Pages
Monday, December 19, 2016
කොත්තු රොටි
අනේ මන්දා මෙව්වා ලියන්න හිතුවට ලියාගෙන යනකොටනේ එකේ අමාරුව තේරෙන්නේ. අපි ඉස්සර නේවාසිකාගාරේ ඉන්න සන්දියේදි පොඩි මෙව්වා එකක්(කෑලැ පත්තරයක් ලිව්වා). ඉතිං කට්ටිය බලාගෙන උන්නා ඉරිදා පහු වෙනකන් මොකද එකේ තිබුන තරමක් තිබ්බේ මඩ. මඩ කිව්වට ඉතිං මඩමත් නෙමේ ඔය කාට හරි වැරදිමක් වෙනකන් ඉදලා එකට අනුපානු ටිකක් මෙව්වා කරලා ලියන එක මඩ ගහනවා කියලා කියන එක වැරදියි මගේ හිතේ. ඔය පත්තරේ අපේ ලපයා මල්ලිගේ අදහසක්. අපේ ජගත් මහත්තයාගේ පච පත්තරේට විකල්පයක් විදිහට තමා ලපයාගේ තිත පත්තරේ පටන් ගත්තේ ඔය කවුරු කවුරුත් කුණු රහට කැමැතියි (අපි ඒ කාලේ ගුරු ශික්ෂකයෝ)කියලා තේරුම් ගියා තිතට ලියනකොට.
බකට් බ්‍රෝන්කා කියන්නේ අම්පාරේ බක්කිඇල්ලේ හාදයෙක්(දැන් ඔය කොළොන්නාව පැත්තේ සුනිල් මුණසිංහ කියලා විද්‍යාව විකුණන ගෝතයා) මනුස්සයා ඒ දවස්වල කිව්වේ එක බස් එකෙන් කොළඹට යනවා එනවා. ඉස්කොලේ යන්නේ එන්නේ බස් එකෙන් . මනුස්සයාගේ ඉස්කොලේ තර්ස්ටන් මයේ හිතේ. ඉතිං අපි දවසක් ගාල්ලේ සරසවියට ගියා දේදුන්නෙන් සමණලියක් බලන්න. අපි කියලා කිව්වේ මායි ලැම්ඩයි බේබද්දයි පුංචිරාළයි මහ ගොඩක්......
මොනවා හරි කන්න ඔන කියලා යෝජනා කරේ බ්‍රෝන්කාම තමයි. සල්ලිය බාගේ යහමින් අපි ගාව නැති හින්දා පුංචි කඩයකට ගියා බස් ස්ඩැන්ඩ් එක පිටි පස්සේ තිබුන.කවුරැත් කිව්වේ පාන් කමු කියලා.ඒත් බ්‍රොන්කාට පාන් කන්න බෑ කිව්වා. පුංචා කිව්වා තොට ඔන එකක් තෝ කා අපි කනවා පාන් කියලා ....
අපි පාන් ගෙන්න ගෙන පාන් කන්න පටන් ගත්තා. බ්‍රොන්කා වෙටර් මල්ලීව ගෙන්න ගෙන තියෙන දේවල් ඇහැව්වා. වෙටර් මල්ලී වේටර් බාසාවෙන් තියෙන දේවල් හෝටලේ හැමෝටම ඇහෙන්න කිව්වා. බ්‍රෝන්කා හොද හුස්මක් පපුවට පුරවගෙන කොත්තු රොටි තුනක් ගෙන්න කිව්වා. වෙටර් අපේ පොර දිහා බැලුවේ රැජිනි කාන්ත් දිහා වාගේ, මහත්තයා රොටි ගෙනියන්නද? නෑ දැන් මට කන්න අපේ හාදයා කිව්වේ වේටර්ට ඔරවන ගමන්, ඇස් ලොකු කරගෙන ටිකක් බ්‍රෝන්කා දිහා බලාගෙන හිටපු වේටර් එහෙන මහත්තයා මං මුලින් එකක් ගෙන්න කියලා ගියා, පුංචා කට බලියන් හිනාවෙනවා, ලැම්ඩට වැලමිටෙන් අනින ගමන්. ලැම්ඩට ටිකක් කිචිං නහරේ වැඩියි. ලැම්ඩා හිනා වෙන්න ගිහිං කටේ තිබ්බ පාන් ගුලිය පරිප්පු දිසීයට ගුවන් ගත කළා.
දැන් අපේ මනුස්සයා කොත්තු කනවා, කනවා, ඉවරයක් නෑ. හති අරිනවා කනවා.....කනවා හති අරිනවා.... පස්සෙන් පහු අපි පොදු මතභේදයකට ආවා අපේ මනුස්සයව බේර ගන්න. අපි වාඩි වුණා,කට්ටිය නැගිට්ටා.
පහුවදා උදේ නැගිටින කොට මුලු නේවාසිකාගාරේම කොත්තු පෝස්ටරයක්.
Monday, November 14, 2016
එය මෙලෙස සිදු විය
0000000000000000000000000000000000000000
වැවිලියායකට මුහුණ ලා ඇති කුඩා නිවසකි. එක් කාමරයක් සහ කුඩා කුස්සියක් පමණක් ඇති මෙහි නිවසන්නේ මවක් සහ දරුවෙකි. දරුවාගේ පියා දරුවා කුඩා කල මව අතැර ගොස්ය. දරුවා ඉගෙනුමේ රුසියෙකි. තාක්ෂණික මෙවලම් හැසිරවිමේ දි මොහුට ලංවන්නට පංති සගයින් කිසියෙකුටත් නොහැක.එහෙත් ද්‍රරිද්‍රතාවයේ පත්ලෙ ගැලි වුන් ඔහුට සමීපතයින්ගේ පැසසුම් හෝ දිරි ගැන්නුම් නොලැබිම අවාසනාවක්ද?.
0000000000000000000000000000
උතුම් ආණ්ඩුකාරවරයාගේ මැදිහත්විමෙන් චෝදිත මානවකයා නිදහස් විය.විවිධාකාර මති මතාන්තර ඔහු වටා ගලා ගියේය. යනෙන හැම තැනකම ඔහු දෙස බැලුවේ අරුම සත්ත්වයෙක් ලෙසිනි.
00000000000000000000000000000
අති සුඛෝපභෝගී රථයකින් බට විදේශිකයෙක් සමග පැමිණියේ මුහුණ පුරා රුවුල වඩාගත් දේශිය තරුණයෙකි.
“මල්ලී මයාට නියම චාන්ස් එකක් වැදෙන්න යන්නේ, මේ මහත්තයා පරිගණක වැඩ සටහන් ආයතනයක අයිතිකාරයෙක්, මල්ලී ගැන දැනගෙන මල්ලීව එයාලගේ රටට එක්කර යන්නයි ඇවිත් තියෙන්නේ, මොකද කියන්නේ?
0000000000000000000000000
විසල් සයිබකොම් ආයතනයේ සුභෝපභෝගී කාමරයේ සේවය කරන ආසියාතික තරුණයා වැඩි කථා නැත්තෙකි. ඔහු සිය සිය මුලු සේවා මුරයම සිය කුටියේ රුදි සිටිම විශේෂයකි.
000000000000
ආයතන ප්‍රධානි බක්බර්ඩ් මහතාගේ මේසය ඉදිරියේ ආසියාතික තරණයා කරැණු පැහැදිලි කරයි. “සර් මං මේ සයිට් එක ඩිසයින් කලේ ලෝකේ ඔනෑම ජාල පරිශිලකයෙකුට තමන්ගේම ගිණුමක් හදාගෙන එකේ ඔන දෙයක් පල කරන්න පුලුවන් විදිහට“. මෙකෙන් අපිට පුලුවන් සමාජ මත හසුරුවන්නත් “රජුන් හදන්න වාගේම රජුන් විනාශ කරන්න. ආගම් ,පළාත් භේද ඇති කරන්න“
“කදිමයි ,කදිමයි ඔබ දක්ෂයා මගේ තේරිම නිවැරදියි“ එතොට මේක නම් කරන්නේ “
MOODBOOK මගේ අදහස
0000000000000000000000000
පාලු විදියක වෙඩි තබා මරා දමා ඇති ආසියාතික තරුණයෙකුගේ මෘත දේහයකි. එය හදුනා ගත්තෙක් නැත. මරණයට හේතුවක් නැති හිමිකරුවෙක් නැති මෘත දේහයක් ලෙස සති කිහිපයකට පසු තරැණයා මිහිදන් කරන ලදි.
Thursday, November 10, 2016
මේ මනරම් පුරේ උපදින්නට වාසනා
පසුදා පටන් මේ නව බදු පුර වැසියන්ට පනවන ලදින් පුර වැසියෝ ප්‍රීතීයෙන් භ්‍රාන්ත වී අර කී කටයුතු පසුවට කල් දමන්නට වන්හ.
ඉදින් දැන් මේ පුරවැසියෝ.............................
Sunday, August 7, 2016
අලුත් සර්
අදින් දසක 2 කට ඔබින් වූ දිනක දුෂ්කර පාසලක බිහිදොර අබියස එකල මෙකල වන ගැටවරයෙකි. ඔහු නොඉවසිල්ලෙන් බව පේනේ . කාර්යාලයෙන් මතු වන හිසක් හිස වනා මේ ගැටයා කැදවයී.
"පුතා වැඩ බාර ගන්නද ?" ලොකු සර් පුතාගේ ලොකු තාත්තාය. පුතාගේ මේ පෑමිනිම අලුත් ගුරුවරයකු ලෙස වැඩ බාර ගැනීමටයි .
"කෝ ඔලුව පිරගනවත් නැහැ"
ලොකු සර් සාක්කුවෙන් ගත් පනාවකින් පුතාගේ අකීකරු කෙස්ස පීරා දමයි .ලොකු සර් ගුරු පුතාට දිග උපදෙස් මාලාවක් දෙන්නේ සතුටු සිතින් බව පෙනේ .
"දැන් මහත්තයා යන්න 10 පංතියට."
පුතා ඉනි දහදිය සගවමින් පංතිය සොයා යයි .
ගුරු පුතා ගුරු පුතාට දෙතුන් වසකින් ලපැටි සිසුන් රංචුවක් මැදය . ඔවුන් ඇතැමෙක් ගුරු පුතාගේ කෙළි සගයන්ය.
ඉතිං අපිට දැන් විද්‍යාව සර්ද කරන්නේ ? පාඩම අරබන්නේ සිසුන් ය .
අමාරු ආරම්බය පමණක්ම බව පසක් වේ .
පැරණි ගුරුවරුන් කිහිප දෙනක්ම පැමිණ හැරි යයි .ගුරු ගැටයාට කාලජෙද සීමා හඩ නිනව් නැත. සිසුන්ට පාඩම රසබරය. විදුහල්පති රවාගන පංති කාමරය අසබඩය.
අවවාදය මිහිරිය. සීනු හඩ පාසලක අඥාධිපතීෙයක් බව ෙහ් හිස වනා පිලිගනි. ඉදින් දැන් popler පැල සිටුවන්න කාලයයි.
Monday, August 1, 2016
ළිද නැතිවිම
පහුගිය දිනවල විදුහල්පති පුහුණුවට සම්බන්ද වුනා. හැමෝම වාගේ පුහුණුව ෂෝක් කිව්වා. දැන් පුහුණු ලාභින් ආපහු පාසල්වලට මුදා හැරලා. හැබැයි පරන පුරුදු විදිහට ගුරුවරුන්විදිහටමයි.
පුහුණුව මොකටද? .....
වැඩය හරියට කර ගන්න බැරි නම් විභාගය පවත්වන්නේ නැතිව ඉන්න ඒක තමා කරන්න තිබුණේ
.කාටත් පහසුයි යාලුවෙක්ට හිතවතෙක්ට ජොබ් එක දෙන එක
එක් පාසලක භාන්ඩ සමීක්ෂණයක් සදහා මාත් සහභාගී වුණා. ඒ මිට අවුරැදු ගණනකට ඉහත්තෙන්.
අපොයි දෙය්යනේ, ඔබ දන්නවාද? ඒ විදුහලෙ ළිද ඉන්වැන්ටිගත කරලා තිබුණා. හා එක කමක් නැහැ කියලා අත හැරලා දාමුකෝ
පස්සෙන් පහු විදුහල්පතිතුමා තොග පොතින් ළිද ඉවත් කරලා.............
Subscribe to:
Posts (Atom)