Pages

Saturday, July 18, 2020

ඉරණම

මා මගේ පර්යේෂණාගාරයට ගියෙමි. අපේ නිවසට පසුපස වු කාණුවට, උඩ වත්තේ ජලය එක්විමේදී ඒ වත්ත සේදීම නිසා ඇති වු ගුහාවක් බඳු කොටස මගේ පර්යේෂණාගාරයයි. තාත්තාගේ අත වැදිම නිසා බිදි ගිය චිවිනි ලාම්පුවේ කර,ඇණ ටිකක්, රේමන් මාමාගේ ගොනාගේ ගලවා ඉවත් කල ලාඩම් කුට්ටමක් මාගේ පර්යේෂණාගාර උපකරණයි.
මටත් අවශ්‍ය වුයේ අහස් විමනක් සෑදීමටයි.
මේ තියෙන කෑලි බෑලි වලින් ඒ සඳහා ප්‍රමණවත් නැති බව නොතෙරේන්නට මං පොඩි බබෙක්යැ........
ස්කයි ලැබය පතිත වන්නේ ඉන්දියන් සාගරය ආසන්න ප්‍රදේශයකටයි......
හරි එහෙනම් ඒ අපේ ගේ ඉස්සරහ ඇති මෝලේ වත්තට වැටුණොත්!......
එහෙනම් වැඩේ හරි...

මේ මෝල වත්ත යනු පෙර කොහුබත් මෝලක් පිහිටි, නමුත් දැන් පාළුවට ගිය ඉඩමකි.
එහි තැන් තැන්වල පොල්ගස් කිහිපයකි. ලොකු කැඩුණු ටැංකියක්ද කුඩා නිවුන් ටැංකියක් ද ඇත්තේ එහි පහල කොටසේය.
එහි වු පොල් ලෙලි වල අපි කාගේ කාගේත් මත්ස්‍ය කර්මාන්තයට පුර්ව කුසලතා ලබා දුන් තැනයි.
එහෙත් එයට මේරි අක්කාත්, ජොසපිං නැන්දාත් අකමැති වුයේ ඔවුන්ගේ පල් විමට දමා තිබු පොල් අතු මාළු ඇල්ලීමට දඟලන අප අතින් කැඩෙන නිසාය.
මා මුහුණ සේදීමට නාන ලිදට යන්නේ ස්කයි ලැබ් එකේ වැටුණු කොටස් හිමිකර ගැන්මේ බලාපොරොත්තුවෙනි...........
එහෙත් එය කිසි කලක ඉටු නොවුණකි.
ඒ පර්යේෂකයා මිය ගිියේය.
නැතහොත් මරා දැමිණි.
මිනිමරුවන් හෝ මියගිය ආකාරය ගැන කිසිවෙක් විමසුවේ නැත..........
ඒ ස්කයි ලැබ් අහස් විමන මිහිතලයට පතිත විමට නියමිත කාලයයි. සන්ධ්‍යා පුවත් කියවන රම්‍යා වනිගසේකර එය පතිත විමට නියමිත ඉන්දීයන් සාගරය ආශ්‍රීත ප්‍රදේශයකට බව කියනු ඇසිණි.
ලැබ් එකේ වැටුණු කොටස් හිමිකර ගැන්මේ බලාපොරොත්තුවෙනි...........
එහෙත් එය කිසි කලක ඉටු නොවුණකි.
ඒ පර්යේෂකයා මිය ගිියේය.
නැතහොත් මරා දැමිණි.
මිනිමරුවන් හෝ මියගිය ආකාරය ගැන කිසිවෙක් විමසුවේ නැත..........


7 comments:

  1. පොඩි කාලේ මතක් උනා

    ReplyDelete
    Replies
    1. එකම ⛵ බෝට්ටුවක.හිටපු අය?

      Delete
  2. හැබෑට.. අපි ගොඩ දෙනෙක්ගෙ පොඩි කාලෙ ඔහොම තමා. මට නං උනේ මේ අධයාපන ක්‍රමයට අනුවර්තනය වුණු එක. මයෙ පොඩි එකා වත් ඒ වලෙන් මුදවගන්න උත්සාහ කරනව.

    ReplyDelete
    Replies
    1. අමාරුයි ,
      මාත් උත්සාහ කරනවානේ......
      අම්මිලා එක්ක බෑ...
      මගේ ඉස්කෝලේට එන්න වේලාවක
      වේලාවක
      පොඩි පොඩි පාරවල් හැදුවා ඉතිං ...

      Delete
  3. ඔය රේසරයක් අපේ තාත්ත ගාව තිබිලා මම උරුම කරගත්තා. හොයන්න ඕනෙ...

    ඇයි ඒක මේ පෝස්ට් එකට එකතු කළේ?

    ReplyDelete
    Replies
    1. මං ඔය රේසර් එක පාවිච්චියට ගන්නවා
      බලාන හිටියේ පුදුමෙන්, ඉරටු කෑලි දෙකක් ගහලා තිබ්බේ , එත් මට නම් ගන්න වුණේ නෑ......

      Delete