Pages

Sunday, March 19, 2017

පුස්තකාලේට පොත් ගෙනත්

හද රවුමට පායලා. පොල් ගස් අස්සෙන් පායපු හදේ එළිය තීරු තීරු ඉරලා මිදුලට වට්ටනවා. සේපාලිකා ගහ ගාව සිමෙන්ති බංකුවේ වාඩි වුනේ හද එළියේ ලස්සන බලන්න.

තරුවාත් කොහේදෝ පාඡාවක ගිහින් මං ඉන්නවා දැකලා කකුල් දෙක අතරට අනාරාධිතව ආවා. අද දවස මට විශේෂයි. එත් ඒ කොහොමද?

මම වැඩ කරන්නේ චුට්ටං ඉස්කෝලේක . එ්ක දුෂ්කරයි කියලා මට නං මොහොතකටවත් හිතෙන්නේ නැහැ. එත් එක අධ්‍යාපන අමාත්‍යාංශයට  දුෂ්කරයි . අර කියමනක් තියෙනවානේ කරවිල ගෙඩියේ ඉන්න පණුවට එක තිත්ත නැත කියලා. මේ ඉස්කෝලේටම ඉන්නේ සිගිත්තෝ 61යි.

ඔය තුනේ සැට් එක පුස්තකාලේට ගිහින් පොත් කියවනවා

කාර්යාලය කියලා බෝඩ් එක ගහලා තිබ්බ කාමරේට මං ගිය මුල් දවසේ  මට පුදුමත් හිතුණා. මේ තරම් සකසුරුවම් කමක් කියලා. එකේ බැට් බෝල, රබන්, පොත්. තණකොළ කපන මැෂිම ද කොටින්ම ඉස්කෝලේකම බඩු කාර්යාලේ පුරවලා.

ඉස්කෝලේ වටේ ටිකක් කැරකුනාම මං දැක්කේ හරි ම සුන්දර පරිසරයක් . පිට්ටනිය මායිම් වෙලා තිබුනේ හොරකැලේ රක්ෂිතයට. ඉදලා හිටලා රිලවෙක් දෙන්නෙකුත් කඩාගෙන ආවට, ඉස්කෝලේ බල්ලෝ තමන්ගේ අයිතිය පැහැර ගන්න උන්ට ඉඩ තිබ්බේ නැහැ.

ඔපිස් කාමරේ මුල්ලක තිබ්බ වානේ අල්මාරියක් ඇරියම මළලසේකර ශබ්දකෝෂ 6 ය 7ක් එක්ක පොත් 60 - 70වක් තිබ්බා. ඒ තමා ඉස්කෝලේ පුස්තකාලේ.

මට දුක හිතුණා.  ළගම පාසල හොදම පාසල නේ

මං නවකතා පොතක් මුලින්ම කියෙව්වේ පෙරේරා ටිචර්ගේ තුනේ පංතියේ ඉන්දැද්දි, පැදුරක් අස්සේ ඉදං. එදා ලොකු අම්මගේ උකුසු ඇසට එක අහුවෙලා ගුටිත් කෑවා. ඒ කාලේ නවකතා කියවන එක පොඩිවුන්ට අහිතකරයි කියලානේ ගොඩාක් දෙනා හිතුවේ. බටුවත්තේ මහජන පුස්තකාලේ විවෘත කරපු දවසේ මායි චන්දනයි පුස්තකාලේ ජනේලෙන් බලාගෙන හිටියේ අාසාව වැඩිකමට. එදා ජෝෂප් මයිකල් පෙරේරා ධිවර ඇමැති සහ ජාඇල ආසනේ මන්තීර්‍. මේක දැකලා අපි දෙන්නාව ඇතුලට අරං ගිහි සාමාජීක වෙන්න ඉල්ලුම් පත්‍ර දෙකක් දුන්නා.

“මට බැරිද මේ ළමයින්ට කියවන්න සුදසු පොත් ඉස්කෝලේ ඇතුලේ වැඩි කර ගන්න“
ආව දවසේ මුලටම හිතුණ දේ එක.

 අපේ Orientation Program දි අපි තර්ක විතර්ක වැඩිපුර කලේ අන්තර්ජාලය ගැන සමාජ ජාල අඩවි ගැන. ගොඩාක් සේවාරම්භක විදුහල්පතිවරුන් අන්තර්ජාලය හදුන්වන්න පාවිච්චි කලේ අනතර්ජංජාලය කියන වචනය. අපි නම් කිවේ බ්ලේඩ් එකත් මාරාන්තිකයි කියන එක.  මට FB එකේ මිතුරො ඉන්නේ සොච්චමයි. ඒ හින්දා මං හිතුවා පොඩි post එකක් වැඩි දෙනෙක් ඉන්න පෙඡ් එකක දාගන්න.

මං මුලින්ම කොරියාවේ ගිහින් ඉන්න අනුරාධපුරේ ඉස්කෝලේක පරණ ගෝලයෙක්ගෙන් මේ උදව්ව ගන්න  වැඩේ දැනුම් දුන්නා. මං ඉල්ලුවේ POST දාලා දෙන්න කියලයි. දෙය්යනේ එයාලා කොරියාවේ පන්සලක් හදන හින්දා ලංකාවේ දරුවන්ට පොත් ගන්න උදව් කරන්න අමාරුයි කිව්වා. මං ඉතිං සාධුකාරයක් දිලා  Beyond the mirror පේජ් එකේ ඇඩ්මින්ට කථා කරලා විස්තරේ කිව්වා. එතුමා ගොඩාක් මේ ගැන උනන්දු වුණා. .එතුමා පෝස්ට් එකක් දැම්මා.

 ඒ වගේම සිංහල බ්ලොග් කරුවන් අතර ඉන්න හිතහොද මානවවාදියෙක් වන ලක්මාල් කන්දේවිදාන මහත්මයා, මං එතුමගෙනුත් උදව් කරන්න කියලා ඉල්ලපුවාම එතුමාගේ අටම්පහුර බ්ලොග් අඩවියේ මේ ගැන දැන්වීමක් දැම්මා.
අපේ ළමයි ටික වාසනාවන්තයි.



ලංකාව පුරාම කට්ටිය පොත් එව්වා. සුමනේන් දෙකෙන් මට මගේ ඉලක්කයට යන්න පුලුවන් වුණා . අද වෙද්දි මේ ළමයින්ට කියවන්න පොත් 1770ක් තියෙනවා.

 මං කාර්යාලේ ඉස්සරහට වෙලා පාර දිහා බලාන හිටියේ නිකමට වගේ. ඈතින් හති හලාගෙන ආපු සපාරි බයිසිකලයක් තද බ්රේක් එකක් එක්ක ඉස්කෝලේ ගේට්ටුව ගාව නැවතුණා.

බයිසිකලේ හිටියේ තරමක වියපත් යුවලක්
නෝනා බෑග් එකක් කරේ දාගෙන හිිටියේ
මහත්තය බයිසිකලේ ගේට්ටුව ගාව නැවැත්තුවා . අර නෝනා ෂොපිං බැග් එකක දාගත්ත පාර්සලයක් පපුවට තුරැලු කරගෙන වටපිට බැලුවේ තරමක විපිලිසර නෙතු බැල්මක් රදවගෙන. මාව දැකල දෙන්නම මං දිහාවට ආවා.

“ලොකු මහත්තයා කවුද“

ඒ පිරිමියා
මං හිනාවෙලා දෙන්නව පිලි ගත්තා
දැන් අපි විස්තර කතා කරනවා.

“පාන්දරින් ආවේ මහත්තයා හැතැක්ම 30- 40ක් විතර තියෙනවා මගේ හිතේ, නේද හාමිනේ“

“ඔව් අපි පාර දන්නේත් නැහැනේ, අහං එන්න වෙන හින්දා ටිකක් කලිං ආවා“

මම දවසක් අනුරාධපුරේට  මගේ ඩිස්කවරි බයිසිකලෙන් ගිහිං එපා වුනා. පස්ස පැත්ත ගන්න දෙයක් නැහැ.

“මහත්තයාගේ පුස්තකාලේට පොත් එකතු කරනවා නේද?“

“අපේ මිණිබිරි තමා විස්තරේ කිව්වේ,  ඔය කොමිපියුටරේ මොකක්ද එකක දාලා තිබුණයි කියලා“

“අපි ඉතිං ලොකු සල්ලි කාරයෝ නම් නෙවේ“

“අපිට පුලුහං විදියට පොත් ටිකක් ගත්තා“

“මෙවා හොදයි ද බලන්නකෝ මහත්තයෝ“
මේ විසල් හදැති යුවල ටදිනිට පොත් ටික දුන්නේ  දෑතින්ම

“මහත්තයෝ මට පොත්නං ගන්න පුලුවන් වුනේ ඔච්චරයි , එත් මහත්තයා මට පුස්තකාලේ හදන දවස කියන්න මං එනවා දවස් දෙකක් තුනක් වැඩ කරලා දෙන්නම්. මගේ රස්සාව මේසන් වැඩ “

මං ඉංග්‍රීසි ම්ස්ට කතා කලේ ඔලුවෙන්.
වැසිකිලියට යාමේ ඇවැසියාවක් නොවුණත් මං වැසිකිලියට ගියා. ඇස් එහෙම හොදට හෝදගෙන විනාඩි කිපයකින් මං අපහු ඔපිස් එකට ආවා .
ඉංග්‍රීසි මිස්ගේ ඇස් දෙක ජීල් බෝල වගේ රවුං වෙලා. මං එනකොටම ඇය හනි හනිකට පැන ගත්තා.

ඒ උත්තුංග මානවයන්  දෙපලගේ නික්ම යාම මං බලාගෙන හිටියේ සියලු මිනිස් වග මෙසේ වන්නේ නම් යන හැගුමෙන්
😅

6 comments:

  1. මේක කියවන කොටත් ඇස්ගෙඩි දෙක මොකක්ද වුනා

    ReplyDelete
  2. ඔබ සංවේදියි සහෝදරයා

    ReplyDelete
  3. මේ ලෝකෙ මිනිස්සු ඉන්නවා... ලංකාවෙ වැඩිපුර ඉන්නවා... නිසි නායකත්වයක් විතරයි අවශ්‍ය.... ලංකාව කියන්නෙ හදන්න පුළුවන් රටක්.
    ජයවේවා..!!

    ReplyDelete
  4. ඔබත් එක්ක එකගයි අවශ්‍යතාවය තිබේ නම් බොහෝ දේ සදහා පාරවල් තියෙනවා.....ස්තුතියි

    ReplyDelete
  5. මමටත් එනවා පොත් ටිකක් අරගෙන ඉකම්න්ට්මා

    ReplyDelete
  6. තොරණ නොබැන්දත්
    පාවාඩ නොදැම්මත්
    සබද
    දෝරේ ගලන කිරි සිනා බෝ තිබේ

    ReplyDelete