල්කුඩු ඩිංගක් ගෙනත් අතන දාන්න ,
දෙමලිච්චෝ පොර කන කොට
ජංගීය ගලවලා ඔළුවට දාගන්න.....
ඉට පස්සේ හෙමිහිට ගිහින් අල්ලගන්නයි තියෙන්නේ........."
"ඉතිං උන්ට පෙන්නේ නැද්ද?"
"එකට තමා මහත්තයෝ ජංගීය ඔළුවට දාන්නේ"
අපුරු උපායකි. මං කුරුල්ලා වහ වහා අම්මා උයන තැනට පියඹා ගියේ ඉක්මණින්ම පොල්කිච්චෙක්ව අල්ල ගන්නයි.
සියල්ල හරිය .
පොල්කිචි නඩය කෑ කොස්සන් ගසමින් බඩගෙඩි පුරවා ගනී.
දැන් මගේ මොහොතයි.
සීරුවෙන් ජංගීය ඔළුවට දා ගත්තෙමි.
දඩ බඩාන්..........
වතුර පනිට්ටුවත් පෙරලාන මා පොල්ලෙලි ගොඩ මතය.
අම්මාට පොල්කිච්චන්ට තරම් කෑ ගැසිය නොහැක.
මට පොල්කිචි කෝලාහලය මැද අම්මාගේ හඩද ඇසෙයි.
ජංගීය නිසිතැන රැදවු අම්මා හදිසි අනතුරේ විභාගය ඇරඹුවාය.
වැඩි තුවාලයක් නැතත් අත සහ කකුල් හිරි ඇත.
කුරුම්බැට්ටියක් අඟුරෙන් උරච්චි කරන ගමන් අම්මා ගුණපාලගේ ගණන් බේරුවාය.
ඒ වන විටත් ගුණපාලයා පොල් ගසක් උඩ විය යුතුය.
මගේ දත් කිරි කිරි හඬින් ගැටේ.
යලි ඌ දකින විට සියළු ගිනි නිවි ,
ගිනි අඟුරු අළු යටය.
Pages
Monday, December 17, 2018
Wednesday, December 5, 2018
දෙවියෝ
පාන්කිරිත්තෙක් සිය සහකාරිය සදහා ඇරුයුම් කරන ගී රාවය ගම්මැද්ද සිසාරා ගියේය.
බුලත් විඩක් හපමින් මුදලියා රැල් බුරුල් හැරියේය.
"ඔය උත්තමයා වැඩියාය කියන්නේ හිමාලයේ ඉදන් නෙවැ.....'
"එහේ වරුස ගානක්ම තපස් රැක්කලු..
ආයේ ඉතිං මුළු හීන්නම උන්නාන්සේගේ රැස් කදම්බේ.........."
හේ දෙතොල අස තැබු ඇඟිල්ලෙන් බුලත් කෙල පහර වෙර ගැන්විය.
කළු එතනාගේ දහස්පෙතියා මල් පාත්තියේ මල් රත් පැහැ බුලත් කෙලෙන් රක්ත වර්ණය හැරැණි.
"හැබෑද මස්සිනේ දිවියෝ කාරිය උන්නාන්සේගේ දෙපා නමස්කාර කරනවා කියන කතාව"
ඒ ගුණයාය.
"නැතුව........
කෑළැවේ ඉන්න කොයි හීපාවත් උන්නාන්සේ ගාව කිරි සප්පයෝ ගානයි........"
අර මහ වල් ඇත්තු ගෙනත් දෙන ගඩාගෙඩියෙන් කියනවා ඔය අපි මුණ ගැහෙන්න කලියෙන් උන්නාන්සේගේ දිවි රුකුණේ......."
සුදු පිරිවටයකින් වැසු දන් කද රැගත් සුමනා ගෙයි පිල වෙත පැමිණියේය.
ඔවුන් මේ සැරසෙන්නේ හින්නේ උත්තමයාගේ දානය ගෙනයාමටයි.
හින්නේ උත්තමයායාගේ පහල විමද අපුර්ව සිදුවිමකි.
මින් සාර මසකට ඉහත්තෙන් ඉනි කැපීම සදහා වන වැදුණු සුදු බන්ඩේ සහ කළුවා දියතත්තය නිවා ගැනීමට හීන්නෙ තිබු දිය පොකණට ගියේය.
එහි ඇති ගල් දෙබුක්කේ වු වෙනස විපරම් කිරිමේ දී එතුල වු මුහුණ පුරා රැවුලද ,
හැඩපළු ගෙති කෙස්සද සහිත ආගන්තුකයා දුටුවෝය.
වාඩිගෙන උන් ඔහු ඇද සිටියේ කසාවතකි.
පෙනුමෙන් තවුසෙකි.
කළුවා සහ සුදුබණ්ඩා ඇසු කිසිවකට ඔහු දුන් උත්තරයක් නැති.
හිස් බැල්මෙන් වනය දෙස බලා හුන් ඔහු හා කතා කිරීමේ නිශ්ඵල කාර්ය අතැර දැමු ඔව්හු මෙම අපුරු ආගන්තුකයාගේ සම්ප්‍රාප්තිය පිළිබද පුවත සිය සිතැඟි අනුව ඔප මට්ටම් කොට නානාගේ කඩපිලේදී ගම්වැසියන් හට බෙදුවෝය.
එතැන හුන් ගම්වැසියන් මේ පුවතට තව තවත් ආලවට්ටම් දමා හමුවෙන සිය හිතවතුන් හමුවේ කියා පැවෝය.
පසුදින උදෑසනම ගම්වැසියන්ගේ පෙරහැරකි.
ඒ හින්නේ උත්තමයාගේ දර්ශනය සඳහායි.
එහිදිද හින්නේ මේ හින්නේ උත්තමයාගේ ශ්‍රී මුඛ්‍ය විවෘත කිරිමට දැරැ ප්‍රයතන්න ව්‍යර්ථ විය.
එතැන් සිට ගම්වැසියන්ගේ දුක්ඛ දෝමනස්සයන් සදහා සෙත සදහ අසහාය සුවසාදකයා වුයේ හින්නේ උත්තමයායි.
බණ්ඩියාගේ ලොකු කොළුවාගේ කකුළේ වු වනය සුවපත් කිරිමට හින්නේ උත්තමයාගේ ආසිරි ගැන්වු පැන් වලට හැකිවිය.
හොර රහසේ පැමිණි සොමිනා සිය නැන්දණියගේ තාඩන පිඩන නැති කිරිම සදහා නියඟලා අල කිහිපයක් ගෙනවිත් උතුමාණන්ගේ ආසිරි වතුරෙන් ,
බතල හා තම්බා කෑමට දුන්නේය.
මේ ආකාරයට ගමේ හැමෙකෙක්ම පාහේ හින්නේ උත්තමයාට ණයගැතිය.
උන්නාන්සේගේ පිහිට නොපැතුවෙක් මේ ගම්කරේ නොමැති තරම්ය.
ඒ කොළණියේ ලංකාවේ හතර දිග්බාගයෙන්ම පැමිණියෝ වුහ. නව ගොවිජනපද ලෙස හැඳින්වු මේ ගම්වල වැසියන්ට රජය විසින් අක්කර දෙකක් පමණ ඉඩම් වෙන් කොට දී තිබිණි.
රාජසිංහ කෝරාළ මහත්මයා පාරම්පරික ගමේ මෙන්ම නව ගොවිජනපදයෙත් නිල හිමිකරුවාය.
එහි දෙයක් වුවහොත් එය රාජසිංහගේ කැමැත්තමය.
අංක 12 කට්ටියේ කටුමැටි පැලෙහි විසුවේ නාමරත්න සහ ඔහුගේ බඩගැබ්බර බිරින්ඳැයි.
තවම දෙමසක් පමණ වු කුසතුල වු ප්‍රාණියාගේ විසුම කිසිවෙක්ට නොපේනේ.
හැරත් කෙසඟ ගැහැණියක වු නාමරත්නගේ බිරින්ඳැගේ කුසක් ඇත්තේදැයි බැලුවොත් මිස නොපේනේ.
එදා නාමරත්න සමාගම් කඩේට ගියේ කුපන් බඩු ගෙන ඒමටයි.
බඩු ගෝනිය හිස මත තබාන හන්දියේ බේකරි කඩෙන් ගත් ලෑතර දෙක බඩතුරේ ගසාන හනි හනික පැල දෙසට ආවේ
සිය බිරින්ඳැ ලෑතර කෑමට කැහුලාකොම නාමරත්න දන්නා නිසාය.
නාමරත්නගේ කටුමැටි මාළිගාව ඇති රොට්ටුව දිගේ රාජසිංහ ප්‍රමුඛ ඔහුගේ අතවැසියන් රොත්තක් කඩිමුඩියේ එනු නාමරත්නද දුටුවේය.
රබර් කෙහෙල් පදුර අසල කඩියා ලේ පෙරාන මැරි හුන්නාය.
ගෙදර සාල කෑල්ලේ වුයේ කිසිවෙක් කිසිදා දැකිය යුත්තක් නොවේ.
ගිනියම් වු රුහිරු නාමරත්නගේ දෙනෙතෙහි කදුළු වියලා දැම්මේය.
ප්‍රාණය නිරුද්ධ සිය පන මතින් පැන කුස්සි කෑල්ලට ගිය නාමරත්නගේ සුරතෙහි අත් පොරව කිටි කටියේ තඳ වුණි.
ලේ වැකි අත් පොරොව ඒ මහා වාපියේ ජල කද තුල නිදන් කල නාමරත්න සිය ගමන ඇරඹුවේය.
ඔහුට යා යුතු,
යා හැකි තැනක් නැත.
එහෙත් යා යුතුය.
හීන්න ඉදිරියේ මහා නුගයකි. මේ මහා නුග රුකෙහි වාසය කරන රුක් දෙවියෙකි. හේ මේ ගම්වැසියන්ගේ අරුම, කරුම සිය දිව නෙතින් බලා හිඳියි.
දිව කනින් අසා සිටියි.
එහෙත් කරනා දෙයක් නම් නැත.
අවසන හින්නට අරක් ගත් මිනිස් දෙවියාගේ පහල විමද දුටුවේය.
විමතියෙන් ඒ බලා හුන්නේය.
මේ දෙවියාගේ යලි දිව්‍යලෝකයට කරන කැදවිම ලද දින හේ යමක් කිිරිමට සිතුවේය.
මේ මිනිස් දෙවියාට සිතන පතන දේ ඉටුවන වරයක් දිමට හේ ඉටා ගත්තේය.
අළුයම "හීන්නේ උත්තමයා" අස පහල වු රුක් දෙවියා
" එම්බල නරය.........
තාගේ සෑබැව මම දනිමි......
මා තා මෙතැන් සිට දෙවියෙකුට සම කරමි.
තොප යමක් පතන්නේද?
එය වහා සිදුවනු ඇත.'
මෙසේ කියු රුක් දෙවියා දිව්‍ය ලෝකයට චුත විය.
මේ වු අරුමය කුමක්දැයි සිිහි එළවා ගත නොහි උත්තමයා සිතුවිලි අතර කිමිදෙන්නට විය.
අසල වන ලැහැබක වු නරියෙක් මුසල හඩින් උඩු බුරා ලන්නට වුයේ එවිටමය.
එක්වනම නරි බිරුම හමාර වුයේ ඌ තු තු කඩ පුපුරා යාමෙනි.........
උදැසන හීල රුගෙන ගම්කරේ ගැමි කාන්තාවක් සහ ඇයගේ නාඹර දියණිය එනු පෙනිණි.
හීන්නේ උත්තමයාගේ දෙනෙත ගැමි ලිය පරයා තුණු යුවතිය මත රැදිණි.
යුවතියගේ හැට්ටය ජර බර හඩින් ඉරි යන්නට විය.
ඇය බියපත්ව සිය පීදෙන ලැම වසා ගන්නට නිරර්ථක වෑයමක යෙදුණාය.
හීන්නේ උත්තමයා වහ වහා නැගිට දිවගොස් හීන්න කෙලවර ප්‍රපාතයට පැන්නේය.
දිව්‍ය සභාවේ මහ දෙවියා අභියස රුක් දෙවි ආත්මයත්, හීන්නේ උත්තමයාගේ ආත්මයත් විනිශ්චය සදහා බලා හුන්නෝය.
"එම්බල පුර්ව රුක් දෙවිය.......
තා තට කල හැකි කිසිවක්ම නොකලේය.
තාගේ බලය තා අපතේ හැරියේය.
ඒ නිසා මා තා මිනිසෙක් කරමි."
ඉනික්බිති හින්නේ උත්තමයාගේ ආත්ම රෑපය දෙසට හැරි මහ දෙවි මෙසේ කීවේය..
"නරය , තා නරයෙකු ලෙස කල හැකි දේ කල අයෙකි.
ඒ නිසා මා තා නුගයේ රුක් දෙවියා කරමි."
එවිට මිනිසෙකු විමට නියෝග ලත් දෙවියා වහා කලබල විය.
"ස්වාමිණි එය දෝශ සහගතයි.
මුං මාගේ වරය නිසා ලපටි යුවතියකගේ හිරි ඔතප් විනාශ කිරිමට සැරසුණා....."
අහා........
වඩා වැදගත් වන්නේ ක්‍රියාවයි.
මේ නරයා තමන්ට ලැබී තිබු වරය අනුව ක්‍රියා නොකට ඒ බලය විනාශ කලා ......
ඒ නිසා මාගේ වචන ඒ අයුරින්ම ඉටු වේවි."

Subscribe to:
Posts (Atom)