Pages

Wednesday, August 23, 2017

සුමනාගේ අන්දරය

පොඩි මහතුන් සහ ලොකු මහතුන් අය්ය මලෝ. නිකම්ම අය්ය මලෝ නෙමේ නිබුල්ලු. හැබැයි ඔය ලොකු මහතුන් කියන්නේ පොඩි එක්කෙනා. එයා ලොක්කා වෙලා තියෙන්නේ ඇග පොතින්.
සුමනටයි ගුණපාලයටයි බැදල අවුරුදු හත අටක් යනකම් එක එකාගේ කඩුලු කතා  අහ අහ ඉන්ඩ සිද්ද උනේ ඔය පොඩි මහතුන්ගෙයි ලොකු මහතුන්ගෙයි ආගමනය පරක්කු වුන හින්දා. සමහර පත්තිනි අම්මලා සුමන මුණට මුලිච්චි වුණොත් කෙල තලියක් විසික්ක කොල්ල ආපිට හැරිලා ගියපු වාර අනන්තයි. එදාට කදුලු සාගරේ කිමිදෙන සුමනාව ගොඩ ගන්න ගුණපාලයට සැහෙන වෙහෙසක් වෙන්න සිද්ධ වුණා. හංදියේ කඩෙන් ගන්න ලැතර වලට විතරක් ඒ හපං කොම කොරන්ඩ බැරැවා. ඔලුව අත ගගා සීසියත් එක්ක සුමන එක්ක කුස්සි කැල්ලෙන් කාමර කැල්ලට කාමර කැල්ලෙන් ඉස්තෝප්පුවට දහ පලොස් වතාවක් ගාටලා තමා සුමනගේ නාහෙන් ඇඩිල්ල නවත්ත ගන්නේෙ.

වෙල් ඉස්බඩේ කැලි තුනේ ගෙදර බිම ගොම පිරිමැදලා . පොල් අතු හොයපු වහලේ කෙලවරක කුරුලු කුඩුවක් එල්ලා හැලුනා. හැබැවට එකේ හිටපු හාමුවා, දෙන්නා දෙමල්ලෝ පාලොස්වක පෝයදා පංසල් ගිහි එන අල්ලපනල්ලේ කඩා වැදුණු අසම්මජ්ජාති පොළෝ තඩියෙක් ගිලදාලා, රාම තෙල් ඇර ඇරයි හිටියේ. යක්ෂාවේශ වෙච්ච ගුණපාල පොලො තඩියව කොල කැත්තෙන් කැලි කැලි වලට පෙති ගහනව සුමනා බලාන හිටියේ ගල් වෙලා. බුදු අම්මේ එදා ගුණපාලගේ ඇස් ගෙඩි දෙක පංසලේ අඔලා උන්නු රාස්සයගේ වගේ. එහෙම ඇස් හදාන සුමන දිහා බැලුවොත් එහෙම සුමනට ආයේ දෙකක් නෑ චිත්ත රෙද්දෙම සුලුදිය යයි. එදායින් පස්සේ කුඩුව අලාපාලු වෙලා ගියා.

හෙන්දිරික්ක මල් පදුරු හත අටක් මිදුලේ කෙලවරක තිබුනේ සුදු ඉද්ද පදුරක තනියට වගෙයි. නිවාඩු තියෙන හැම වෙලේම ගුණපාලගේ වැඩේ අක්කර තුන්කාලක වත්තේ හක්කල කරන එකනේ. ඒ නිසා ඔය ගං කොරෝ තියෙන හැම ගඩා ගෙඩියක්ම එලෝලුවක්ම වත්තේ කොතනක හරි පැල පදිය වෙලා හිටියා. අනෙක වෙද මහත්තයා උණත් සමාර බේත් පැලැටි හොයා ගන්නේ ගුණපාල හිටවල තියෙන එවායින්.

 කොයි වෙලාවේ බැලුවත් මිදුල් කැල්ලේ පොල් අතු රටාව ඇදිලා තිබුණා. සුමනා ඉතිං ඉදේම නැගිටලා කරන පළමු කාරියනේ එක. ගුණපාල නැගිටින්නේ සුමනා කේතලේ ලිපට තිබ්බටත් පස්සේ. සමාර දාට ඉතිං ගුණපාලගේ කකුලෙන් අදලා නැගිට්ටවනත් වෙනවා. ඒ ඔය වත්තේ වැඩ වැඩි වෙච්ච දවස් වලටනේ.  හැල හොල්මනක් නැතිව බොහොම ශාන්ත දාන්තව ගලා ගිය සුමනාගෙයි ගුණපාලගෙයි ජිවිතේට කනකොක්කු එහෙන් මෙහෙන් එබිකම් කොරන්න ගත්තේ අවුරුදු දෙකක් තුනක් ගත වෙලත් සුමනාගේ බඩේ වෙනස්කොමක් වෙච්ච නැති හින්දයි.

ඔක්කොම කුණු බේරැවල් බොක්කට කිව්වානේ,
“වදී......මුසලී“
 අනෙක සම්මාන පිට සම්මාන ලැබෙන්න ගත්තාම සුමනාගේ සද මුහුණ කලු වලාකුලු රොතු බුරුතු පිටින් මුවා කරලා දැම්මා. අයි ඉතිං තමාගේ එවුන්නේ ඔක්කොටම හපං. ගුණපාලගේ කනවැදුම් අක්කණ්ඩි දවසක් ගෙදරට ඇවිත් අඩාපාලි කියලා ගියේ ගුණපාල නැති වේලාවක. එදානම් ගුණපාලට කවදාවත් නැතිව කහට කෝප්යක් රෑ වේල පිරිමැහුවේ.

එදායින් පස්සේ දෙන්නා දෙමල්ලෝ හතර වටේ ඉන්න වෙද්දු . කට්ටඩියෝ මැණිවරු හොය හොය කියන කියන තැන් ගානේ යන්න පටන් ගත්තේ නිදහසේ හිටපු නිවාඩු දවස් වල නිවාඩුව නැති කරගෙන

වත්තේ වැඩ කරන මුණියන්ඩිගේ ගැණි තංගම්මා දුන්නු හෝඩුවාවකට තිස්ඹබේ පැත්තේ කන්දක ඉන්න සාමී කෙනෙක් මුණ ගැහෙන්න යන්න තීන්දු කරේ, මෙයිනුත් ඵලක් වුනේ නැත්නම් මේ කාරිනාව ලිප් බොක්කේ ගහනවා කියලා එක හිත් දරාන.
පානු පැයින් නැගිටලා, හැතැම්ම 12ක්  පයින්  දෙවක්කරේට ගිහිනුයි පදින්නෝරැවට යන ලොරි බස් එකට නැග්ගේ. ගුණපාලට කොහොමත් ඉතිං වාහන ගම බිමනං රුස්සන්නේ නැ. එත් ඉති මක් කොරන්නද ගුණපාල ලොරි තට්ටුවේ උඩ පොල්ලක් අල්ලාගෙන යන වමනේ නවත්තාගෙන හිටියේ බොහොම වැයමෙන්.
එකටත් හරියන්න බැස්යින් පස්සේ මහනුගේ වැව වාං දන්නැහේ ඇදලා දැම්මේ සුමනාගේ කකුලකුත් වැහෙන්න. කොහොමටත් ඔය කැත ජරාවට කැමැති නැති සුමනා ඉවසා දරා ගත්තේ ගුණපාල හින්දමයි. නැත්ත ඉතිං දරැවෝ කොහොම වෙතත් සුමනා අප්පිරියාවේ මැරෙන්නේ.
යාන්තං මිනිස් පයෙන් හැදිච්චි අඩි පාර නයා ගියා වගේ  වන බුටැව මැද්දෙන් කළැ මණ්ඩියක බොක්කටමයි විහිදිලා තිබ්බේ. එක කෙළවර වුනේ ගල් ගුහාවකින්. ගල් ගුහාවේ දහරමණ්ඩියෙන් වාඩිවෙලා හිටියේ සාමි.
සාමි කිව්වට මැදි වයසට යන්ත පා තිබ්බ ගමන් වගේ. අර බුසි රැවුල නැතිනම් ඉතිං ඒ තරම්ම වයසකුත් පේන එකක් නෑ කියලා තමා සුමනාගේ හිත කිවේ. නලල මැද්දේ නොදන්නා සංකේතයක් අලු වලින් ඇදලා දෑස් පියාන සමාධියකට සම වැදිලා හිටිය සාමි ඉස්සරින් ලොකු ගලක් මත පානක් පත්තු වේවි තිබ්බා. සාමිට පස්සේ ත්‍රීශුල දෙකක් හරස් වෙලා ගල් බිත්තියට හේත්තු වෙලා බලාන හිටියා.
ක්‍රීන් ගාලා කෑ ගැහපු රැහැය්යෝ කණ්ඩායමක් හිත ඇතුලේ මහා සමයං භීතියක් අලවගෙන කන් අස්සට රිංග ගත්තා.
ගෙනාපු පලතුරූ වට්ටිය ඇතුලු පුජා භාණ්ඩ සාමිගේ දෙපා මුල තියලා දෙන්නත් එක්ක සාමිගේ ඉස්සරින් ඇණ තියා ගත්තේ සාමි කතාව පටන් ගන්න කං. කෝකටත් ඉතිං සාමි ඇස් අරින්න එපාවද?
බෙණයක් අස්සෙන් එන හඩක් වගේ එකකින්,

“මේ නර පණුවෝ මොනවා හරි බලාපොරොත්තුවක් ඇතිව නේද ඇවිත් ඉන්නේ“

දෙය්යනේ............
සාමිට දිවැස් තියෙනවා. සුමනාටයි ගුණපාලටයි දෙන්නටම එකපාරමයි හිතුනේ.
“අනේ ඔව් උත්තමයෝ, මගේ මා.....ය්යා   තාම ගැබ්බර උනේ නැහැ“
“බලාන උන්නා අවුරැදු පහක් විතරෝම“
“බෙහෙතුත් කරා කිසි ගුණ පනයක් නැහැ නොවැ“

පොඩි එකෙක් මහ බර වතුර පනිට්ටුවක් අදින්නා ගානයි ගුණපාලගේ කතාව.
සාමිගේ බරසාර බැලුම් ප්‍රවාහයෙන් සුමනාව දෝරේ ගියා.  සුමනාගේ ඇග පණ නැතිව යන්නා වගේ වුනේ මොන කාරණාවකදැයි සුමනාටම ගනිච්චියක් නෑ. හිස් මුදුනෙන් පටන් ගත්තු මොකක්දො එකක් කකුලේ මාපටගිල්ල දක්වාම ගිහි කඩියෙක් කන්නා වගේ තමා එක .

“හොදයි මේකට දේව පුජාවක් ඔව් විශේෂ දේව කන්නලව්ක් කරන්න ඔන බොලව්“. “තොපි මේ ගෑණි කිලි වරලා  හොද සුද්දෙන් ඉන්න දවසක හොදට නාලා පේවෙලා වරෙව්. රාත්තිරියක් පුරා කන්නලව්ව කරනවා මම. තොපේ කාරණාව ඉට්ට වෙයි“.
“දැන් ඉතිං පලයව්“

ගුණපාලගේ හිතේ කුරැල්ලෝ රංචුවක්ම ගී කියනා ගියා.
එත් සුමනා නම් තෝන්තු වුනා ගානයි.
ගුණපාල එද්දි නම් කිසි ආරෝවෙක් නැහැ. එනකම් වෙසක් එකට නාටපු නාට්ටියේ රජ්ජුරුවන්ගේ ගීයක්නේ කිය කියා ආවේ.
 ගුණපාල ඒ සතියේ සාමිගේ අඩු වැඩිය එක්කහු කරේ මහ සටනකට අරාදින සෙන්පතියෙක් ගානට. අලු කෙසෙල් බඩ, කුරුලු පිහාටු., ඇට වර්ග ද ඒකි මෙකි නොකි දැ රැස් කරන ගුණපාල දිහා සුමනා බලාන හිටියේ කිරි දරුවෙක් දිහා බලන කිරිලෙංගතු ඇස් වලින්.
කෙම්මුර දවසේ අවශ්‍ය කරන අඩුම කුඩුම පිරිවරාන දෙන්නා කදු මුදුන තරණය කරේ දහසක් බලාපොරොත්තුත් එක්ක.
හවස් ජාමේ කැකුණ තෙල් පහනක් පත්තු කරාපු සාමි පුජාවට සුදානම් වෙන්න කලින් ගල් තල්ල පවුල තිබුණු ජල පොකුණෙන් නාලා පේ වුණා.
“දැන් මම පුජාව පටන් ගන්නවා පුජාවේ මුල් කොටසේ දී තොපි දෙන්නම අර මල් අසන ගාව ඉන්න ඔනේ, රාත්තිරියේ ජපේ පටන් ගන්න කොට තෝ අන්න අර පොකුණට එහා පැත්තෙ තියෙන ගල් දෙබුක්කට යනවා හොදයි“.
“එතැන තොට නිදා ගන්න පුලුවන් . ආය් මේ පුජාව ඉවර වෙලා පාන්දර ඉර පායන තෙමෛ් පැත්තවත් බලනවා එහෙම නෙමේ“.
“මං කියන දේ තෝට තේරැං යන්න ඇතිනේ“ .
“ බැරිවෙලාවත් මේ කතාවට පිටින් ගියොත් තොපිට ඉතිං මොන දේයයාගෙන් වත් පිහිටක් නැහැ කියන එකත් මං සහසුද්දෙන් කියනවා ඕං.“
“ මේ ගෑණි රාත්තිරී පුජාවේ ඉන්නේ මගේ මේ ආසනේට එහායින් තියෙන ආන්න අර ගල් දෙබක්කාවේ. එතන තොට පහසුවෙන් ඉන්න ආසනයක් ඇති. තෝ එකේ තොට කැමැති විදිහකට ඉදු. හැබැයි තෝට එකේ වැහුං රෙද්දෙන් මෙපිටට එන්න වෙන්නේ ඉර පායලා තෝගේ මිනිහ මෙතැන්ඩ ආවයින් පස්සෙන් පහු.“
සාමි පුජාව පටන් ගත්තා . කට්ටකලුමන්ජල් දුමෙන් ගල් ගැහාව පිරිලා. ඒ අස්සට සාමි මොනවාදෝ නොදන්න බාසාවකින් කියොනවා . කැකුණ පානෙන් ගත්ත තෙල් ගාලා දෙන්නාගම හිස් දැන් නම් තෙත් වෙලා.
ඉදා කාපියව්
කුරක්කන් තලපයක් එක්ක සාමි දුන්න හොද්ද වේලි මාලු වලින් පිරිලා තිබුණා දැකලා ගුණපාලගේ හිත අස්සේ මී පැට්ටෙක් හක්කල කොරන්න ගත්තා.
කැමෙන් පස්සේ මොනවදෝ පල් රහක් තියෙන අවුසද පිරිච්ච ලබු කැටයක් දිලා දෙන්නාටම බොන්නඅණ කලා.
පුජාව කරන්නේ සුමනට වුණාට පොල් කටු දෙක තුනක්ම ගුණපාලට බොන්න නියම කරා. කැමෙනුයි බිමෙනුයි බඩ පිරිච්ච ගුණපාල ගුණපාල ගල් දෙබුක්කට පියමනින කොට කකුල් වල නිකං බර ගතියක් දැනුනාට මිනිහ එක එතරමට හිතට ගත්තේ නැත්තේ හිත බලාපොරොත්තු වලින් පිරිලා හින්දා.
ගල් දෙබුක්කේ සමතලා බිම මත්තේ වැතිරිච්ච ගුණපාලගේ ඉහට උඩින් තරු වලට අමතරේ තවත් තරු දිලෙනවා දැකපු ගුණපාල දැස් පොඩි කරලා බැලුවේ මේ මොකදැයි ඉන්තේරුවේ දැන ගන්න.
එත් ඉතිං ගුණපාලගේ දැස් පියෙවුනේ ගුණපාලටත් හොර රහසේ.

සුමනා ගල් ගුහා ගර්බයේ ඇතුලේ කහ පාට හඩු රෙද්දකින් වහපු කොටසට යවපු සාමි ආයමත් පුජාව පටන් ගත්තේ හඩු රෙද්ද ඉස්සරිහින් එරමිණියා ගොතාන වාඩිවෙලා. කැකුණ තෙල් පාන නැතිනම් පැත්ත පලාතම කට්ට කරුවලයි.
සුමනාගේ ඔලුවත් වතුර කළගෙඩි දෙකක් ඇන්න එන්න රාළහාමිගේ ලිදේ ඉදන් එනකොට වගෙයි. බරයි.
කෝටු බැදලා ඉලුක් අතුරලා මුව හමක් දාලා තිබිබ ආසනේ උඩ වෙනදාක නම් කියටවත් සුමනා වැතිරෙනවා බොරු. එත් ඉතිං මේ පසික්කාඩු ගම්මුන්ගේ කටවල් වහන එකයි ගුණපාලගේ ආසවයි දෙකම හින්දා සුමනා ආසනේ මත වැතිරුනා.
මොකක්දො නොදන්න බර ගතියක් ඇගේ නිය පොත්තේ ඉද නලල ගාවටම ඇවිත් හින්දා සාමිගේ හඩ ඇරෙන්න වෙන දෙයක් ගැන සොයන්න සුමනාට ඹ්න කමක් නැ . ඕන කමක් තිබුණත් පුලුවන් කමක් නැහැ.
සුමනා නින්දයි නොනිදයි අතරේ ඉන්දැද්දි කුකුණ පාන නිවෙන එක සුමනාට පෙනුනේ නැහැ.
කඩමලු කහ රෙද්ද දෙබැ කරගෙන දෙය්යෝ සුමනා ගාවට එනවා දැක්කේ ගල් දෙබුක්කේ අදුරට සුමනාගේ ඇස් හරි ගිහින් තිබ්බ හින්දා. භිතියෙන් මුසපත් වෙලා හිටිය සුමනාගේ හිත කොච්චර කෑ ගැහැව්වත් එවා කටින් නම් පිට වුනේ නැහැ.
සුමනාගේ චිත්තෙයි, කිටි කිටියේ තද වෙලා තිබුණු හැට්ටයෙි ඇදලා දැම්මේ දෙවියෙක් නං නම් නෙමේ යකෙක් වගේ.
කට්ටකුමන්ජල් සුවදින් සුමනාගේ මුව පිරුනේ ඇග මතට වැටුණු මහ බරකුත් එක්කයි.

උදේ වෙද්දි පුජාව ඉවර වෙලා සුමනා බලන්න ගුණපාල ආවේ ජිල්බෝල වගේ දිලෙන ඇස් ඇතිව. එත් සුමනාගේ නිල් පාට ඇස් නම් තෙතබරි වෙලා තිබුනේ. ගුණපාලට මේ ගැන  කිසි ගනිච්චියක් නැහැ. එයා හිටියේ සිතින් පොඩි එකෙක්ගේ කිරි හිනා බලමින්.
සාමි පුජාසනය මත බොහොම උජාරුවටයි වාඩි වෙලා හිටියේ. එතුමාගේ මුවේ සාන්ත සිනාවකින් සැරසිලා තිබ්බා.

ගුණපාල ගෙදර ඇවිත් ඒ මාසයම බොහොම බලාපෛාරොත්තුවෙන් හිටියේ සුමනාගෙන් ඒ සුන්දර වචන ටික කියවෙන්නේ කොයි වෙලාවේද කියලයි.
එත් ඉතිං සාමිගේ පුජාවේ පල ලැබුනේ පෝය දෙකක් ගෙවිලාත් ගියයින් පස්සේ.

“මෙන්න මේ තේකහට ඩිගිත්තක් වක්කරාඔය නාකි හුරතලේ මදැයි“
සුමනා, තාත්තා අස්සයාගේ පිටේ ඉන්න පොඩි මහතුවයි ලොකු මහතුවයි බිමට බස්සන ගමන් තමන්ගේ තියෙන ආලවන්තකොම ඔක්කොම වචනවල එක් කරමිනුයි කිව්වේග



16 comments:

  1. කාලෙකිං බ්ලොග් කතාවක් කියෙව්වා

    ReplyDelete
  2. ගෑනු ලග කාටවත්ම නොකියන රහස් කොපමණ නම් තියෙනවද?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම
      අර සාමීගාවත් තියෙනවා

      Delete
  3. හැම දෙයියම ලමයි දෙන්නේ ඔහොම වෙන්ටැ නේද සංජීව මහත්තයෝ.........

    ReplyDelete
  4. හැම දෙයියම ලමයි දෙන්නේ ඔහොම වෙන්ටැ නේද සංජීව මහත්තයෝ.........

    ReplyDelete
  5. මඟුල

    ReplyDelete
  6. දෙයියො දුන්න ළමයි

    ReplyDelete
  7. දෙන දෙවියෝ ඩබල් කරලම දීලා.
    මේ වගේම කෙටි කතාවක් මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා ලියා තිබෙනවා.
    ඒකේ නම් ලමයින්ව දෙන්නෙ දෙවියෝ නෙවෙයි.
    ආපහු එද්දී වාහනය මංකොල්ල කාපු විමුක්තිකාමීන් කට්ටියක්.

    ReplyDelete