Pages

Thursday, November 12, 2020

හුඟක් ඉස්සර

 නිවාඩුව එනකම් ඇඟිලි ගැන්නේ,

නිවාඩුවට ලබුනෝරු යන්න ලැබෙන හින්දයි.
ලබුනෝරුව තමා අපේ ගම.
ගමට යන ඒක ඉතිං ලොකු අලංකලන්චියක්.
උදේ එකේ කෝච්චියට බටුවත්තෙන් නඟින්න ඕන.
එකේ රාගම ස්ටේෂන් එකෙන් බහිනවා.
කොළඹ ඉදන් මඩකලපුව සහ තිරිකුණාමලේ යන උදේදේවිය ගැන යකඩ කටින් කියනකොට අපි එයාව පිලිගන්න ලැස්ති වෙනවා.
තාත්තට වරන්ට් තිබ්බේ තුන්වැනි පංතියේ .
වාසනාව තිබ්බොත් මල්ලීටයි මටයි ජනේලි අයින් ලැබෙනවා.
අපි දෙන්නාව දාලා තාත්තා අන්තරස්දාන වෙනවා.
එකට මොකද,
මඟ අපිව පහුකරන දේවල් කොච්චරක්ද ?
ගල්ගේ ඇතුලේදී අපි දෙන්නම තරගෙට හු කිව්වා........
ඔය වඩේයි කාරයෝ,
පැලපී කාරයෝ ගියාට අපිට මොකද?
පොල්ගහවෙලින් පස්සේ ලයිට් කණු වෙනුවට සිග්නල් අත් තිබ්බේ .
මහවදී කෝච්චිය නවත්තපුවාම තාත්තා ප්‍රාදුර්භූත වෙනවා...
මහව ඉස්ටේසං කැන්ටිමේ මාළුපාන්වල රහ..........
එයිට හපන් කිරි තේ එක....
පුදුම විජ්ජාව තමයි
කෝච්චිය ආපු පැත්තටම යන ඒක.
කෝ කවුරුත් හිටියේ නෑ
ඒ මොකක්ද වුණේ කියලා දෙන්න නම්
කවුරුත් හිටියායැ.
කැකිරාවේ ඉස්ටේසමේ කාකිමාමාට තාත්තා ටිකැට් කෑලි දුන්නා.
අමුතු වහ කුයිල මැලතියන්වල.
කුචිබුචි කියන ගේ කුරුල්ලෝ හැම තැනම.
ඉස්ටේසම ඉස්සරහ කඩ පේළියේ එක කඩයයි ඇරලා තිබ්බේ .
කඩේ ඉස්සරහ කුඩුවක දඬු ලේනෙක් එල්ලීගෙන බලාන උන්නා .
වතුර ජෝගුවෙන් විදුරුවට දාගත්තු වතුර
බොන්න ටිකක් අමාරුයි .
කියුල.....
ස්ටේෂන් එකේ ඉදන් අනුරාධපුර දඹුල්ල පාරට හැතැප්ප කාලයි.
පේන දුර.....
පයින් ගියාම විනාඩි විස්සයි.
එතන ඉදන් පැයක් විතර බලාන ඉන්න කොට කැකිරා බස් එනවා..
ඊයා........
මට බස් දකිනකොටම වමනේ යනවා.
මොනව කරන්නද වමනේ දදා යන්න එපැයි.
කැකිරාවේ බස් නැවතුම් පොලේ කොනක
"පව්කාරමඩුව"
එ් මඩුවේ සිමෙන්ති බංකුවල හිඟන්නෝ බුදිය හිටියා.
අපිට බස්සේක තියෙන්නේ දෙකට....
බස් එක එනකම් අපිත් පව්කාරමඩුවේ ඉන්දවලා තාත්තා අතුරුදහන් .........
ගොඩාක් වේලාවට කට්ටමුරිච්චාන බස් එක කැඩෙනවා
එහෙම වුණාම ගෙලෙන්බිදුණුවැව,
කහටගස්දිගිලිය බස් සරණ ගච්ජාමි ......
බස් එකේදී මට ලොකු වැඩක් තියෙනවා .
පුළුවන් තර වමනේ දාන ඒක....
එතකොට මගේ පෙනුම
හුඹහෙන් ඇඳගත් ගොයා වගෙයිලු...
පව් අසරණ මම....

මුරියාකඩවල මෛත්‍රී විද්‍යාලය පෙන දුරින් බස් එක ජරස් ගාලා නවතින කොට
කඩිමුඩියේ එලියට බැහැලා වමනේ පාරක් දාලා ඇඟ හැල්ලු කර ගන්නවා.
අම්මෝ දැනෙන සනීපේ.
දැන් තියෙන්නේ
ඉස්සරහ ඩැනී මුදලාලිගේ කඩේට ගිහින් තේ බොන්න,
එකේ තේ හදන්න හිටියේ බළල් ඇස් තියෙන සුට්ට කෙල්ලෙක් ...
රාණි.....
රාණි දිහා ,
රාණිගේ බළල් ඇස් දිහා බැලුවේ පුදුමයෙන්..
අපේ ඉස්කෝලේ නම් බළල්ඇසියෝ නෑ..
තේ බොන්න ගල් බනිස්, හුළං විස්කෝතු තමයි හොඳ.......
ඉස්කෝලේ ගාව ඉදන් ලබුනෝරු පාරට යනකම්,
ගෙවල් නෑ.....
හැතැම්ප තුන පයින් .....
මග දිගට හම්බ වෙන බෝක්කු ,
එරමිණියා ගාල් ගනන් කරන එක තමයි යනෙන කාන්සිය මකන්නේ ......
ගිනි පිඹින ඉර අහසට වෙලා
පොළවට රැව්වා......
පාර අයිනේ තියෙන මහ ගස් ඒ රැවුම් ගනන් ගත්තේ නෑ....
රඹැව හම්බ වෙන්න හැතැම්මක් විතර යන්න ඕන....
පිදුරු හෙවිල්ලාපු ගෙවල් දෙක තුනක ඉස්සර වල ගොඩ ගොඩවල්.....
බුලත් කහට හිනා කටින් ඒ ගෙවල් ඉස්සරහ වල ඉදි කරමින් දෙන්නා දෙමහල්ලෝ උන්නා.......
අපේ වයසේ කොළු කෙල්ලෝ ජංගී කොට ඇදගෙන එක එක සෙල්ලම් .....
තව ටිකකින් උන්ට සමවෙන හිත නිසා
මල්ලීයි මායි මුණෙන් මුන බලාන
හිනා වුණා......
හන්දියේ කඩේ ගාවදි මරදන්කඩවල ඉදන් එන පාර මුරියාකඩවල පාරට හේත්තු වෙනවා......
ඉහලාඹතලේ වෙල් යාය එතන ඉදන් පටන් ගන්නේ ......

ආනන්ද අය්යාගේ කඩේ ගාවදී අපි දෙන්නා දුවන්න පටන් ගන්නවා.....
මල්ලීට මට වඩා හය්යෙන් දුවන්න පුළුවන් .....
මං කොච්චර වේගේ වැඩි කරත් ඌ තමයි ඉදිකඩුල්ලේ හරස් පොල්ලෙන් මුලින්ම පනින්නේ.
ඉදිකඩුල්ල සීයා හදපු එකක්
පිටලෑලි දෙකක් වෑයෙන් ගාලා හිල් තුනක් විදලා, හොද ඇද නැති හල්මිල්ල ලී තුනක්
හරහට දාපුවාම ගුණා සීයාගේ හරක් හැතිකරේට වත්තට එන්න බෑ....
ඒ වුණාට ඉතිං උන්දැගේ වැස්සියන්ගේ කිරි, මුදෝපු කිරි , දුං තෙල් එහෙම නම්
ජාති.......

මැලතියන් නාවපු ආච්චිලාගේ ගෙයි බිච්ච ,
කුඹුක් හුනෙන් සුදු කල්ලා තිබ්බේ .
ඉස්සරහ වටපිල....
බිම රටාවට ගොම ගාලා....
ගේ කුරුල්ලෝ වහලේ පිදුරු ඇද ඇද සෙල්ලම් කරනවා...
ගේ ඉස්සර තඩි වද මල් ගහේ තුය්යෝ පැණි බොන්න ඇවිත්.
හැම පැත්තෙන්ම රැහැය්යන්ගේ බ්රැඩි හඩ දෝකාර දුන්නා.

අවුරුදු නිවාඩුවේ අපි කාටත් සෙල්ලම් ගොඩයි.
රන්ජා, සනතා, සිල්ලරයා, උපාලි, මැණිකේ,
කිරිමැණිකේ, අපේ මල්ලී
ඔක්කොම එකතු වුනේ අවුරුදු උත්සවයක් දාන්න....
රන්ජාගේ ඇස් බැඳලා,
අලියට ඇහැ තියන්න.....
අලි බෝඩ් එක ඉස්සරහ..
උපාලියා සරම උස්සාන පුක ඇද පාගෙන...
රන්ජා උපාලියාගේ පුකේ හුණුකුර ගෙනියනවා.....
හිනා බෝම්බ පුපුරද්දී.....
රන්ජා ඇස් වහපු චීත්තේ ගැලෙව්වා
චියීයා.....
වලත්තයෝ #$& ....
රන්ජා ගෙදරම දිව්වා......


Saturday, July 18, 2020

ඉරණම

මා මගේ පර්යේෂණාගාරයට ගියෙමි. අපේ නිවසට පසුපස වු කාණුවට, උඩ වත්තේ ජලය එක්විමේදී ඒ වත්ත සේදීම නිසා ඇති වු ගුහාවක් බඳු කොටස මගේ පර්යේෂණාගාරයයි. තාත්තාගේ අත වැදිම නිසා බිදි ගිය චිවිනි ලාම්පුවේ කර,ඇණ ටිකක්, රේමන් මාමාගේ ගොනාගේ ගලවා ඉවත් කල ලාඩම් කුට්ටමක් මාගේ පර්යේෂණාගාර උපකරණයි.
මටත් අවශ්‍ය වුයේ අහස් විමනක් සෑදීමටයි.
මේ තියෙන කෑලි බෑලි වලින් ඒ සඳහා ප්‍රමණවත් නැති බව නොතෙරේන්නට මං පොඩි බබෙක්යැ........
ස්කයි ලැබය පතිත වන්නේ ඉන්දියන් සාගරය ආසන්න ප්‍රදේශයකටයි......
හරි එහෙනම් ඒ අපේ ගේ ඉස්සරහ ඇති මෝලේ වත්තට වැටුණොත්!......
එහෙනම් වැඩේ හරි...

මේ මෝල වත්ත යනු පෙර කොහුබත් මෝලක් පිහිටි, නමුත් දැන් පාළුවට ගිය ඉඩමකි.
එහි තැන් තැන්වල පොල්ගස් කිහිපයකි. ලොකු කැඩුණු ටැංකියක්ද කුඩා නිවුන් ටැංකියක් ද ඇත්තේ එහි පහල කොටසේය.
එහි වු පොල් ලෙලි වල අපි කාගේ කාගේත් මත්ස්‍ය කර්මාන්තයට පුර්ව කුසලතා ලබා දුන් තැනයි.
එහෙත් එයට මේරි අක්කාත්, ජොසපිං නැන්දාත් අකමැති වුයේ ඔවුන්ගේ පල් විමට දමා තිබු පොල් අතු මාළු ඇල්ලීමට දඟලන අප අතින් කැඩෙන නිසාය.
මා මුහුණ සේදීමට නාන ලිදට යන්නේ ස්කයි ලැබ් එකේ වැටුණු කොටස් හිමිකර ගැන්මේ බලාපොරොත්තුවෙනි...........
එහෙත් එය කිසි කලක ඉටු නොවුණකි.
ඒ පර්යේෂකයා මිය ගිියේය.
නැතහොත් මරා දැමිණි.
මිනිමරුවන් හෝ මියගිය ආකාරය ගැන කිසිවෙක් විමසුවේ නැත..........
ඒ ස්කයි ලැබ් අහස් විමන මිහිතලයට පතිත විමට නියමිත කාලයයි. සන්ධ්‍යා පුවත් කියවන රම්‍යා වනිගසේකර එය පතිත විමට නියමිත ඉන්දීයන් සාගරය ආශ්‍රීත ප්‍රදේශයකට බව කියනු ඇසිණි.
ලැබ් එකේ වැටුණු කොටස් හිමිකර ගැන්මේ බලාපොරොත්තුවෙනි...........
එහෙත් එය කිසි කලක ඉටු නොවුණකි.
ඒ පර්යේෂකයා මිය ගිියේය.
නැතහොත් මරා දැමිණි.
මිනිමරුවන් හෝ මියගිය ආකාරය ගැන කිසිවෙක් විමසුවේ නැත..........


Friday, July 17, 2020

ඉදින් ඒ නිමා වී නැත

පංකාවේ බඹන තල ,
කාර්යාලයේ නිසල වාතලය අඹර අඹරා
සසල කරයි.
මාගේ ඉදිරිපස ඉන්නී, සිිිිිිිිරිමලී නවක ගුරුවරියකි.
ඉතා මෑතක පත්විම් ලද්දී,
සිය පළමු සේවා ස්ථානය වුයේ අපගේ පාසලයි.
පියකරු වතකින්, මන බඳනා දේහයකින් යුතු ඈ පෙනුමෙන් අහිංසකය.
කැළණිය විශ්ව විද්‍යාලයේ උපාධිලාභීනියක වු ඈ,
වැඩ භාර ගත් දිනයද මට මතකය.
මව සමඟ වැඩ භාර ගැනීමට පැමිණ සිටි ඇයගේ විපිලිසර බව , උපාධිලාභීනියකට,
තරම් නොවුවාය.
කඳුළුබර දෙනෙතක් තිබු ඇයගේ ඒ බැලුම් පිලිබඳව මා මාගේ බිරිය සමඟද බෙදා ගත්තේය.
ජාතික පාසලක සේවය කරන මාගේ බිරිඳද ඒ පිළිබදව ඇගේ විමතිය පල කර සිටියාය.

සිරීමලීගේ දෙනෙත,
කදුළු ඇල්ලකට පෙරලි ඇත.
ඉන් ගලනා කදුළු දහරින් ඇයගේ පිරිපුන් ලැම වසා සිටි හැට්ටයද තෙත් වි ගොසිනි.

"ස..ර්.....
අනේ සර් , මට අනුයුක්තය හදා ගන්න උදව් කරන්න.
නැත්ත මම වහ ටිකක් බීලා මැරෙනවා....."

මේ බලන්න සර්,
ඇය හැට්ට අත මදක් ඇද්දීය.
රත් පැ තැල්මක සේයාව ගජදත් සම මත විය.

"සර් කොරෝනා නිවාඩුවේ,
මාව ඇදගෙන ඇවිත් කාර් එකට යට කරන්නත් හැදුවා...."

"නිරෝධගේ අම්මා තමයි උදව් කරේ."

---------------------------------------------
සීරිමලි තෙල්දෙණිය ආසන්න කුඩා ගමක උපත ලද්දේ,
දුගී බවේ අන්තයේ වු පවුලකය.
ඈ උපත ලබා කෙටි කලකින් ඇයගේ පියා,
තේ වත්තේ දළු කඩනාතරයේ, නයෙක් දෂ්ට කිරිමෙන් මෙලොව අතැර ගියේ,
ඇයගේ මව තව තවත් අසරණ කරමිනි.
එතැන් සිට තේ වතු වල දළු කැඩිමෙන්
සිය පවුල රැක බලා ගැනීමේ අසීරු කාර්ය ඈ උරමත පැටවිනි.
සිරිමලීගේ නිවසාසන්නයේ තිබු කුඩා පන්සලේ වැඩ වාසය කල සිල්වත් යතිවරයාණන්ද ,
ඉතුරු වන දාන පිරිනැමිමෙන් සිරීමලිගේ පවුලේ බඩසාය නිවන්නට දායක වුවේය.
පන්සල හා සිරිමලීලාගේ වත්ත වෙන් කර තිබු ,
කටුකම්බි වැට සල් ගහ ගාව දී
කුරුබිලීයක් හදා තිබිනි.
ඇතැම් හැන්දෑ වල සිරිමලිගේ අම්මා ,
ඒ කපොල්ලෙන් රිංගා,
පොල් අත්තක්, පොල් ගෙඩියක පිහිටුම් ස්ථාන වෙනස් කළාය.
ඒ පොල් ගෙඩි එදිනම ඔවුනගේ මිරිස් ගල මත දී පොල් සම්බල බවට හැරවිනි.

එ් සිරිමලී පහේ පංතියේ ඉගෙන ගන්නා සමයයි.
සල්ගහ ලග සිරිමලීගේ වත්තේ තිබු කටුලොවි ගහ පල්ල සිරිමලීගේ සෙල්ලම් තිප්පලයි.
පොල්කටු වළං,
පොල්ලෙලි ලිපේ බතක් සහ මාළුවක් උයමින් තිබිණි.
සිරිමලිගේ උකුලේ, හමගිය ප්ලාස්ටික් බෝනික්කා කතාන්දරයකට, හුමිටි නොතියා , ඇස් නොගසා අසමින් හුන්නේය.

"කෙල්ලේ.....ඒ....."

බරසාර හඬ ඇසුණේ පන්සල් වත්තෙනි.
බුලත් විඩක් හපමින් ,
හාමුදුරුවෝ වැඩ සිටිති.

"මෙහාට වරෙන් කෙල්ලේ....."

සිරිමලී, බස බස ගා චීත්ත ගවුමේ දුලි පිසදමින් නැගි සිටියාය.

"කෝ තොපේ අම්මා"
අම්මා දළු වලට ගියා හාමුදුරුවනේ.."
"තෝ, උදේට කෑවාද......"
"ආ.....ම්......
නෑ......
අම්මා එනකොට පාං ගෙනවා කිව්වා.."

"හා.... වරෙන්කෝ එහෙනම්...."

ආවාසයට ගාව දං හලේදී
රසම රස ආප්ප එක්ක,
හීතල කරපු කිරි එකකින් සිරිමලීගේ බඩ වගෙම හිතත් පිරි ගියේ,
හාමුදුරුවෝ ගැන පහන් සිතුවිලි ඈගේ හිතපුරා පුරවමිනි.

"හා දැන් පලයං......
උඹට ඕන වේලාවක,
මෙහෙට වරේ.......
ඔය තියෙන දෙයක් ඇත්ත කන්න බැරිවායැ...."

පසුදින සිරිමලී , බෝනික්කියට කතා කියුවද, දෙනෙත් දෙසවන් මුළුමනින්ම පංසල් සාවියට නතුව තිබිනි .
ඒ හඬ ඇසෙන මොහොත ඇයගේ බලාපොරොත්තුව විය.
අවසන, ඇයගේ නෙතු දැල්විණි. සවන් පිරිණි.
එදින ජෑම් තැවරු පාන්,
රසම රස චොකලට් රස කිරි වලින් සිරිමලීගේ මුව පිරිණි.
උතුරා යන ගෞරවයෙන් හාමුදුරුවන්ගේ දෙපා වැටුණ,
සිරිමලීගේ කෙසඟ අත් දණ්ඩ ,
හාමුදුරුවන්ගේ පුෂ්ඨිමත් අතකට හිර වුණි.

"කෙල්ලේ උඹ කීයේ පංතියේදැ...."
පහේ පංතියේ .....
සිරිමලී පිළිතුරු දුන්නේ සතුටෙනි.
කසාවත මත ඉන්දවුණ ඈ
ප්‍රශ්නයක් අසන තුරු බලා හුනී.
ලොකු මල් චීත්ත ගව්මේ, ඇතුලත නොපීපි
මල් කැකුළක, ළපටි පෙති ඉසියුම්ව ගලවන උත්සහයකි.
කලින් බී ගත් චොකලට් කිර මෙන්ම දැනෙනුයේ රසයකි.
සිරිමලී ඒ රසයට කැමැති වුවාය.
බුලත් රස ඒ ගන්ධයට අකමැති වුවත්,
මල් කැකුලේ පෙති ගලවන උත්සාහය සුවදායකය.
දෙකකුල් අතර සැරි සරන ගොරෝසු අතැගිලි අවසන එතැන නතර විය.

හා දැන් උඹ පලයං.....
මේ කැවිලි පාර්සලයත් අරං පලයන්.

සිරිමලීගේ සති අන්තයන් වෙනස් වුයේ එලෙසිනි.
ඒ වසරේ දෙසැම්බර් නිවාඩුවේ ,
වැහිබර දිනයක,
දන්හලට ගොස් සිරිමලී නිවසට ගියේ කොර ගසමිනි.
ඒ වුයේ කුමක්ද ?
එදින සිරිමලීගේ අම්මා සිරිමලී කාමරයක දැමුවාය.
දින හතකට පසු ඈ නහවා එළියට ගත්තාය.
සිරිමලීයගේ අතලොස්සක් වු නෑසියන් සිරිමලීගේ ගෙදරට රැස් වුවාය.
ඉතා වටනා තෝඩු යුවලක් පන්සලේ හාමුදුරුවන් එවා තිබිණි.
නෑයන් ලබා දුන් තෑගි සියල්ලේ වටිනාකමද එයට සම නොවිය.
වසර අවසන නිකුත් වු ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුව, සිරිමලීට මධ්‍ය විද්‍යාලයක නේවාසිකව ඉගෙනීමට අවස්ථාව ලැබිණි.
නේවාසිකාගාරයේ යෙහෙළියන්ගේ කතා වලදී,
වැහිදිනයේ වු එය........
ඇයගේ සියොලග දහදියෙන් නහවාලිය.
සියල්ල අවසන්ය.
එය නැවත හැරවිය නොහැක.
උසස් පෙළ උගන්නා කාලයේ නිවාඩුවකට ගිය විට ඒ හිමියෝ අපවත් වු බවත් දැන් පන්සලේ හිමි නමක් නොමැති බවත් සිරිමලීට දැන ගන්නට ලැබිණි.
...................................................
සර්,
නිරෝධව මට හම්බ වුණේ සේවාරම්භක පුහුණුවේදී.........
අපි බැන්ඳා....
බැඳපු දා මම හැමදේම කිව්වා,
නිරෝධ කිව්වා කමක් නෑ කියලා.....
ඒත් එදා රෑ එයාට මාව ඕන වුණේ නෑ...
මාස ගාණක් ගියාට පස්සේ මං එත් ඇහැව්වා ඇයි කියලා....
එයා මුකුත් කිව්වේ නෑ....
නිරෝධගේ හොඳම යාළුවෙක් තමා මට ඒක කිව්වේ......
එයාට නෝනලා ඕන නෑළු....
යාළුවෝ ඉන්නවාලු......
මං නිරෝධට බේත් ගන්න කතා කරා.
එතැනින් පස්සේ තමා මට කරදර කරන්න පටන් ගත්තේ,
එයා අම්මට මං ගැන කියලා....
අම්මත් එයාත් එකතු වෙලා බනිනවා,
ගහනවා......
අපි හිඟන්නොලු........
මං වලත්තියක්ලු සර්,
අනේ සර්....
මං දැනගත්තු තේරෙන කාලේක මොනවත් කරේ නෑ සර්.....
මට දැන් නින්ද යන්නෙත් නෑ සර්,
මම ආපහු ගමට ගිහින් අම්මත් එක්ක ඉන්නයි මේ මාරුව හදා ගන්නේ,
සර් මං වැඳලා කියන්නේ .....
මට උදව් කරන්න සර්......

හරි සිරිමලී , අපි බලමු......
මම වහාම ජාතික පාසල් ගුරු ආයතනයේ හුන් මාගේ මිතුරාට ඇමතුමක් ගතිමි.

හමාර කීම......
සිරිමලී මේ වනවිට වෙනත් පාසලක උද්යෝගිමත් ගුරුවරියක ලෙස සේවය කරයි.
නිරෝධද මම දකිමි. ඔහු රජයේ ගුරු සේවයට සමු දී ඇත. දැන් නගරයේ ප්‍රසිද්ධ පෞද්ගලික ගුරුවරයෙකි.

*****************************
සත්‍යයට අසත්‍ය මුසු කොට ඇත. නම් ගම් ආදේශක මිස සැබෑ එවා නොවේ.
ඔබට සිරිමලී , නිරෝධ හමු විමට ඉඩ ඇත.






Thursday, July 16, 2020

තනියා

ක්‍රීං හඩින්, කෑගාන රැහැය් ඝෝෂාව පිරුණ කුරටියා යාය මැද්දේ
බයිසිකලේ ඉස්සරහට ගියා.
තඩි වලක් මග අරවන කොට තව වලක් .
වලක නොවැටි යන්න මාතලීයටත් බැරි වෙයි.
රොට්ටුවක් වු මේ පාර යංතං කපාලා බස් එකක් දැම්මට ,
්‍වැහි කාලේට බොර වතුර වලවල් පිරුන ගඟක්......මරදංකල්ලේ ටවුමේ ඉදං හෙන්ඩාඬුව ගමට හැතැප්ම පහයි.
ඔය පාර
අවුරුදු හතකට වතාවක් හදා දෙන්න කට්ටිය ආවට,
තාමත් ඉතිං හැදිලා නෑ.

හෙන්ඩාඬුව වැව ,
අගෝස්තු පෑයීල්ල දරා ගන්න බැරුව,
දිය කඩිති කිහිපයකට හැරිලා.
එයින් කිපයක දපාන උන් මීවස්සෝ
කම්මැලිකමට බුලත් හපනවා.
තැන් තැන්වල මැරී උන්නු කාවය්යෝ, මඩකරියෝ බෙදා ගන්න බැරිව
බලු නාම්බෝ දෙතුන් දෙනෙක් ගිනි රංඩුවක්.

සිරිල් ඉස්කෝලේ මහත්තයාගේ දෝණි,
චූලනී, ගමේ ඉස්කෝලේන් සාමාන්‍ය පෙළ පාස් වෙලා ටවුමේ ඉස්කෝලේට ගියේ උසස් පෙළ කරන්න ,
පළවෙනි පාර පාස් වුණත් ,
වෛද්‍ය විද්‍යාලයට යන්න ලකුණු මදී හින්දා ,
කුරුණෑගල පංති යනවා.
ඒ සති අන්තයේ,
පංති ගිහින් මරදංකල්ලේ ටවුමේ බහිද්දී හත අට වෙනවා.
ගමේ බස් එක ගිහින් තිබ්බොත්,
සිරිල් ඉස්කෝලේ මහත්මයා
තමුන්ගෙ මෝටබයිසිකලේ ටවුමට එන්න ඕන, කෙල්ල අරං යන්න.
ගමන නම් කෙටියි.
ඒත් ඔය වේලාවට අලි එලි බහිනවා.
අලි රංචුව නම් ගණන් ගන්න ඕන නෑ.
එත් තනියා නපුරා.
අණ ගුණ නෑ.
මුණට මුලිච්චි වුණොත් සෙල්ලං නෑ.
මාස ගාණකට කලියෙන්,
පුට් සයිකලේ ආපු ගුණා මාමාට තනියා ගහලා,
එතන රැකගෙනත් උන්නා.
වනජීවියේ මහත්තුරු ඇවිත් අලිවෙඩි දාලා තනියා එලොලයි, මිනිය අර දුන්නේ,

අප්පච්චි.......
ඇයි පරක්කු උනේ..."
"මොන පරක්කුවක්දැ, කෝල් එක ගන්නකොට , මං උන්නේ කව්පි කෑල්ලේ,
දන්නවානේ පාරේ හැටි......"

"හා යන්......."

"මේ චුටි දුවේ ,
ඕන් යන්න කලියෙන් කියන්නේ ....
අලියා හෙම පාරට ආවොත් කෑ ගානවා නෙවෙයි.
ගලක් වගේ ඉන්ඩොනි....."

"අය්යෝ අප්පච්චියේ ,
බය කරන්ඩ එපා ඕං......"

තම්බිගේ කඩෙන් බුලත් විඩක් ද ගත් සිරිපාල ඉස්කෝලේ මහත්මයා ,
බයිසිකලේ පණ ගැන්නුවා.

කොස්සොකන්ද පන්නලා ,
තම්බිපලියන්කුලම හරියට එද්දී,
ලොරි කාරයෙක් අස් ගහගෙන ගියේ
අලි ඉන්න බවට.
ඒත් ඒ කියලා ඉතිං හිටින්න බෑ.
චුටි දෝණිට හෙටත් පංති .
ඉක්මන් කරපු තරමට
නා ගන්න, අද සටහන් ටික බලා කියා ගන්න කාලය ලැබෙනවා.
කෙල තලියකින් මග පඬුපාට තණකොල ගොල්ල රතු කරාපු සිරිල් මහත්තයා,
හොද හුස්මකින් පපුව පුරෝන ,
බයිසිකලේ රේස් කරා......

"අප්.....ප....ච්චි...."

දෝණි සිරිල් මහත්තයාගේ උර කිටි කිටියේ මිරිකන ගාමින් කෑ ගාවා...
තනියා......
පාර මැද දූවිලි නානවා.
හදිසි ආගන්තුකයා දෙස උගුර යටින් ගුගරමින්
තනියා බැලුවේ නෝක්කාඩු බැල්ලමක්.
සිරිල් මහත්තයාගේ බුලත් බිඩේ වෙලෙන්න ඒ හැටි වේලාවක් ගියේ නෑ.
දෝණි නොහිටින්න මේ වෙනකොටත්
සිරිල් මහත්තයා ලග දිවුල් ගහ මුදුණේ.

සිරිල් මහත්තයාට තම සීයා කියා දුන් ඒ මන්තරේ මතක් වුණේ අහම්බෙන්

"ඕම් ශ්‍රීරාළි
ෂිතා භාතා
ගාවන්ති"

කුරටියා කෑලේ ගුගුරවමින් සිරිල් මහත්තයාගේ ගැඹුරු හඩ කා වැදුණා.
කන් සොලවමින් විමැසුම් බැල්මක් හෙළු
තනියා,
සිරිල් මහත්තයා දෙවන වර මතුරද්දී,
නගුට අමුඩේ ගසා ගනිමින් කැළැයට පිමි ගහැව්වා.

"අප්පච්චි...."

සිරිල් මහත්තයාගේ උරට කාවැදි දියණියගේ ඇගිලි බුරුල් වුණා...

Saturday, February 1, 2020

පීට මහත්තයා

පීට මහත්තයා
"කලේ පැන් ඇත
නැවුම් රහ නැත......"

මොකද මංදා ලිපට වුයේ"
පීට මහත්තයා දඩාස් ගා
නැගිටලා
ටිකිස් ගාලා
ගුවන්විදුලි කට වැහැව්වා.
මැටිල්ඩා උදෙන්ම නැගිටලා
දවල් කෑම එහෙම හදලා
සිය නෑඟණියේ ගෙදර ගියේ
පිට මහත්මයාට යං යං කියලා
දින ගානක ඉද කරපු යාදිකාව
තඹේකට මායිම්
නොකරපු හින්දනේ.
යන්න කලින්
කිටීයාට, බූලාට කෑම පිඟන් දෙක්කට ඇරලා,
ඒවා දෙන හැටි වගේම
කන පිරෙන්න විධාන රොත්තක්ම දුන්නා තමා.
පීට මහත්මයාගේ
එකම දෝණිය
කොළඹ විශ්ව විද්‍යාලයේ.
දෙන්නා දෙමහල්ලෝ
ගෙදර තනියෙන් ගානයි.

මේ ගිය ගමන
පුරුදක් කර ගත්තොත්
????!
පීට මහත්තයාගේ
කන් අඩි රත් වේගෙන
තට්ට හිසටම ආවේ
කොන්කෝඩ් යානාවක වේගයෙන්.....

වහ වහ ගෙයි ඉස්සර පිීට
කිරි හලේ
නැම්බියගේ
ලිප්ස්ටික් හිනාව ගාව පිට මහත්තයා හිට ගත්තා......

"සඅර් මොනාද ඕනා........"

විදුරු වළලු හෙලවෙන හඩට
පිීට මහත්මයාට
ඉල්ලන්න හිතුණේ
වෙන වෙන දේවල්.....

"මට මීකිරි හට්ටියකුයි
පැණි කාලකුයි දෙන්න දුවේ"

දුවේ කියන වචනය නම්
තිත්තම තිත්තට දිවේ ගෑවුණේ

කිරි හට්ටියයි, පැනි කාලටයි
අයිස් පෙට්ටියේ ඉඩ හදා දීලා
පිීට මහත්තයා
මේට් පිප්ටිය එලියට ගත්තා
බ්රම් බ්රෝම්.......
හඬින්
බෑ නොකියා මෝටෝ බයිසිකලේ
පන ගත්තා......
කෙලින්ම ඩගීයගේ බාර් එකට
ගල් කාල සාක්කුවට දාගෙන
මාතර බත් කඩෙන්
හරක් මස් එක්ක බත් එකක් ගත්තා.
මැටිල්ඩා හරක් මස් කන එකයි
ගෙදරට ගෙන එකයි
නවත්වා දැම්මේ මෙයිට දසකයකටත් කලින්.

බූලාටයි , කිටීයාටයි
කිරි, පැණි එක්ක බත් එක්ක අනා
වෙනම කන්න දුන්න පීට මහත්තයා
කාලක්‍රියා කරේ
සාලේ දිග පුටුව මත්තේ......
බුලගෙයි, කීටියටයි
මැඩිල්ඩාගේ කෑම පිගන් දුන්න,
පිීට මහත්තයා ,
හරක් මස් කෑම එකේ ඇටයක් ඉතුරු නොවෙන්න කෑවා.
බුලා බඩ පැලෙන්න කිරිපැණි එක්ක බත් කාලා හිටපු හින්දා
මැටිල්ඩා අක්කාගේ බත් ඉව කල්ලා
කකුලෙන් තල්ලු කරා.
කීටියා ඉතිං ඒ පිඟාන ගාවට කිට්ටු උනෙත් නෑ.
වැනි වැනි කන්තෝරු කාමරේට රිංග ගත්තු
පිට මහත්මයා
ඇදට පැන්නා..........

"එය්යි.....එයි.......
මොකද මේ...........
නැගිටින්න........"

මැටිල්ඩාගේ රීදි සිනු හඬට
පිීට මහත්තයා උඩ ගිහින් ඇහැරුණේ.........

"හපො......යී....
මේ
මොකද
කීටියෝ.....
මොකද බං උඹ බත් කෑවේ නෑත්තේ,
හෑ.....හ්.
බූලෝ උඹත් කාලා නැද්ද...."

කුස්සිය පැත්තෙන්
අහන ප්‍රශ්න වලට උත්තර විදිහට

"ඥා⁣ආවෝ......
ඥා⁣ආවෝ .....
බුබුහ් බුබුහ්
අර්ග්.....බාවුහ්"

වාගේ උත්තර තමයි ඇහුණේ.

"අපොයි මේ මනුස්සයා කාලත් නෑ නේද......"
විස්සෝප හඬත් එක්ක
කේතලේ විසිල් හඩ ඇහුණා

සාලේ ටීපෝ එක උඩ
දුරකතනේ හඬට ආපු
මැටිල්ඩා ....

"අා  ඹව් අක්කේ
දැන් ටික්කට කලින්
ආවේ......
........................
...
අනේ අක්කේ
ආයේ නම් බෑ......
කීටියා කාලාත් නෑ
බූලා කාලාත්.....
අපේ එක්කෙනා කාලත් නෑ
මං එනකොට
කවදකවත් නැතුව මහ දවාලේ නිදි......."

පිීට මහත්තයාගේ කට කොනකට
ආපු හිනාව
දැක්ක බූලා කන්පොට ගහලා
ඉස්සරහ ගාත් දෙක් දික් කරලා
බුහුව්ග් ගෑවා.