Pages

Monday, December 19, 2016

කොත්තු රොටි

                                      
අනේ මන්දා මෙව්වා ලියන්න හිතුවට ලියාගෙන යනකොටනේ එකේ අමාරුව තේරෙන්නේ. අපි ඉස්සර නේවාසිකාගාරේ ඉන්න සන්දියේදි පොඩි මෙව්වා එකක්(කෑලැ පත්තරයක් ලිව්වා). ඉතිං කට්ටිය බලාගෙන උන්නා ඉරිදා පහු වෙනකන්  මොකද එකේ තිබුන තරමක් තිබ්බේ මඩ. මඩ කිව්වට ඉතිං මඩමත් නෙමේ ඔය කාට හරි වැරදිමක් වෙනකන් ඉදලා එකට අනුපානු ටිකක් මෙව්වා කරලා ලියන එක මඩ ගහනවා කියලා කියන එක වැරදියි මගේ හිතේ. ඔය පත්තරේ අපේ ලපයා මල්ලිගේ අදහසක්. අපේ ජගත් මහත්තයාගේ පච පත්තරේට විකල්පයක් විදිහට තමා ලපයාගේ තිත පත්තරේ පටන් ගත්තේ ඔය කවුරු කවුරුත් කුණු රහට කැමැතියි (අපි ඒ කාලේ ගුරු ශික්ෂකයෝ)කියලා තේරුම් ගියා තිතට ලියනකොට.
බකට් බ්‍රෝන්කා කියන්නේ අම්පාරේ බක්කිඇල්ලේ හාදයෙක්(දැන් ඔය කොළොන්නාව පැත්තේ සුනිල් මුණසිංහ කියලා විද්‍යාව විකුණන ගෝතයා) මනුස්සයා ඒ දවස්වල කිව්වේ එක බස් එකෙන් කොළඹට යනවා එනවා. ඉස්කොලේ යන්නේ එන්නේ බස් එකෙන් . මනුස්සයාගේ ඉස්කොලේ තර්ස්ටන් මයේ හිතේ. ඉතිං අපි දවසක් ගාල්ලේ සරසවියට ගියා දේදුන්නෙන් සමණලියක් බලන්න. අපි කියලා කිව්වේ මායි ලැම්ඩයි බේබද්දයි පුංචිරාළයි මහ ගොඩක්......
මොනවා හරි කන්න ඔන කියලා යෝජනා කරේ බ්‍රෝන්කාම තමයි. සල්ලිය බාගේ යහමින් අපි ගාව නැති හින්දා පුංචි කඩයකට ගියා බස් ස්ඩැන්ඩ් එක පිටි පස්සේ තිබුන.කවුරැත් කිව්වේ පාන් කමු කියලා.ඒත් බ්‍රොන්කාට පාන් කන්න බෑ කිව්වා. පුංචා කිව්වා තොට ඔන එකක් තෝ කා අපි කනවා පාන් කියලා ....
අපි පාන් ගෙන්න ගෙන පාන් කන්න පටන් ගත්තා. බ්‍රොන්කා වෙටර් මල්ලීව ගෙන්න ගෙන තියෙන දේවල් ඇහැව්වා. වෙටර් මල්ලී  වේටර් බාසාවෙන් තියෙන දේවල් හෝටලේ හැමෝටම ඇහෙන්න කිව්වා. බ්‍රෝන්කා හොද හුස්මක් පපුවට පුරවගෙන කොත්තු රොටි තුනක් ගෙන්න කිව්වා. වෙටර් අපේ පොර දිහා බැලුවේ රැජිනි කාන්ත් දිහා වාගේ, මහත්තයා රොටි ගෙනියන්නද?  නෑ දැන් මට කන්න අපේ හාදයා කිව්වේ වේටර්ට ඔරවන ගමන්, ඇස් ලොකු කරගෙන ටිකක් බ්‍රෝන්කා දිහා බලාගෙන හිටපු වේටර් එහෙන මහත්තයා මං මුලින් එකක් ගෙන්න කියලා ගියා, පුංචා කට බලියන් හිනාවෙනවා, ලැම්ඩට වැලමිටෙන් අනින ගමන්. ලැම්ඩට ටිකක් කිචිං නහරේ වැඩියි. ලැම්ඩා හිනා වෙන්න ගිහිං කටේ තිබ්බ පාන් ගුලිය පරිප්පු දිසීයට ගුවන් ගත කළා.
දැන් අපේ මනුස්සයා කොත්තු කනවා, කනවා, ඉවරයක් නෑ. හති අරිනවා කනවා.....කනවා හති අරිනවා.... පස්සෙන් පහු අපි පොදු මතභේදයකට ආවා අපේ මනුස්සයව බේර ගන්න. අපි වාඩි වුණා,කට්ටිය නැගිට්ටා.
පහුවදා උදේ නැගිටින කොට මුලු නේවාසිකාගාරේම කොත්තු පෝස්ටරයක්.