Pages

Saturday, October 27, 2018

ඇත්ත කතාවක් (ඉතිරිය)

ඇත්ත කතාවක් (ඉතිරිය)

ඇයට යාමට අදහසක් නැත. මුව නෙතු වල ඇත්තේ කිමට බොහෝ දේ ඇති බවය.
කාර්යාලය වටා නෙතු බමවමින් ඈ  හඬ අවදි කරා.........

සර් මගේ උපන් ගම කොළඔට කිට්ටුව.
මගේ ඉස්කෝලේ  එහේ,
රංගන හම්බ වුණේ කැම්පස් එකේ දී..
අපිට ගෙවල් වලින් කැමැත්ත දුන්නේ නැත්තේ කුල ප්‍රශ්නේ හින්දා.....
පස්සේ අපි හිතුමතේට බැන්දා .
කොළඹමයි පදිංචි වුණේ..
අපේ වැඩ අපිමයි කර ගත්තේ
ගෙවල් දෙකේම අම්මලා අපේ ගෙදරට ආවේ ගියේ නෑ.......
දුවත් බලාගෙන මගේ ජොබ් එක කර ගන්න පුළුවන් වුණේ එහේ ඩේ කෙයාර් තිබ්බ හින්දා.
දුව පොඩි කාලේ ඉදන්ම වැඩිය හිටියේ පිට අය ගාව......

ඇය ශෝබරව සුසුමක් පිට කලා..
"දුවව ඉස්කෝලේට දාන්නත් ලොකු ගාණක් ගියා.......
අපි ඉස්කෝලේට ත්‍රීවිල් එකක් අර දුන්නා"
"දුවට අනෙක් අයගේ අවධානය ලොකුවට ඕන.....
ගෙදර තනියම හැදුණු හින්දා වෙන්න ඕන..
ඒ වාගේම එයා ගොඩාක් ප්‍රශ්න අහනවා..
ඉස්කෝලේ ටිචර්ට මේ දෙකම වදයක් වෙලා තිබ්බේ සතයකට දෙකක⁣ට පාරක් එයා මට එන්න කියලා මේ ගැන කියනවා..
පස්සේ දවසක් දුවට පංතියේ චු ගිහින්..
මං යනකම්ම මුල්ලකට දාලා හිටියේ,
කොහොම හරි දවසක් දුව මගෙන් ඇහැව්වා
"පද්දෝ, පදු කෙල්ල"  කියන්නේ කාටද කියලා..
අනේ සර් මං කොහොමද එවා මේ පොඩි එකාට තේරුම් කරන්නේ.......
ඊට පස්සේ දුව උදේට බඩේගාය,
කකුළ රිදෙනවා වාගේ දේවල් කියන්න පටන් ගත්තා......
පස්සේ ඉස්කෝලේ යන්නම බෑ කියලා අඬන්න පටන් ගත්තා"

රෙස්සියා සිය පිරිවර සමඟ හැල්මේ පාසලට යාබඳව ඇති ලන්දට කඩාගෙන යන්නේ අදත් ඕලු මුවෙක් හෝ ඉත්තෑවෙක් හෝ තලගොයෙක් පැමිණ නිසා විය යුතුයි.
ගුණපාල මහත්මයා හර්ෂිගේ චින්තාපර මුහුණ දිහා බැලුවේ කතාව දිගටම කරගෙන යාම සදහා අනුබලයක් ලෙස
"ඉතිං " කියමින්.....

පස්සේ මායි රංගනයි එ⁣යාගේ නෑදෑ මනෝ වෛද්‍යවරයෙක්ව හම්බ වුණා.....

හර්ෂි සඳහන් කලේ ප්‍රසිද්ධ මනෝ වෛද්‍යවරයෙක් නමක්.

"එයා අපිත් එක්ක ගොඩාක් වෙලා කතා කරා.
රංගනලාගේ අම්මටයි තාත්තටයි දෙන්නටම කෝල් කරා......."

ඩොක්ටත් පුංචි කාලේ ඉගෙන ගෙන තියෙන්නේ ගමේ ඉස්කෝලේ ,
ඒ කියන්නේ මේ ඉස්කෝලේ ......
එයා රංගනට කිව්වා ගමට ගිහින් ළමයාව ගමේ ඉස්කෝලේට දාන්න කියලා....
ඒ පාර තමා මගේ ජොබ් එකෙන් අයින් වුණේ,.........

හැමදේම තියෙන කොට අගේ නැති, නැති කොට අගේ වෙන හැටි.....
ගුණපාල මහත්යට හිතුණේ එහෙම.

පසු දින උදැසන රැස්වීමේ හුන් හුරුබුහුටි දැරිය "මිනැසි" පාසල ප්‍රතික්ෂේප කල දැරිවිය බව ගුණපාල මහතා අඳුනා ගත්තා.
මේ පාසලේ මහ ලොකු ශිෂ්‍ය සංඛ්‍යාවක් නෑනේ.
ඉන්න හැම ළමයවම හැම ගුරුවරයෙක්ම අදුරනවා.
රෙස්සියා පවා අදුරනවා.
ඌ එක එක ළමයට බුරන්නෙත් එක එක තාල වලට......
මියුරුට බුරන්නේ සැරට.
මියුරු ඉතිං යමි එමි රෙස්සියාගේ නගුටවත් අදිනවානේ.

දවසින් දෙකින් මිනැසිගේ විපරම්කාරී නෙතු වලට පාසලේ පරිසරය හුරු වුණා.
දවසක් මිනැසි සහ යාළුවෝ ලොකු වැඩක්..
සමණල දඟයන්ට ගෙවල් හදනවා...
ගුණපාල මහත්මයාත් මිනැසිලාට සමණල ගේ හදන්න උදවු කරේ සිනහ වෙමින්..

පසු සටහන:-
මෙම දැරිය සිරිත් වු පරිද්දෙන්ම සිය ප්‍රාථමික අධ්‍යාපනය සතුටෙන් සහ සාර්ථකව නිමා කොට ,  සිය අභිමතය පරිදි ශාක සබැඳිව ඉහලට ඉගෙන මේ දිනවල වල් කෝවක්කා ශාකය පිළිබදව අධ්‍යයනය කරන්නේ ආචාර්ය උපාධිය සදහාය.

ගුණපාල මහතා එක් සිකුරාදා දිනක පිටවිමේ පොත අත්සන් කලේ යලි  "සදුදා" එමට නොහැකි වෙදැයි සිනහ වෙමිනි.
ඔහු එදින නින්දේ දී ම මිය ගොස් තිබු අතර ඉරිදා දින අවසන් කටයුතු සිදු කරන ලදී.


17 comments:

  1. ඒ දෙමාපියෝ තමන්ට කළහැකි උපරිමය කල නිසාත් අලුත් පාසලේ නිදහස්බව නිසාත් දැරියට ඇගේ මග හෙළි පෙහෙළි කරගන්නට ලැබුනා

    ReplyDelete
  2. ඉතිරිය කියවන්න බලාගෙන හිටියෙ. බොහොම ස්තුතියි මේ කතාව අපිත් එක්ක බෙදා හදා ගත්තට. ඇත්තටම ගුරු දෙවිවරු ඉන්නෙ මේ වගේ ඉස්කෝලවල තමයි. පුංචි කාලේ දෙමාපියන්ගේ ගුරුවරුන්ගේ අවධානය, ආදරය ලැබුණේ නැත්නම් කවදාවත් ඒ ළමයා අතු පතර විහිදුණු ගහක් වගේ වැඩෙන්නේ නෑ. මගේ ගමේ ඉස්කෝලේ ආදරය මට දවස් පහකට ලැබුණා. ඒ දවස් පහ තරම් මං මගේ පාසල් දිවියෙන් ආදරය කරන වෙන දවසක් නෑ. ආයෙමත් ස්තූතියි මේ කතාව වෙනුවෙන්.

    ReplyDelete
  3. කතාවෙ අන්තිම හරිය බොහොම හදිස්සියෙ ඉවර කරල, ඒ නිසාම ඉවර උනත් ඉවරයක් නැති ගතියක් දැනෙනව.

    සංජීව අයිය මොකෝ මේ කලබලේ ? 🙂

    ReplyDelete
  4. ළමයින්ව හදන්නත් නැති කරන්නත් ගුරුවරුන්ට පුළුවන්. මොන උනත් ඒ ළමයා වාසනාවන්තයි, කොහොමත් ගමේ ඉස්කෝල වලදී ළමයින්ට ගුරුවරුන්ගෙන් ලැබෙන අවධානය වැඩියි...
    ඒ වගේම බොහෝ ගුරුවරු ළමයි ගැන පෞද්ගලිකවම තොරතුරු දන්න නිසා ළමයින්ගේ අධ්‍යාපනය සඳහාත් එය පහසුවක් වෙනවා...
    ගොඩක් ස්තුතියි මේ කතාව අපිත් එක්ක බෙදාහදා ගත්තට...

    ReplyDelete
    Replies
    1. හැම "ගමේ ඉස්කෝලයක්"ම එහෙම හොඳ ඒවා නොවේ. හොඳ ගුරුවරු නිසා ඉස්කෝලේ හොඳයි. නරක ගුරුවරුන් ඉන්න කොට නරකයි

      Delete
  5. මටත් හිතෙන්නෙ මේ කෑල්ල වේගයෙන් ගියා කියල . ඇත්තටම ගොඩක් දේ ගොඩ දෙනෙකුට තේරුම් යන්නෙ හැල්මේ දුවල නැවතුන වෙලාවට .

    ReplyDelete
  6. ස්තුතියි
    වටිනවා අදහස👍

    ReplyDelete