Pages

Thursday, November 10, 2016

මේ මනරම් පුරේ උපදින්නට වාසනා


එක් සමයක රජ්ජුරු කෙනෙකුන් රාජ්‍යය කරන කළ ඔහුට අන්තේවාසිකම් කළ ඇමැත්තන් කිහිප පළකි. උන් තමන්ට ලැබී තිබියාවු ඉසුරින් නොසැහුනේ තව තව වාසි ලබා ගන්නේ කෙසේදැයි කල්පනා කරන්නට වන. මුන් කතිකා කරන්නේ අප මේ මහජනයායයි කියන වුන්ගෙන් වැඩි වැඩියෙන් ලබා ගැන්ම හොදම ක්‍රමයයි යෝජනා කරගත්හ. දැන් ඉතිං මේ සදහා වන උපාය උපක්‍රම මොක මොනවාදැයි කතිකා කරන්නේ භාෂණය උදෙසා බද්දක් පමුණුමැයි එකෙක් යෝජනා කරන්නට වන අනෙකා මලපහ කෙරුමට බද්දක් ද තවෙකෙක් සයනය උදෙසා ද බද්දක් පමුණුවමැයි ද යෝජනා කර ගත්හ. මොවුන් මේ සියලු බදු රන් සලු වලින් ඔතා පියා සුවද පැනෙන් නහවා තබා රජ්ජුරුවන් වෙත දොහොතින් වැඩම කර පිලිගැන්නු සද ඒ රජා තෙපි නම් මාර ඇමැතිවරුන් යැයි හාසයෙන් යුක්තව තෙපලුහ. රජ බිසෝ තමනට නව ධවල සෙන්ධර්වයන් යෙදු රථයක් ලබා ගැන්මට මේ හොදම අවස්තාවක් යැයි කියමින් ඒ ඇමැත්තා වරුන් පසසන්නට වුයේ සිය තුණු අගෝපාගයන්ද සලිත කරවමිනි
පසුදා පටන් මේ නව බදු පුර වැසියන්ට පනවන ලදින් පුර වැසියෝ ප්‍රීතීයෙන් භ්‍රාන්ත වී අර කී කටයුතු පසුවට කල් දමන්නට වන්හ.
ඉදින් දැන් මේ පුරවැසියෝ.............................

No comments:

Post a Comment