Pages

Thursday, February 2, 2017

ආයෙත් කලු බංඩා මහත්තයා


පාර ජනාකිර්ණයි. එහෙන් මෙහෙන් දාන බයිසිකල් තමා වැඩි. පොඩි කොලු ගැටවුන්ට බයිසිකලේ වේගේ හොදටම මදි. එත් කරන්න දෙයක් නෑ උපරිමයක් තියෙනවා. බයිසිකල් වල යනකොට ඔලුව පරිස්සම් කර ගන්න හිස් ආවරණයක් තියෙනවා. අපේ රටේ අපේ ඔලු ආරක්ෂා කරන වගකිම අණ්ඩුව බාරගෙන ඉන්නේ .එකයි හෙල්මට් නැත්නම් දඩ ලියන්නේ. මට තේරෙන්නේ නැහැ ඔය නිකට ආවරන සහිත හෙල්මට් එක්ක ආණ්ඩුව තරහ වෙලා තියෙන්නේ ඇයි කියලා. හැබැයි එවා පැලැදගෙන බයිසිකල් පැද්දොත් පර්ස් එක නිරාවරණය කරන්න වෙනවා.

හෙල්මට් වල මුහුණ ආවරණය කර ගන්න වාමුවා කණ්නාඩියක් තියෙනවා. එකේ වටිනාකම අද තමයි මට තේරුනේ .හරියටම මුතුගල හන්දිය පන්නනවත් එක්කම අසමජ්ජාති පක්ෂියෙක් මගේ මුණටම පැහැරුවා. වාසනාවට මගේ වා මුවාව මගේ මුහුණ වගේම  අසමජ්ජාති කුරුල්ලාගේ වර්චස් පිඩත් ආවරණය කරා නැත්ත මට අද යන්න වෙන්නේ ........

අපේ කලු බංඩා මහත්තයා හොද හැටි විට සප්පායම් වෙන මනුස්සයා .එයාට එකේ කාල වේලා නියමයක් නැහැ. දෙන්නා එක්ක (නෝනාත් සමග) සුසුකි 50ට නැග්ගේ බබෙක් බලන්න යන්න.කැකිරාවේ කපුරුවා මුදලාලිගෙන් විටක් අරගෙන එක හප හපා කලු බංඩා මහත්තයා නිසන්සලේ ඉදිරියට ඇදුණා. අර නගරය මැද තියෙන වට රවුම ගාවදී යෝධ කෙල ගැසීමේ අවශ්‍යතාවක් ආව හින්ද දකුණතින් හැඩලය අල්ලාගෙන වමතින් තොල මුවා කරලා හොද කෙළ පිඩක් විද්දේ පුරැදු විදිහට. අප්පට සිරි එතකොට තමා දැණුනේ තමන් මේ දබරැගිල්ල තියලා තියෙන්නේ මුවආවරණයට කියලා.

අද දවසේ බැණිමේ අවස්ථාව නෝන මහත්තයා ලබා ගත්තා. දෙන්නා පහු කරගෙන යන වාහන ටිකක් විපරමෙන් බයිසිකලේ දිහැ බැලුවේ බයිසිකලෙන් අමුතු හඩක් එන හින්ද වෙන්න ඇති.

1 comment: