ගම ගැන ගොඩාක් අය කතා කරන්නේ හරි අසාවෙන්. මං ඉතිං ගං ගං ගානේ හොයලා බැලුවා ඔය කියන සුන්දර ගම. අවාසනාව කියන්නේ එහෙම ගම් නැහැ. පජාති මිනිස්සු, කේලම්කාරයෝ, බ්ලේඩ්කාරයෝ වාගේ හැම විදිහකම අය නගරයේ වගේම ගමේත් ඉන්නවා. ඒ අතරේ ලොකුම ලොකු හදවත් තියෙන අය ගමේ වගේම නගර වලත් ඉන්නවා. හොර සුරා තිප්පපලවල්, ...නිකා නිවාස, විඩියෝ කඩ, චයිනිස් කඩ දැන් ඉතිං හැම ගමකම තියෙනවානේ. එත් මිට අවුරු
දු 30හ 40කට කලින් මේ තත්වය වෙනස් ඇති. ඒ මතකයෙන් වෙන්න ඔන මිනිස්සු කතා කරන්නේ. අපේත් අම්මාගේ ගම හද්දා වන්නියේ. ඔය වන්නිය කියන එකත් හම්බ වෙන්නේ නැති එකක්. මම ඉස්කෝලේ හැම නිවාඩුවක්ම වගේ හිටියේ ආච්චිලාගේ ගෙදර. මම හිටියේ බටුවත්තේ (රාගමට කිට්ටු ගමක්) වුණාට ආච්චිලාගේ ගෙදරට ගියපුවාම කොළඔ කොල්ලෙක් වෙනවා. ඇත්තට මම දෙකේ පංතියට යනකම් කොළඹ කලුද සුදුද කියලා දැනං හිටියේ නැහැ. ඒ කරලාත් දෙකේ පංතියේ දි ඉස්කෝලෙන් (බටුවත්තේ කණිෂ්ඨ විද්‍යාලය) යන අධ්‍යාපන චාරිකාවෙන් තමා කොළඹට හා පුරා කියලා ගියේ. අදටත් මම කොළඹ කොහේ යතත් ඹධ්‍යම බස් නැවතුමට ගිහිං තමා යන්නේ.
අපේ ආචිචිලාගේ කාලේ ගමේ හැමෝම ගම්මැද්දේ ඉදලා තියෙන්නේ. එකේ තිබුණා කියන්නේ එක යට ලියේ ගෙවල්. අම්මා කියන විදිහට බත් මඩක්කුව(මැටිකෝප්පේ) අරගෙන වටයක් ගිහිල්ලා වටපලේ වාඩිවෙන්නේ බත් වැහෙන්න මාලු දාගෙන. ඔය මාලු කියන්නේ වැංජන වලටනේ.
ඒ ගෙවල් හරි සරලයි. වටපිලෙන් කෛටි බිත්තිය පටන් ගන්නවා. එකේ ඉස්තෝප්පුව දිගයි. ඉස්තෝප්පුවට යාවුණ කාමර දෙකයි. ඒ කාමර දෙකට පස්සෙන් පසුපිල . පසු පිගේ කොනක කුස්සිය. සමහර ගෙවල්වල අටුගේකුත් තිබුණා. අටුගේ තමයි බවබෝග ගබඩාව, ඒ වගේම ආයුධ තියන්නෙත් එකේ. දැති ගොය්යෝ,උකුණුගස්,බෝල් අතු, කැති, උදලු මේ හැම ලට්ටාලොට්ටයකම වාසබවන වුනේ එක.
ආච්චිගේ බඩු ගබඩාවයි සිරියහන් ගබඩාවයි එකම කාමරේ. එක එක ප්‍රමාණයේ මුට්ටි හත අටක් එක මත එක තියලයි, ආච්චිගේ බඩු ගබඩාව හදා ගෙන තිබුණේ.ඕලු හාල්, හාල්, කුරක්කන් පිටි යනාදි ආහාර ද්‍රව්‍ය බඩගෙඩි වලට යනකං ඔය මුට්ටි අස්සේ තිබුණා. අර අනිත් කාමරෙ වුණත් බඩු කියලා මහ ලොකු දෙයක් තිබුණේ නැහැ. පෙට්ටගමකුයි ඇදකුයි මේසයකුයි තමා ඒ කාමරේ තිබුනේ. සීයා නිදා ගන්නේ ඉස්තෝප්පුවේ තිබුණ බුරැ ඇදේ.
ඒ කාලේ ළමයි ගම්බ වෙන්න ස්පිරිතාල වලට බබලත් උදවිය ගිහිං නැහැ. ඒ වැඩේ කෙරුනා කියන්නේ ගෙදරම තමා, ඒවාට උදවු පදවු දෙන්න ඒ ගැන දැනුම් තේරුං ඇති උදවිය හැම ගමකම දෙතුන් දෙනෙක් ඉදලා තියෙනවා. දරුවා ලැබුණාම පෙකණිවැල කපනවනේ ඉතිං එකේ පොඩි කොටයක් ඉතුරු වෙනවා. ඒ කොටේ දවස් කිහිපයකින් තමා වැටෙන්නේ. ඒ කාලේ ඔය වැටෙන පෙකණි වැලේ කොටස පෙට්ටියක දාලා අරං තියනවාලු. ඒ සන්දියේ හැම ගමයාම වෙදෙක්. ඒ ඒ ගැමියාට විශේෂ වෙච්ච අවසුද වට්ටෝරු තිබිලා තියෙනවා. ඉති ඒ හින්දා හැම ගෙදරකම කුස්සියේ දුං මැස්සේ අවුසද පෙට්ටියක් තිබිලා තියෙනවා. මේකටම තමයි අර දරු පෙකණි ශේෂය දාලා තියන්නේත්.දවසක් ගෙදරට ආපු ගෑනු මනුස්සයෙක් කුස්සියේ ආච්චිත් එක්ක සතුටු සාමිචියේ යෙදෙමින් ඉන්න අතරේ ආච්චි ගිහි කොච්චි අහුරක් කඩා ගන්න. ආච්චි කොච්චි අහුර කඩාගෙන ඒන අතරවාරයේ ආගන්තුක උන්දැ සාර බුලත් විටක් ඒදගෙන,
“අනේ බං ඩිංගිරියෝ බුලත් පෙට්ටියේ දුං කොළ නැ“
‘මං අන්න අර බෙහෙත් වට්ටියේ තිව්න දුං නැට්ටක් හපා ගත්තා“
“එකනං බොලල්ලා වස උරල් රහං“
“මක් කොරන්නද නැති හින්දා ඉතිං කනවා මිස්ක්වා“
අර උන්දැ ගියාට පස්සේ අපේ ආච්චි බෙහෙත් පෙට්ටිය ගත්තේ එකට දුං කොළ කඩා පාත් වුණ අරුමේ ගැන විමර්ශනයක් කරන්න.
අප්පේ රෙදි කඩ මාල්ලක ඔතා තිව්ණ මාමගේ පෙකණි කොටේ අතුරුදහන්.
පෙකණි විට :D
ReplyDeleteහොඳ වෙලාවට රහවැටුනෙ නැත්තෙ නැත්තං හොයපල්ලකො පෙකණි කොට ඊට පස්සෙ විට කන්න :D
අනේද කියන්නේ
Deleteමදැයි වෙච්චි දෙයක්.
ReplyDeleteජයවේවා!!!
එකනේ.....................
Deleteප්‍රතිචාරයට ස්තුතියි
තුන්වෙනි ඡේදෙට මං හරි ආසයි.....ඉස්සර අපි හිටපු ගමේ ගෙවල් මතක් වුණා.....
ReplyDeleteමට මතක හැටියට අම්මාගේ ගෙදර තමයි මම එතැන විස්තර කරේ. අනේ ඉතිං ගේ කුරැල්ලන්ගේ ශද්දේ මට තවමත් ඇහෙනවා වගේ ප්‍රතිචාරයට ස්තුතියි
Deleteඅපේ ගම නම් තවමතේ ඒ ගමමයි ..වෙනසකට තියෙන්නේ මැටි ගහපු ..තලාතු හොයපු ගෙවල් වෙනුවට තියෙන්නේ උළු හොයපු ගෙවල්..අදටත් ඉතිං පරණ පරම්පරාව විතරයි ගමේ ඉන්නේ ..අලුත් පරම්පරාව ගමෙන් යනවා ...දැන්නම් බයක් තියෙනවා ගම නැති වෙයි කියලා ..මිට අවුරුදු 10 කලින් හිටියෙත් පවුල් 38 දැන් 37 අඩුවෙලා කියලා ග්‍රාමසේවක මහත්තයා කිව්වා
ReplyDeleteඔබේ ගම දකින්න නං ආසයි
Deleteඉස්සර හිටපු ගමට මං අවුරුදු 20 කින් විතර ගිහින් නෑ...අපේ අම්මා ගුරුවරියක් හින්ද අපි හිටියේ ගුරු නිවාසේ....නිවාඩු දවස් වලට අපි යනවා සෙල්ලම් කරන්න, ළඟ තියන අරවගේ ගෙවල් වලට....ගොඩක් ළමයි අම්මගේ ගෝලයෝ....සමහර දවස්වලට දවල්ටත් කන්න දෙනවා ඒ ගෙවල් වලින්.... මාලුවයි බතයි වුනත් පුදුම රහක් තියෙන්නේ....කන්න වෙන්නෙත් කොලොම්බුවක ඉඳගෙන....ගොම පොළවේ සුවඳත් එක්ක.....
ReplyDeleteඅපේ ආච්චි හදනවා කිරි හොද්දක්, කැකැලු හාලේ බතක් එක්ක අමුණ කොළ මැල්ලුම කැමෙන් පස්සේ රබන් ගහන්න පුලුහං බඩෙන් අනේඉතිං අපේ මහගෙත් කිරි හොදි හදනවා උම්බලකඩ ද අරවද මෙවාද එත් ඉතිං.....එක්කෝ ඔන නෑ බැරි වෙලාවත් නෝනාට මේ ප්‍රතිචාර ඇහැ ගැහුනොත් මට තමා උයා පිහා ගන්න වෙන්නේ
ReplyDeleteදැති ගොයියෝ කියන්නෙ රේක්කය වගේ එකද?
ReplyDeleteඋකුණු ගස් මොකක්ද?
ගොයම් පාගන අවස්ථාවේ දී කොල එකතු කරන කෙලවර ශාකාවක් සහිත ලීය උකුණු ගසයි රේක්කය වැනි උපකරණය යදැල්ලකරුවයි කමත් බසේ දී උකුණු ගස දැති ගොය්යා ලෙස හදුන්වයි
Deleteඑතකොට මාමගෙ පෙකනි කොටෙයි කාල තියෙන්නෙ. :D :D
ReplyDeleteඑකනේ බලන්නකෝ කල්ලා තියෙන දේ
Deleteඈක්කා බුලත් විට රහට තියෙන්න ඇති නේ...
ReplyDeleteහොදයි ඈ.......
එල ද බ්‍රා ...
ReplyDeleteඅටමා තමයි පාර කිව්වේ
ගමේ ගෙදර ගැන විස්තරය ශෝක්. මගේ බුරි කොටෙත් අපේ අම්මා කාලයක් යනකම් පරිස්සම් කරගෙන තියන් හිටියා. පස්සේ මොනා වුනාද මන්දා.....
ReplyDeleteතමන්ගේ දේ නේ ටිකක්‍ෙ
Deleteහොයල් බලන්නකෝ
මරු... පෙකණිකොට අරං තියනවා කියලා දන්නෙ අද...
ReplyDeleteචැහ්... පොඩි උං දෙන්නගෙ එව්වා අරං තියන්න තිබුණා...
එක අතකට ඉතිං මක්කටද නේද?
මට අන්දපු වවුල් ෂර්ට් අම්මා ගාව තාම තියෙනවා
Deleteඅප්පච්චියේ.අර කව්දෝ අරාබි රටේ වේලපු මිදි කෑවා වගේ...ංසෑහ්
ReplyDeleteඅප්පච්චියේ.අර කව්දෝ අරාබි රටේ වේලපු මිදි කෑවා වගේ...ංසෑහ්
ReplyDelete