Pages

Saturday, March 23, 2019

පීට්සා




"අම්මේ......ඒ"
නිසල් පංති කාමරේ ඉදන්ම කතා කරමින් ගේට්ටුව ගාවට ආවා.
නිසල්ලාගේ,
ඒ කියන්නේ චම්පිකාලාගේ ගේ තියෙන්නේ ඉස්කෝලේට යාබද වත්තේ.
ඒත් ඉතිං ඔය ඉස්කෝලේට නිසල්ව භාර ගන්න බෑ කිව්වානේ.
ඉනටව් එකෙන් පස්සේ ලිස්ට් එකේ නම තිබ්බේ නෑ.
පස්සේ ලීටස් මහත්තයා මේක පත්තරේට ලිව්වට පස්සේ තමා නිසල්ව ඉස්කෝලේට ගත්තේ.
ඒ වෙනකොට මාසයක් විතර ගිහින්.

චම්පිකාලාට පොඩි කඩයක් තියෙනවා.
ඒ කඩේ කරේ චම්පිකායි, කුමාරයි.
ඒ දෙන්නාගේ පුතු පැටියා තමා නිසල්.
චම්පිකාලාගේ කඩේ එක එක කඩ කෑම හදනවා.
ඒ කෑම ජාති කඩෙන් අරං ඔය ඉස්කෝලේ යන පැටවුන්ගේ පෙට්ටි පුරවනවා.
අම්මලාට උදේට වැඩි වැඩ අඩු කරන්න චම්පිකා වැඩ වැඩි කර ගන්නවා.
හැබැයි ඉතිං ඒ වැඩි වැඩ මුදල් වෙලා කඩේ ලාච්චුවට බහිනවා.
කොයිතරම් වැඩ වැඩි වුණත් නිසල්ව ඉස්කෝලේට එක්කගෙන යන්න අාපහු අරගෙන එන්න චම්පිකා යනවා.
අනෙක ඉතිං හැම ලමෙක්ටම එහෙම කරන නිසා පොඩ්ඩාගේ හිත රිදෙන්න පුළුවන්නේ,

"අම්මේ අද මං ගිරවෙක් වුණා....
ටිචත් හිනා වුණා ..
ඇත්තටම මං ගිරවෙක් වගෙයිලු."

හරි හරි දැන් යන්කෝ ගෙදරට......
කෝ දෙන්න ඔයාගේ බෑග් එක..

"අපෝ එපා.........
අද අපිට ටිචර් කිව්වා අම්මලාට කරදර කරන්නේ නරක ලමයිලු..
අම්මාට ඕන මාව නරක ලමෙක් කරන්නද?

"හප්පේ නෑ මැණිකේ ,
මට ඕන ඔයා රජෙක් කරන්නනේ....
ඔව් ඔයා තමා මගේ රජා"
චම්පිකා කිව්වේ හිනා කටෙන්.

අම්මේ......ඒ
අද මගේ කණ්ඩායමේ ඉන්න
රයාන්.....
අර කළුපාට තඩි කාර්එකේ එන්නේ...
අර සුදුම සුදු මහතම මහත නැන්දාගේ පුතා............
එයා අද කෑමට ගෙනත් තිබ්බේ "හීසා"
අම්මේ මටත් ඕන හීසා......"

"මොනවද පුතේ ඒ.........
එන්නකෝ යන්න මං පුතාට ත්‍රිපෝෂ හදලා තියෙන්නේ......
ඇග හෝදගෙන කමු........"

චම්පිකා , කුමාර එක්ක පැනලා ආවේ දහයේ පංතියේ දී.
කුමාර චම්පිකාගේ ඉස්කුල් වෑන් එකේ ඩැයිවර්.
මේ පැන්නිල්ල හින්දා කුමාරගේ රස්සාව නැති වුණා .
චම්පිකාගේ අම්මයි තාත්තයි දෙන්නා චම්පිකාව දරුකමෙන් අයින් කලා.
චම්පිකායි, කුමාරයි කලාපේ අවුරුදු තුන හතරක් වැඩ කලා.
ඒත් බබෙක් හම්බ වෙන්න ඉන්නකොට චම්පිකාව රස්සාවෙන් අයින් කරපු හින්දා කුමාරගේ ගෙදට්ට ආවා.
කුමාරගේ ගෙදර කුමාරගේ තාත්තා විතරයි.
කුමාරගේ තාත්තා ,
ඒ කියන්නේ නිසල්ගේ සීයා තාත්තා
පලාතේම නමගිය ගස් කැපුම් කාරයා.
එත් දැන් නම් දිරපු ගහක්වත් කපා ගන්න බෑ.
නිසල්ට ඔය රූංපෙති, ගොක්කොල නලා හදලා දෙන එක තමා දැන් නම් එයාගේ රාජකාරිය . නිසල් ඉස්කෝලේ ගියපුවාම කඩේ ඉස්සර බංකුවේ ඉදගෙන ඉස්කෝලේට අනිමිසලෝචන පුජා තියෙනවා.
ගන හිලවු බැරි හින්දා කඩේ වැඩට හවුල් වෙන්නත් බෑනේ..

උදේ තුනට විතර කුමාරයි චම්පිකායි දෙන්නත් එක්ක නැගිට⁣ගෙන කඩේට ඕන ඉදිආප්ප, ලැවරියා, ⁣ආප්ප, බුලත් විඩ එහෙම හදනවා..
ඒ වැඩ හය වෙද්දී ඉවරයි.
එතන ඉදං චම්පිකා නිසල්ව ඇහැරවාන නිසල්ව ඉස්කෝලේ යවන්න සුදාන කරනවා.
හත වෙද්දී නිසල්ට ඉස්කෝලේට යන්න ඕන.
එතන ඉද එකොලහ වෙනක කඩේ වැඩ කරන්නේ චම්පිකා.
කුමාර ඒ ටිකේ පොඩි රවුමක් දාලා අැවිත් නිදා ගන්නවා.
දහයාමාරට විතර ආපහු කඩේ වැඩ කුමාර බාර ගන්නවා.
චම්පිකා නිසල්ව ගෙන්න ඉස්කෝලේට ගිහින් අැවිත්,
නිසල් එක්ක නිසල්ගේ ඉස්කෝලේ වැඩ වලට උදව් කරනවා........

"සීයා තාත්තා කාලා තියෙනවද "හීසා"..
⁣"මොනවා.........
හීසා......
ඒ මොනවද?.....

"අය්යෝ සීයා තාත්තේ......
හීසා...... හීසා....... හීසා.....
අද අපේ රයන්ගේ ගෙනාවේ.....

"අම්මේ පුතේ .....
මං ඔය පුස්නාම්බු , ලෑතර නම් කාලා තියෙනවා.......
ඔය හීසා නම් ඇහැව්වේත් අදයි......."

"වැඩක් නෑ..........
හීසා කාලා නැත්තං වැඩක් නෑ"

"අම්මේ..ඒ.
අම්මේ...ඒ......
මට හීසා ඕන දවල්ට.....

"අනේ පුතේ හීසා නෙවෙයි පීසා
මං එව්වා හදන්න දන්නේ නෑනේ........
පුතාට මං බත් උයලා.......
පරිප්පු මැල්ලුමක් එක්ක බිත්තරයක් බැදලා දෙන්නම්කෝ........"

"එපා ......එපා..... එපාමයි.. මට ඕන හීසා..
හීසා විතරමයි........"

"කුමාර........
කුමාර මේ බලන්නකෝ..
පුතා බත් කන්නේ නෑ......
එයාට පීසා ඕනලු......."

"නිසල් මොකද ඔය.....
බත් ටික කනවා....."

"බෑ....... මට බත් එපා....
මට පීසා ඕන.....
බත් ඕන නෑ......."

නිසල්ගේ පීසා අරගලය අවසන් වුයේ ඉරටු දෙකකින් ගුටි දෙකක් කෑමෙනි.
ඉන් වැඩිපුර රිදුනේ නිසල්ගේ සීයා තාත්තාටය.
නිසල් මෙන්ම සීයා තාත්තාද දවල් ආහාර නොගෙනයි දවල් නින්දට ගියේ..
නිසල් සිහිනයෙන්ද පීසා ගැන කියවනු කකුලේ වු ඉරටු පාරට පොල්තෙල් ගෑමට ගිය චම්පිකාට ඇහුණා..


හවස කුමාර ආවේ බඩු මල්ලක් අරගෙන

"ආ.......මේ කොලේ තියෙනවා පීසා හදන හැටි.......
මං ඉතාලි ඩගීයගෙ වයිප්ගෙන් අහගෙන ලියා ගත්තේ......
ඔකේ තියෙනවා හදන හැටි...
එකේ තිබ්බ බඩු ලිස්ට් එක කාතිකේෂන් එකෙන් ගත්තා....."

නිසල්ගේ මුහුණ තේක්ක යායට උඩින් පායන සද වැනිය......
නිසල්ගේ බෙලෙක් පිගාන වැසෙන්නට පීසා රොටියකි.
නිසල්ගේ සීයා තාත්තා ඔහුගේ පීසා රොටියෙන් අයිනක් කා දවල් බත් තියේදැයි සොයාගෙන ආවේ.....
"අපේ පොඩි එකා ගුටි කෑවේ මේ දහජරාවටදැයි" කියමිනි.







4 comments:

  1. පීසා පෝෂණ හීන කෑමක් හෝ fastfood එකක් නෙමේ. හොඳට එළවලු දාල හදන්න පුළුවන්. චීස් වැඩිපුර තියන නිසා නිතර කන්න හොඳ නැති වුණත් ඉඳහිට කෑවට වරදක් නෑ

    ReplyDelete
  2. අනේ ඉතින් තාත්තලට සීයලට බත් තරම් වටිනවායැ ඔය මොන දෙයක්වත්... කොච්චර මහන්සි වෙලා මොනවා හැදුවත් බත් මැලයක් තමයි සොයන්නෙ… :D

    ReplyDelete
  3. අන්න ඒ හීසා හදන්න අපේ මහත්තයා දක්ෂයි ���� පව් අහින්සක දරුවෝ, අපේ පොඩි එකා ඒ දවස්වල නාහෙන් අඬලා අඬලා ගියා මෙහේ තියෙන මෙක්සිකන් කෑම කඩේකට. මොන අන්තිමට මගේ මහත්තයා කෑවේ. එදා ඉඳන් මගේ මහත්තයා ඕඩර් කරන්නේ මෙනු දෙයයි. ������

    ReplyDelete