Pages

Saturday, February 1, 2020

පීට මහත්තයා

පීට මහත්තයා
"කලේ පැන් ඇත
නැවුම් රහ නැත......"

මොකද මංදා ලිපට වුයේ"
පීට මහත්තයා දඩාස් ගා
නැගිටලා
ටිකිස් ගාලා
ගුවන්විදුලි කට වැහැව්වා.
මැටිල්ඩා උදෙන්ම නැගිටලා
දවල් කෑම එහෙම හදලා
සිය නෑඟණියේ ගෙදර ගියේ
පිට මහත්මයාට යං යං කියලා
දින ගානක ඉද කරපු යාදිකාව
තඹේකට මායිම්
නොකරපු හින්දනේ.
යන්න කලින්
කිටීයාට, බූලාට කෑම පිඟන් දෙක්කට ඇරලා,
ඒවා දෙන හැටි වගේම
කන පිරෙන්න විධාන රොත්තක්ම දුන්නා තමා.
පීට මහත්මයාගේ
එකම දෝණිය
කොළඹ විශ්ව විද්‍යාලයේ.
දෙන්නා දෙමහල්ලෝ
ගෙදර තනියෙන් ගානයි.

මේ ගිය ගමන
පුරුදක් කර ගත්තොත්
????!
පීට මහත්තයාගේ
කන් අඩි රත් වේගෙන
තට්ට හිසටම ආවේ
කොන්කෝඩ් යානාවක වේගයෙන්.....

වහ වහ ගෙයි ඉස්සර පිීට
කිරි හලේ
නැම්බියගේ
ලිප්ස්ටික් හිනාව ගාව පිට මහත්තයා හිට ගත්තා......

"සඅර් මොනාද ඕනා........"

විදුරු වළලු හෙලවෙන හඩට
පිීට මහත්මයාට
ඉල්ලන්න හිතුණේ
වෙන වෙන දේවල්.....

"මට මීකිරි හට්ටියකුයි
පැණි කාලකුයි දෙන්න දුවේ"

දුවේ කියන වචනය නම්
තිත්තම තිත්තට දිවේ ගෑවුණේ

කිරි හට්ටියයි, පැනි කාලටයි
අයිස් පෙට්ටියේ ඉඩ හදා දීලා
පිීට මහත්තයා
මේට් පිප්ටිය එලියට ගත්තා
බ්රම් බ්රෝම්.......
හඬින්
බෑ නොකියා මෝටෝ බයිසිකලේ
පන ගත්තා......
කෙලින්ම ඩගීයගේ බාර් එකට
ගල් කාල සාක්කුවට දාගෙන
මාතර බත් කඩෙන්
හරක් මස් එක්ක බත් එකක් ගත්තා.
මැටිල්ඩා හරක් මස් කන එකයි
ගෙදරට ගෙන එකයි
නවත්වා දැම්මේ මෙයිට දසකයකටත් කලින්.

බූලාටයි , කිටීයාටයි
කිරි, පැණි එක්ක බත් එක්ක අනා
වෙනම කන්න දුන්න පීට මහත්තයා
කාලක්‍රියා කරේ
සාලේ දිග පුටුව මත්තේ......
බුලගෙයි, කීටියටයි
මැඩිල්ඩාගේ කෑම පිගන් දුන්න,
පිීට මහත්තයා ,
හරක් මස් කෑම එකේ ඇටයක් ඉතුරු නොවෙන්න කෑවා.
බුලා බඩ පැලෙන්න කිරිපැණි එක්ක බත් කාලා හිටපු හින්දා
මැටිල්ඩා අක්කාගේ බත් ඉව කල්ලා
කකුලෙන් තල්ලු කරා.
කීටියා ඉතිං ඒ පිඟාන ගාවට කිට්ටු උනෙත් නෑ.
වැනි වැනි කන්තෝරු කාමරේට රිංග ගත්තු
පිට මහත්මයා
ඇදට පැන්නා..........

"එය්යි.....එයි.......
මොකද මේ...........
නැගිටින්න........"

මැටිල්ඩාගේ රීදි සිනු හඬට
පිීට මහත්තයා උඩ ගිහින් ඇහැරුණේ.........

"හපො......යී....
මේ
මොකද
කීටියෝ.....
මොකද බං උඹ බත් කෑවේ නෑත්තේ,
හෑ.....හ්.
බූලෝ උඹත් කාලා නැද්ද...."

කුස්සිය පැත්තෙන්
අහන ප්‍රශ්න වලට උත්තර විදිහට

"ඥා⁣ආවෝ......
ඥා⁣ආවෝ .....
බුබුහ් බුබුහ්
අර්ග්.....බාවුහ්"

වාගේ උත්තර තමයි ඇහුණේ.

"අපොයි මේ මනුස්සයා කාලත් නෑ නේද......"
විස්සෝප හඬත් එක්ක
කේතලේ විසිල් හඩ ඇහුණා

සාලේ ටීපෝ එක උඩ
දුරකතනේ හඬට ආපු
මැටිල්ඩා ....

"අා  ඹව් අක්කේ
දැන් ටික්කට කලින්
ආවේ......
........................
...
අනේ අක්කේ
ආයේ නම් බෑ......
කීටියා කාලාත් නෑ
බූලා කාලාත්.....
අපේ එක්කෙනා කාලත් නෑ
මං එනකොට
කවදකවත් නැතුව මහ දවාලේ නිදි......."

පිීට මහත්තයාගේ කට කොනකට
ආපු හිනාව
දැක්ක බූලා කන්පොට ගහලා
ඉස්සරහ ගාත් දෙක් දික් කරලා
බුහුව්ග් ගෑවා.

3 comments:

  1. ඒ නිදහස දන්නෙ ඉතිං බැඳපු මනුස්සයෙක්ම තමා ඈ...

    ReplyDelete
  2. "සිය නෑඟණියේ ගෙදර ගියේ" "අනේ අක්කේ
    ආයේ නම් බෑ.. ?

    ReplyDelete