Pages
Friday, August 24, 2018
කළු දළ මල
ගුණපාලගේ දෙපා ඒ විසල් කාන්තා රූපලාවණ්‍යයාගාරය අස, මඳක් කම්මැලි වුණා....විසල් නාමපුවරුවේ හුන් රුවැත්තියගේ මිහිරි ඒ මිහිරි සිනහව .....
එය තවමත් මඳක්වත් වෙනස් වෙලා නැති හැටි......
ගුණපාලගේ සිත එක්සැණීන් අතීතයට යා වුණා....
" පිනි මුතු දිලෙන තණ පලස මතින් ගුණපාල දිව්වේ කජු ගහ ගාවට..
ඇන්ටිගේ කඩේ ගාවින් පාසලට යන පටු පාර දෙපස ඇති ගඩා ගෙඩි වලට ගුණපාලගේ ගමනේ ලහිය අඩු කරන්න බැරි වුණා...
වවුලො හප කල පුහුල අතින් මිරිකා හැර කජ්ජ කලිසම් සාක්කුවට ඔබා ගත්තා ටික වේලාවකින් තරඟකරුවෝ ආවත් ඒ වෙනකොට කජුගහ වටේ ඉතුරු වෙලා තිබ්බේ පුහුලං හප කොට විතරයි.
විජයාගේ ඕන කමට කට්ටියම ගහ මත්තට නැග්ගේ පොත් දාගන උන්නු සිලිං සිලිං මළු ඒ මේ අත අතැරලා.
එයි අන්න බලපං...
විජයයාගේ මොර ගෑමට හැමෝම තාර පාරට ඇස් යොමු කලා..
නිල්පාට සුට් කේස් එකක් අතට ගත්තු , කෙටි කෝණ්ඩය පොනිටේලයක් ලෙසින් බැද ගත් හින්දැරි දැරිවියක් උස මහත පිරිමියෙක්ගේ පස්සෙන් පාසල දෙසට අඩි කඩමින් උන්නා..
"අලුතියක්"..
චන්දනයා හැමෝටම දැනුම් දුන්නා....
එදා තමා මියුරියල් ගුණපාලගේ පංතියට ආපු මුල් දවස. එතොට ගුණපාල උන්නේ හතේ පංතියේ.
දවසක් විජයා මියුරියල්ගේ පැන්සල කඩාලා ගුණපාල විජයට බිම පෙරලගෙන ගැහැව්වා.
ඇත්තටම මියුරියල්ගේ රෝසපාට කම්මුල දිගේ ගලපු කදුළු කැට දැක්කාම ගුණපාලට ඉහිලුම් නැතුව ගියා.
කැසිකිලිය ගාව කොහැල්ලැ ලාවුළු ගහෙන් අහුලා ගත්තු කොහැල්ලැ ලාවුළු ගෙඩියක් මියුරියෙල්ට දුන්නට ඈ ඇඩුම නැවැත්තුවේවත්, ඒ ගෙඩිය ගත්තේවත් නැහැ.
කොහොම හරි එදායින් පස්සේ කොළු නඩේට ගුණපාලව තරහ ගස්සන්න කාරණාවක් ලැබුණා...පිටුපසින් ගැහැව්ව හෝර්න් සද්දේ හින්දා ගුණපාලගේ කල්පනා දැහැන බිඳුණා..
නැගපං මං උඹව පොලට දාන්නම්.
ඒ විජයා.
පලා මිටි ගෝනිය ඔඩොක්කේ තියාන ගුණපාල විජයාගේ නයින්ටියට නැග්ගා
Labels:
කෙටි කතා
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment