Pages

Saturday, February 18, 2017

පොලොසිය ඇන්දවීම

        
 බ්‍රෝන්කා කිව්වට හැබෑ නම වෙන එකක්. ඒත් ඇත්ත නම කිව්වොත් දන්න එකෙක් අහලකවත් නෑ. ඒ හින්දා බ්‍රෝන්කා බ්‍රෝන්කාම තමයි. මේ හාදයා හොස්ටල් එකේ ඇතුලේ ඉන්න කොට වත් උඩුකය නිරාවරණය කරේ නැත්තේ ඇටසැකිලි දැක්කාම බය නොවෙන තරම් හිත හය්ය අය ගුරු නේවාසිකාගාරේ අහලක වත් හිටිය නැති හින්දා. මිනිහට ඇගේ අඩුව පිරිමහන්නත් එක්ක කට නම් තිබුණා. ඔය අලුත් ළමයි එහෙම මිනිහ ඈතින් එනවා දැක්කහමත් එහෙට මෙහෙට ෂෙප් වෙනවා. මිනිහ කියන විදිහට මිනිහට හය හත් දෙනෙක් එක්ක පොර වැටිලා ඒ අයව බිම දාන එක ඔය vat රවි මහත්තයාට  අය වැය යෝජනා සංශෝධනය කරනාවා වගේ සිම්පල්. මනුස්සයාගේ ගම් පළාත අංපාරේ බක්කිඇල්ල පැත්තේ නොදන්න ගමක්. එත් ඉතිං කාටත් මෙයා කියන්නේ එක බස් එකෙන් අපි කොළඹ එන්නේ කියලා. ගමේ වරුණ කොයිතරම් කිව්වත් එක නිවාඩුවකටවත් ගම ගෙදර ගියේ මුන්දැ නෙමේ. එත් ඉතිං අලුත් අවුරුද්දට ගමේ නොගිහින් ඉන්න බැනේ .ලපයගේ අලුත් ෂර්ට් එකකුයි බංඩාගේ කලිසමකුයි. පෙන්ගාගේ ඩෙක් ෂුෂ් දෙකකුයි බ්‍රොන්කාත් එක්කම බක්කි ඇල්ල බලා ගිහින් තිබුණා.

බක්කිඇල්ලෙත් අනිත් ගම් පළාත් වල වගේම අවුරුද්දත් එක්ක, කැට ගහන කැට පලවල්, බුරු මණ්ඩි එහෙම කඩයක් ලන්දක් ගානේ වැටුණා. බ්‍රෝන්කාත් දැන් නලියනවා, කැට ගහන්න බුරු ගහන්න . හැබෑයි ඉතිං මනුස්සයා කළාබරවලට කියන්නේ මල්මාමා කියලා රුවිත කිරිබත් කැට. ඔන්න ඔහොම  හිටපු මනුස්සයාව සිගීරියෙන් (අපේ සයනාගාරය) තමා පොඩ්ඩක් ඇද බැද ඇරලා මනුස්ස පරාණයක් කරලා ගත්තේ. කොහොමින් නොහොම හරි මනුස්සයාත් ගෙදරින් ටිකක් ඈත තිබ්බ බුරැ මංඩියකට කිට්ටු කරා.
දැන් මනුස්සයාත්  පිට ඔට්ටු අල්ලනවා ( මනුස්සයාට හැලෙන්නේ නැතිව පැක් එක අනා ගන්නවත් බෑ ඹං)

පොලොසිය රාළහාමිලා කොහොමත් ඔය කඩදාසි සෙල්ලමත් එක්ක තියෙන්නේ පුදුම තරහක්නේ. එතුමන්ලා ඇප කැප වෙලා තියෙන්නේ රටේ නිතිය අරක්ෂා කරන්නනේ.ඔය කඩදාසි කෙළියෙන් කොයිතරම්නං භයානක අපාරාධ සිද්ධ වෙනවාද? තරු පහේ හෝටයක කැෂිනෝ වගේද? තුට්ටු දෙකේ බුරුවා කෙළිය ? ඒ නිසා රාළහාමිලා හොද හෝදිසියෙන්..........
 අවුරුදු කාලේ ඔය අසමජ්ජාති අවලං ක්‍රීඩාවෙන්  ජනතාව බේරා ගන්න. ඉතිං එකට එතුමන්ලා  ගං ගං ගානේ චාරිකා කරන්නේ පුදුම කැප වීමකින්.

අවාසනාවකට බ්‍රෝන්කාගේ ක්‍රිඩා පිටිය වු වැව් ඉහත්තාවටත් පොළොසියේ රාළහාමිලා පැනපි. පලපුරැදු ක්‍රිඩකයෝ ඇස්පිල්ලම් කොටන සැනින් අතුරුදහන්. 

අනේ අසරණ බ්‍රෝන්කා අර ක්‍රීඩකයෝ අනුකරණය කරන්න ගත්තාට, හා පැංචෙක් පස්සේ  පන්නන බලු රංචුවක් වාගේ බ්‍රෝන්කා පස්සේ රාළමිලා රංචුව පන්නන්න ගත්තා. බ්‍රෝන්කා දුවනවා. රාළහාමිලා එළවනවා. හැබැයි දුවන වැඩේට නම් බ්‍රෝන්කා දස්සයා. අනෙක ඔය පොලොසීවල ඉන්න මහත්තුරුන්ගේ ශරීර කුඩු ගැන අමුතු කතා මොටෝ. උදේ පෙරඩ් එකේදි ක්ලාන්තේ දාලා වැටෙන හාදයෝනේ.

මැරතන් කරු වගේ දිව්ව අපේ හාදයා ඇරලා තිබ්බ ගෙයක් අස්සට රිංගා ගත්තේ සරණක් බලාපෙරොත්තුවෙන්. ගෙදර ඉස්සරහ පුංචි හුරතල්  පැංචියෙක් පැදුරක දොයි. නිකං නෙමේ කිරි බෝතලෙත් කටේ ගහගෙන. බ්‍රොන්කාට ඝන දෙවි ණුවන පහල වුණා. පැංචිගේ කටින් කුක්කු බෝතලේ ඇදලා අර කටේ ගහං පැංචිගේ පැත්තෙන් ඇලවුණා. කුක්කු නැති පැංචි මර ලතෝනි දෙනවාට අම්මා සාලේට එනවායි පොලෝසියේ රාළහාමිලා සාලේට එනවායි දෙකම එකට.

ඔය බ්‍රෝන්කා ඇතුලට එනකොට පැංචිට කිරි දෙමින් අම්මා හිටියා නම්.....................

අම්මාගේ ශුද්ධ සිංහල  වදන් සංග්‍රහයෙන් ඉක්බිති අපේ බුරු ක්‍රීඩකයාට සංග්‍රහ කිරිම පොළිස් රාළහාමිලා භාර ගත්තා .

බ්‍රොන්කා නිවාඩුවෙන් දවස් තුනකුත් පහු වෙලා තමා ආපිට ආවේ.

10 comments:

  1. /මේ හාදයා හොස්ටල් එකේ ඇතුලේ ඉන්න කොට වත් උඩුකය නිරාවරණය කරේ නැත්තේ ඇටසැකිලි දැක්කාම බය නොවෙන තරම් හිත හය්ය අය ගුරු නේවාසිකාගාරේ අහලක වත් හිටිය නැති හින්දා./

    මේ ටික දැකලා නොදැක්කා වගේ නොයා දෙයක් කියනවද නැද්ද කියල හිතාගන්න බැරුව ඉන්නෙ තේරුණාද ද නැද්ද කියලා නොතේරුනු නිසා :D

    ReplyDelete
  2. ඇය් අනේ ඔයාගේ ඉස්සරහට එකපාරටම ඇවිදගෙන ඇටසැකිල්ලක් ආවොත් ......

    ReplyDelete
  3. හපොයි... නොමිලේම හොඳ මසාජ් එකක් දෙන්න ඇති පොලොස් මාමලා..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. එයාලා ඉතිං තෙල් කුප්පිය සාක්කුවේ දාගත්ත ගමන්නේ

      Delete
  4. ගමෙන් ආවයින් පස්සේ සතියක් හමාරක් මනුස්සය පාවිච්චි කරේ හොස්ටල් එකේ අතැරලා දාපු කොමොඩ් වැසිකිලිය ආන්න එහෙමයි පොලොසියේ මහත්තුරැ සලකලා තිබිබේ

    ReplyDelete
  5. සල්ලි ඔට්ටුවට පංචි දානවට විරුද්ධ නැති පොලෝසිය සල්ලිවලට බූරුවා ගහනවට ඇයි ඔය හැටි විරුද්ධ ?

    එකාතකින් ඌ අර දරුවගෙ අම්මගෙං ගුටි නොකා පොලීසියං කාපු එක නම්බුයි.. :))

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. කළුලෑල්ල බලන්න මමත් මේ පැත්තට ආවාමයි දැක්කේ මගේ අසල්වැසි කළුලෑල්ලක් කියලා.
    ඔබ තුමා නාරම්මල කොහෙද ?

    ජයවේවා!!!

    ReplyDelete
  8. මම නාරම්මල මැටියගනේ අර පෙරේරා දොස්තර මහත්තයාගේ ගෙවල් පැත්තේ.....

    ReplyDelete
  9. ඒක මරු...ඔබේ බස් වහර අපූරුයි...

    ReplyDelete