ඇත්ත කතාවක් (ඉතිරිය)
ඇයට යාමට අදහසක් නැත. මුව නෙතු වල ඇත්තේ කිමට බොහෝ දේ ඇති බවය.
කාර්යාලය වටා නෙතු බමවමින් ඈ හඬ අවදි කරා.........
සර් මගේ උපන් ගම කොළඔට කිට්ටුව.
මගේ ඉස්කෝලේ එහේ,
රංගන හම්බ වුණේ කැම්පස් එකේ දී..
අපිට ගෙවල් වලින් කැමැත්ත දුන්නේ නැත්තේ කුල ප්‍රශ්නේ හින්දා.....
පස්සේ අපි හිතුමතේට බැන්දා .
කොළඹමයි පදිංචි වුණේ..
අපේ වැඩ අපිමයි කර ගත්තේ
ගෙවල් දෙකේම අම්මලා අපේ ගෙදරට ආවේ ගියේ නෑ.......
දුවත් බලාගෙන මගේ ජොබ් එක කර ගන්න පුළුවන් වුණේ එහේ ඩේ කෙයාර් තිබ්බ හින්දා.
දුව පොඩි කාලේ ඉදන්ම වැඩිය හිටියේ පිට අය ගාව......
ඇය ශෝබරව සුසුමක් පිට කලා..
"දුවව ඉස්කෝලේට දාන්නත් ලොකු ගාණක් ගියා.......
අපි ඉස්කෝලේට ත්‍රීවිල් එකක් අර දුන්නා"
"දුවට අනෙක් අයගේ අවධානය ලොකුවට ඕන.....
ගෙදර තනියම හැදුණු හින්දා වෙන්න ඕන..
ඒ වාගේම එයා ගොඩාක් ප්‍රශ්න අහනවා..
ඉස්කෝලේ ටිචර්ට මේ දෙකම වදයක් වෙලා තිබ්බේ සතයකට දෙකකට පාරක් එයා මට එන්න කියලා මේ ගැන කියනවා..
පස්සේ දවසක් දුවට පංතියේ චු ගිහින්..
මං යනකම්ම මුල්ලකට දාලා හිටියේ,
කොහොම හරි දවසක් දුව මගෙන් ඇහැව්වා
"පද්දෝ, පදු කෙල්ල" කියන්නේ කාටද කියලා..
අනේ සර් මං කොහොමද එවා මේ පොඩි එකාට තේරුම් කරන්නේ.......
ඊට පස්සේ දුව උදේට බඩේගාය,
කකුළ රිදෙනවා වාගේ දේවල් කියන්න පටන් ගත්තා......
පස්සේ ඉස්කෝලේ යන්නම බෑ කියලා අඬන්න පටන් ගත්තා"
රෙස්සියා සිය පිරිවර සමඟ හැල්මේ පාසලට යාබඳව ඇති ලන්දට කඩාගෙන යන්නේ අදත් ඕලු මුවෙක් හෝ ඉත්තෑවෙක් හෝ තලගොයෙක් පැමිණ නිසා විය යුතුයි.
ගුණපාල මහත්මයා හර්ෂිගේ චින්තාපර මුහුණ දිහා බැලුවේ කතාව දිගටම කරගෙන යාම සදහා අනුබලයක් ලෙස
"ඉතිං " කියමින්.....
පස්සේ මායි රංගනයි එයාගේ නෑදෑ මනෝ වෛද්‍යවරයෙක්ව හම්බ වුණා.....
හර්ෂි සඳහන් කලේ ප්‍රසිද්ධ මනෝ වෛද්‍යවරයෙක් නමක්.
"එයා අපිත් එක්ක ගොඩාක් වෙලා කතා කරා.
රංගනලාගේ අම්මටයි තාත්තටයි දෙන්නටම කෝල් කරා......."
ඩොක්ටත් පුංචි කාලේ ඉගෙන ගෙන තියෙන්නේ ගමේ ඉස්කෝලේ ,
ඒ කියන්නේ මේ ඉස්කෝලේ ......
එයා රංගනට කිව්වා ගමට ගිහින් ළමයාව ගමේ ඉස්කෝලේට දාන්න කියලා....
ඒ පාර තමා මගේ ජොබ් එකෙන් අයින් වුණේ,.........
හැමදේම තියෙන කොට අගේ නැති, නැති කොට අගේ වෙන හැටි.....
ගුණපාල මහත්යට හිතුණේ එහෙම.
පසු දින උදැසන රැස්වීමේ හුන් හුරුබුහුටි දැරිය "මිනැසි" පාසල ප්‍රතික්ෂේප කල දැරිවිය බව ගුණපාල මහතා අඳුනා ගත්තා.
මේ පාසලේ මහ ලොකු ශිෂ්‍ය සංඛ්‍යාවක් නෑනේ.
ඉන්න හැම ළමයවම හැම ගුරුවරයෙක්ම අදුරනවා.
රෙස්සියා පවා අදුරනවා.
ඌ එක එක ළමයට බුරන්නෙත් එක එක තාල වලට......
මියුරුට බුරන්නේ සැරට.
මියුරු ඉතිං යමි එමි රෙස්සියාගේ නගුටවත් අදිනවානේ.
දවසින් දෙකින් මිනැසිගේ විපරම්කාරී නෙතු වලට පාසලේ පරිසරය හුරු වුණා.
දවසක් මිනැසි සහ යාළුවෝ ලොකු වැඩක්..
සමණල දඟයන්ට ගෙවල් හදනවා...
ගුණපාල මහත්මයාත් මිනැසිලාට සමණල ගේ හදන්න උදවු කරේ සිනහ වෙමින්..
පසු සටහන:-
මෙම දැරිය සිරිත් වු පරිද්දෙන්ම සිය ප්‍රාථමික අධ්‍යාපනය සතුටෙන් සහ සාර්ථකව නිමා කොට , සිය අභිමතය පරිදි ශාක සබැඳිව ඉහලට ඉගෙන මේ දිනවල වල් කෝවක්කා ශාකය පිළිබදව අධ්‍යයනය කරන්නේ ආචාර්ය උපාධිය සදහාය.
ගුණපාල මහතා එක් සිකුරාදා දිනක පිටවිමේ පොත අත්සන් කලේ යලි "සදුදා" එමට නොහැකි වෙදැයි සිනහ වෙමිනි.
ඔහු එදින නින්දේ දී ම මිය ගොස් තිබු අතර ඉරිදා දින අවසන් කටයුතු සිදු කරන ලදී.
Pages
Saturday, October 27, 2018
Saturday, October 20, 2018
ඇත්ත කතාවක්
ඇත්ත කතාවක්
ඇත්ත කතාවක්
වල්අඹ ගහ ගාව රිළා හඩට රෙක්සියාගේ තර්ජනාත්මක බිරුම් හඩත් එකතු වූණාම පැත්තම දෙදරන්න ගත්තා.
එත් එක්කම සිරිපාලගේ අවලාදත් එක්ක රෙක්සියා නගුටේ අමුඩ ගහගෙන දිගු පිමි වලින් දුවනවා කාර්යාලයේ ජනේලයෙන් ගුණපාල මහත්තයාට පෙනුනා. සිරිපාලව බලු පැන්නීල්ලට යොමු කරන්න ඇත්තේ සුමනා ටිචර් . සුමනා ටිචර්ගේ පංතිය තිබ්බේ ශාලාව කෙලවරේ වුණත් ඇය කතා කරන එවා ඔය යස අපුරුවට ඇහෙන්නේ.
සිරිපාල පාසලේ පියුං මහත්තයා. එයා ඉතිං කරන දෙයකුත් නෑ, නොකරන දෙයකුත් නෑ.
දැන් ඕං උදැල්ලකුත් කිහිලි ගන්නාගෙන තෙක්ක යාය පැත්තට යමින් හිටියේ නොරොක් කර ගත්ත මුණෙන්.
"සුබ උදැසනක්"
හදිසියේම වගේ කාර්යාලයේ දොරකඩ පහල වුණ අමුත්තා නිසා ගුණපාල මහත්තයා කරමින් හිටි වැඩය නැවැත්තුවා .
අමුත්තා කතා කලේ ඉංග්‍රීසියෙන්.....
ඔහු තමාව හදුන්වා දුන්නේ රංගන පෙරේරා කියලා."
ගුණපාල මහත්තයා සංවාදය සිංහලට හරව ගත්තේ, ඔහු තමන්ගේ ඉංග්‍රීසි භාෂා හැකියාව ගැන නිසැකවම දැන හිටිය නිසා.
"වාඩි වෙන්න මහත්තයෝ"
ගුණපාල මහත්මයා ආගන්තුකයාව පිරික්සමින් පුටුව පෙන්නුවා.
ආගන්තුකයා වයසින් අවුරුදු තිහක පමණ වුවෙක්. මනාව මදින ලද කලිසම සහ කමිසය වටිනා බව ගුණපාල මහත්මයාට හිතුණා. ඔහුගේ ටයි පින් එක රීදි වෙන්න ඕන........
තම පාසලේ වැඩි හරියක්ම හිටියේ එදිනෙදා වැඩ කරමින් දිවි ගෙවන දෙමාපියන් නිසා මේ දෙමාපියෙක් වෙන්න බෑරි බවයි ගුණපාල මහත්තයාගේ හිතට ආවේ.
ඒ වගේම සිය ඉහල නිලධාරින් සතුව මෙවැනි ආචාරශිලී බවක් නැතිබව සහ ඒ අය ගැන සිහිපත්විමෙන් ගුණපාල මහත්තයාගේ මුවගට මද හාසයකුත් නැගුණා.
"සර්, මං ආවේ මගේ දුවව මේ ඉස්කෝලේට දාගන්න පුළුවන් ද බලන්න.."
ආගන්තුකයා ගුණපාල මහත්තයාගේ චින්තාකුල සිත නිදහස් කරා.
" මාත් මේ ඉස්කෝලේම තමයි පහට වෙනකම් ඉගෙන ගත්තේ ශිෂ්‍යත්වේ පාස් වෙලා සෙන්ට්‍රල් ගියා"........
"දැන් RDA එකේ මධ්‍යම අධිවේගේ ප්‍රජේක්ට් ඉන්ජීනියර් කෙනෙක්.......
විනාඩි කිහිපයක කතා බහකින් අනතුරුව ආගන්තුකයා පාසල් කාර්යාලයෙන් බැහැර වුණේ කාර්යාලයේ මෙන්ම ගුණපාල මහත්මයාගේ හිත ඇතුලෙත් ප්‍රසන්න සුවදක් තවරමිනුයි.
ඉන්ටවල් එකට සීනුව ගහලා සිරිපාල ඔපිස් එකේ හොරගල් අහුලන්න ගන්නකොට ගුණපාල මහත්තයාට හිතුණේ
" මේ යකාට ණයක් ඉල්ල ගන්න වාගෙයි" කියලයි.
"සර්, ඔය ආපු මහත්තයලා ඉන්නේ අපේ ගෙවල් ගාව"
"ඉතිං"
ගුණපාල මහත්තයා ටීවී ප්‍රවෘත්ති බලන එකත් නවත්තලා අවුරුදු ගාණක් වෙනවා.
"දැන් ටෙලිවිෂන් වල ප්‍රවෘත්ති නෙමෙයි, ඕපාදූප දාන්නේ"
ගුණපාල මහත්තයා හාමිනේට කිව්වේ එහෙමයි.
"සර් ,..........
එයාලා හිටියේ කොළඹ ,
කොළඹ නෝනෙක්ව කසාද බැන්දේ "
කැම්පස් එකේදී යාළු වෙච්ච කෙනෙක්, මෙහෙන් කැමැති වුණේ නැහැ..
ඒ නෝනාලා අඩුකුලේ"
"සිරිපාල, මං කිව්වා නේද ඉන්ටවල් එකේදි ඔයා ඉන්න ඕනේ සෙල්ලම් මිදුලේ කියලා,
හා හරි.......
කතාව පස්සේ කියමු,
දැන් යමු සෙල්ලම් මිදුලට....."
ගුණපාල මහත්තයාත් කාර්යාලයෙන් එලියට ඇවිත් සෙල්ලම් මිදුල පැත්තට ගියා.
පැංචෝ, පැංචියෝ තමන්ට ලැබුණු විනාඩි විස්සේ විවේකය යහමින් විඳිමින් උන්නා.
දින ගණනක ඇවැමෙන් පැහැබර කාන්තාවක් ගුණපාල මහතා හමු විමට පැමිණියා.
ඒ රංගන මහතාගේ බිරිඳ.
හර්ෂි..........
"සර් දුවගේ අස්විම් සහතික ගෙනාවා.....අපි සතියකට කලින් කතා කරා මේ ගැන."
ඇය දෝතින්ම ලිපි ගොණුවක් පැවා.
ගුණපාල මහතා ටිකක් විපිළිසර වුණේ,
ඉගෙනුම ලැබු පාසල තීරයේ සටහන් ව තිබු පාසල දැකීමෙන්.
එය බස්නාහිර පළාතේ ප්‍රකට පාසලක්.
ඒ පාසලට සිය දරුවාව ඇතුලත් කර ගැනීමට දෙමාපියන්ගේ සිහිනයක්.
"හොඳයි, ගෙනත් තියෙනවද දරුවාගේ පංතියේ පොත් එහෙම........"
ඇය වහා පොත් ගොන්නක්ම දිගු කලා.
පොත තුල වු කිසිවක් ගුරුවරයාගේ නිරීක්ෂණයට හසුව නැති බවයි පෙණුනේ.
ඉදහිටකවත් ගුරුවරයාගේ පෑන් සලකුණු එහි සටහන්ව තිබුණේ නැහැ.
"හොදයි, එහෙමනම් අපි හෙට ඉදන් දරුවාව ඉස්කෝලේට ගෙමු.
ඉතිරිය ඉදිරියට............
Tuesday, October 9, 2018
ඒ පොල් ගහක්
ඉස්කෝලේ ,
කාට කාටත් ඉස්කෝලේ ගැන මතකයන් වගේම මතයනුත් තියෙනවා.
සමහර අය තමන්ගේ ඉස්කෝලේ ගැන මතක් කරන්නේ කෝපිමල්, සේපාලිකා මල් සුවඳක් තවරමින්.
ඒත් තවත් අයට ඒ ගැන තියෙන්නේ පිළිකුලක්,
ඉස්කෝලේට හා හා පුරා කියලා එන පැංචෝ පැංචියෝ හරි දොඩමළුයි.
කියන සුනගුවෙන් නටනවා ගයනවා.
එත් ටිකෙන් ටික උස් මහත් වෙද්දී ඒ හැමදේ හොරු ගෙනියනවා ( අපේ ඉස්කෝලේ ද මං දා මේ හොරකම කරන්නේ)
දහයේ දොළහේ පංතිවල ඉන්න නාඹර සිසු සිසුවියන්ගෙන් ප්‍රශ්නයක් ඇහැව්වොත් දන්න දෙයක්වත් කියන්නේ එහෙමත් කෙනෙක්.
ට්‍රික්ෂි ටිචර්ගේ පංතිය තුන. ඈ නවක ගුරුවරියක් වුණාට තමන්ට පැවරුණු කාර්ය කරේ හරිම කැමැත්තෙන්.
සමහර වැඩිමහල් ගුරුවරියෝ අැයට ඒක මේක කීවේ ඇය හොඳ ලස්සණට පිළිවෙලට ඇදලා, කරලා ඉන්න හින්දා.
ඒත් ට්‍රික්ෂි ඔය කතා අල කොලේට වැටුණු වතුර බිංදු ගානට නොසලකා හැරියා.
ට්‍රික්ෂි ටිචර් හැම තිස්සේම වාගේ උගන්වනවාට වඩා ඉගෙන ගන්න දෙන්නයි උත්සහ කලේ.
එදත් ඈ ගහකොළ පාඩම කරන්න එළිමහනේ දඹ ගහ හෙවනට තමන්ගේ පැටවු ටික එක්ක ගියේ , පැටවු ටික ඇන්න කෝ කෝ කෑම කියා යන මහ කිකිළියක් වගෙයි.
ළමයි ටිකට රවුමක් හැදෙන්න කියු ටිචර්,
"දැන් ඔයාලා ගස්, අපේ වටපිටාවේ තියෙන ගස් "
ඇය තමන්ගේ ළමයි ටික ගස් කරා.
"ලමයි ඔයාලා කවුද"?.......ඇහැව්වා
"ගා.....අ..ස්"
ළමයි ටික උත්තර දිපු සද්දෙට දඔ ගහේ කොළත් හෙලවුණා
"හොදයි.........
එහෙනම් ඔන්න දැන් හුළඟක් එනවා...
ඔයාලා දැකලා ඇතිනේ හුළ හමනවා
ෂ් ....ස් ....ශ්"
ටිචර්ගේ කටෙන් පටන් ගත්තු හුළගට ළමයි ගස් ඇඹරෙන්න පටන් ගත්තා...
එහෙමත් හුළගක්😀
එහෙමත් ඇඹරෙන ගස් ගොම්මනක්.
ආ.......
ඩිලාන් විතරක් පැද්දෙනවා දැක්ක ටිචර්ගේ මුව ඇස් තවත් විශාල වුණා.
මොකද දෙය්යනේ මේ කොල්ලට වෙලා තියෙන්නේ යන ප්රශ්නය හිත රදවගෙන ට්‍රික්ෂි ටිචර් ඩිලාන් ගාවට ළං වුනා.
"ඩිලාන්......."
" මොකද මේ ......"
" හුළඟ සැර මදිද".....
ට්‍රික්ෂි ටිචර් ඇහැව්වේ හිනා කටෙන්...
"ආ........ නෑ....... ටීචර් ....
මං මේ පොල් ගහක්නේ"
ඩිලාන් උත්තරයත් එක්ක
ට්‍රික්ෂි ටිචර්ගේ හිනාව කටෙන් ඇස් වලටයි,
එතැනින් ඔළුව දක්වාම දිව්වා.

Sunday, September 30, 2018
අපුරු පාඩම
#ටකොස් ටොකොස් හඩ නිසා දහයේ පංතියේ ලමයි හැරුණා.
මොණර පිලේ වර්ණ තැවරුණ සාරියක් ඇදගත් අයෙක් පංතියේ පිල හරහා කාර්යාලයට යමින් හුන්නා.
වර්ෂාවෙන් පසුව පාසල් මිදුලේ තැන තැන වතුර කඩිති.
ඒ මඟ අරවා ගන්නයි ආගන්තුක යුවතිය පිල ඔස්සේ ගියේ.
ඇගේ මුහුණ මත අප්‍රසාදයක ලකුණු සිත්තම් වෙලා.
කාර්යාලයේ වැල් කැඩුණු, කකුළ ලණුවකින් පුරුද්දාපු පුටුවේ විදුහල්පතිවරයාවන කේ. බී මහත්තයා ආසනාරුඪව හුන්නා.
ඔහුගේ ඇදුම දැකපු ආගන්තුක යුවතියගේ මුහුණ මතට තව තවත් අපුල එක් රොක් වුණා.
ට්‍රික්ෂි අද පාවරවැව ඉස්කොලේට ආවේ තමන්ගේ රැකියාවේ මුල් දවසේ, මුල්ම ඉස්කෝලේ වැඩ භාර ගන්න.
ඇය කෘෂිකර්මය සම්බන්ධ ඩිප්ලෝමාවක් හදරලා තිබ්බා.
නගරයේ ඉස්කෝලේයකට පත්විම හදා ගන්න දන්න තරම් දහිරිය දැම්මාට එක වැඩක් වුණේ නැහැ.
අවසානයේ දී සිතෙන් නොසිතෙන් හද්දා පිටිසරක තිබ්බ පාවරවැව මහ විද්යාලේ කෘෂිකර්ම ගුරුවරිය විදිහට ඇයට එන්ට සිද්ධ වුණා.
කේ. බී මහත්තයා කියන්නේ සිංහල පුහුණු ගුරුවරයෙක් විදිහට සේවය අරඹලා හැකියාව හින්දම විදුහල්පති සේවයට එක්වුණු කෙනෙක්.
සකස්කඩේ, අමාවතුර, බුත්සරණේ කටපාඩම් නැතත් ඕන තැන්වලදී උපුටා දක්වන හැකියාව තිබුණා.
කේ. බී මහත්තයා වගේ කෙනෙක් විදුහල්පති විදිහට ට්‍රික්ෂි බලාපොරොත්තු වුණේම නැහැ.
ඒ හින්දා ආඩම්බර ස්වරයකින්
"මහත්තයා,
මං ...........එකේ ඩිප් එක කරලා
ආපු ටිචර් කෙනෙක්"
යන හැඳින්විමක් එක්ක සිය පත්විමේ ලිපිය කේ.බී මහත්තයාට දිග් කරා.
බෝතල් මුඩි කණ්නාඩි කුට්ටම යටින් ඇගේ මුහුණ බලපු ගමන් කේ.බී මහත්තයාගේ නිතර තියෙන හිනාව ඇදුණා.......
"ආ........
හොඳමයි නෝන මහත්මයා ,
හරිම සතුටුයි"
ඉතා ඉක්මණින් ලේඛණ කටයුතු හමාර කල කේ. බී මහතා නවක ගුරුවර ගුරුවරියන්ට පිරිනමන මුලික උපදෙස් දෙන්න සිය හම ගැහුණු හිත් මල්ල ඇරියත්,
ට්‍රික්ෂිගේ මානභරිත වතකමල හමුවේ ඒ සියල්ල යලි හිත් මල්ලටම සුරැකිව දමා අගුළු දැම්මේ, බොහොම ප්‍රසන්න හිනාවක් මුව දවටාන.
"එහෙමන මිස්, දැන් බෙල් එකට දහයේ පංතියට යන්න......."
එකට තියෙන්නේ කෘෂිකර්මය ...
හැමෝම කරන්නේ කෘෂිකර්මයම තමයි..
එතක අර කොනේ තියෙන ස්ටාප් කාමරෙන් ඉන්න......."
පිටිසරබද පාසලක් වුණාට පාවරවැව ඉස්කෝලේ බොහොම පිලිවෙලට තිබ්බා.
පංති කාමර ඉස්සරහ දාස් පෙතිය මල් පාත්ති,
තැන් තැන්වල වතුසුද්ද පදුරු.
එත් ට්‍රික්ෂි මිස් ඒ අතරින් බැලුවේ මායිමේ තිබ්බ රක්ෂිතය දිහාවේ..
ඒ අසලින් දිවෙන මඩ වෙච්ච බොරොළු පාර දිහාවේ.
බැල් එක ගහනවාත් එක්ක ට්‍රික්ෂි උඩින් උඩින් පංතියට ගියා.
ලමයි ඔක්කොම නැගිට්ටාම ට්‍රික්ෂිගේ හිතට පොඩි ආඩම්බරකමකුත් කාන්දු වුණා.
"දැන් මොනවද තමුසේලාට තියෙන්නේ"
ළමයින්ට මේ ඇමතුම නම් නුහුරුයි.
ඇයි ඉතිං අනෙක් ගුරුවරු කවුරුත් කතා කරන්නේ පැංචෝ, දරුවෝ, පුතේ , දුවේ කියලනේ,
හෝමාගමින් ආපු ඉංග්‍රීසි සර් නම් ඩියර් කියලා කතා කරන්නේ......
සර් ගමට ගිහිං එද්දී ඇපල් වාගේ නුහුරු මොනවා හරි අරගෙන ඇවිත් හැම දරුවෙක්ටම දෙනවා.
ඉතිං සර් ගම යන දවසට කෝන් කාලේ කෝන්,
දඹ කාලේ නම් දඔ.......
නෙළුම් බට්ටෝ ඔය මොන මොනවා හරි කොළු කුරුට්ටෝ ගෙනත් ගුරු නිවාසේ ගොඩ කරනවා
ටිකක් වෙලා පංතියම නිහඬ වුණත් ඒ නිහඬ බව බින්දේ ට්‍රික්ෂිමයි....
"ඇයි තමුසෙලාගේ කණ් ඇහෙන්නේ නැද්ද?"
පංතියේ කෙලවර වුන් හින්දැරි සුමනායි උත්තර බැන්දේ........
"කෘෂිකර්මය ටිචර්"
"මේ මතක තියාගන්නවා මට කතා කරද්දී මැඩම් කියනවා......
අනෙක කෘෂිකර්මය නෙමේ මම උගන්වන්නේ කෘෂිවිද්‍යාව
මට එකට ඩිප්ලෝමා එකක් තියෙනවා"
"කෝ තමුසෙලාගේ ෆිල්ඩ් එක බලන්ඩ යං"
තාමත් ට්‍රික්ෂිගේ අපුල මුසු බැලුම් දහරාවේ අඩුවක් නැහැ..
ගුණපාල පංතියේ නායකයා......
ඔහු පංතියේ අයගේ පෙරමුණ ගත්තා.
පේලියට ඔවුන් වගාබිමට ගියා.
මුලින්ම තිබ්බේ පතෝල මැස්සක්..
පතෝල පැංචිවල අග ගලක් එල්ලලා..
"කවුද මේවායේ ගල් එල්ලුවේ, ගලවනවා මේවා........
ට්‍රික්ෂිගේ විධානයට ප්‍රතිචාර දැක්කුවේ ගුණපාල......
"මැඩම් එහෙම ගල් එල්ලුවේ නැත්ත පතෝල කරල ඇද ගහනවා, කරංගැටි වෙනවා...
එකයි ගල් එල්ලුවේ...."
පතෝල පාත්තියට පස්සේ තිබ්බේ මිරිස් පාත්ති........
එකට කෝඩ රෝගේ ඇවිත්......
කරල් කරංගෑටි ගැහිගෙන එනවා ...
"ළමයි මේ මිරිස් කරල් නැමිගෙන එනවා..
එල්ලනවා මේවාටත් ගල්"
ට්‍රික්ෂි ඉක්මණින් පිලියමක් යෝජනා කලත්
ලමයින් සිය මුව මුවා කරමින් නිහඩවම සිනාවෙන්නට වුණා.

Sunday, September 16, 2018
මව්බිම
මව්බිම
*********
ගුණපාල ඉස්කෝලේ මහත්තයාගෙයි සුමනාවතී ඉස්කෝලේ නෝනගෙයි එකම පුත්තරයා චන්දරපාල.
කොල්ලාට දැන් වයස හතක් අටක් විතර ඇති.
ඒ වුනාට ඉතිං කුනු හබ්බ කියන්නේ කටේ තොලේ ගැවෙන්නේ නැතු
ව......
කිප දවසක්ම කොල්ලා දෙන්නාගේ සායම ඇරියා.........
දෙන්නත් එක්ක කතා කරන වාරයක් පාසා මේ ආරෝව ගැන කතා කෙරුවා.....
ආයේ ඉතිං සුමනාවතී ඉස්කෝලේ හාමිනේවත් ගුණපාල මහත්තයාවත් සැර පරුෂ මනුස්සයෝ නෙමේ......
ගමේ පංසලේ ලොකු උන්නාන්සේ ගුණපාලට අෑතින් නෑදෑ අය්යෙක්.....
පණ්ඩිත විභාග එහෙම කරපු හාමුදුරුවෝ .
ඉතිං මේ අවනඩුව අහලා හාමුදුරුවෝම යෝජනා කලා සතියක් හමාරක් පංසලේ පොඩි උන්නාන්සේලා එක්ක නතර කරන්න කියලා.
එකම කොල්ලා උනාට ඉතිං වෙන කොරන්නත් දෙයක් නැති තැන දෙන්නා කැමති වුණා...
දැන් ඉතිං කොල්ලා පංසලේ.....
කොහොමින් හරි සතියක් හමාරක් පහුවුණා...
කොල්ලාගේ සෑහෙන වෙනසක් පෙන්න ගත්තා......
ජෝඩුවටම හරිම සතුටුයි .
ගුණපාල මහත්තයා කල්පනා කලා කොල්ලව ආපිට එක්ක යන්න..
දෙන්නම ඇවිල්ලා ලොකු හාමුදුරුවන්ට කන පිරෙන්න ස්තුති කල්ලා එහෙම පුත්තරයත් එක්ක තැපැල් නයින්ටියට නැග්ගා.
ගුණපාල මහත්තයානේ පදවන්නේ.
මැද්දේ කොල්ලා, පස්සෙම සුමනාවතී නෝනා.
ඔය පංසලේ ඉදං ගුණපාල මහත්තයාගේ ගෙදරට යන පාර ගන්න දෙයක් නෑ.
අලි නිදියන වලවල්.
කොහොම වෙට්ටු දැම්මත් වලක..
"පියාණනි, මව්බිම"
ඔය අතරේ කොල්ලා කෙදුරුවා..
"හා ඔව් පුතේ ලංකාවනේ"
ගුණපාල කිව්වා,
"පියාණනි මව්බිම"
ඒ පාර කොල්ලාගේ හඩ ටිකක් සැරයි.
ගුණපාල ඉතිහාසයක් උගන්වනවානේ ..
ඉතිං යමි ගමන් කොල්ලට ලංකා ඉතිහාසය ගැන කියන්න පටන් ගත්තා......
ඒ පාර ඇලපතට ඇන්න කොල්ලා,
"බොල හු............... පුතෝ
ආන් තොගේ ගැණි වැටුණා."
මහ හය්යෙන් බෙරිහන් දී කිව්වා

Monday, September 10, 2018
පිය සමර
අනුරාධපුරයේ මහ ඉස්පිරිතාලෙ , මිනි කාමරේට පිටිපස්සේ තිබ්බ ගුරු පාර දෙපැත්තේ යායට ඉබ්බං ගස් සාරේට හැදිලා තිබ්බා.
ඒ පාර විහිදුනේ කෝටස් වලට.
අපි එහෙමයි කිව්වේ....
කෝටස් කිව්වේ ඉස්පිරිතාලේ සුළු සේවකයන්ගේ නිවාස.
දිග එක නිවාස සංකිර්ණයක ඇදු ගෙවල් දෙකක් තිබ්බා.
එහෙම තිබ්බ නිවාස ගාන දැන් නම් මතක් කර ගන්නවත් අමාරුයි.
එක ගෙදරකට කාමර දෙකකයි .
පොඩි ශාලයකුයි කුස්සියකුය් තිබ්බේ.
පිටිපස්සේ තිබ්බ වැසිකිළිය😱
එකේ වලේ බාල්දියක්නේ තිබ්බේ.
පෙරැමාල් හැමදාම උදේට ඇවිත් එකේ එකතු වෙලා තිබ්බ දේවල් වැසිකිලිය ඉස්සරහ තිබ්බ වලට දාලා වතුර ගහනවා.
එතනින් පස්සේ මල්ලීගෙයි මගෙයි සෙල්ලම් ගේ එක.
අම්මා කොච්චර පැන්නුවත් අපිට එකට නොගිහින් ඉන්න පුළුවන් වුනේ නැහැ.
තාත්තා ඉස්පිරිතාලේ වාට්ටු කම්කරු..
මං නම් හිතාන හිටියේ එයා තමා එකේ ලොක්කා කියලා........
උදේ පිඹින නලාවට , මායි මල්ලීයි ඉස්පිරිතාලේ කුස්සිය ගාව සියඹලා ගහ ගවට දුවන්නේ පැරකුම් ටින්කිරි හිස් ටින් එකත් අරගෙන.......
තාත්තා පාන් බාගයකුයි, සම්බෝලයි, කිරිතේයි දෙනවා.....
ඒ එයාගේ ඩයට් එකලු.
අපි දෙන්නා එකත් අර ආපහු එන්නේ කාර්වල.......
මල්ලීගේ කාර්එකේ ඇංජීම මගේ එකට වඩා හොදයි.......
ඒ හින්දා මුලින්ම කෝටස් එකට යන්නේ මල්ලී......
හැබෑයි මගේ ගාව තිබ්බ පාන් මල්ල ඇතුලෙනේ පානුයි සම්බෝලයි තිබ්බේ....
සමහරදාට ජෑම් ගාපු පානුත් තිබ්බා.
තාත්තත් එක්ක හතරේ වාට්ටුවට ගියාම දැක්ක දොස්තර දාගෙන හිටපු නලාවට මට ආසා හිතුණා.
එයා ඇදගෙන හිටියේ තාත්තා වගේ සුදු සරමයි සුදු ෂර්ට් එකයි නෙමේ.
සිවනේෂන් දෙස්තර මහත්තයා සාක්කුවේ දාගෙන හිටපු නලාව මං දවසක් හොරෙන්ම ගන්න කොට එයා එක දැක්කා......
හිනා වෙලා ඔලුව අතගාලා
"පුතා ලොකු වෙලා මේකක් ගන්න"
කීවේ නුපුරුදු සිංහලෙන්.....
රංබණ්ඩා මාමයි, හේමා නැන්දයි මේක දැකලා හිනා වුණා..
තාත්තා මාව වඩාගෙන ප
"පුතා හොදට ඉගෙන ගත්තොත් ඔය නලාවක් දාගෙන මේ ඉස්පිරිතාලේට එන්න පුළුවන්"
ඒ කියන වේලාවේ තාත්තාගේ ඇස් දෙක මට දැණුත් මතක් වෙනවා.
තාත්තා ඒ දවස් වල සාමාන්‍ය පෙල ගණිතයට ගණ හැදුවා.
ඉස්තෝප්පු කෑල්ලේ පැදුරක් දාගෙන මුණිතලාවෙලා ගණ හදනකොට මල්ලීයි මායි, පිටේ නගිනවා.....
අම්මා ඇවිත් අපි දෙන්නව ඇදගෙන හිහින් එළියට දානවා.
පස්සේ තාත්තා කොළඹ NTS එකට ගියේ අම්මාවයි , මල්ලීවයි ආච්චිලාගේ ගෙදර නවත්තලා.........
මම බටුවත්තේ ලොකු අම්මාලාගේ ගෙදර ගියේ ඉස්කෝලේ යන්න........
සාමාන්‍ය පෙල පංතියට යද්දී ලොකුවට හිටි තාත්තා පොඩි වෙන්න ගත්තා......
එයා දන්නේ මොනවද?
කියන දේවල් වලට එරෙහිව කතා කරේ ඒ හින්දයි.
කාලය ගත වෙද්දී , මාත් පියෙක් වුණා...
හැබැයි ඒ වෙනකොට තාත්තා ආයෙම ලොකු වෙන්න පටන් අරං........
පහලම තැනින් පටං අර සෑහෙන දුරක් ගිය කෙනෙක් කියන එක ඒ වෙද්දී තේරුණා.
ආකාලයේ හදිසි අනතුරකින් වියෝවුණත් ,
දැන් දන්නවා එතුමා කෙතරම් ධෛර්‍යවන්තයෙක්ද කියන එක.
ඔහු බලාන උන්නේ මම වෛද්‍යවරයෙක් වෙලා අනුරාධපුරයේ ඉස්පිරිතාලේට යාවි කියලා........
එක ඉටු නොවුණත් අද ඉන්න තැනට එන්න හය්ය ලැබුණු විදිහ දැනුයි තේරෙන්නේ.
අද මම මගේ පුතා දිහා බලලා සතුටු වෙන විදිහට ඔහුත් සතුටු වෙන්න ඇති.

Sunday, September 9, 2018
ගුණපාල ගිය මඟුල
"ගුණපාලාආ........"
ඩස්ට් බීන් එක අරං යමින් උන්න ගුණපාල සැනෙන් යු ටර්න් එකකින් ගමන් දිශාව වෙනස් කලා.
ලොකු සර්ගේ සීතල කාමරේ ඇතුලේ තුල්ෂි නෝනාත් ඉන්නවා.
කොහොමටත් තුල්ෂි මිස් වැඩි කාලයක් ඉන්නේ ඒ කාමරේ අතුලෙනේ.
තුල්ෂි ආයතනයේ පරිගණක යෙදවුමි ශිල්පිනිය .
ගුණපාල නිකම්ම නික කාර්යාල සහායක.
පියන්.......
අනිත් අයට නම් නියමිත වැඩක් තිබුණට ගුණපාලට එහෙම එකක් නැහැ.
කරන වැඩ කොලයක ලිව්වොත් හාෆ්ෂිට් කොලයකුත් මදි වෙයි.
"අා ගුණපාල.........
ඉස්සරහ ස්නැක් එකෙන් ජුෂ් දෙකක් අරං එනවා......."
ගුණපාල දවසකට කිලෝමිටර් හය හතක් ඔපිසියේම ඇවිදිනවා .
ඇයි ඉතිං ඉන්න හැමෝගේම වුවමනා එපාකම් පිරිමහන්න එපායැ.
වැඩක් නැති වේලාවට ඔපිස් එක එලියේ මල් ජාති එළවළු එහෙමත් හැදුවේ ගුණපාලම තමයි........
වෙන ඔපිස් වලට වඩා ලකේට මේ ඔපිසිය තියෙන්න හේතුවත් ගුණපාලම තමයි.
දවසට හය හත් වතාවත් අතුගාලා මොබ් කරලා කිරි කිරි පොළවේ යන්න නෝනාලාට, මැඩම්ලාට, මිස්ලාට පුළුවන් වුණේ ගුණපාල හින්දයි.
කළු විදුරුවට ගුණපාල මුදුගිල්ලේ සුදු යකඩ මුද්දෙන් තට්ටු කරා....
ටිකිස් ටක ටුකුස් සද්දෙට
තඩ් ගාලා කකුල් පොලාවේ වදින සද්දයක් එකතු වුණා....
එනවා ගුණපාල
ලොකු සර් ටියුඩර්ට ගුණපාලගේ තට්ටුව හුරුයි.
තමුසේ ඉක්මණට ආවා නේද?
තුල්ෂි නෝනා කට පිහිදමින් ඉස්සරහ පුටුවට ආවා.
"ආ මේ ෆයිල් ටික මිස්ට කරුණාරත්නට දෙනවා"
තුල්ෂි මිස් බ්ලවුස් එක පහලට අදිමින් ඇදුම පිලිවෙල කරනවා....
එතකොට තුෂි.... ඔෆිස් එකේ ඔක්කොටම වෙඩිං එක කියනවාද........
ගුණපාලගේ පස්සෙන් එහෙම ඇහුණා..
ආහ්...
තුල්ෂි ම්ස් බඳිනවා එහෙනම්..
කොයි එක්කෙනාවද දන්නේ නැහැ.
ගුණපාලට තුල්ෂි මිස් එක්ක යන මහත්තුරු එක එක්කෙනා මතකයට ආවා.......
හවස තේ බොන වේලාවට සුමනත් එක්ක කාර්යාලයේ දවසේ තොරතුරු හුවමාරු කර ගන්න එක ගුණපාලගේ පුරුද්ද.
මේ ආරංචියට සුමනාගේ වටකුරු ඇස් තවත් වටකුරු වුණා...
ඇයි ඉතිං තුල්ෂි මිස්ගේ වග විස්තර සුමනාට අරුමයක් නෙමෙයිනේ.
සතියකට හමාරකට පස්සේ සුවඳ ගහන අරුමෝසම් වෙඩිං කාඩ් එකක් ගුණපාලටත් ලැබුණා .
එතනින් පස්සේ ඔපිසියේ මිස්ලා, සර්ලා වෙඩිමට යන එක ගැන බොහොම සාරසුබාවට කතිකා කරනව ගුණපාලට ඇහුණා.
මිස්ලා හැමෝම හැඩ වෙන්න ජනප්‍රිය ටෙලි නිළි ,
වේස් ගැන්විමේ ශිල්පිනියක්ව වෙන් කරගෙන තිබුණා ..
සුමනා නම් වැඩේට පස්ස ගැහැව්වේ එක එක හේතු කාරණා ඉදිරිපත් කරමින්.
එත් ඉතිං එකට වැඩ කරන කෙනෙක්ගේ මඟුලට නොයා කොහොමද?
ගෙදර වැඩ ඉවර කර ගන්නය කියලා පොතේ තිබ්බ සෑහෙන ගණනක් ගුණපාල ආපිට ගත්තා.
හන්දියේ නිපොන් එකෙන් ලා නිල්පාට මල් ඉහිරුණ සාරිය......
එක තේරුවේ ගුණපාල
ගත්තු සල්ලි වලින් දහදාහක්ම සුදුපාට ලියු කවරේ ඇතුලේ.
එකේ මතුපිට
A.M.Gunapala කියලා ලිව්වේ වැල් අකුරෙන්.
ගුණපාල බාහිර උපාධිය කලේ විශ්ව විද්‍යාලේ යන්න ලකුණු මදි වුණ හින්දා නෙමේ.
පොඩ්ඩි උසස් පෙළ කරන්න පටන් ගත්තු හින්දා එකට වියදම් හොයන්න,
ගුණපාල නානාගේ කඩේ බඩු කිරන්න ගියපු හින්දයි .
ගුණපාලගේ මෙට් එක නානා ප්‍රකාර වාහන පෝලිමේ කෙලවරක නැවැත්තුවා.
ඔපිස් එකේ මිස්ලා හැමෝම එක වගෙයි.
මුණු නික වෙස් මුණු වගෙයි.
හෝටලේට ගියාට පිළිගන්න කවුරුත් නැහැ.
පාට බීම එකක් කොණ්ඩේ පාට කරපු කොල්ලෙක් හැමෝටම බෙදුවා.
කොනේම තිබුණු මේසයක සුමනත් එක්ක ගුණපාල වාඩි වුණා.
දෙදරන සංගීතයට ආපු හැමෝම වගේ නටනවා......
තඩි ඇඟවල් සලිත වෙන එක නම් බලන්නත් හිරිකිතයි.
බුෆේ එකේ කෑම හරිම ලස්සණයි .
දෙන්නත් එක්ක පිගන් දෙකකට බෙදා ගත්තු කෑම මොනවාද කියලා බෝර්ඩ් වල නම් නම් ගහලා තිබ්බා...
පලමු කට කනවත් එක්ක සුමනාගේ කට ඇඹුල් වුණා.
ගුණපාල දිහාට නැඹුරු වෙලා...
"අනේ ගුණේ මේ කෑම වල ලුණු ඇඹුල් මොනවත් නෑනේ...."
මට නම් මේවා කන්න බෑ......
සුමනා හදන කෑම වල සුවඳ එක්ක ලණුවක් වුණත් කන්න පුළුවන් .
ටිකකින් ගුණපාලටත් සුමනාගේ කතාව පසක් වුණා.
කෑවයින් නොකෑවයින් දෙන්නත් එක්ක ජෝඩුවට කතා කරන්න ගියා.
එතන දිග පෝලිම,
පොටෝ ගහනවා.
සුමනා පස්සට ඇද්දා
"ගුණේ ඔයා ගිහිං ලියු කවරේ දිලා එන්නකෝ."
ගුණපාල සුමනට කිකරු වුණා.
එහෙ මෙහේ රිංගාන ගිහිං තුල්ෂි නෝනට ලියු කවරේ දුන්නා.
"තැන්කු ගුණේ......"
කවරේ අර තුල්ෂි ලග හිටපු ටයිකෝට් කාරයෙක්ට කතා කරන්න හැරුණා.
මනමාලයට ගුණපාල කවුදැයි කීවේත් නැහැ.
"ත්‍රී ස්ටාර්" එක ඉස්සරහ ගුණපාලගේ මේට් එක තිබුණේ පැයකට විතර පස්සේ.
එකේ වේටර්ලා හැමෝම ගුණපාලගේ ගජයෝ.
සුමනයි ගුණපාලයි වාඩි වෙන්නත් කලින් කඩේ මුදලාලි , තාරික් නානා
"අපේ ගුණේ මල්ලීට ඉස්පැෂල් රයිස් එකක් දාන්න"
රයිස් සෝමේට අණ දුන්නා

Friday, September 7, 2018
විශාදය
~~…•°•…විශාදය~~…•°•°•…
සරලව කිවහොත් විශාදය යනු "දීර්ඝ කාලයක් තිස්සෙ සිතේ පවතින ශෝකී බවයි".
විශාදය නිසා ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 800,000 පමණ පිරිසක් දීර්ඝ කාලීනව පිඩා විඳින බවට ඇස්තමේන්තු කර තිබෙනවා. ලාංකීය සමාජය තුල කාන්තාවන් අතර විශාද තත්වය සාපේක්ෂව බහුලයි.
ලංකාවේ සමාජය තුල මානසික රෝග පිළිබඳව ඇති අවබෝධය සතුටුදායක මට්ටමට තවමත් පැමිණ නෑ.
මානසික රෝගියෙක් සිටීම පවුලටම නින්දාවක් ලෙස සැලකෙන අතර ඔවුන් “පිස්සන්” ලෙස හංවඩු ගසා සමාජයෙන් කොන් කිරීම සුලභව දැකිය හැක. විශාදය යනු මානසික රෝගී තත්වයක් බව පිළිගැනීමටද ඔවුන් කැමති නෑ. මේ නිසා විශාදය ප්‍රමුඛ මානසික සෞඛ්‍ය ගැටළු වලින් පීඩා විඳින බොහෝ දෙනා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීමට මැලි වෙනවා.
විභාග අසමත් වීම, විරහව, සමිපතමයෙකුගේ වියෝව, ගෘහස්ත හිංසනය, අනපේක්ෂිත මුල්‍ය පාඩු වැනි අවාසනාවන්ත, ශෝකී අවස්ථාවන්ට අප සියල්ලන් මුහුණ දෙන අතර මේ දුක කාලයත් සමග පහව යයි. මෙය සාමාන්‍ය තත්වයක් වන අතර මානසික සෞඛ්‍ය ගැටළුවක් ලෙස නොසැලකිය යුතුය.
කෙසේ නමුත් එවැනි සිද්ධි නිසා ඇතිවන ශෝකී බව දිගටම පැවතීමෙන් එය විශාද තත්වයක් දක්වා වර්ධනය විය හැක.
විශාදය ඇති වීමට හේතු සමහරක් පහත දැක්වේ.
*ජානමය නැඹුරු බව
*මුහුණ දීමට සිදුවන අවාසනාවන්ත සිදුවීම්
*දීර්ඝ කාලීනව පවතින කරදර, පීඩාකාරී තත්ත්ව (සැමියාගේ බීමත් කම, කායික රෝගී තත්ව)
*ලෝකය, සමාජය ගැන තමා දරන අදහස් වල ස්වභාවය (තමන්ට අවශ්‍ය ලෙස දේවල් සිදු විය යුතු යයි සිතිම)
විශාදය බොහෝ විට සුව කල හැකි අතර මුල් අවස්ථාවේ දී මනෝ වෛද්‍ය ප්‍රතිකාර මගින් සුව කර ගත හැක. විශාදය සඳහා ඖෂධ ප්‍රතිකාර ලබා දීමද සිදු වේ. තත්වය උත්සන්න වූ විට රෝහල්ගත කර ප්‍රතිකාර ලබා දෙනවා.
විශාදය මාස 6 සිට අවුරුදු කීපයක් පුරා වුව පැවතිය හැකි අතර වෛද්‍යවරයෙක්ගේ අධීක්ෂණය යටතේ රෝගය පාලනය වූ පසුව මාස 4-6ක් පමණ යනතුරු ප්‍රතිකාර ලබා දෙයි. නැවත්වීමෙන් පසු 30% කට නැවත විශාදය ඇති වීමේ අවධානමක් පවතින නිසා වෛද්‍යවරයා සමග නිතර සම්බන්ධතා පවත්වාගැනීම ඉතා වැදගත්. එලෙස නැවත විශාදය වැළඳුන අය සහ එවැනි අවධානමක් ඇති අය සඳහා මාස 6-24 දක්වා ප්‍රතිකාර කිරීම සිදුවේ. මෙය රෝගයේ තත්වය අනුව වෙනස් වේ.
කෙසේ නමුත් විශාදය මැඩලීමේ විශාලම ගැටලුව වන්නේ සමාජ ආකල්ප, විශාදය පිලිබඳ අනවබෝධය නිසා මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට මැලි වීම හේතුවෙන් විශාද තත්වය උත්සන්න වී රැකියා අහිමි වීම, පවුල් ප්‍රශ්න ඇති වීමට, කායික රෝගී තත්ව උත්සන්න වීම හා සිය දිවි නසා ගැනීමට පවා සමහරු යොමු වීමයි.
විශාදයේ ප්‍රධාන ලක්ෂණ 3කි.
*දිගින් දිගටම සිතේ පවතින කණස්සලු ස්වභාවය
*ඉක්මනින් විඩාවට පත් වීම
*ජිවිතයේ සතුටක් නොමැති වීම
මීට අමතරව පහත උප ලක්ෂණ විශාද තත්වයෙන් පීඩා විඳින්නන් තුල දැකිය හැක.
*අවධානය යොමු කිරීමේ නොහැකියාව, අමතක වීම, තීරණ ගැනීමේ ගැටළු සහ මානසික ඒකාග්‍රතාව බිඳ වැටීම
* අනාගතය ගැන අවිනිශ්චිත බව, වැදගැම්මකට නැති කෙනෙක් බව සිතීම.
*ආත්ම විශ්වාසය බිඳ වැටීම, ජිවිතයේ බලාපොරොත්තු සඵල කරගත නොහැකි බව දැනීම
*සෑම දෙයක් ගැනම ඍණාත්මක සිතුවිලි, අසුබවාදී ආකල්ප ඇති වීම
*මරණය පිලිබඳ නිතර සිතීම සහ දිවි නසා ගැනීමට සිතීම.
*ආහාර අරුචිය.
*නින්ද නොයාම, බාධා සහිත නින්ද.
*අලස බව, එදිනෙදා කාර්යයන් සඳහා උනන්දුවක් නොමැති වීම
*ඥාති මිතුරු ඇසුර අප්‍රිය වීම, හුදකලා වීමට සිතීම.
* අන්‍යයන් නුරුස්සන බව, අනවශ්‍ය ලෙස කේන්ති යාම
*ලිංගික ජීවිතය පිළිබඳව ආශාව අඩු වීම
*ඇඟපත වේදනාව, හිසරදය, බඩ දැවිල්ල ආදී රෝග ලක්ෂණ නිතර පැවතීම
***ඉහත ප්‍රධාන ලක්ෂණ හෝ උප ලක්ෂණ කිහිපයක් ඔබට හෝ ඔබ ඇසුරු කරන කෙනෙක්ට දිගින් දිගටම පවතින බව පෙනේ නම් මනෝ වෛද්‍ය වරයෙකු හමුවීම ඉතා වැදගත්. ***
විශාදය නොසඟවා ප්‍රතිකාර ගත යුතු රෝගී තත්වයකි. නිවැරදි ප්‍රතිකාර සඳහා ඉක්මනින් යොමු වීමෙන් පසු කාලීනව ඇති විය හැකි ජිවන ගැටළු රාශියක් වලක්වා ගත හැක. එමෙන්ම ඔබේ හෝ ඔබේ සමිපතමයෙක්ගේ වටිනා ජීවිතය වුවද බේරාගැනීමට ඔබට හැකියාව ඇත.
විශාදය සඳහා නිවැරදි ප්‍රතිකාර ලබා ගමු.
විශේෂඥ මනෝ වෛද්‍යවරයෙක් සේවය කරන දිස්ත්‍රික් රෝහල්, ශික්ෂණ රෝහල් සහ මහා රෝහල් වල මානසික සෞඛ්‍ය සායන පැවැත්වේ තවද අංගොඩ පිහිටි ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය, පෞද්ගලික රෝහල් වල මනෝ වෛද්‍ය වරුන්ද ඔබට හමු විය හැක.
මීට අමතරව ප්‍රාදේශීය මට්ටමින් සහ යෞවන සමාජ, පාසල්, වැඩිහිටි නිවාස, ළමා නිවාස ඉලක්ක කරගෙන මානසික සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වේ.
ඔබත් විශාද තත්වයෙන් පීඩා විඳිනවා නම් කළ යුතු දේ
*මනෝ වෛද්‍ය වරයෙක් හමු වී නිවැරදි ප්‍රතිකාර සඳහා යොමු වන්න.
*විශ්වාසවන්ත කෙනෙක් සමග ඔබේ හැඟීම් බෙදා ගන්න.
*ඖෂධ මාත්‍රාව නිසියාකාරව ගන්න.
*මත්පැන්, මත්ද්‍රව්‍ය වලින් ඈත් වන්න. විශාදය උත්සන්න කිරීමට මත්පැන් හේතු වේ.
*ප්‍රමාණවත් ආහාර වේලක් ගන්න.
*නිසියාකාර නින්දක් ලබා ගැනීමට උත්සුක වන්න.
*එදිනෙදා කාර්යයන් වල හැකිතාක් යෙදෙන්න.
*පවුලේ අය සහ මිතුරන් ආශ්‍රය කරන්න. (ඔවුන් ඔබේ තත්වය ගැන දැනුවත් වීම සහ ඔබට ඇහුන්කන් දීම ඉතා වැදගත්.)
*මානසික සුවය සඳහා භාවනා කරන්න.
*ශාරීරික සුවය පිණිස කෙටි ව්‍යායාම් වල නිරත වන්න.
*සිය දිවි නසා ගැනීමට සිතේ නම් වහාම මනෝ වෛද්‍යවරයෙක් හෝ සුමිත්‍රයෝ සේවාව 011 269 2909 / CCC පදනම 1333 අමතන්න.
ඔබේ පවුලේ කෙනෙක්, මිතුරෙක් විශාද තත්වයෙන් පීඩා විඳිනවා නම් ඔබ කල හැක්කේ මොනවාද?
විශාද තත්වයෙන් පීඩා විඳින අය අන් අයව නුරුස්සන නිසා ඔවුන් වෙත ලඟා වීම අපහසු විය හැක. තමන්ට මානසික රෝගී තත්වයක් ඇති බව පිළිගැනීමට ඔවුන් මැලි විය හැක.
*නිවැරදි මනෝවෛද්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා ඔහුව යොමු කරන්න.
*ඔවුන්ව මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඈත් කරන්න.
*ඔවුන්ට ඇහුම් කන් දෙන්න, ඔවුන්ගේ ජිවන ගැටළු විසඳීමට දායක වන්න.
*ඔවුන්ග්ගේ අකාර්යක්ෂම බව, අවධානය යොමු කිරීමේ ගැටළු විශාදය නිසා ඇති වන්නක් බව තේරුම් *ගෙන ඔවුන්ට සංවේදී වන්න.
*හැකිතාක් එදිනෙදා කටයුතු කිරීමට ඔවුන්ව උනන්දු කරවන්න.
*නිසි වෙලාවට ප්‍රතිකාර, ඖෂධ මාත්‍රා ගැනීමට ඔවුන් උනන්දු කරන්න.
විශාද තත්වයෙන් පීඩාවිඳින්නන් සහ දිවි නසා ගැනීමට සිතුවිලි ඇති අය වේ නම් වහාම පහත දුරකථන අංක අමතා සහය පතන්න.
ශ්‍රී ලංකා සුමිත්‍රයෝ - 011 2 682 535 / 011 2 692 909
CCC පදනම - 1333 (නොමිලේ ඇමතුම්)
ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය - 011 7 490 000
පුවත්පත් ඇසුරින් සකසන ලදී

Tuesday, September 4, 2018
බලු උගුල
කන පල්ලේ පිපිරුන හෙන හඩින් මගේ දුරකතන හුරතලිය නොවැටුණේ එය එතරම් තදින් මගේ අතට ගුලි ව තිබු නිසාමය.
කොහොමටත් නිවාඩු දින වල මේ මේඝ ගර්ජනා අරුමයක්යැ......
සුන්දරීයට මගේ සරම ඇද යට වලල්ල තිබුණත්, තේ කෝප්පයේ ඇඹලයන් නිවාස ව්‍යාපෘතියක් සාදාගෙන සිටියත් ඒම මදෑ හෙන පිපීරිමට........
කොස්ස එක අතකට ගෙන රෙද්ද අනිත් අතෙන් අල්ලා ගෙන රොස නැයිනියක් ලෙස ඈ පුප්පයි පිඹියි.....
ඈ...... මං කී පාරක් තමුසේට කිව්වද අර බලු හැතිකරේ වත්තට රිංගාන හැම තැනම බෙටි ගහලා......
අර ඇන්තුරියම් පාත්ති ඔක්කොම අවුස්සලා,
කොයි වෙලේ බැලුවත් ඔය හත්තිලව්ව අතගාන එකමයි වැඩේ....
මේ බලු හැතිකරයක් මටම වද දෙන්න මේ වත්තටම රිගන හැටි.
අර අල්ලපු පෙරේරා මහත්තයාගේ අක්කර කාලක තඩි ඉඩමට පලයව්කෝ.....
මේ පර්චස් දහයටම පනින්නේ....
දිය බසින්නේ පහත් තැනිනි. මේ ඌරු සුනඛයන්ට හොඳ පාඩමක් ඉගැන්විය යුතුය. එසේ වුණොත් අද රාත්‍රීය සොදුරු රාත්‍රීයක් වේවි..
නාරද දිසාසේකර කියන සිංදුවක් මට සිහි වුණා.......
"අපිටත් දවසක හඳ පායනවා.
එදා අපිත් මල් පැණියෙන් නානවා"
පුරුෂ ධෛර්ය සරම තුල නැග එනු මටම දැණුනි.
බලු ක්‍රියාන්විතයට මම මගේ දුරකතන හුරතලිය ක්‍රියා විරහිත කලෙමි.
පරණ ඇළුමිනියම් පිඟානක් හොයාගෙන එයට වයරයක් මාට්ටු කෙරුවෙමි.
කොල්ලාගේ කුක්කු බෝතලයේ ඉතුරුව තිබු කුක්කු ඒයට දැමිමි.......
වයරය ගෙන ගොස් ප්ලග් එකක නියුටල් හිලට දමා මගේ බලු උගුල සහ බලු හෝඩියේ කටයුතු අවසන් කෙරුවෙමි.
කිරි පිඟාන සුන්දරියගේ ඇන්තුරියම් මල් ගොන්න මත තබා උගුලේ සාර්ථක බව දැක ගැනීමට බලා හිටියා.........
මුලින්ම ආවේ නැට්ට කොට කළුවා..ඒ සිරිපාලගේ බල්ලා......
ඌ දැකපු දේ අදහගන්න බැරුවා වාගේ පිඟාන වටේ ටිකක් කැරකුණා......
සතුටෙන් කෙඳිරි ගෑව කළුවා පලවෙනි උගුර බොනකොටම මං ස්විච් එක දැම්මා.
කළුවා බැගිරි ගාගෙන අඩි දෙක තුනක් උඩින් ඇන්තුරියම් පැලයක් උඩට පැනපි.
මේ හදිසියේ ආ විපිරියාසේ මොකක්දැයි හිතාගන්න බැරුව ටිකක් බලාන හිටියා.
ආයෙම හෙමිහිට පිගානට ලං වෙලා දිව දැම්මා විතරයි........
සැඟවුණු ප්‍රහාරකයාගේ ප්‍රහාරය.....
ටික වේලාවකින්ම අපේ වත්ත වැසිකිලිය කර ගන්න දඩෝරියෝ සැට් එකම කිරි පිගානේ වටේ වාඩිවෙලා සම්මන්ත්‍රණයක.
මේ වෙනකොට හිතට දිරි ගත්තු කළුවා ආයෙම කුක්කු බොන්න ආවා........
හැබැයි ඉතිං ඒ පාරනම් කරනමක් ගහාගෙනම නැට්ට අමුඩේ ගහගෙනම දුවන්න පටන් ගත්තේ පස්සවත් බලන්නේ නැතුව........
උගේ පස්සෙන් අනෙත් දඩෝරියෝ සැට් එකත් එකතු වුණා.......

Sunday, September 2, 2018
ඔබේම වි මම, මගේම වි ඔබ
කාලය යයි ඉගිලි
*****************
විසිරෙමින් තිබු හරුප, අහස්යානා මෙන්ම ප්‍රමෝද ප්‍රහර්ශයන්ද එක්වැනම නතර විය.
අහා..........
ඒ ගණිතැදුරුගේ පංති සම්ප්‍රාප්තිය සිදුවන අසිරිමත් මොහොතයි...
සිරිවර්ධන සර් (කවුරුත් කිව්වේ නම් ලපයා නැත්තං සිරා) ඉස්කෝලේ ප්‍රසිද්ධියට පත් වෙලා හිටියේ සැර පරුෂ ගුරුවරයෙක් විදිහටයි.
ඒ කාලේ දැන් වාගේ මානව හිමිකම් ලමයින්ට තිබ්බේ නැහැනේ😀...
ඒ හින්දා සර් පංතියෙන් යද්දී කම්මුල රතු වෙච්ච කමිසේ බොත්තම් කැඩිච්ච අය දෙතුන් දෙනෙක්ම උන්නා...
සර් තමයි දහයේ පංති පහේම ගණ සර්..
බොනී අය්යගේ කඩෙන් සිගරැට් ගෙන්න ගන්නේ මට කියලා .
ඇය් මං දහයේ පහ පංතියේ නායකයානේ.
පංතියේ උන්නු සුමනා හැඩකාරී, දඟකාරී.
හැබැයි ගොන් බදින කණුව. ඒ වුණාට අෑ සඳහා තිබුණේ පුදුමාකාර ඉල්ලුමක්.
සමහර වේලාවට මාත් ඇයගේ රෝසපාට කම්මුලේ සුළිය දිහා හොරෙන් බලාන හිටියා😂
පංතියේ ගණන් කාරයා චන්දන. ගණකාරයා කිව්වට මං පොළවේ කකුල් හැප්පුවත් මුණ කළු වෙනවා....
චන්දන සහ සුමනා අතර පොඩියට වගේ එව්වා මෙව්වා එකක් තිබ්බා .
දැන් සිරිවර්ධන සර් පාඩම කරගෙන යනවා.
"ත්‍රිකෝණ අංගසම වීම'
තිකෝණ ජෝඩු ඇදලා අංගසම අවස්ථාව සර් කියන කෙනා කියන්න ඕන....
සර්ගේ ඇඟිල්ල සුමනාට දික් වුනා
සුමනා
" ප.කෝ.ප.කෝ"
කියද්දී එහා පංතියේ එකාලත් සිරික්කියේ අඩුපාඩු මැකුවා....
"යකෝ උඹ බැදලා ළමයා උඹේන් ගාණක් ඇහැව්වොත් මොකද කරන්නේ"
හෝල් එකේ පංති පහටම උගන්නන ගාණට සිරිවර්ධන සර්ගේ සද්දේ
සුමනා සිමෙන්ති පොළව සපත්තුවෙන් හාර හාර
"පුතේ තාත්තාගෙන් අහ ගන්න කියනවා"
චන්දන දිහැවේ කෝලං බැල්ලමක් හෙලමිනුයි
පසු කාලයකදී මේ දෙදෙනා විවාහ වුණා

Friday, August 31, 2018
පර්යේෂකයෙක්ගේ මරණය
ඒ ස්කයි ලැබ් අහස් විමන මිහිතලයට පතිත විමට නියමිත කාලයයි. සන්ධ්‍යා පුවත් කියවන රම්‍යා වනිගසේකර එය පතිත විමට නියමිත ඉන්දීයන් සාගරය ආශ්‍රීත ප්‍රදේශයකට බව කියනු ඇසිණි.
මා මගේ පර්යේෂණාගාරයට ගියෙමි. අපේ නිවසට පසුපස වු කාණුවට, උඩ වත්තේ ජලය එක්විමේදී ඒ වත්ත සේදීම නිසා ඇති වු ගුහාවක් බඳු කොටස මගේ පර්යේෂණාගාරයයි. තාත්තාගේ අත වැදිම නිසා බිදි ගිය චිවිනි ලාම්පුවේ කර,ඇණ ටිකක්, රේමන් මාමාගේ ගොනාගේ ගලවා ඉවත් කල ලාඩම් කුට්ටමක් මාගේ පර්යේෂණාගාර උපකරණයි.
මටත් අවශ්‍ය වුයේ අහස් විමනක් සෑදීමටයි.
මේ තියෙන කෑලි බෑලි වලින් ඒ සඳහා ප්‍රමණවත් නැති බව නොතෙරේන්නට මං පොඩි බබෙක්යැ........
ස්කයි ලැබය පතිත වන්නේ ඉන්දියන් සාගරය ආසන්න ප්‍රදේශයකටයි......
හරි එහෙනම් ඒ අපේ ගේ ඉස්සරහ ඇති මෝලේ වත්තට වැටුණොත්!......
එහෙනම් වැඩේ හරි...
මේ මෝල වත්ත යනු පෙර කොහුබත් මෝලක් පිහිටි, නමුත් දැන් පාළුවට ගිය ඉඩමකි.
එහි තැන් තැන්වල පොල්ගස් කිහිපයකි. ලොකු කැඩුණු ටැංකියක්ද කුඩා නිවුන් ටැංකියක් ද ඇත්තේ එහි පහල කොටසේය.
එහි වු පොල් ලෙලි වල අපි කාගේ කාගේත් මත්ස්‍ය කර්මාන්තයට පුර්ව කුසලතා ලබා දුන් තැනයි.
එහෙත් එයට මේරි අක්කාත්, ජොසපිං නැන්දාත් අකමැති වුයේ ඔවුන්ගේ පල් විමට දමා තිබු පොල් අතු මාළු ඇල්ලීමට දඟලන අප අතින් කැඩෙන නිසාය.
මා මුහුණ සේදීමට නාන ලිදට යන්නේ ස්කයි ලැබ් එකේ වැටුණු කොටස් හිමිකර ගැන්මේ බලාපොරොත්තුවෙනි...........
එහෙත් එය කිසි කලක ඉටු නොවුණකි.
ඒ පර්යේෂකයා මිය ගිියේය.
නැතහොත් මරා දැමිණි.
මිනිමරුවන් හෝ මියගිය ආකාරය ගැන කිසිවෙක් විමසුවේ නැත..........
ඇමරිකාවේ ජාතික විලියම් පේන්ටර් සිය දිවිය ඉසුරුමත් කර ගත්තේ බෝතල් මුඩි නිශ්පාදනය කිරීමෙනි. ඔහු හොඳ හාම්පුතෙකුද විය. තමාගේ සේවකයින් පිළිබද මනා වැටහිමක් තිබු පේන්ට දිනක් ඉතා කාර්යක්ෂම සේවකයෙක්ට කතා කලේය.
"ඔබටත් පුළුවන්නේ මේ වාගේ ව්‍යාපාරයක් අරඹන්න........
මේ මං කිව්වේ ඔය සැරයක් පාවිච්චියට අරන් විසිකරන විදිහේ දෙයක් හදන්න..
මිනිස්සු පුරුදු වුණොත් ජිවිත කාලේම ගනිවි.
කිසිදාක ඉල්ලුම අඩු වෙන්නේ නෑ......"
පසු කලෙක මෙම සේවකයා සිය ස්වාමීයා උපදේශය අනුව අපුර්ව නිශ්පාදනයක් ලොවට බිහි කලේය. එතෙක් දැලි පිහියෙන් රැවුල ඉවත් කල මිනිසුන්ට භාවිතයෙන් පසු ඉවත ලන තල සහිත රේසරය හඳුන්වා දුන්නේ මේ අපුර්ව නිමැවුම්කරුවාය. ඒ කිංග් ජිලට්ය.

Sunday, August 26, 2018
අලි පහර දීම
අලි පහරදීම
යකා වංගුවට ඔබ්බෙන් වන බුටෑවට කළුවර කඩා පාත් වෙමින් තිබිණි.
මහකළු සද්දන්තයා වියලි පරණලා අහුරක් මුව තුල රුවාගෙන විකුවේ ආඩතාඩයටයි, හරියට මිනිහෙක් අපුල අහරක් බුදින විලසින්මය.
සද්දන්තයා පෙර තනියම නොසිටියත් අද හේ තනිවමය.
ඒ සොඳුරු සුයාමයන් සිහිපත්වන ඇසිල්ලක සද්දන්ත නෙතු කඳ්‍රලින් සිහිල්වෙයි.
එමෙන්ම භිෂණකාරී ඒ කළුවර රාත්‍රීයද සද්දන්තයාට අමතක කරනු බැරි.
ඒ අඳුරු දින............
පුංචා මැදි කරගෙන දිය සොයා ගියේ ඉවටය.
කෑලැ සාවියේ ක්ෂය විමත් සමඟ පෙර නොවු විරු ලෙස වනයේ දිය කඩිති හිදි යන්නට වුයේ වන සීපාවන්ගේ කරුමයකටද?
ජලය සොයා සද්දන්තයාගේ නෑසියන්ටත් මේ ජල අහේනිය තදින් බල පැවේය. එදා මේ කුඩා පවුල වනයෙන් ඔබ්බේ වු නරුම වානර ජනපද අසලටම ගියේ එහෙයිනි.
ජලය දැකි පුංචාට ඉස්පාසු නොවිනි.
හේ සිය සිඟිති හොඬවැල ඔසවා නැගුයේ ප්‍රීති රාවයකි.......
මා පිය දෙපලගෙන් වෙන් වු ඔහු පිමි ගසමින් සුනිල ජල කද දිව ගියේය..
අඳුර තුල වු නරුම වානර දඩයක්කාරයින් ක්‍රියාත්මක වෙමින් සිටි බව සද්දන්තයෝ නොදත්තෝය. එක පිට එක හෙන පුපුරමින් ආ ගිනි පුලිගු සද්දන්තයා ලගම සිටි සිය ප්‍රියම්බිකාවගේ කන් තලය තුලින් රිංගා යත්ම, ඈ මේ ඉසව්වෙන් පලා යා යුතුයි යන කෙදිරිය මුසු හඬකින් මුර ගෑවේය. සද්දන්තයාගේ පලායාමේ සහජාශය ඉක්මණින් ක්‍රියාකාරි විය...
සද්දන්තයා වියලි මොරගහ අසලට පැමිණ සිදු වුයේ කුමක්දැයි ආවර්ජනය කරන්නට විය. එහෙත් ඔහුගේ සද්දන්ත මොලයට කිසිවක් සිතාගත නොහැකිය.
තවමත් සිය ප්‍රියම්බිකාවගේ ශෝකි වේදනාකාරී රාවය සද්දන්තයාගේ කණ තුල කුණාටු සුළි නැවුවේය.
ඉද්ද ගැසුවා සේ හුන්තැන නතර වු සද්දන්තයා චින්තාබර විය.
හේ නැවත ගමන් ඇරඹිය..වහ වහා අනතුරටම , ඔව් ඒ මාරක ස්ථානයටම ඇදෙන්නට විය.
ට්‍රැක්ටර් පාරේ අමුතු හඩකින් දිලෙන බඹවා ගත් දෙනෙතින් ඉදිරියට එන සතා නිසා ඔහු යලි කෑලයටම වසං විය.....
මේ සතාගේ හඬට පුංචාගේ මව, පියා අමතන බියපත් හඬ මුසුවුයේ කෙසේද? මොහොතින් මොහොත කෑලැව සහ කැළැ ගම්මානය අවට නිහඬ බව රජ යන්නට විය.
සද්දන්තයා යලි ප්‍රියම්බිකාව සොයා යන්නට විය .
අහෝ........
වැව් පිටිය මත වැටි තිබු ප්‍රියම්බිකාවගේ ගෙල අසලින් හිස ඉවත් කොට ඇත...ගලා යන රුහිරි ධාරාවෙන් පොළව මත වියලි තණපත් රක්ත වර්ණිත වි ඇත.
ඇයගේ වල්ගයේ අග කොටසද කපා දමාය.
සද්දන්තයා දෙපා පණ නැතුව ගියේය.
දණින් වැටි සද්දන්තයා සිය හොඬවැල මාලාවක් සේ වැතිර ඇති කෙනෙරගේ සිරුරේ වේලිණි.
අහසේ තරු කැට මියෙන තෙක්ම සද්දන්තයා සිය ඉරියව්ව වෙනස් නොකලේය.
ඈ යලි නොනැගිටන බව හේ පසක් කර ගත්තේය. ලයතුල රුහිරු උණුසුම්විය.
මේ "නරුම වානරයන්"
දැන් සද්දන්තයාගේ හිත තුල ඇත්තේ එකම සිතුවිල්ලකි.
ඒ පාපීන් සුණු විසුණු කල යුතුයි..
සද්දන්තයාගේ හිත කල්පනා රැහැනින් මිදුණේ ඒ කුඩා නිවසේ මුරකරු සුනඛයාගේ අනතුරු අඟවන බිරුමෙනි..
එත් සමඟම බල්ලාට නිවැසියෙකුගේ පහර වැදීමක් සමඟම අනතුරු ඇඟවිමේ බීරුම වේදනා බිරිමකට පෙරලිනි.
සදසද්දන්තයා ගේ ක්‍රෝධය තවත් වැඩිවිය. උදව් කරන හිතවතාටත් පහර දෙන නරුම වානරයින්......
හේ එක පිම්මේ දිව ගියේ....
මේ ගම්මානයේ පස්වැනි අලි පහර දීම සිදු කිරිමටයි.

Friday, August 24, 2018
කළු දළ මල
ගුණපාලගේ දෙපා ඒ විසල් කාන්තා රූපලාවණ්‍යයාගාරය අස, මඳක් කම්මැලි වුණා....විසල් නාමපුවරුවේ හුන් රුවැත්තියගේ මිහිරි ඒ මිහිරි සිනහව .....
එය තවමත් මඳක්වත් වෙනස් වෙලා නැති හැටි......
ගුණපාලගේ සිත එක්සැණීන් අතීතයට යා වුණා....
" පිනි මුතු දිලෙන තණ පලස මතින් ගුණපාල දිව්වේ කජු ගහ ගාවට..
ඇන්ටිගේ කඩේ ගාවින් පාසලට යන පටු පාර දෙපස ඇති ගඩා ගෙඩි වලට ගුණපාලගේ ගමනේ ලහිය අඩු කරන්න බැරි වුණා...
වවුලො හප කල පුහුල අතින් මිරිකා හැර කජ්ජ කලිසම් සාක්කුවට ඔබා ගත්තා ටික වේලාවකින් තරඟකරුවෝ ආවත් ඒ වෙනකොට කජුගහ වටේ ඉතුරු වෙලා තිබ්බේ පුහුලං හප කොට විතරයි.
විජයාගේ ඕන කමට කට්ටියම ගහ මත්තට නැග්ගේ පොත් දාගන උන්නු සිලිං සිලිං මළු ඒ මේ අත අතැරලා.
එයි අන්න බලපං...
විජයයාගේ මොර ගෑමට හැමෝම තාර පාරට ඇස් යොමු කලා..
නිල්පාට සුට් කේස් එකක් අතට ගත්තු , කෙටි කෝණ්ඩය පොනිටේලයක් ලෙසින් බැද ගත් හින්දැරි දැරිවියක් උස මහත පිරිමියෙක්ගේ පස්සෙන් පාසල දෙසට අඩි කඩමින් උන්නා..
"අලුතියක්"..
චන්දනයා හැමෝටම දැනුම් දුන්නා....
එදා තමා මියුරියල් ගුණපාලගේ පංතියට ආපු මුල් දවස. එතොට ගුණපාල උන්නේ හතේ පංතියේ.
දවසක් විජයා මියුරියල්ගේ පැන්සල කඩාලා ගුණපාල විජයට බිම පෙරලගෙන ගැහැව්වා.
ඇත්තටම මියුරියල්ගේ රෝසපාට කම්මුල දිගේ ගලපු කදුළු කැට දැක්කාම ගුණපාලට ඉහිලුම් නැතුව ගියා.
කැසිකිලිය ගාව කොහැල්ලැ ලාවුළු ගහෙන් අහුලා ගත්තු කොහැල්ලැ ලාවුළු ගෙඩියක් මියුරියෙල්ට දුන්නට ඈ ඇඩුම නැවැත්තුවේවත්, ඒ ගෙඩිය ගත්තේවත් නැහැ.
කොහොම හරි එදායින් පස්සේ කොළු නඩේට ගුණපාලව තරහ ගස්සන්න කාරණාවක් ලැබුණා...පිටුපසින් ගැහැව්ව හෝර්න් සද්දේ හින්දා ගුණපාලගේ කල්පනා දැහැන බිඳුණා..
නැගපං මං උඹව පොලට දාන්නම්.
ඒ විජයා.
පලා මිටි ගෝනිය ඔඩොක්කේ තියාන ගුණපාල විජයාගේ නයින්ටියට නැග්ගා
Wednesday, August 23, 2017
සුමනාගේ අන්දරය
පොඩි මහතුන් සහ ලොකු මහතුන් අය්ය මලෝ. නිකම්ම අය්ය මලෝ නෙමේ නිබුල්ලු. හැබැයි ඔය ලොකු මහතුන් කියන්නේ පොඩි එක්කෙනා. එයා ලොක්කා වෙලා තියෙන්නේ ඇග පොතින්.
සුමනටයි ගුණපාලයටයි බැදල අවුරුදු හත අටක් යනකම් එක එකාගේ කඩුලු කතා අහ අහ ඉන්ඩ සිද්ද උනේ ඔය පොඩි මහතුන්ගෙයි ලොකු මහතුන්ගෙයි ආගමනය පරක්කු වුන හින්දා. සමහර පත්තිනි අම්මලා සුමන මුණට මුලිච්චි වුණොත් කෙල තලියක් විසික්ක කොල්ල ආපිට හැරිලා ගියපු වාර අනන්තයි. එදාට කදුලු සාගරේ කිමිදෙන සුමනාව ගොඩ ගන්න ගුණපාලයට සැහෙන වෙහෙසක් වෙන්න සිද්ධ වුණා. හංදියේ කඩෙන් ගන්න ලැතර වලට විතරක් ඒ හපං කොම කොරන්ඩ බැරැවා. ඔලුව අත ගගා සීසියත් එක්ක සුමන එක්ක කුස්සි කැල්ලෙන් කාමර කැල්ලට කාමර කැල්ලෙන් ඉස්තෝප්පුවට දහ පලොස් වතාවක් ගාටලා තමා සුමනගේ නාහෙන් ඇඩිල්ල නවත්ත ගන්නේෙ.
වෙල් ඉස්බඩේ කැලි තුනේ ගෙදර බිම ගොම පිරිමැදලා . පොල් අතු හොයපු වහලේ කෙලවරක කුරුලු කුඩුවක් එල්ලා හැලුනා. හැබැවට එකේ හිටපු හාමුවා, දෙන්නා දෙමල්ලෝ පාලොස්වක පෝයදා පංසල් ගිහි එන අල්ලපනල්ලේ කඩා වැදුණු අසම්මජ්ජාති පොළෝ තඩියෙක් ගිලදාලා, රාම තෙල් ඇර ඇරයි හිටියේ. යක්ෂාවේශ වෙච්ච ගුණපාල පොලො තඩියව කොල කැත්තෙන් කැලි කැලි වලට පෙති ගහනව සුමනා බලාන හිටියේ ගල් වෙලා. බුදු අම්මේ එදා ගුණපාලගේ ඇස් ගෙඩි දෙක පංසලේ අඔලා උන්නු රාස්සයගේ වගේ. එහෙම ඇස් හදාන සුමන දිහා බැලුවොත් එහෙම සුමනට ආයේ දෙකක් නෑ චිත්ත රෙද්දෙම සුලුදිය යයි. එදායින් පස්සේ කුඩුව අලාපාලු වෙලා ගියා.
හෙන්දිරික්ක මල් පදුරු හත අටක් මිදුලේ කෙලවරක තිබුනේ සුදු ඉද්ද පදුරක තනියට වගෙයි. නිවාඩු තියෙන හැම වෙලේම ගුණපාලගේ වැඩේ අක්කර තුන්කාලක වත්තේ හක්කල කරන එකනේ. ඒ නිසා ඔය ගං කොරෝ තියෙන හැම ගඩා ගෙඩියක්ම එලෝලුවක්ම වත්තේ කොතනක හරි පැල පදිය වෙලා හිටියා. අනෙක වෙද මහත්තයා උණත් සමාර බේත් පැලැටි හොයා ගන්නේ ගුණපාල හිටවල තියෙන එවායින්.
කොයි වෙලාවේ බැලුවත් මිදුල් කැල්ලේ පොල් අතු රටාව ඇදිලා තිබුණා. සුමනා ඉතිං ඉදේම නැගිටලා කරන පළමු කාරියනේ එක. ගුණපාල නැගිටින්නේ සුමනා කේතලේ ලිපට තිබ්බටත් පස්සේ. සමාර දාට ඉතිං ගුණපාලගේ කකුලෙන් අදලා නැගිට්ටවනත් වෙනවා. ඒ ඔය වත්තේ වැඩ වැඩි වෙච්ච දවස් වලටනේ. හැල හොල්මනක් නැතිව බොහොම ශාන්ත දාන්තව ගලා ගිය සුමනාගෙයි ගුණපාලගෙයි ජිවිතේට කනකොක්කු එහෙන් මෙහෙන් එබිකම් කොරන්න ගත්තේ අවුරුදු දෙකක් තුනක් ගත වෙලත් සුමනාගේ බඩේ වෙනස්කොමක් වෙච්ච නැති හින්දයි.
ඔක්කොම කුණු බේරැවල් බොක්කට කිව්වානේ,
“වදී......මුසලී“
අනෙක සම්මාන පිට සම්මාන ලැබෙන්න ගත්තාම සුමනාගේ සද මුහුණ කලු වලාකුලු රොතු බුරුතු පිටින් මුවා කරලා දැම්මා. අයි ඉතිං තමාගේ එවුන්නේ ඔක්කොටම හපං. ගුණපාලගේ කනවැදුම් අක්කණ්ඩි දවසක් ගෙදරට ඇවිත් අඩාපාලි කියලා ගියේ ගුණපාල නැති වේලාවක. එදානම් ගුණපාලට කවදාවත් නැතිව කහට කෝප්යක් රෑ වේල පිරිමැහුවේ.
එදායින් පස්සේ දෙන්නා දෙමල්ලෝ හතර වටේ ඉන්න වෙද්දු . කට්ටඩියෝ මැණිවරු හොය හොය කියන කියන තැන් ගානේ යන්න පටන් ගත්තේ නිදහසේ හිටපු නිවාඩු දවස් වල නිවාඩුව නැති කරගෙන
වත්තේ වැඩ කරන මුණියන්ඩිගේ ගැණි තංගම්මා දුන්නු හෝඩුවාවකට තිස්ඹබේ පැත්තේ කන්දක ඉන්න සාමී කෙනෙක් මුණ ගැහෙන්න යන්න තීන්දු කරේ, මෙයිනුත් ඵලක් වුනේ නැත්නම් මේ කාරිනාව ලිප් බොක්කේ ගහනවා කියලා එක හිත් දරාන.
පානු පැයින් නැගිටලා, හැතැම්ම 12ක් පයින් දෙවක්කරේට ගිහිනුයි පදින්නෝරැවට යන ලොරි බස් එකට නැග්ගේ. ගුණපාලට කොහොමත් ඉතිං වාහන ගම බිමනං රුස්සන්නේ නැ. එත් ඉති මක් කොරන්නද ගුණපාල ලොරි තට්ටුවේ උඩ පොල්ලක් අල්ලාගෙන යන වමනේ නවත්තාගෙන හිටියේ බොහොම වැයමෙන්.
එකටත් හරියන්න බැස්යින් පස්සේ මහනුගේ වැව වාං දන්නැහේ ඇදලා දැම්මේ සුමනාගේ කකුලකුත් වැහෙන්න. කොහොමටත් ඔය කැත ජරාවට කැමැති නැති සුමනා ඉවසා දරා ගත්තේ ගුණපාල හින්දමයි. නැත්ත ඉතිං දරැවෝ කොහොම වෙතත් සුමනා අප්පිරියාවේ මැරෙන්නේ.
යාන්තං මිනිස් පයෙන් හැදිච්චි අඩි පාර නයා ගියා වගේ වන බුටැව මැද්දෙන් කළැ මණ්ඩියක බොක්කටමයි විහිදිලා තිබ්බේ. එක කෙළවර වුනේ ගල් ගුහාවකින්. ගල් ගුහාවේ දහරමණ්ඩියෙන් වාඩිවෙලා හිටියේ සාමි.
සාමි කිව්වට මැදි වයසට යන්ත පා තිබ්බ ගමන් වගේ. අර බුසි රැවුල නැතිනම් ඉතිං ඒ තරම්ම වයසකුත් පේන එකක් නෑ කියලා තමා සුමනාගේ හිත කිවේ. නලල මැද්දේ නොදන්නා සංකේතයක් අලු වලින් ඇදලා දෑස් පියාන සමාධියකට සම වැදිලා හිටිය සාමි ඉස්සරින් ලොකු ගලක් මත පානක් පත්තු වේවි තිබ්බා. සාමිට පස්සේ ත්‍රීශුල දෙකක් හරස් වෙලා ගල් බිත්තියට හේත්තු වෙලා බලාන හිටියා.
ක්‍රීන් ගාලා කෑ ගැහපු රැහැය්යෝ කණ්ඩායමක් හිත ඇතුලේ මහා සමයං භීතියක් අලවගෙන කන් අස්සට රිංග ගත්තා.
ගෙනාපු පලතුරූ වට්ටිය ඇතුලු පුජා භාණ්ඩ සාමිගේ දෙපා මුල තියලා දෙන්නත් එක්ක සාමිගේ ඉස්සරින් ඇණ තියා ගත්තේ සාමි කතාව පටන් ගන්න කං. කෝකටත් ඉතිං සාමි ඇස් අරින්න එපාවද?
බෙණයක් අස්සෙන් එන හඩක් වගේ එකකින්,
“මේ නර පණුවෝ මොනවා හරි බලාපොරොත්තුවක් ඇතිව නේද ඇවිත් ඉන්නේ“
දෙය්යනේ............
සාමිට දිවැස් තියෙනවා. සුමනාටයි ගුණපාලටයි දෙන්නටම එකපාරමයි හිතුනේ.
“අනේ ඔව් උත්තමයෝ, මගේ මා.....ය්යා තාම ගැබ්බර උනේ නැහැ“
“බලාන උන්නා අවුරැදු පහක් විතරෝම“
“බෙහෙතුත් කරා කිසි ගුණ පනයක් නැහැ නොවැ“
පොඩි එකෙක් මහ බර වතුර පනිට්ටුවක් අදින්නා ගානයි ගුණපාලගේ කතාව.
සාමිගේ බරසාර බැලුම් ප්‍රවාහයෙන් සුමනාව දෝරේ ගියා. සුමනාගේ ඇග පණ නැතිව යන්නා වගේ වුනේ මොන කාරණාවකදැයි සුමනාටම ගනිච්චියක් නෑ. හිස් මුදුනෙන් පටන් ගත්තු මොකක්දො එකක් කකුලේ මාපටගිල්ල දක්වාම ගිහි කඩියෙක් කන්නා වගේ තමා එක .
“හොදයි මේකට දේව පුජාවක් ඔව් විශේෂ දේව කන්නලව්ක් කරන්න ඔන බොලව්“. “තොපි මේ ගෑණි කිලි වරලා හොද සුද්දෙන් ඉන්න දවසක හොදට නාලා පේවෙලා වරෙව්. රාත්තිරියක් පුරා කන්නලව්ව කරනවා මම. තොපේ කාරණාව ඉට්ට වෙයි“.
“දැන් ඉතිං පලයව්“
ගුණපාලගේ හිතේ කුරැල්ලෝ රංචුවක්ම ගී කියනා ගියා.
එත් සුමනා නම් තෝන්තු වුනා ගානයි.
ගුණපාල එද්දි නම් කිසි ආරෝවෙක් නැහැ. එනකම් වෙසක් එකට නාටපු නාට්ටියේ රජ්ජුරුවන්ගේ ගීයක්නේ කිය කියා ආවේ.
ගුණපාල ඒ සතියේ සාමිගේ අඩු වැඩිය එක්කහු කරේ මහ සටනකට අරාදින සෙන්පතියෙක් ගානට. අලු කෙසෙල් බඩ, කුරුලු පිහාටු., ඇට වර්ග ද ඒකි මෙකි නොකි දැ රැස් කරන ගුණපාල දිහා සුමනා බලාන හිටියේ කිරි දරුවෙක් දිහා බලන කිරිලෙංගතු ඇස් වලින්.
කෙම්මුර දවසේ අවශ්‍ය කරන අඩුම කුඩුම පිරිවරාන දෙන්නා කදු මුදුන තරණය කරේ දහසක් බලාපොරොත්තුත් එක්ක.
හවස් ජාමේ කැකුණ තෙල් පහනක් පත්තු කරාපු සාමි පුජාවට සුදානම් වෙන්න කලින් ගල් තල්ල පවුල තිබුණු ජල පොකුණෙන් නාලා පේ වුණා.
“දැන් මම පුජාව පටන් ගන්නවා පුජාවේ මුල් කොටසේ දී තොපි දෙන්නම අර මල් අසන ගාව ඉන්න ඔනේ, රාත්තිරියේ ජපේ පටන් ගන්න කොට තෝ අන්න අර පොකුණට එහා පැත්තෙ තියෙන ගල් දෙබුක්කට යනවා හොදයි“.
“එතැන තොට නිදා ගන්න පුලුවන් . ආය් මේ පුජාව ඉවර වෙලා පාන්දර ඉර පායන තෙමෛ් පැත්තවත් බලනවා එහෙම නෙමේ“.
“මං කියන දේ තෝට තේරැං යන්න ඇතිනේ“ .
“ බැරිවෙලාවත් මේ කතාවට පිටින් ගියොත් තොපිට ඉතිං මොන දේයයාගෙන් වත් පිහිටක් නැහැ කියන එකත් මං සහසුද්දෙන් කියනවා ඕං.“
“ මේ ගෑණි රාත්තිරී පුජාවේ ඉන්නේ මගේ මේ ආසනේට එහායින් තියෙන ආන්න අර ගල් දෙබක්කාවේ. එතන තොට පහසුවෙන් ඉන්න ආසනයක් ඇති. තෝ එකේ තොට කැමැති විදිහකට ඉදු. හැබැයි තෝට එකේ වැහුං රෙද්දෙන් මෙපිටට එන්න වෙන්නේ ඉර පායලා තෝගේ මිනිහ මෙතැන්ඩ ආවයින් පස්සෙන් පහු.“
සාමි පුජාව පටන් ගත්තා . කට්ටකලුමන්ජල් දුමෙන් ගල් ගැහාව පිරිලා. ඒ අස්සට සාමි මොනවාදෝ නොදන්න බාසාවකින් කියොනවා . කැකුණ පානෙන් ගත්ත තෙල් ගාලා දෙන්නාගම හිස් දැන් නම් තෙත් වෙලා.
ඉදා කාපියව්
කුරක්කන් තලපයක් එක්ක සාමි දුන්න හොද්ද වේලි මාලු වලින් පිරිලා තිබුණා දැකලා ගුණපාලගේ හිත අස්සේ මී පැට්ටෙක් හක්කල කොරන්න ගත්තා.
කැමෙන් පස්සේ මොනවදෝ පල් රහක් තියෙන අවුසද පිරිච්ච ලබු කැටයක් දිලා දෙන්නාටම බොන්නඅණ කලා.
පුජාව කරන්නේ සුමනට වුණාට පොල් කටු දෙක තුනක්ම ගුණපාලට බොන්න නියම කරා. කැමෙනුයි බිමෙනුයි බඩ පිරිච්ච ගුණපාල ගුණපාල ගල් දෙබුක්කට පියමනින කොට කකුල් වල නිකං බර ගතියක් දැනුනාට මිනිහ එක එතරමට හිතට ගත්තේ නැත්තේ හිත බලාපොරොත්තු වලින් පිරිලා හින්දා.
ගල් දෙබුක්කේ සමතලා බිම මත්තේ වැතිරිච්ච ගුණපාලගේ ඉහට උඩින් තරු වලට අමතරේ තවත් තරු දිලෙනවා දැකපු ගුණපාල දැස් පොඩි කරලා බැලුවේ මේ මොකදැයි ඉන්තේරුවේ දැන ගන්න.
එත් ඉතිං ගුණපාලගේ දැස් පියෙවුනේ ගුණපාලටත් හොර රහසේ.
සුමනා ගල් ගුහා ගර්බයේ ඇතුලේ කහ පාට හඩු රෙද්දකින් වහපු කොටසට යවපු සාමි ආයමත් පුජාව පටන් ගත්තේ හඩු රෙද්ද ඉස්සරිහින් එරමිණියා ගොතාන වාඩිවෙලා. කැකුණ තෙල් පාන නැතිනම් පැත්ත පලාතම කට්ට කරුවලයි.
සුමනාගේ ඔලුවත් වතුර කළගෙඩි දෙකක් ඇන්න එන්න රාළහාමිගේ ලිදේ ඉදන් එනකොට වගෙයි. බරයි.
කෝටු බැදලා ඉලුක් අතුරලා මුව හමක් දාලා තිබිබ ආසනේ උඩ වෙනදාක නම් කියටවත් සුමනා වැතිරෙනවා බොරු. එත් ඉතිං මේ පසික්කාඩු ගම්මුන්ගේ කටවල් වහන එකයි ගුණපාලගේ ආසවයි දෙකම හින්දා සුමනා ආසනේ මත වැතිරුනා.
මොකක්දො නොදන්න බර ගතියක් ඇගේ නිය පොත්තේ ඉද නලල ගාවටම ඇවිත් හින්දා සාමිගේ හඩ ඇරෙන්න වෙන දෙයක් ගැන සොයන්න සුමනාට ඹ්න කමක් නැ . ඕන කමක් තිබුණත් පුලුවන් කමක් නැහැ.
සුමනා නින්දයි නොනිදයි අතරේ ඉන්දැද්දි කුකුණ පාන නිවෙන එක සුමනාට පෙනුනේ නැහැ.
කඩමලු කහ රෙද්ද දෙබැ කරගෙන දෙය්යෝ සුමනා ගාවට එනවා දැක්කේ ගල් දෙබුක්කේ අදුරට සුමනාගේ ඇස් හරි ගිහින් තිබ්බ හින්දා. භිතියෙන් මුසපත් වෙලා හිටිය සුමනාගේ හිත කොච්චර කෑ ගැහැව්වත් එවා කටින් නම් පිට වුනේ නැහැ.
සුමනාගේ චිත්තෙයි, කිටි කිටියේ තද වෙලා තිබුණු හැට්ටයෙි ඇදලා දැම්මේ දෙවියෙක් නං නම් නෙමේ යකෙක් වගේ.
කට්ටකුමන්ජල් සුවදින් සුමනාගේ මුව පිරුනේ ඇග මතට වැටුණු මහ බරකුත් එක්කයි.
උදේ වෙද්දි පුජාව ඉවර වෙලා සුමනා බලන්න ගුණපාල ආවේ ජිල්බෝල වගේ දිලෙන ඇස් ඇතිව. එත් සුමනාගේ නිල් පාට ඇස් නම් තෙතබරි වෙලා තිබුනේ. ගුණපාලට මේ ගැන කිසි ගනිච්චියක් නැහැ. එයා හිටියේ සිතින් පොඩි එකෙක්ගේ කිරි හිනා බලමින්.
සාමි පුජාසනය මත බොහොම උජාරුවටයි වාඩි වෙලා හිටියේ. එතුමාගේ මුවේ සාන්ත සිනාවකින් සැරසිලා තිබ්බා.
ගුණපාල ගෙදර ඇවිත් ඒ මාසයම බොහොම බලාපෛාරොත්තුවෙන් හිටියේ සුමනාගෙන් ඒ සුන්දර වචන ටික කියවෙන්නේ කොයි වෙලාවේද කියලයි.
එත් ඉතිං සාමිගේ පුජාවේ පල ලැබුනේ පෝය දෙකක් ගෙවිලාත් ගියයින් පස්සේ.
“මෙන්න මේ තේකහට ඩිගිත්තක් වක්කරාඔය නාකි හුරතලේ මදැයි“
සුමනා, තාත්තා අස්සයාගේ පිටේ ඉන්න පොඩි මහතුවයි ලොකු මහතුවයි බිමට බස්සන ගමන් තමන්ගේ තියෙන ආලවන්තකොම ඔක්කොම වචනවල එක් කරමිනුයි කිව්වේග

Tuesday, June 27, 2017
කණේ අමාරැව
උදේ පාන්දර පුංචි පැටික්කෝ ඉස්කෝලේට එනවා. බලන්න ලස්සණයි. කොහොමටත් වෙනත් සේවා ස්ථානයකට සාපේක්ෂව පාසලක අමුතු ජීවි ගතියක් තියෙනවා. පාසලක් පාසලක් වෙන්න ළමයි විතරක් ඉදලා හරියන්නේ නැහැ. ගුරුවරු එ් හැරුනාම විදුහල්පති එහෙමත් ඉන්න ඔන.
ඉස්සර පාසල් වල නම් ඔය තුන් ගොල්ල ඇරුනාම වෙන ඈයෝ පාසලක එහෙමට කියලා හිටියේ නැහැ. මං ගිය පාසලේ කැන්ටිම කරපු ෂෙල්ටන් අය්යා, වෙරලු ආච්චි, අයිස්ක්‍රීම් වෙළෙන්දා එහෙම තමා වෙන අය විදිහට පාසලට ආව ගියේ, දැන් නං පාසල් වල ගරුවරුන්ට වඩා ඉන්නේ අනධ්‍යන සේවක මණ්ඩලය. අප්පේ ඒ මහත්වරු නෝනලා විදුහල්පතිටත් එහා. ඇත්තම කියනවානං අධ්‍යාපන ඇමැතිතුමාගේ කට්ටියනේ එහෙම නැතුව කොහොමද?
පාවර වැව ඉස්කෝලේ ලොකු මහත්මයා කලුබන්ඩා මහත්තයා. නම වාගේම තමා පාටත්. කොණ්ඩේ ගෙල දක්වා වවලා. සුදු ජාතික ඇදුම ඇදලා ඉන්නකොට මතක් වෙන්නේ ගායකයෙක්. ඉස්කෝලේ ගුරු මංඩලේ හත් දෙනයි.
වැඩි හරියක් නෝනා මහත්තරු. මම නම් කල්පනා කරන්නේ නෝනා කියන එකට මොකටද ඔය මහත්තයා කියන කෑල්ල අලවන්නේ කියලා. කෝම වුණත් නෝනා කෑල්ල නැතිව මහත්තුරුන්ට හිටියේ ලොකු මහත්තයා ඇරුණාම ගුණපාල මහත්තයයි නැටුම් මහත්තයයි විතරයි. ගුණපාල මහත්තයාගේ ගුණ තිබුණේ නමට විතරයි. හැන්දැ කොරේ ගම්මැද්දේ පාජාවේ ගිහිං ආපිට ඉස්කෝලේ ගුරු නිවාසේට එන්නේ කලුවරත් ඇන්නං, ඒ එන්නේ තුත්තිරි ගස් ගනං කොර කොර. ගුරු මණ්ඩලේ නෝනා මහතැන්ලා කියන්නේ ගුණපාලගේ කට මහබබාගේ නෝනා කපාපු එකක් කියලා. කිව්වොත් හරුපයක්.;
කමලාවතී නෝනා මහත්තයා තමන්ගේ පාඩුවේ දෙකේ පංතියට උගන්නාගන පාඩුවේ උන්නු බබලතීයක්. අරකිව්වා වාගේම බබලතී තමා. කමලාවතී නෝනාගේ මහත්තෑං රාජකාරි කරන්නේ ලග ටවුමේ පොලීසියේ. රාළහාමි කෙනෙක් කියන්නේ ලේසි පාසු තනාත්තරයැ. ඇදුම තියේද්දි ඉතිං ගමේ රජා. දැන් කාලේත් ඉතිං ඔය රජ්ජුරුවරුන්ගේ එක එක කයි කතාන්දර පත්තරවල රූපවාහිනි වල වැටේන්නේ.
මේ දෙන්නා කසාද බැදලා ඒ හැටි කාලයක් නෑ. තාම ඉතිං දරු පැට්ටෙක්ගේ හුරතල් බලන්න කාලයක් ගිහි නෑනේ. නැත්ත ඉතිං පොලෝසියේ මහත්තුරු විශ්ව විද්‍යාල සිසුන්ගේ ඔලු පලන විදිහට ඔය ඔන එකක් පලන එක මහ කජ්ජක්යැ.
හවස් කරේ ගම්මැදේ රස්තියාදුවක් දාලා ආපිට එන ගුණපාල මහත්තයාට කමලාවතී නෝනා මහත්තයාගේ ගේ ගාවින් කමලාවතී නෝනා මහත්තයා මුණ ගැහුනේ අහම්බෙන්
“අප්පේ මට ගුණපාල මහත්තයා මුණ ගැහුනේ හොද වේලාවට , මං මේ ලොකු මහත්තයාලැ දිහා යමින් ගමං“
“මොකද කමලාවතී නෝනා මහත්තයා, ඇය් අද මහත්තයා ගෙදර නැතුවදං ලොකු මහත්තයා හොයං යන්නේ“
“ නෑ ගුණපාල මහත්තයා මට මේ නිවාඩු ඉල්ලුම් පත්තරයක් දෙන්න තියෙනවා හෙට මේ පොඩි ගමනක් යන්ට “
නිවාඩු ඉල්ලුම් පත්තරය ගුණපාල බොහෝම සුරැකිව බැනියමට යට කර ගෙන ගුරු නිවාසේට ගියා.
පහුවදා කමලාවතී ටිචර් ඉස්කෝලේට ආවා. ලොකු මහත්තයා බොහෝම පංකාදු හිනාවක් දාලා....
“ආ නෝන මහත්තයා දැන් අමාරුව හොදද“
කියලා ඇහැව්වේ . වෙනදා පුරුදු විදිහට නම් නෙමේ. පපුව පැත්ත දිහා බලාන වගේ කමලාවතී ටිවර්ට හිතුණා.
අඹ ගහ ගාවින් නැටුම් මහත්තයාත් කට කණ ගාවට අරගෙන
“කව්ද නෝන මහත්තයා බේත් කරේ මහත්තයා ද“
කියලා ඇහැව්වා
ඇත්තටම නිවාඩු ඉල්ලුම් පත්තර වල ඇත්ත කාරණය දාලා නිවාඩු ගන්න සිරිතක් ඒ දවස් වල තිබිලත් නෑ. කමලාවතී ටිචර් අසනීප නිවාඩුවක් තමා අර ගත්තේ.
“හරි වැඩක්නේ මහත්තයා ගෙන් බෙහෙත් ගන්න මං බෙහෙත් ගත්ත ඇති මහත්තයෙක් නෑ“.
පංතියට ගියාට පස්සේ ටික වේලාවකින් සුමනා ටිචර් කුසුමාවතී ටිචර් එක්ක කෝමල හිනා එක්ක කමලාවතී ටිචර්ගේ දෙකේ පංතියට ආවා.
“ආ මේ ඔයාගේ නිවාඩු ඉල්ලුම් පත්තරේ..................“
සුමනා ටිචර් මල් මල් හිනාව පිටින්මයි
සුමනා ටිචර් නිවාඩු ඉල්ලුම් පත්තරේ ගත්තා ....
නිවාඩු අවශය කාරණය කියන තැන තමන් ලියපු එක ටිකක් වෙනස් කරලා වගේ
කමලා ටිචර් නිවාඩුව ඉල්ලුවේ කනේ අමාරුවට බෙහෙත් ගැනීමට කියලා
ඈ ................
කවුරු හරි ....ක. කාරය ත කාරයට හරවලා
Thursday, May 18, 2017
ප්‍රේම දඩයම
මල් වත්තක එක එක ජාතියේ මල් තියෙනවා. සමහර එවාට මල් කීවාට මල් පිපෙන්නේ නැහැ. ඔය පර්ණාග වල මල් නොපිපිනාට මල් වතුවල අපුරුවට වවලා තියෙන්නේ. සමහර අය මල් වෙනුවට ඔසු පැලත් ලස්සණට හිටවනවා. මං දැකල තියෙනවා එලවලු වර්ගත් අලංකාරය සදහා වවනවාග එයාලා එකෙන් දෙකක් තුනක් කර ගන්නවා. එහෙම අය තමා වැඩ්ඩෝ.
මල් වත්ත ගැන කිවේ අපේ අතීතය මතක් වුණ හින්දා. මිට දශකයකට කලින් අපේ මල් වත්ත, ඒ කියන්නේ අපේ මොන්ටිසෝරිය අමරසුරිය මුහන්දිරම් ගේ වලව්ව. ඔය වලව්වේ ලංකාවේ හැම පළාතකම මල් පැල තිවුණා. පැල කාලේ නිසා මල් නං එහෙමට තිවුනේ නැහැ එත් අනාගතයේ හොදට මල් දරන බව සාක්කි තිව්නා.
ආදරය කියන එක මානවයාගේ ශිෂ්ටාරගත විම දක්වාම දිවෙනවා ඇති. අපේ ලංකාවේත් එහෙම ආදර අන්දර තියෙනවානේ. අපිට ඉතිං දම්මි සුගත් ආදරය තමා මතක. දේදුණු කැලුම් ආදරෙත් අපේ වයසේ කාට වුණත් කී පමණින් සිහි කරන්න පුලුවන්
අපේ නේවාසිකාගාරේ සුනිලා උස අඩි පහේ පොරක් කියලා හිතාන උන්නු හාදයෙක්. අම්මාර ගම වුනාට අහන කාටත් කිව්වේ කොළඔ ඉදන් එක බස් එකෙන් යනවා කියලයි. මනුස්සයා ගමේ දී ඉන්න තරමක් ගැටිස්සියන්ගෙන් ආදරේ ගැන ඉගෙන ගන්න ගිහිං ආදරය කල් කදුරු කියලා උසික්කා කරල ඒ ගැන කවුරැ හරි කියනකොටත් පරල වෙන සයිස් එකෙන් තමා කතා බහ කරේ.
හැබැය් ඔය මල්සරා කියන හාදයා එසේ මෙසේ පොරක් නෙමෙනේ . විද්දොත් ඉතිං විද්දාම තමා. බණ්ඩත්තර පැත්තේ ඉද ආපු චුටි ගුරු මානවිකාව දැක්ක දවසේ ඉද අපිට රජ මගුල්. රෑ බත් පෙට්ටිය අසරණ වෙලා තියෙන කොට එක අයින් කරන්න උදව් කරන්න හිතවතුන් ගොඩක් හිටියා. අපේ නේවාසිකාරේ භෝජනාගාරේ ඉඩ කඩ සිමා සහිත හින්දා පිරිමි නේවාසිකයන්ට රෑ කෑම එක ලබා දුන්නේ පෙට්ටියකට දාලා. ඔය සුනිලා ජනේල ගාවට ගිහි කාන්තා නේවාසිකාගරේ දිහා බලාන හුල්ල හුල්ල ඉව කරේ අර බණ්ඩත්තරිගේ දර්ශනමාත්‍රයකින් බඩ පුරවගන්න.
දින සති වුණාට මේ ප්‍රේම කථාව නම් ඇරඹෙන ලකුණක්වත් පෙණුනේ නැහැ.
ඉගැන්විම් පුහුණුවට පාසල් වලට යන්න ඔන උදේ 7ට . මායි සුනිලායි 6ට විතර පාර දිහාට ආවේ උදේ කෑම සුදානම් නැති හින්දා. ගේට්ටුවට මිටර් 10ක් විතර තියෙද්දි බණ්ඩත්තරි තවත් දෙන්නෙක් එක්ක එනවා දැක්කාම අපේ හාදයාට ඉවසුම් නැතිව ගියා
වරේ යකෝ ආ මාතර බස් එකක් එනවා *****ලාට බස් එක නවත්තමු“
සුනිලා මාවත් ඇදගෙන කාල් ලුවිස්ට ආවේශ වුණා.
බස් එක නැවැත්තුවා.
සුනිලා චණ්ඩියා වගේ “ එන්න නංගිලාට යන්න මම බස් එක නැවැත්තුවා“
කියලා බස් එකට නගින්න නංගිලාට ආරාධනා කරා.
“ ආ කව්ද ඔයාලාට බස් එක නවත්වන්න කිව්වේ“
“ අපි මේ ගැමුණු අය්යාගේ කඩේට යන ගමන්“
මාතර බස් එකේ කොන්දොස්තර අය්යා එයාගේ බුරැසු රැවුල උඩට අතගාලා අපි දිහා බැලුවා.
සුනිලා බස් එකට නැගලා ඉස්සරහ ෂිට් එකේ වාඩිවෙලාත් ඉවරයි. ඇත්තම කියනවන මාත් බස් එකට නැග්ගුනා.
එදා අහංගම සාරිපුත්තේ ගේට්ටුව ඇරියේ අපේ සුනිලා......

Friday, March 24, 2017
රං කුරුල්ලා
අදුර තුළ ආලෝකය සැගවෙන්නේ සුර්යයා අස්ථාන ගතවන හෝරාව නිසායි. පලාවන් වලාවක්ව තිබු කළැව සෙමෙන් එහෙත් ක්‍රමිකව කලු පෑයට හැරෙමින් තිබිණි . සියලු දිවාචර වනවාසී සත්ත්වයෝ සිය විසුම් ඵලවල් කරා හනි හනික පැමිණෙමින් තිබිණි . සියොත් රෑන් රෑන් තම රසිකත්වයේ පරිදි රුක් මතට පාත් විය . මේ නිසා එම මහා වනස්පතියෝ ක්‍රමයෙන් දොඩමලු වී ය.
ගිරවිය සිය හරිතපියාපත් මානයෙන්විදහා සිය අසල ලැග හුන් මලීත්තිය ඇමුතුයේ FM නාලිකා නිවේදිකා ස්වරයෙන්, පෞද්ගලික රූපවාහිනි නාලිකාවක නිවේදිකාවක් අනුයමිනි.
ගිරවියත් මලිත්තියත් දෙදෙනම පෞද්ගලික ආයතනයක උගෙනුම ලද්දේ පරිගණක මෙහෙයුම් ක්‍රමවේදයයි.
“ඔයා දැක්කද හුඹස්ගැටේ ගාව බක්මී ගහේ කපුටි, අද රන් මුදුවක් දා ගෙන හිටියනේ“
“ඔකිට කොහේන්ද දන් නෑ මුදුව“
“ඔයා දැක්කද හැමදාම එකිගේ ලන්ච් එක එකම වගෙයි මං නං එකි ඉන්න ටේබල් එක ළගටවත් යන්නේ නැහැ “
“තමං කවුද කියලා දන්නේ නැති හැතිකරේ අපේ කැම්පස් එකේ ඩිමාන්ඩ් එකත් ඔකුන්ලා හින්දා නැති වෙනවා“
මේ සියල් වදන් හමුවේ මලිත්තිය සිය විසල් නෙතු අයා ගිරවියට සවන් දී සිටියා විනා මුවින් කිසිවක් නොබිණුවාය. ඒ ඇගේ ස්වභාවයයි. ප්‍රකට ව්‍යාපාරික දෙමහල්ලනගේ එකම දියණිය ඇයි.
ගිරවිය නියම් ගමක මුලින් හොර සුරා විකුට ලද මුදල් පොලීයට දී එගම් වැසියනගේ රැහිරැ මායමෙන් උරා ගෙන ධනවත් වුවෙකුගේ සිව්වැනි අනියම් බිරියගේ තෙවැනි දියණියයි.
කපුටිය කළමණාකාර සහකාර යුවලකගේ දෙවැනි දරුවායි. උසස් පෙල සමත් වුවද අවශ්‍ය ලකුණු සම්පුර්ණ කර ගත නොහි ඈගේ දෙමාපියන් තමන් නොලද ඉසුරු පතා ඈ මේ පෞද්ගලික විශ්ව විද්‍යාලයට බැරි මරගාතේ බදවන ලද්දීය.
උඩු අත්තේ වසන කෑරළියක් ද සංවාද මණ්ඩපයට ප්‍රවිශ්ඨ වුවාය.
“ ඔය කපුටි අර රංකුරුල්ලාව වසග කරගෙනනේ. එයා තමා කපුටිට මුදුව දාලා තියෙන්නේ මං දැක්කා වතුර මල ලග බංකුවේ දෙන්නා තනි පංගලමේ කයිවාරු ගහ ගහ ඉන්නවා, අපි පොඩි ශද්දෙකුත් දැම්මා.
ගිරවියගේ නෙතු දැල්වෙන අයුරු කිසිවෙකු දු නොදුටුවාය.
“මොනවා තියෙනවාට ද මන්දා රංකුරුල්ලා ඔය කපුටි පස්සේ යන්නේ, බලමුකෝ නේද?
දින සති වී මාස කිහිපයක් ගත වීය.
බොහෝ දේ සිදු වීය . ඇතැම්වා ගිරවිය හැර කිසිවෙකුදු නොපැතු ඒවාය. එහෙත් ඒ සියල්ල සැබෑවින්ම සිදු විය.
බොහෝ පිරිසක් දේශණ ශාලාවක් අසබඩ වු තුරු ගොමුවක් අස රැස්ව සිටියෝය. විවිධ කතා එහි ඇසිණි.
රංකුරුල්ලා බිම වැතිර සිටියේය. ඔහුගේ ළය ඉරා තිබිණි. ළය තුල ඇති හද සුන්නද්ධුලි වි ඇති බැව් නොපෙනුනී. අවට සිටි හදවත් ඇත්තවුන්ගේ හද දැදුරුකරවන ස්වරයෙන් වැලපෙන්නී කපුටියයි.
පසුපසින් සිටි ගිරවියගේ තුඩග රත් පැහැය දැක්කේ මලිත්තිය පමණි . මලිත්තියගේ නුවනග තෙත්ව ඇති බව කිසිවෙකුදු නොදුටුවෝය .

Sunday, March 19, 2017
පුස්තකාලේට පොත් ගෙනත්
හද රවුමට පායලා. පොල් ගස් අස්සෙන් පායපු හදේ එළිය තීරු තීරු ඉරලා මිදුලට වට්ටනවා. සේපාලිකා ගහ ගාව සිමෙන්ති බංකුවේ වාඩි වුනේ හද එළියේ ලස්සන බලන්න.
තරුවාත් කොහේදෝ පාඡාවක ගිහින් මං ඉන්නවා දැකලා කකුල් දෙක අතරට අනාරාධිතව ආවා. අද දවස මට විශේෂයි. එත් ඒ කොහොමද?
මම වැඩ කරන්නේ චුට්ටං ඉස්කෝලේක . එ්ක දුෂ්කරයි කියලා මට නං මොහොතකටවත් හිතෙන්නේ නැහැ. එත් එක අධ්‍යාපන අමාත්‍යාංශයට දුෂ්කරයි . අර කියමනක් තියෙනවානේ කරවිල ගෙඩියේ ඉන්න පණුවට එක තිත්ත නැත කියලා. මේ ඉස්කෝලේටම ඉන්නේ සිගිත්තෝ 61යි.
කාර්යාලය කියලා බෝඩ් එක ගහලා තිබ්බ කාමරේට මං ගිය මුල් දවසේ මට පුදුමත් හිතුණා. මේ තරම් සකසුරුවම් කමක් කියලා. එකේ බැට් බෝල, රබන්, පොත්. තණකොළ කපන මැෂිම ද කොටින්ම ඉස්කෝලේකම බඩු කාර්යාලේ පුරවලා.
ඉස්කෝලේ වටේ ටිකක් කැරකුනාම මං දැක්කේ හරි ම සුන්දර පරිසරයක් . පිට්ටනිය මායිම් වෙලා තිබුනේ හොරකැලේ රක්ෂිතයට. ඉදලා හිටලා රිලවෙක් දෙන්නෙකුත් කඩාගෙන ආවට, ඉස්කෝලේ බල්ලෝ තමන්ගේ අයිතිය පැහැර ගන්න උන්ට ඉඩ තිබ්බේ නැහැ.
ඔපිස් කාමරේ මුල්ලක තිබ්බ වානේ අල්මාරියක් ඇරියම මළලසේකර ශබ්දකෝෂ 6 ය 7ක් එක්ක පොත් 60 - 70වක් තිබ්බා. ඒ තමා ඉස්කෝලේ පුස්තකාලේ.
මට දුක හිතුණා. ළගම පාසල හොදම පාසල නේ
මං නවකතා පොතක් මුලින්ම කියෙව්වේ පෙරේරා ටිචර්ගේ තුනේ පංතියේ ඉන්දැද්දි, පැදුරක් අස්සේ ඉදං. එදා ලොකු අම්මගේ උකුසු ඇසට එක අහුවෙලා ගුටිත් කෑවා. ඒ කාලේ නවකතා කියවන එක පොඩිවුන්ට අහිතකරයි කියලානේ ගොඩාක් දෙනා හිතුවේ. බටුවත්තේ මහජන පුස්තකාලේ විවෘත කරපු දවසේ මායි චන්දනයි පුස්තකාලේ ජනේලෙන් බලාගෙන හිටියේ අාසාව වැඩිකමට. එදා ජෝෂප් මයිකල් පෙරේරා ධිවර ඇමැති සහ ජාඇල ආසනේ මන්තීර්. මේක දැකලා අපි දෙන්නාව ඇතුලට අරං ගිහි සාමාජීක වෙන්න ඉල්ලුම් පත්‍ර දෙකක් දුන්නා.
“මට බැරිද මේ ළමයින්ට කියවන්න සුදසු පොත් ඉස්කෝලේ ඇතුලේ වැඩි කර ගන්න“
ආව දවසේ මුලටම හිතුණ දේ එක.
අපේ Orientation Program දි අපි තර්ක විතර්ක වැඩිපුර කලේ අන්තර්ජාලය ගැන සමාජ ජාල අඩවි ගැන. ගොඩාක් සේවාරම්භක විදුහල්පතිවරුන් අන්තර්ජාලය හදුන්වන්න පාවිච්චි කලේ අනතර්ජංජාලය කියන වචනය. අපි නම් කිවේ බ්ලේඩ් එකත් මාරාන්තිකයි කියන එක. මට FB එකේ මිතුරො ඉන්නේ සොච්චමයි. ඒ හින්දා මං හිතුවා පොඩි post එකක් වැඩි දෙනෙක් ඉන්න පෙඡ් එකක දාගන්න.
මං මුලින්ම කොරියාවේ ගිහින් ඉන්න අනුරාධපුරේ ඉස්කෝලේක පරණ ගෝලයෙක්ගෙන් මේ උදව්ව ගන්න වැඩේ දැනුම් දුන්නා. මං ඉල්ලුවේ POST දාලා දෙන්න කියලයි. දෙය්යනේ එයාලා කොරියාවේ පන්සලක් හදන හින්දා ලංකාවේ දරුවන්ට පොත් ගන්න උදව් කරන්න අමාරුයි කිව්වා. මං ඉතිං සාධුකාරයක් දිලා Beyond the mirror පේජ් එකේ ඇඩ්මින්ට කථා කරලා විස්තරේ කිව්වා. එතුමා ගොඩාක් මේ ගැන උනන්දු වුණා. .එතුමා පෝස්ට් එකක් දැම්මා.
ඒ වගේම සිංහල බ්ලොග් කරුවන් අතර ඉන්න හිතහොද මානවවාදියෙක් වන ලක්මාල් කන්දේවිදාන මහත්මයා, මං එතුමගෙනුත් උදව් කරන්න කියලා ඉල්ලපුවාම එතුමාගේ අටම්පහුර බ්ලොග් අඩවියේ මේ ගැන දැන්වීමක් දැම්මා.
අපේ ළමයි ටික වාසනාවන්තයි.
ලංකාව පුරාම කට්ටිය පොත් එව්වා. සුමනේන් දෙකෙන් මට මගේ ඉලක්කයට යන්න පුලුවන් වුණා . අද වෙද්දි මේ ළමයින්ට කියවන්න පොත් 1770ක් තියෙනවා.
මං කාර්යාලේ ඉස්සරහට වෙලා පාර දිහා බලාන හිටියේ නිකමට වගේ. ඈතින් හති හලාගෙන ආපු සපාරි බයිසිකලයක් තද බ්රේක් එකක් එක්ක ඉස්කෝලේ ගේට්ටුව ගාව නැවතුණා.
බයිසිකලේ හිටියේ තරමක වියපත් යුවලක්
නෝනා බෑග් එකක් කරේ දාගෙන හිිටියේ
මහත්තය බයිසිකලේ ගේට්ටුව ගාව නැවැත්තුවා . අර නෝනා ෂොපිං බැග් එකක දාගත්ත පාර්සලයක් පපුවට තුරැලු කරගෙන වටපිට බැලුවේ තරමක විපිලිසර නෙතු බැල්මක් රදවගෙන. මාව දැකල දෙන්නම මං දිහාවට ආවා.
“ලොකු මහත්තයා කවුද“
ඒ පිරිමියා
මං හිනාවෙලා දෙන්නව පිලි ගත්තා
දැන් අපි විස්තර කතා කරනවා.
“පාන්දරින් ආවේ මහත්තයා හැතැක්ම 30- 40ක් විතර තියෙනවා මගේ හිතේ, නේද හාමිනේ“
“ඔව් අපි පාර දන්නේත් නැහැනේ, අහං එන්න වෙන හින්දා ටිකක් කලිං ආවා“
මම දවසක් අනුරාධපුරේට මගේ ඩිස්කවරි බයිසිකලෙන් ගිහිං එපා වුනා. පස්ස පැත්ත ගන්න දෙයක් නැහැ.
“මහත්තයාගේ පුස්තකාලේට පොත් එකතු කරනවා නේද?“
“අපේ මිණිබිරි තමා විස්තරේ කිව්වේ, ඔය කොමිපියුටරේ මොකක්ද එකක දාලා තිබුණයි කියලා“
“අපි ඉතිං ලොකු සල්ලි කාරයෝ නම් නෙවේ“
“අපිට පුලුහං විදියට පොත් ටිකක් ගත්තා“
“මෙවා හොදයි ද බලන්නකෝ මහත්තයෝ“
මේ විසල් හදැති යුවල ටදිනිට පොත් ටික දුන්නේ දෑතින්ම
“මහත්තයෝ මට පොත්නං ගන්න පුලුවන් වුනේ ඔච්චරයි , එත් මහත්තයා මට පුස්තකාලේ හදන දවස කියන්න මං එනවා දවස් දෙකක් තුනක් වැඩ කරලා දෙන්නම්. මගේ රස්සාව මේසන් වැඩ “
මං ඉංග්‍රීසි ම්ස්ට කතා කලේ ඔලුවෙන්.
වැසිකිලියට යාමේ ඇවැසියාවක් නොවුණත් මං වැසිකිලියට ගියා. ඇස් එහෙම හොදට හෝදගෙන විනාඩි කිපයකින් මං අපහු ඔපිස් එකට ආවා .
ඉංග්‍රීසි මිස්ගේ ඇස් දෙක ජීල් බෝල වගේ රවුං වෙලා. මං එනකොටම ඇය හනි හනිකට පැන ගත්තා.
ඒ උත්තුංග මානවයන් දෙපලගේ නික්ම යාම මං බලාගෙන හිටියේ සියලු මිනිස් වග මෙසේ වන්නේ නම් යන හැගුමෙන්
😅

ඔය තුනේ සැට් එක පුස්තකාලේට ගිහින් පොත් කියවනවා

Saturday, March 4, 2017
අච්චිගේ දුං කොළ නැට්ට
ගම ගැන ගොඩාක් අය කතා කරන්නේ හරි අසාවෙන්. මං ඉතිං ගං ගං ගානේ හොයලා බැලුවා ඔය කියන සුන්දර ගම. අවාසනාව කියන්නේ එහෙම ගම් නැහැ. පජාති මිනිස්සු, කේලම්කාරයෝ, බ්ලේඩ්කාරයෝ වාගේ හැම විදිහකම අය නගරයේ වගේම ගමේත් ඉන්නවා. ඒ අතරේ ලොකුම ලොකු හදවත් තියෙන අය ගමේ වගේම නගර වලත් ඉන්නවා. හොර සුරා තිප්පපලවල්, ...නිකා නිවාස, විඩියෝ කඩ, චයිනිස් කඩ දැන් ඉතිං හැම ගමකම තියෙනවානේ. එත් මිට අවුරු
දු 30හ 40කට කලින් මේ තත්වය වෙනස් ඇති. ඒ මතකයෙන් වෙන්න ඔන මිනිස්සු කතා කරන්නේ. අපේත් අම්මාගේ ගම හද්දා වන්නියේ. ඔය වන්නිය කියන එකත් හම්බ වෙන්නේ නැති එකක්. මම ඉස්කෝලේ හැම නිවාඩුවක්ම වගේ හිටියේ ආච්චිලාගේ ගෙදර. මම හිටියේ බටුවත්තේ (රාගමට කිට්ටු ගමක්) වුණාට ආච්චිලාගේ ගෙදරට ගියපුවාම කොළඔ කොල්ලෙක් වෙනවා. ඇත්තට මම දෙකේ පංතියට යනකම් කොළඹ කලුද සුදුද කියලා දැනං හිටියේ නැහැ. ඒ කරලාත් දෙකේ පංතියේ දි ඉස්කෝලෙන් (බටුවත්තේ කණිෂ්ඨ විද්‍යාලය) යන අධ්‍යාපන චාරිකාවෙන් තමා කොළඹට හා පුරා කියලා ගියේ. අදටත් මම කොළඹ කොහේ යතත් ඹධ්‍යම බස් නැවතුමට ගිහිං තමා යන්නේ.
අපේ ආචිචිලාගේ කාලේ ගමේ හැමෝම ගම්මැද්දේ ඉදලා තියෙන්නේ. එකේ තිබුණා කියන්නේ එක යට ලියේ ගෙවල්. අම්මා කියන විදිහට බත් මඩක්කුව(මැටිකෝප්පේ) අරගෙන වටයක් ගිහිල්ලා වටපලේ වාඩිවෙන්නේ බත් වැහෙන්න මාලු දාගෙන. ඔය මාලු කියන්නේ වැංජන වලටනේ.
ඒ ගෙවල් හරි සරලයි. වටපිලෙන් කෛටි බිත්තිය පටන් ගන්නවා. එකේ ඉස්තෝප්පුව දිගයි. ඉස්තෝප්පුවට යාවුණ කාමර දෙකයි. ඒ කාමර දෙකට පස්සෙන් පසුපිල . පසු පිගේ කොනක කුස්සිය. සමහර ගෙවල්වල අටුගේකුත් තිබුණා. අටුගේ තමයි බවබෝග ගබඩාව, ඒ වගේම ආයුධ තියන්නෙත් එකේ. දැති ගොය්යෝ,උකුණුගස්,බෝල් අතු, කැති, උදලු මේ හැම ලට්ටාලොට්ටයකම වාසබවන වුනේ එක.
ආච්චිගේ බඩු ගබඩාවයි සිරියහන් ගබඩාවයි එකම කාමරේ. එක එක ප්‍රමාණයේ මුට්ටි හත අටක් එක මත එක තියලයි, ආච්චිගේ බඩු ගබඩාව හදා ගෙන තිබුණේ.ඕලු හාල්, හාල්, කුරක්කන් පිටි යනාදි ආහාර ද්‍රව්‍ය බඩගෙඩි වලට යනකං ඔය මුට්ටි අස්සේ තිබුණා. අර අනිත් කාමරෙ වුණත් බඩු කියලා මහ ලොකු දෙයක් තිබුණේ නැහැ. පෙට්ටගමකුයි ඇදකුයි මේසයකුයි තමා ඒ කාමරේ තිබුනේ. සීයා නිදා ගන්නේ ඉස්තෝප්පුවේ තිබුණ බුරැ ඇදේ.
ඒ කාලේ ළමයි ගම්බ වෙන්න ස්පිරිතාල වලට බබලත් උදවිය ගිහිං නැහැ. ඒ වැඩේ කෙරුනා කියන්නේ ගෙදරම තමා, ඒවාට උදවු පදවු දෙන්න ඒ ගැන දැනුම් තේරුං ඇති උදවිය හැම ගමකම දෙතුන් දෙනෙක් ඉදලා තියෙනවා. දරුවා ලැබුණාම පෙකණිවැල කපනවනේ ඉතිං එකේ පොඩි කොටයක් ඉතුරු වෙනවා. ඒ කොටේ දවස් කිහිපයකින් තමා වැටෙන්නේ. ඒ කාලේ ඔය වැටෙන පෙකණි වැලේ කොටස පෙට්ටියක දාලා අරං තියනවාලු. ඒ සන්දියේ හැම ගමයාම වෙදෙක්. ඒ ඒ ගැමියාට විශේෂ වෙච්ච අවසුද වට්ටෝරු තිබිලා තියෙනවා. ඉති ඒ හින්දා හැම ගෙදරකම කුස්සියේ දුං මැස්සේ අවුසද පෙට්ටියක් තිබිලා තියෙනවා. මේකටම තමයි අර දරු පෙකණි ශේෂය දාලා තියන්නේත්.දවසක් ගෙදරට ආපු ගෑනු මනුස්සයෙක් කුස්සියේ ආච්චිත් එක්ක සතුටු සාමිචියේ යෙදෙමින් ඉන්න අතරේ ආච්චි ගිහි කොච්චි අහුරක් කඩා ගන්න. ආච්චි කොච්චි අහුර කඩාගෙන ඒන අතරවාරයේ ආගන්තුක උන්දැ සාර බුලත් විටක් ඒදගෙන,
“අනේ බං ඩිංගිරියෝ බුලත් පෙට්ටියේ දුං කොළ නැ“
‘මං අන්න අර බෙහෙත් වට්ටියේ තිව්න දුං නැට්ටක් හපා ගත්තා“
“එකනං බොලල්ලා වස උරල් රහං“
“මක් කොරන්නද නැති හින්දා ඉතිං කනවා මිස්ක්වා“
අර උන්දැ ගියාට පස්සේ අපේ ආච්චි බෙහෙත් පෙට්ටිය ගත්තේ එකට දුං කොළ කඩා පාත් වුණ අරුමේ ගැන විමර්ශනයක් කරන්න.
අප්පේ රෙදි කඩ මාල්ලක ඔතා තිව්ණ මාමගේ පෙකණි කොටේ අතුරුදහන්.

Saturday, February 18, 2017
පොලොසිය ඇන්දවීම
බ්‍රෝන්කා කිව්වට හැබෑ නම වෙන එකක්. ඒත් ඇත්ත නම කිව්වොත් දන්න එකෙක් අහලකවත් නෑ. ඒ හින්දා බ්‍රෝන්කා බ්‍රෝන්කාම තමයි. මේ හාදයා හොස්ටල් එකේ ඇතුලේ ඉන්න කොට වත් උඩුකය නිරාවරණය කරේ නැත්තේ ඇටසැකිලි දැක්කාම බය නොවෙන තරම් හිත හය්ය අය ගුරු නේවාසිකාගාරේ අහලක වත් හිටිය නැති හින්දා. මිනිහට ඇගේ අඩුව පිරිමහන්නත් එක්ක කට නම් තිබුණා. ඔය අලුත් ළමයි එහෙම මිනිහ ඈතින් එනවා දැක්කහමත් එහෙට මෙහෙට ෂෙප් වෙනවා. මිනිහ කියන විදිහට මිනිහට හය හත් දෙනෙක් එක්ක පොර වැටිලා ඒ අයව බිම දාන එක ඔය vat රවි මහත්තයාට අය වැය යෝජනා සංශෝධනය කරනාවා වගේ සිම්පල්. මනුස්සයාගේ ගම් පළාත අංපාරේ බක්කිඇල්ල පැත්තේ නොදන්න ගමක්. එත් ඉතිං කාටත් මෙයා කියන්නේ එක බස් එකෙන් අපි කොළඹ එන්නේ කියලා. ගමේ වරුණ කොයිතරම් කිව්වත් එක නිවාඩුවකටවත් ගම ගෙදර ගියේ මුන්දැ නෙමේ. එත් ඉතිං අලුත් අවුරුද්දට ගමේ නොගිහින් ඉන්න බැනේ .ලපයගේ අලුත් ෂර්ට් එකකුයි බංඩාගේ කලිසමකුයි. පෙන්ගාගේ ඩෙක් ෂුෂ් දෙකකුයි බ්‍රොන්කාත් එක්කම බක්කි ඇල්ල බලා ගිහින් තිබුණා.
බක්කිඇල්ලෙත් අනිත් ගම් පළාත් වල වගේම අවුරුද්දත් එක්ක, කැට ගහන කැට පලවල්, බුරු මණ්ඩි එහෙම කඩයක් ලන්දක් ගානේ වැටුණා. බ්‍රෝන්කාත් දැන් නලියනවා, කැට ගහන්න බුරු ගහන්න . හැබෑයි ඉතිං මනුස්සයා කළාබරවලට කියන්නේ මල්මාමා කියලා රුවිත කිරිබත් කැට. ඔන්න ඔහොම හිටපු මනුස්සයාව සිගීරියෙන් (අපේ සයනාගාරය) තමා පොඩ්ඩක් ඇද බැද ඇරලා මනුස්ස පරාණයක් කරලා ගත්තේ. කොහොමින් නොහොම හරි මනුස්සයාත් ගෙදරින් ටිකක් ඈත තිබ්බ බුරැ මංඩියකට කිට්ටු කරා.
දැන් මනුස්සයාත් පිට ඔට්ටු අල්ලනවා ( මනුස්සයාට හැලෙන්නේ නැතිව පැක් එක අනා ගන්නවත් බෑ ඹං)
පොලොසිය රාළහාමිලා කොහොමත් ඔය කඩදාසි සෙල්ලමත් එක්ක තියෙන්නේ පුදුම තරහක්නේ. එතුමන්ලා ඇප කැප වෙලා තියෙන්නේ රටේ නිතිය අරක්ෂා කරන්නනේ.ඔය කඩදාසි කෙළියෙන් කොයිතරම්නං භයානක අපාරාධ සිද්ධ වෙනවාද? තරු පහේ හෝටයක කැෂිනෝ වගේද? තුට්ටු දෙකේ බුරුවා කෙළිය ? ඒ නිසා රාළහාමිලා හොද හෝදිසියෙන්..........
අවුරුදු කාලේ ඔය අසමජ්ජාති අවලං ක්‍රීඩාවෙන් ජනතාව බේරා ගන්න. ඉතිං එකට එතුමන්ලා ගං ගං ගානේ චාරිකා කරන්නේ පුදුම කැප වීමකින්.
අවාසනාවකට බ්‍රෝන්කාගේ ක්‍රිඩා පිටිය වු වැව් ඉහත්තාවටත් පොළොසියේ රාළහාමිලා පැනපි. පලපුරැදු ක්‍රිඩකයෝ ඇස්පිල්ලම් කොටන සැනින් අතුරුදහන්.
අනේ අසරණ බ්‍රෝන්කා අර ක්‍රීඩකයෝ අනුකරණය කරන්න ගත්තාට, හා පැංචෙක් පස්සේ පන්නන බලු රංචුවක් වාගේ බ්‍රෝන්කා පස්සේ රාළමිලා රංචුව පන්නන්න ගත්තා. බ්‍රෝන්කා දුවනවා. රාළහාමිලා එළවනවා. හැබැයි දුවන වැඩේට නම් බ්‍රෝන්කා දස්සයා. අනෙක ඔය පොලොසීවල ඉන්න මහත්තුරුන්ගේ ශරීර කුඩු ගැන අමුතු කතා මොටෝ. උදේ පෙරඩ් එකේදි ක්ලාන්තේ දාලා වැටෙන හාදයෝනේ.
මැරතන් කරු වගේ දිව්ව අපේ හාදයා ඇරලා තිබ්බ ගෙයක් අස්සට රිංගා ගත්තේ සරණක් බලාපෙරොත්තුවෙන්. ගෙදර ඉස්සරහ පුංචි හුරතල් පැංචියෙක් පැදුරක දොයි. නිකං නෙමේ කිරි බෝතලෙත් කටේ ගහගෙන. බ්‍රොන්කාට ඝන දෙවි ණුවන පහල වුණා. පැංචිගේ කටින් කුක්කු බෝතලේ ඇදලා අර කටේ ගහං පැංචිගේ පැත්තෙන් ඇලවුණා. කුක්කු නැති පැංචි මර ලතෝනි දෙනවාට අම්මා සාලේට එනවායි පොලෝසියේ රාළහාමිලා සාලේට එනවායි දෙකම එකට.
ඔය බ්‍රෝන්කා ඇතුලට එනකොට පැංචිට කිරි දෙමින් අම්මා හිටියා නම්.....................
අම්මාගේ ශුද්ධ සිංහල වදන් සංග්‍රහයෙන් ඉක්බිති අපේ බුරු ක්‍රීඩකයාට සංග්‍රහ කිරිම පොළිස් රාළහාමිලා භාර ගත්තා .
බ්‍රොන්කා නිවාඩුවෙන් දවස් තුනකුත් පහු වෙලා තමා ආපිට ආවේ.
Subscribe to:
Posts (Atom)