මොණර පිලේ වර්ණ තැවරුණ සාරියක් ඇදගත් අයෙක් පංතියේ පිල හරහා කාර්යාලයට යමින් හුන්නා.
වර්ෂාවෙන් පසුව පාසල් මිදුලේ තැන තැන වතුර කඩිති.
ඒ මඟ අරවා ගන්නයි ආගන්තුක යුවතිය පිල ඔස්සේ ගියේ.
ඇගේ මුහුණ මත අප්රසාදයක ලකුණු සිත්තම් වෙලා.
කාර්යාලයේ වැල් කැඩුණු, කකුළ ලණුවකින් පුරුද්දාපු පුටුවේ විදුහල්පතිවරයාවන කේ. බී මහත්තයා ආසනාරුඪව හුන්නා.
ඔහුගේ ඇදුම දැකපු ආගන්තුක යුවතියගේ මුහුණ මතට තව තවත් අපුල එක් රොක් වුණා.
ට්‍රික්ෂි අද පාවරවැව ඉස්කොලේට ආවේ තමන්ගේ රැකියාවේ මුල් දවසේ, මුල්ම ඉස්කෝලේ වැඩ භාර ගන්න.
ඇය කෘෂිකර්මය සම්බන්ධ ඩිප්ලෝමාවක් හදරලා තිබ්බා.
නගරයේ ඉස්කෝලේයකට පත්විම හදා ගන්න දන්න තරම් දහිරිය දැම්මාට එක වැඩක් වුණේ නැහැ.
අවසානයේ දී සිතෙන් නොසිතෙන් හද්දා පිටිසරක තිබ්බ පාවරවැව මහ විද්‍යාලේ කෘෂිකර්ම ගුරුවරිය විදිහට ඇයට එන්ට සිද්ධ වුණා.
කේ. බී මහත්තයා කියන්නේ සිංහල පුහුණු ගුරුවරයෙක් විදිහට සේවය අරඹලා හැකියාව හින්දම විදුහල්පති සේවයට එක්වුණු කෙනෙක්.
සකස්කඩේ, අමාවතුර, බුත්සරණේ කටපාඩම් නැතත් ඕන තැන්වලදී උපුටා දක්වන හැකියාව තිබුණා.
කේ. බී මහත්තයා වගේ කෙනෙක් විදුහල්පති විදිහට ට්‍රික්ෂි බලාපොරොත්තු වුණේම නැහැ.
ඒ හින්දා ආඩම්බර ස්වරයකින්
"මහත්තයා,
මං ...........එකේ ඩිප් එක කරලා
ආපු ටිචර් කෙනෙක්"
යන හැඳින්විමක් එක්ක සිය පත්විමේ ලිපිය කේ.බී මහත්තයාට දිග් කරා.
බෝතල් මුඩි කණ්නාඩි කුට්ටම යටින් ඇගේ මුහුණ බලපු ගමන් කේ.බී මහත්තයාගේ නිතර තියෙන හිනාව ඇදුණා.......
"ආ........
හොඳමයි නෝන මහත්මයා ,
හරිම සතුටුයි"
ඉතා ඉක්මණින් ලේඛණ කටයුතු හමාර කල කේ. බී මහතා නවක ගුරුවර ගුරුවරියන්ට පිරිනමන මුලික උපදෙස් දෙන්න සිය හම ගැහුණු හිත් මල්ල ඇරියත්,
ට්‍රික්ෂිගේ මානභරිත වතකමල හමුවේ ඒ සියල්ල යලි හිත් මල්ලටම සුරැකිව දමා අගුළු දැම්මේ, බොහොම ප්‍රසන්න හිනාවක් මුව දවටාන.
"එහෙමන මිස්, දැන් බෙල් එකට දහයේ පංතියට යන්න......."
එකට තියෙන්නේ කෘෂිකර්මය ...
හැමෝම කරන්නේ කෘෂිකර්මයම තමයි..
එතක අර කොනේ තියෙන ස්ටාප් කාමරෙන් ඉන්න......."
පිටිසරබද පාසලක් වුණාට පාවරවැව ඉස්කෝලේ බොහොම පිලිවෙලට තිබ්බා.
පංති කාමර ඉස්සරහ දාස් පෙතිය මල් පාත්ති,
තැන් තැන්වල වතුසුද්ද පදුරු.
එත් ට්‍රික්ෂි මිස් ඒ අතරින් බැලුවේ මායිමේ තිබ්බ රක්ෂිතය දිහාවේ..
ඒ අසලින් දිවෙන මඩ වෙච්ච බොරොළු පාර දිහාවේ.
බැල් එක ගහනවාත් එක්ක ට්‍රික්ෂි උඩින් උඩින් පංතියට ගියා.
ලමයි ඔක්කොම නැගිට්ටාම ට්‍රික්ෂිගේ හිතට පොඩි ආඩම්බරකමකුත් කාන්දු වුණා.
"දැන් මොනවද තමුසේලාට තියෙන්නේ"
ළමයින්ට මේ ඇමතුම නම් නුහුරුයි.
ඇයි ඉතිං අනෙක් ගුරුවරු කවුරුත් කතා කරන්නේ පැංචෝ, දරුවෝ, පුතේ , දුවේ කියලනේ,
හෝමාගමින් ආපු ඉංග්‍රීසි සර් නම් ඩියර් කියලා කතා කරන්නේ......
සර් ගමට ගිහිං එද්දී ඇපල් වාගේ නුහුරු මොනවා හරි අරගෙන ඇවිත් හැම දරුවෙක්ටම දෙනවා.
ඉතිං සර් ගම යන දවසට කෝන් කාලේ කෝන්,
දඹ කාලේ නම් දඔ.......
නෙළුම් බට්ටෝ ඔය මොන මොනවා හරි කොළු කුරුට්ටෝ ගෙනත් ගුරු නිවාසේ ගොඩ කරනවා
ටිකක් වෙලා පංතියම නිහඬ වුණත් ඒ නිහඬ බව බින්දේ ට්රික්ෂිමයි....
"ඇයි තමුසෙලාගේ කණ් ඇහෙන්නේ නැද්ද?"
පංතියේ කෙලවර වුන් හින්දැරි සුමනායි උත්තර බැන්දේ........
"කෘෂිකර්මය ටිචර්"
"මේ මතක තියාගන්නවා මට කතා කරද්දී මැඩම් කියනවා......
අනෙක කෘෂිකර්මය නෙමේ මම උගන්වන්නේ කෘෂිවිද්‍යාව
මට එකට ඩිප්ලෝමා එකක් තියෙනවා"
"කෝ තමුසෙලාගේ ෆිල්ඩ් එක බලන්ඩ යං"
තාමත් ට්‍රික්ෂිගේ අපුල මුසු බැලුම් දහරාවේ අඩුවක් නැහැ..
ගුණපාල පංතියේ නායකයා......
ඔහු පංතියේ අයගේ පෙරමුණ ගත්තා.
පේලියට ඔවුන් වගාබිමට ගියා.
මුලින්ම තිබ්බේ පතෝල මැස්සක්..
පතෝල පැංචිවල අග ගලක් එල්ලලා..
"කවුද මේවායේ ගල් එල්ලුවේ, ගලවනවා මේවා........
ට්‍රික්ෂිගේ විධානයට ප්‍රතිචාර දැක්කුවේ ගුණපාල......
"මැඩම් එහෙම ගල් එල්ලුවේ නැත්ත පතෝල කරල ඇද ගහනවා, කරංගැටි වෙනවා...
එකයි ගල් එල්ලුවේ...."
පතෝල පාත්තියට පස්සේ තිබ්බේ මිරිස් පාත්ති........
එකට කෝඩ රෝගේ ඇවිත්......
කරල් කරංගෑටි ගැහිගෙන එනවා ...
"ළමයි මේ මිරිස් කරල් නැමිගෙන එනවා..
එල්ලනවා මේවාටත් ගල්"
ට්‍රික්ෂි ඉක්මණින් පිලියමක් යෝජනා කලත්
ලමයින් සිය මුව මුවා කරමින් නිහඩවම සිනාවෙන්නට වුණා.
හප්පේ ට්‍රික්ෂි මිස් බැඳල නැතිව ඇති නේද?
ReplyDeleteඔයාට ඉන්නවා ස්ත්‍රී රත්නයක්
DeleteThis comment has been removed by the author.
ReplyDeleteපාවරවැව ළමයින්ට කෘෂි විද්‍යාව උගන්නන්න ගිහිල්ල මැඩම් ඇනගනී වගේ.
ReplyDelete😀😂😀
Deleteඅඩෝ සුපිරිනෙ අපිට නෑනෙ හිටියෙ.
ReplyDeleteනරක ළමයි
Delete\\"මහත්තයා,
ReplyDeleteමං ...........එකේ ඩිප් එක කරලා
ආපු ටිචර් කෙනෙක්"//
හිස්තැනට එන්නේ "ඇක්වයිනාස්" කියන එකවත් ද???
😱😱
Deleteමෙහෙම අය ගුරු වෘත්තියේ ඕනේ තරම් ඉන්නවා. ඩිප්ලෝමාව, උපාධිය සියල්ල දත් නොවෙන බව වටහාගෙන උගන්වන්න හිතන්නේ නැති අය..පොතේ දැනුමයි ප්‍රයෝගික දැනුමයි ගැටෙන තැන..
ReplyDeleteස්තුතියි
DeleteMaru
ReplyDeleteකතාව හොඳට විකාශනය කරගෙන යනව නේ.
ReplyDeleteඅර පනෝල වලට ගල්එල්ලපු හේතුව ලමයි විස්තර කලාට පස්සෙ, ඒක තේරුම් අර ගත්ත බවක් තමාටම මුමුනා ගත්ත නම් හොඳයි.
" ඒ අදහසත් නරක නෑ " වගේ.
ඊ ලඟට මරිස් කරල් වලට ඒක ආදේශ කල හේතුව සාධාරනීය කරනය වෙනව.
මේ මට මිතුන හැටි, අදාල නැත්නම් අත් මැර දාන්න.කොහොමටත් ඔයා ලස්සනට ලියනව නේ.
ස්තුතියි
Delete++++++++++++
ReplyDelete----------
Deletedip in the deep end
ReplyDelete🙏
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමේක ඇත්ත කතාවක්ද?
ReplyDeleteසත්‍ය කිරට අසත්‍ය සීනි එකතු කලා
Deleteමේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය
ReplyDeleteස්තුතියි .ඔබේ ඇරයුමට අනුව අහස්ගව්වෙන් එහාට යන්නම්.
Deleteහරිම ලස්සනයි .තව ටිකක් ලියන්නයි තිබ්බේ .
ReplyDeleteට්‍රික්සි පාට කන්නාඩි ගලවලා ලෝකය බලන්න ඉගෙන ගනියි වගෙ! හැඩයි, රහයි, ආයේ එන්නම්!
ReplyDelete