හාන්සි පුටුවේ දිගැදුණ ජයම්පති සිය ජන්ම භුමිය සිසාරා උකුසු බැල්ලමක් හෙළුයේය.
නඩත්තුව නිසියාකාරව සිදු නොවන වත්තේ අනාරාධිත ගස් වැල් ජයටම වැඩි තිබිණි.
ගුණපාලට ආණ්ඩු මාට්ටු කර නොහෙන තරමටම ඒ ගස් වැල් දඩබ්බරද,
නැතහොත් ඔහුගේ සවිබල කාලය විසින් වියැකි ගොසින්ද?
ජයම්පතිලාගේ මහ ගෙදරට ඉදිරිපස ඉඩම කට්ටි වි කුඩා ගම්මානයකට පෙරළි ඇත.
එහි පාරට මුහුණ ලා ඇති බිම් කොටස් වල, චයිනීස් කෑමහල්, ජංගම දුරකතන අළුත්වැඩියා කරන තැන්, ජුස් බාර් එකක් වැනි ව්‍යාපාරික ස්ථාන පිහිටා ඇති බව ඊයේ එනවිටම ජයම්පතිගේ නෙතු ගැටුණී.
හරියටම වසර දහයකට පසු මෙරටට පැමිණි ජයම්පතිට සියල්ල උඩුයටිකුරුවී ඇති බව සිතිම පුදුමයක්ද නොවේ.
"චුටි මහත්මයා , උදේ කෑම ..........."
ගුණපාලගේ හඩ තවමත් නොනැසි ලෙංගතු බවින් පිරිපුන්ය .
ගුණපාලට ඉතා මැනවින් ඉවිමේ පිසිමේ කටයුතු කල හැකිය.
එකල ජයම්පතිගේ පංති සඟයෝ නිවාඩු කාලයේදී ජයම්පතිගෙ නිවසටම පැමිණිමට එයද හේතුවක් විය.
ශිෂ්‍යත්ව විභාගයෙන් අනතුරුව අගනුවර විශාල පාසලකට ඇතුලත් වු ජයම්පති එම පාසලේ නේවාසික ශිෂ්‍යයෙක් විය.
මව නොමැති ජයම්පතිට නේවාසිකාගාරය නිවසට වඩා හිතට ඇල්ලීම අරුමයක් නොවිය.
ඔහු එතැන් සිට සිය නිවසට පැමිණියේ පාසල් නිවාඩුව සදහා පමණි.
ඒ පැමිණිමේදී පංති සඟයින් කිහිප දෙනෙක්ද ඔහු සමඟ පැමිණි අතර දින ගණනාවක් ජයම්පතිගේ නිවසේ ගතකොට යාම සිරිතක් විය.
"චුටි මහත්තයා ඕං මං කංකු තෙල් දාලා ගත්තා,
මහත්තයා ඉස්සර හරිම කැමැතිනේ...
උදේ ආහාරයෙන් අනතුරුව ජයම්පති ගමේ අවුරුදු උළෙල සදහා යාමට පිටත් විය.
ජයම්පතිගේ පැමිණිමේ ආරංචිය සමඟම උත්සව සංවිධායක තරුණ නඩය ජයම්පතට ඒ සදහා ඇරුයුම් කර තිබිණි.
පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා පාඨමාලාවක් හැදැරු ජයම්පති එහිම කථිකාචාර්යවරයකු ලෙස සේවය කරේ ඔහුගේ උසස් සාමාර්ථය නිසාය.
ඔහු විසින් ඉදිරිපත් කල "විකල්ප බලශක්ති" පර්යේෂණය හමස් පෙට්ටියට විසි වුණ ද ඒ සබැඳිව ඔහු ලියු ලිපි හරහා විදේශ රටක් ජයම්පතිට එරට බලශක්ති පර්යේෂණායතනයට ඇරුයුම් කලේය.
එහෙත් තම රටට ඉටු කල යුතු සේවය වෙනත් රටකට ලබා දීයු යුත්තේ ඇයිදැයි යන ප්‍රශ්නය සිත තුල හොල්මන් කල බැවින් ජයම්පති ඒ පිළිබදව උනන්දුවක් දැක්වුයේ නැත.
එහෙත් දිගින් දිගටම ජයම්පති මහතාට විවිධ අපහසුතාවයන්ට මුහුණ දිමට සිදුවුයේ ඔහු විසින් බලශක්ති අර්බුදය සම්බන්ධයෙන් ඉදිරිපත් කල මතවාදය නිසා විය යුතුය.
අවසන එය සිදුවිය.
ජයම්පති මහතා මෙරට අතැර විදෙස්ගතවිය.
එරට ඔහුව සාදරයෙන් පිළිගත්තේය.
ජයම්පති මහතාගේ දැනුමින් එරට පාලකයෝ යහමින් ප්‍රයොජන ගත්තෝය.
ශබ්ද විකාශන යන්ත්‍ර හරහා ඇසෙන්නේ ජයම්පති කුඩා කල ඇසු අවුරුදු ගීතමය.
එහෙත් එකෙල මෙකෙල වන තරුණ තරුණියන්ගේ ඇදුම් ආයිත්තම් නම් වෙනස්ය.
"මෙන්න අපි දැන් අාරම්භ කරන්නේ බොහොම විනෝදමත් තරඟයක්,
ඔව් කුක්කු බීමේ තරගය.....
හහ් හා........
නෑ...... නෑ ..
මේ තරගය තියෙන්නේ කෝඩුකාර නංගීලාටයි, විසේකාර මල්ලීලාටයි...
තරගයට සෑහෙන ඉල්ලුමක් තියෙන හින්දා සංවිධායක මණ්ඩලය තීරණය කරා මුලින්ම නම දුන් ජෝඩු දහය ..
මේ තරගයට ගන්න......."
"ඒ වගේම මේ වන කොට අපේ සැඟවුණු අමුත්තා අත් කොට කමිසයක් අැදගෙන පිට්ටනියේ එහා මෙහා යනවා.......
ඕන කෙනෙක්ට පුළුවන් ඔහුව හඳුනා ගැනීමේ තරගයට ඇතුල් වෙන්න.....
ඒ සදහා අපේ කාර්යාලයට රුපියල් පනහක් ගෙවලා කුපන් එකක් ගන්න,"
ජයම්පති මහත්තයා පිට්ටනියේ එහා මෙහා ගියේ අවුරුදු තරග දකිමින්.....
එක තැනක පස්සේ හයි කල බැලුම් පිපිරවිමේ තරගයක් දිහා අත්පොලසන් දෙමින් හුරේ දාන පොදියක්.......
තමන්ගේ පිටට තට්ටුවක් දානවා දැනිච්ච ජයම්පති මහත්තයා හැරුණා.....
"මහත්තයා නේද සැඟවුණු අමුත්තා"
ජයම්පති මහත්තයාට විදුලි සැරයක් වැදුණේ ඒ ගව නෙත් දෙක දැකලා......
ඒ.......හ්....
********************************
ඒ ජයම්පති උසස් පෙල පංතියේ ඉගැනුම ලබන වකවානුවයි.
අවුරුදු නිවාඩුවට පැමිණි මිතුරු කැල ඉක්මනින් යාමත් සමඟම ජයම්පතිට දැණුනේ පාළුවකි.
නිවසේ ගුණපාල පමණි.
පියාණන් ව්‍යාපාරික කටයුතු සදහා බැහැර ගොස්ය.
මිදුලේ රවුමක් ගැසු ජයම්පති හෙමිහිට සිය රබර් වත්ත දෙසට ගියේ අරමුණක් රහිතවය.
රබර් වත්තේ කැපුම්කාරයන් සහ කැපුම්කාරියන් යුහුසුළුව කිරි එකතු කරමින් , නව කැපුම් යොදමින් සිටියි.
අංක 07 කට්ටියට ඔබින් ඇත්තේ කජුලන්දයි.
එහි කජු , කීන, දං, ගොරක යහමින් තිබේ.
ගම පැත්තෙන් එන කොළු කුරුට්ටන්ට මුරකරුගෙන් ලෙහෙසියෙන් බේරි ඇතුලට පැමිණිය නොහැක.
පෙතං කජු ගසේ අතු සරබර ගාන්නේ ඇයි?
උඩ බලමින් පැමිණි ජයම්පති දුටුවේ
කජු ගස උඩ සිටින යුවතියකි.
නිල් පෑ ගවොමක් ඇද සිටි ඈ සිය කාර්යටම සිත යොමා සිටි බැවින් ජයම්පතිගේ ආගමනය නොදුටුවාය.
ගස මුලට පැමිණි ජයම්පති ඉහල බැලුවේය.
ජයම්පතිගේ ඇඟපුරා කිතියක් දිවෙන්නට විය.
"එයි.........
කවුද මේ හොරා....
අපේ කජු කඩන්නේ.......
බහිනවා ......"
ජයම්පති එළියට නොදැමු සිනාහවකින් මුරගෑය.
යුවතිය වහ වහා බිමට බසින්නී.
කලබලය නිසාම බිමට ආසන්න අත්තකදී පය පැකිලි ඇද වැටිණි.....
කජුකොල ඇතිරිල්ල මත වැටි ඇයගේ අකීකරු ගවොම රතට හුරැ සුදු පෑ දඟයුග නිරාවරණය කරමින් ඉහලය.
අනපේක්ෂිත ආගන්තුකයාගේ පැමිණිමත් සිදුවු අකරතැබ්බය නිසාත් යුවතීය ශෛලමය ප්‍රතිමාවක්ව ගොසිනි.
යුවතිය අසල දණ ගසා ගත් ජයම්පති ,
"එයි....එයි..... මොකද වුණේ, විමසුවේ නැඟි සිනහව එලියට අදිමිනි.
යුවතීය සිය ගව නෙත් විවර කරේ අතිශය භීතියෙනි.......
"අනේ මහත්තයා මට යන්න දෙන්න,
දවල්ට උයන්න කජු නාඹර ටිකක් කඩා ගන්න ආවේ....."
ඇයගේ දැස කොනකින් කඳුළු බිංදුවක් පනින්නට ආසන්නය.
"හරි , හරි.......දැන් ඉතිං නැගිටිනවා..."
සරාස් ගා නැගිට්ට යුවතිය ගවොමේ පසෙක එල්ලාගෙන සිටි කුඩා මල්ලක් ජයම්පතිට පෑවාය.
"තියාගන්නවා .......ඕක.....
මොකක්ද තමුන්ගේ නම......
"මියුරියල්......
අය්යට මතක නැතුව ඇති අය්යා ශිෂ්‍යත්වේ පාස් වෙලා යන උත්සවේ මල්මාලේ දැම්මේ මංනේ......."
ජයම්පතිට ඒ හුරුබුහුටි දැරිය සැනකින් සිහියට ආවේය.
"අපේ ගෙවල් මේ ලග.....
අද අපේ ගෙදට්ට නෑයෝ එනවා..
එකයි කජු නාඹර ටිකක් කඩාගෙන යන්න ආවේ...."
"හොඳයිනේ ඔහොමත් කෙල්ලො ගස් යනවාද?
මං උඩ බලපු වේලාවේ මගෙත් ඇස් නිලංකාර වුණානේ......."
මියුරියල්ගේ කොපුල විලියෙන් රත් පෑ විනි.
***************
"ආ..........
මේ දුවගේ අම්මා මියුරිල්ද?"
"ඔව් අංකල් අම්මාව අදුරනවාද?....
අම්මා නම් ආවේ නෑ........
අම්මා අදත් ඩියුටිනේ....
අවුරුදු නිසා ස්පෙෂල් ඩියුටි......
හදිසි අනතුරු වැඩියිනේ.......
මායි මල්ලී , තාත්තයි උත්සවේට ආවා.
ඉතිං අංකල් ,
අංකල් නේද සැඟවුණු අමුත්තා"
ඇගේ කට කතුරකි.
කජුගහ මුලදී ජයම්පති නැගු සිනහවම යලි ජයම්පතිගේ මුවට පැමිණියේ නිතැතිනි.
ජාන පරීක්ෂණයකුත් කරන්න වෙනවද?
ReplyDelete🤗🤗
Delete