Pages

Tuesday, January 1, 2019

මයිනට නිදහස

ගුණපාල ලැජ්ජාකාරයා...
යාළුවෝ කියන්නේ ගැණු ළමයා වගෙයි කියලා.
පිරිමි ඉස්කෝලේක ඉගෙන ගෙන දැන් රස්සාව කරන්නේ රජයේ කාරියාලේක ලියන මහත්තැන් කෙනෙක් විදිහට.
කාරියාලේ හිටපු බබලතීයෝ දුසිම් දෙකාමාරෙන් එකියක් එක්කවත් ගුණපාලගේ වැඩි බජනයක් නෑ......
කාරියාලේ අනෙක් සඟයෝ තේ බොද්දී, කෑම කද්දී ඒ අයට කරපු කවටකම්වලට කන රතු කර ගත්තේ ගුණපාල.......

ගුණපාලගේ මැණියන්දැත්, පියාණනුත් රජයේ පාසල් වල සේවය කරලා විස්රාමික සුව විදිනවා.
ඒ දෙමහල්ලන්ට ඒ සුවය නිසියාකාරව විඳ ගන්න තිබ්බ එකම බාධකය මේ ගුණපාලගේ ස්ත්‍රීභීතිකාව.......

කොහොම හරි වදෙන් පොරෙන් දෙන්නට පුළුවන් වුණා ගුණපාලව කරකාරයකට කැමැති කර ගන්න......
එත් ඉති එයිට පස්සේ තමා යම යුද්දේ ගම ඇතුලේ පටන් ගත්තේ.
හංදියේ විලියොංගේ කුළි කාර් එකට මෙකෙන් වැඩ වැඩි වුණා.
මාසේ හැම ඉරිදාවකම සියදෝරිස් කපුවාගේ ඔත්තු වලට කළුබංඩා ඉස්කෝලේ මහත්තයයි, ගුණපාලයි  සියදෝරිස් කපුවා එක්ක විලියොංගේ කාර් එක දුවිලි කාගෙන ඉගිල්ලුනා........

එත් ඔය ගිය හැමතැනකම උන්නු ගැණු ලැමිස්සියන්ගේ මොකක් හරි අඩුවක් ගුණපාලට පෙණුනා..
ඉහල ගමේ නන්දීතාගේ කට ඇදයි.
වැවගම ⁣මුදලාලි දෝණියැන්දැගේ නහය ලොකුයි.....
ඔය වාගේ අඩුපාඩු ඉදිරිපත් කරලා කරකාරය පස්සට දාන්න ගුණපාල කටයුතු කරා.........

මේ සන්දියේ තමා ගුණපාලගේ කාරියාලයට අළුත් ටයිපිස්ට් නෝනා......
ට්‍රික්ෂි ආවේ......
ඇය කලින් සේවය කර තිබ්බේ අග නගරේ ප්‍රධාන කාරියාලයේ.......
ඇගේ පැමිණිම තේ බොන වේලාවට මාළු බනිස් වලට වඩා අලෙවි කරේ කාරියාලයේ එතෙක් රැවැත්තියන් ලෙස නම් දරාන උන්නු චමිලායි, ප්‍රමිලායි.........
කාරියාලයේ මහත්තුරුත් චමිලාගෙයි , ප්‍රමිලාගෙයි මේ රස ගැන්වු බනිස් වලට එක එක කෙසෙල් එකතු කරා.....

කොහොම වුණත් ට්‍රික්ෂි කියන්නේ සුන්දර ලියක්,
හිනැහෙන විට වල ගැසෙන කම්මුලට නල දත් නිසා අමුතුම සිරියාවක් ගෙනාවා......
තද වෙන්න ඇදපු සාරි පොට ඇතුලේ කොයි තරම් දේ එළියට පනින්න වලි කනවද?
ලාවට උලාපු තොල් සායම් වගේම වත පුරා උලාපු රෝස පවුඩර් වලින් ට්‍රික්ෂිගේ මුණ තවත් හැඩ වුණා.......................
ට්‍රික්ෂි යද්දී විසිරෙන ගාඩිනියා සුවද කාරියාලේ කාටත් මතක තිබුණා ....

ගුණපාලගේ මේසයට ඉස්සරහින් තිබ්බ මේසයේ තිබ්බ ටයිප් රයිටරේ යතුරු ගැන ඊර්ෂ්‍යාවක්  ගුණපාලගේ හිතේ ඇති වෙන්න වැඩි කාලයක් ගියේ නැහැ..........
බලන බලන අත ගුණපාලට පෙණුනේ ට්‍රික්ෂිගේ වල..........
ට්‍රික්ෂිගේ නල දත්...
නහයට දැණුනේ ගාර්ඩිනියා සුවඳ....
වෙනදා කාරියාලයෙන් ඇවිත් වත්තේ පිටිය වැඩ කරපු ගුණපාල කාමරේ ඇදේ මුනින්තලාවි ඉන්න ඉදිල්ල අම්මා කෙනෙක්ට නොතේරිවියැ.....
අනෙක අවුරුදු තිහක් උසස් පෙල කොළු කෙල්ලන්ට උගන්නාපු ගුරු අම්මෙක්නේ ගුණපාලගේ මව්.......
හැන්දෑ කරේ තේ එක දීලා ගුණපාලට කතා කරපු අමරාවතී ඉස්කෝලේ හාමිනේ ගුණපාලගේ බඩයි ඇද ඇතිරිල්ලයි අතරේ තිබ්බ රහස හොයා ගත්තා........
එදා රාත්තීරියේම මේ රහස තවදුරටත් රහසක් වෙන එක නැතුව ගියේ දෙන්නා දෙමල්ලන්ගේ හිතට ජනේලයෙන් ආපු හින් හිතල හුලගත් එක්කමයි.......

දෙතුන් දොහොකට පස්සේ  කාලෙකට පසුව සියදෝරිස්ට ගුරු ගෙදර තේ කහට එකක් බොන්න ලැබුණා .
අමරාවති ඉස්කෝලේ හාමිනේ දුන්න කඩදාසියයි, ඉස්කෝලේ මහත්තයා දුන්නු නෝට්ටුවයි ඇන්න සියදෝරිස් කුඩය කරකවමින් එලියට බැස්සේ මොහිඩීන් බෙග් මාස්ටර්ගේ ගීයක පද මුමුණමින්.


හාමිනේ මං ඕන්න මගේ කටයුතු සහසුද්දෙටම ඉවර කරා.....

සියදෝරිස් උන්නැහේට ගෙදර හොයා ගන්න අමාරුවක් වුණේ නැද්ද

හාමිනේ මං මේ ලන්කාවේ කරක් නොගපු තැනක් නෑ නෙව....
අනෙක ඉතිං මගේ මිත්තරයෝ නැති පලාතක් මේ තුන් ලංකාවේ නෑ ඕං

හොඳයි ඉතිං දැන් කියමුකෝ බලන්ඩ තොරතුරු .........

සියදෝරිස් තේ කෝප්පයේ වු අවසන් තේ උගුරද මුවට රිගවා ගත්තේ කෑබල කමින්.

"හාමිනේ ...............
ඔය ගුණපාල මහත්තයාගේ ඔපිසියේ දැරිවි,
කලින් වැඩ කොල්ල තියෙන්නේ කොළඹ මහ කන්තෝරුවේ ..........
එකේ හිටපු උන්දලා.......
මේ........
මේ...
මේ දැරිවිගේ කුලේ නිසා එක මේක කියන්ඩ පටන් අරං තියෙනවා......
ඒ හින්දා තමා මෙහෙට මාරුව හදාන තියෙන්නේ......
හාමිනේලාට කියන්ඩ ඉතිං ඒ දැරිවි බඩහැල තමයි.......
දැරිවිගේ අම්මා, තාත්තා නම් දැන් සෝරුව 😱පැත්තකින් තියලා......

ඒ මේ දැරිවි රස්සාවට ගියාට පස්සෙන් පහු..
ඒ දැරිවිට බාල තවත් දැරිවියෝ දෙන්නෙක්ම ඉන්නවා......
ඒ ගොල්ලෝ ඉස්කෝලේ යනවා.......
ඉතිං තමුන්නැහේලට මනාප නම් මං මේ කාරිනාව ඒ මහ දෙන්නත් එක්ක කතා කරන්නම්........
එත් ඉතිං ඒ අය අඩු කුලේ........

හොදා සියදෝරිස් උන්නැහේ
මං අපේ ඉස්කෝලේ මහත්තයටත් මේ ගැන කියලා පණිවුඩයක් එවන්නම්...
මේකත් තියා ගන්න⁣කෝ........

සියදෝරිස් තමන්ට ලැබුණු රුපියල් දහයේ නෝට්ටුව අටකට නමා සරම හිර කොට බැද තිබු පටියේ වු පසුම්බියට ඇතුල් කරා.
එහෙන හාමිනේ මං ගොහි එන්නම්,
අපේ ගුණපාල මහත්තය කැමැති වෙච්ච එකම ලැමිස්සිනේ,
අනේ ඉතිං එකෙත් හැටි......

පැන්ෂන් පඩි ගෙන එමට තැපැල් කන්තෝරුවට ගොස් සිටි කළු බංඩා මහත්තයා ගෙදර ආවේ අතක් බරට බඩු අරගෙන........
ඒ අතරේ හාමිනේ ආසා කරන පුහුල් දෝසි පාර්සලය වෙනදා වාගේම වෙනම ගෙනත් තිබ්බා.....
ආ ගුණපාලගේ එළුවලු රොටියත් අමතක කර තිබ්බේ නෑ.........
තේ බොන ගමන් හාමිනේ සියදෝරිස් කියපු දේ අකුරක් නෑර කළුබංඩා මහත්තයාගේ කන පිරෙව්වා............

අපේ කොල්ලා කැමැති වෙච්ච එකම කෙල්ල,
ආයේ ඉතිං අහිකුණ්ඨිකියක් වුණත් කාරි නෑ....
හෙටම සියදෝරිස් ගොය්යා ලව්වා පණිවුඩේ යවමු.......

තෙමසකට පසු..........
********************
දැන් ගුණපාල ට්‍රික්ෂිගේ සැමියා...
දෙදෙනාම ඉන්නේ මහ ගෙදර..
තරමක ලැජ්ජාකාරයා වුණත් ට්‍රික්ෂිට ඕන කරන දේ දෙන්න ගුණපාලට පුළුවන්....
එදත් උදේ ගුණපාල ඔපිස් යන්න සුදානම..
උදේම නාන්න ගියපු ට්‍රික්ෂි කාමරයට එද්දී ගුණපාල උන්නේ කලිසම අදින්න සුදානමින්.
නිගන්ඨ ඇදුමින්........
හදිස්සිය හින්දා කලිසමට රිගපු ගුණපාල ජරාස් ගා ෂිප් එක ඇද්දා.....
හද් දෙය්යනේ ෂිප් එක උඩට එද්දී ගුණපාලගේ අහවල් එ⁣කත් අහුවුණා....
කොහොම හරි අන්තිමට ෂිප් බන්ධනයට අහු වුණ මයින් පැංචාව ට්‍රික්ෂි බොහොම අසීරුවෙන් ගලව ගත්තා.......



8 comments:

  1. මදෑ ඔයින් ගියා.

    ReplyDelete
  2. ලියන ස්ටයිල් එක නම් මාර ලස්සනයි..
    ඒත් අවසානය තව ඩිංගක් වෙනස් උනානං පංකාදුයි

    ReplyDelete
  3. අය්යෝ ගුණපාල 😀😀😀😀

    ReplyDelete