Pages

Monday, November 14, 2016

එය මෙලෙස සිදු විය


ආසියානු අර්ධ ද්විපයේ අගනුවර ආසන්න යුක්තිය පසිදලන ස්ථානයකි. ඒ අතිශයින් ජනාකිර්ණය. මාධ්‍යයෙව්දීන්, මහජන නියෝජිතයින්, පුරවැසි සංවිධාන නියෝජිතයින් ආදි වු මේ මහාජනසන්නිපාතයේ සංයුතිය අතිශයින් සංකිර්ණය. අද මේ විශේෂය මෙරට අග්‍රාණ්ඩුකාරවරයාගේ වෙබ් අඩවියට සොරෙන් ප්‍රවිශ්ඨ වු මානවකයන් දෙදෙනෙකු කෙරේ යුක්තිය ඉටු කිරිම නිසාවෙනි. කිසිදු ලෝභලාභාපේක්ෂාවකින් තොරව නාභිය පෙනෙන ලෙස සාරිය හැද විසිතුරු ලෙස ආයිත්තම් වු කාන්තාවක් සිය මිණි කිංකිණි ස්වරයෙන් අඩ ඉංග්‍රීසි උච්ඡාරනයකින් තෙපලුයේ මේ අවජාතක අශික්ෂිතයා එල්ලා ප්‍රාණය නිරුද්ධ කල යුතු බවයි. එයට ඌණ පුරණයක් සැපයු සුකිරි කෙල්ලකගේ අදහස වුයේ ඒ අශික්ෂිතයාගේ හතර වරිගයම මෙරටින් පිටමං කළ යුතු බවයි.මේ අයුරින් අනෙක අදහස් මති මතාන්තර සයුරේ මහජනසන්නිපාතය ගිලියේය. නිතීවේදින් සහ අවසර ලද්දෝ යුක්ති පසිදනාගාරයට පියමං කළහ. අන් අය තන්හි තන්හි වාඩි වි සිය සිතුම් කෙරැම් පොදි සිත්සේ ලිහා අන් අය හා බෙදා ගන්නට වුහ.


0000000000000000000000000000000000000000


වැවිලියායකට මුහුණ ලා ඇති කුඩා නිවසකි. එක් කාමරයක් සහ කුඩා කුස්සියක් පමණක් ඇති මෙහි නිවසන්නේ මවක් සහ දරුවෙකි. දරුවාගේ පියා  දරුවා කුඩා කල මව අතැර ගොස්ය. දරුවා ඉගෙනුමේ රුසියෙකි. තාක්ෂණික මෙවලම් හැසිරවිමේ දි මොහුට ලංවන්නට පංති සගයින් කිසියෙකුටත් නොහැක.එහෙත් ද්‍රරිද්‍රතාවයේ පත්ලෙ ගැලි වුන් ඔහුට සමීපතයින්ගේ පැසසුම් හෝ දිරි ගැන්නුම් නොලැබිම අවාසනාවක්ද?.


0000000000000000000000000000


උතුම් ආණ්ඩුකාරවරයාගේ මැදිහත්විමෙන් චෝදිත මානවකයා නිදහස් විය.විවිධාකාර මති මතාන්තර ඔහු වටා ගලා ගියේය. යනෙන හැම තැනකම ඔහු දෙස බැලුවේ අරුම සත්ත්වයෙක් ලෙසිනි.


00000000000000000000000000000


අති සුඛෝපභෝගී රථයකින් බට විදේශිකයෙක් සමග පැමිණියේ මුහුණ පුරා රුවුල වඩාගත් දේශිය තරුණයෙකි.
“මල්ලී මයාට නියම චාන්ස් එකක් වැදෙන්න යන්නේ, මේ මහත්තයා පරිගණක වැඩ සටහන් ආයතනයක අයිතිකාරයෙක්, මල්ලී ගැන දැනගෙන මල්ලීව එයාලගේ රටට එක්කර යන්නයි ඇවිත් තියෙන්නේ, මොකද කියන්නේ?


0000000000000000000000000


විසල් සයිබකොම් ආයතනයේ සුභෝපභෝගී කාමරයේ සේවය කරන ආසියාතික තරුණයා වැඩි කථා නැත්තෙකි. ඔහු සිය සිය මුලු සේවා මුරයම සිය කුටියේ රුදි සිටිම විශේෂයකි.


000000000000


ආයතන ප්‍රධානි බක්බර්ඩ් මහතාගේ මේසය ඉදිරියේ ආසියාතික තරණයා කරැණු පැහැදිලි කරයි. “සර් මං මේ සයිට් එක ඩිසයින් කලේ ලෝකේ ඔනෑම ජාල පරිශිලකයෙකුට තමන්ගේම ගිණුමක් හදාගෙන එකේ ඔන දෙයක් පල කරන්න පුලුවන් විදිහට“. මෙකෙන් අපිට පුලුවන් සමාජ මත හසුරුවන්නත් “රජුන් හදන්න වාගේම රජුන් විනාශ කරන්න. ආගම් ,පළාත් භේද ඇති කරන්න“
“කදිමයි ,කදිමයි ඔබ දක්ෂයා මගේ තේරිම නිවැරදියි“ එතොට මේක නම් කරන්නේ “
MOODBOOK  මගේ අදහස
0000000000000000000000000


පාලු විදියක වෙඩි තබා මරා දමා ඇති ආසියාතික තරුණයෙකුගේ මෘත දේහයකි. එය හදුනා ගත්තෙක් නැත.  මරණයට හේතුවක් නැති හිමිකරුවෙක් නැති මෘත දේහයක් ලෙස සති කිහිපයකට පසු තරැණයා මිහිදන් කරන ලදි.


Thursday, November 10, 2016

මේ මනරම් පුරේ උපදින්නට වාසනා


එක් සමයක රජ්ජුරු කෙනෙකුන් රාජ්‍යය කරන කළ ඔහුට අන්තේවාසිකම් කළ ඇමැත්තන් කිහිප පළකි. උන් තමන්ට ලැබී තිබියාවු ඉසුරින් නොසැහුනේ තව තව වාසි ලබා ගන්නේ කෙසේදැයි කල්පනා කරන්නට වන. මුන් කතිකා කරන්නේ අප මේ මහජනයායයි කියන වුන්ගෙන් වැඩි වැඩියෙන් ලබා ගැන්ම හොදම ක්‍රමයයි යෝජනා කරගත්හ. දැන් ඉතිං මේ සදහා වන උපාය උපක්‍රම මොක මොනවාදැයි කතිකා කරන්නේ භාෂණය උදෙසා බද්දක් පමුණුමැයි එකෙක් යෝජනා කරන්නට වන අනෙකා මලපහ කෙරුමට බද්දක් ද තවෙකෙක් සයනය උදෙසා ද බද්දක් පමුණුවමැයි ද යෝජනා කර ගත්හ. මොවුන් මේ සියලු බදු රන් සලු වලින් ඔතා පියා සුවද පැනෙන් නහවා තබා රජ්ජුරුවන් වෙත දොහොතින් වැඩම කර පිලිගැන්නු සද ඒ රජා තෙපි නම් මාර ඇමැතිවරුන් යැයි හාසයෙන් යුක්තව තෙපලුහ. රජ බිසෝ තමනට නව ධවල සෙන්ධර්වයන් යෙදු රථයක් ලබා ගැන්මට මේ හොදම අවස්තාවක් යැයි කියමින් ඒ ඇමැත්තා වරුන් පසසන්නට වුයේ සිය තුණු අගෝපාගයන්ද සලිත කරවමිනි
පසුදා පටන් මේ නව බදු පුර වැසියන්ට පනවන ලදින් පුර වැසියෝ ප්‍රීතීයෙන් භ්‍රාන්ත වී අර කී කටයුතු පසුවට කල් දමන්නට වන්හ.
ඉදින් දැන් මේ පුරවැසියෝ.............................