අපේ සීයා කොහොඹයා. සීයා කොහොඹයා උනේ සීයාගේ ගම් පලාත කොහොඹගස්කඩ හින්ද. කොහොඔගස්කඩ කියන්නේ නුවර කලාවියේ පුංචි ගමක්. සීයා සියාගේ පළමු ඇඹේණීය කැන්දාගෙන උන්දැව කඩුල්ලෙන් ගෙවත්තට අරන් තියෙන්නේ වඩාගෙන. ඒ උතුරායන ආදරය හින්දම නෙමේ ඒ ආච්චි වයස අවුරුදු 11 පහු වෙලා මාස කිහිපයක දැරිවියක් හින්දා. උන්දැ ගෙට වුණා කියන්නේ සීයා උන්දැව ගෙට කැන්දාගෙන අවයින් පස්සෙන් පහුලු. අපේ අම්මගේ අම්මව සීයා කැන්දාගෙන තියෙන්නේ හත්වැනි බිරින්දැ විදිහට.( ඒ ගැන හිතනකොට මට මං ගැන ඇති වෙන්නේ පුදුම දුකක් ).
අමුතුවෙන් කියන්න ලියන්න ඔන නැති වුණත් ලියනවා අපේ සීයා ජීවත් වෙන්න කරේ ගොවිතැන් කරන එක. විසි විච්චුරණ නැති වුණාට කාලා බීලා බොහොම සතුටෙන් ජීවත් වෙන්න ඒ ගොවිතැන් සෑහිලා තියෙනවා. සීයාට කුඹුරු තුනයි. අක්කර දහ අටේයි, තිඔිරියායේයි ආයේ අක්කර අසුවෙයි. හේන් නං ඉතිං අවුරුදු තුන හතරෙන් මාරු කරනවානේ.
මුලින් මුලින් අත්තම් ක්‍රම තිබුනාට, සත්ත්ව බලය වැඩි වැඩියෙන් භාවිතා කරාට පස්සෙන් පහු ඔය ටැක්ටර් එහෙම ගොවිතැ්න ආක්‍රමණය කරානේ. සීයාලාත් ටික ටික ට්‍රැක්ටර් වලට මාරු වුණා. එක ට්‍රැක්ටරයක් දෙකක් අක්කර හාර පන්සියයක වැඩ කරන්න ගියාම බැංකුවේ ලයිට් බිල් කවුන්ටරයේ වගේ තමා. ගෝරි ගොඩයි.
සීයාත් තමන්ගේ ගොයම් කොලය එළලා ට්‍රැක්ටර්කාරයෝ පාරේ වැටුණේ පුලුවන් තරම් ඉක්මණින් වැඩ අහවර කර ගන්න අදහසින්.ඒත් ට්‍රැක්ටර්කාරයෝ රටේ ප්‍රශ්න හමුවේ ජනාධිපතිවරු අගමැතිවරු වාගේ නැසු කණින් නොබිණු මුවින්.සීයාගේ කේන්තිය වැව වාන් දාන්නා වාගේ උතුරා පිටාර යන්න වුණා.
සීයා ආවා ගෙදර . ගත්තා ගෙදර තිබුණ මාමාගේ හර්කියුලිස් බයිසිකලය ගැලෙව්වා රෝද දෙකම. ගත්තා ආච්චිගේ වංගෙඩි (වංගෙඩිය කියන්නේ වී කොටන පිටි කොටන ලී කොටයකින් සකස් කල උපකරණයට.එහෙම ලීවේ නැතිනම් වෙන දේවල් මතක් වෙන හින්දා)දෙක එවා හයි කරා බයිසිකලේ ඉස්සරහටයි පස්සටයි. හැල්මේ ගියා කමතට. සීයාගේ කොළේයි දෙපැත්තේ කුඹුරුකාරයින්ගේ කොළ දෙකයි දෙකම පාගලා දාලයි සීයා වංගෙඩිවලට නිදහස දුන්නේ

No comments:
Post a Comment