Pages

Friday, August 31, 2018

පර්යේෂකයෙක්ගේ මරණය

ඒ ස්කයි ලැබ් අහස් විමන මිහිතලයට පතිත විමට නියමිත කාලයයි. සන්ධ්‍යා පුවත් කියවන රම්‍යා වනිගසේකර එය පතිත විමට නියමිත ඉන්දීයන් සාගරය ආශ්‍රීත ප්‍රදේශයකට බව කියනු ඇසිණි.
මා මගේ පර්යේෂණාගාරයට ගියෙමි. අපේ නිවසට පසුපස වු කාණුවට, උඩ වත්තේ ජලය එක්විමේදී ඒ වත්ත සේදීම නිසා ඇති වු ගුහාවක් බඳු කොටස මගේ පර්යේෂණාගාරයයි. තාත්තාගේ අත වැදිම නිසා බිදි ගිය චිවිනි ලාම්පුවේ කර,ඇණ ටිකක්, රේමන් මාමාගේ ගොනාගේ ගලවා ඉවත් කල ලාඩම් කුට්ටමක් මාගේ පර්යේෂණාගාර උපකරණයි.
මටත් අවශ්‍ය වුයේ අහස් විමනක් සෑදීමටයි.
මේ තියෙන කෑලි බෑලි වලින් ඒ සඳහා ප්‍රමණවත් නැති බව නොතෙරේන්නට මං පොඩි බබෙක්යැ........
ස්කයි ලැබය පතිත වන්නේ ඉන්දියන් සාගරය ආසන්න ප්‍රදේශයකටයි......
හරි එහෙනම් ඒ අපේ ගේ ඉස්සරහ ඇති මෝලේ වත්තට වැටුණොත්!......
එහෙනම් වැඩේ හරි...

මේ මෝල වත්ත යනු පෙර කොහුබත් මෝලක් පිහිටි, නමුත් දැන් පාළුවට ගිය ඉඩමකි.
එහි තැන් තැන්වල පොල්ගස් කිහිපයකි. ලොකු කැඩුණු ටැංකියක්ද කුඩා නිවුන් ටැංකියක් ද ඇත්තේ එහි පහල කොටසේය.
එහි වු පොල් ලෙලි වල අපි කාගේ කාගේත් මත්ස්‍ය කර්මාන්තයට පුර්ව කුසලතා ලබා දුන් තැනයි.
එහෙත් එයට මේරි අක්කාත්, ජොසපිං නැන්දාත් අකමැති වුයේ ඔවුන්ගේ පල් විමට දමා තිබු පොල් අතු මාළු ඇල්ලීමට දඟලන අප අතින් කැඩෙන නිසාය.
මා මුහුණ සේදීමට නාන ලිදට යන්නේ ස්කයි ලැබ් එකේ වැටුණු කොටස් හිමිකර ගැන්මේ බලාපොරොත්තුවෙනි...........
එහෙත් එය කිසි කලක ඉටු නොවුණකි.
ඒ පර්යේෂකයා මිය ගිියේය.
නැතහොත් මරා දැමිණි.
මිනිමරුවන් හෝ මියගිය ආකාරය ගැන කිසිවෙක් විමසුවේ නැත..........
ඇමරිකාවේ ජාතික විලියම් පේන්ටර් සිය දිවිය ඉසුරුමත් කර ගත්තේ බෝතල් මුඩි නිශ්පාදනය කිරීමෙනි. ඔහු හොඳ හාම්පුතෙකුද විය. තමාගේ සේවකයින් පිළිබද මනා වැටහිමක් තිබු පේන්ට දිනක් ඉතා කාර්යක්ෂම සේවකයෙක්ට කතා කලේය.

"ඔබටත් පුළුවන්නේ මේ වාගේ ව්‍යාපාරයක් අරඹන්න........
මේ මං කිව්වේ ඔය සැරයක් පාවිච්චියට අරන් විසිකරන විදිහේ දෙයක් හදන්න..
මිනිස්සු පුරුදු වුණොත් ජිවිත කාලේම ගනිවි.
කිසිදාක ඉල්ලුම අඩු වෙන්නේ නෑ......"
පසු කලෙක මෙම සේවකයා සිය ස්වාමීයා උපදේශය අනුව අපුර්ව නිශ්පාදනයක් ලොවට බිහි කලේය. එතෙක් දැලි පිහියෙන් රැවුල ඉවත් කල මිනිසුන්ට භාවිතයෙන් පසු ඉවත ලන තල සහිත රේසරය හඳුන්වා දුන්නේ මේ අපුර්ව නිමැවුම්කරුවාය. ඒ කිංග් ජිලට්ය.

1 comment:

  1. අපේ සීයට තිබුණ ඔය වගේ එකක්, මට ඒක මතක නිතර මකබාස් වැඩ වලට එය හොරෙන්ම නයට ගන්න නිසා :)

    චාන්දනී ටීචර් සහ කණ්ඩාගේ ඔල මොට්ටල වැඩ !

    අපේ තාත්තලගෙ පරම්පරාවෙන් පස්සෙ ඔය පැරණි තල මාරු කරන දැලිපිහි භාවිතයෙන් ඉවත් උනා. මට මතක් ඇති කාලෙක තාත්ත පාවිච්චි කළේ Gillete මයි නමුත් පන්නයේ ඒව.

    ReplyDelete