Pages

Sunday, September 16, 2018

මව්බිම

මව්බිම
*********
ගුණපාල ඉස්කෝලේ මහත්තයාගෙයි සුමනාවතී ඉස්කෝලේ නෝනගෙයි එකම පුත්තරයා චන්දරපාල.
කොල්ලාට දැන් වයස හතක් අටක් විතර ඇති.
ඒ වුනාට ඉතිං කුනු හබ්බ කියන්නේ කටේ තොලේ ගැවෙන්නේ නැතු
ව......
කිප දවසක්ම කොල්ලා දෙන්නාගේ සායම ඇරියා.........
දෙන්නත් එක්ක කතා කරන වාරයක් පාසා මේ ආරෝව ගැන කතා කෙරුවා.....
ආයේ ඉතිං සුමනාවතී ඉස්කෝලේ හාමිනේවත් ගුණපාල මහත්තයාවත් සැර පරුෂ මනුස්සයෝ නෙමේ......
ගමේ පංසලේ ලොකු උන්නාන්සේ ගුණපාලට අෑතින් නෑදෑ අය්යෙක්.....
පණ්ඩිත විභාග එහෙම කරපු හාමුදුරුවෝ .
ඉතිං මේ අවනඩුව අහලා හාමුදුරුවෝම යෝජනා කලා සතියක් හමාරක් පංසලේ පොඩි උන්නාන්සේලා එක්ක නතර කරන්න කියලා.
එකම කොල්ලා උනාට ඉතිං වෙන කොරන්නත් දෙයක් නැති තැන දෙන්නා කැමති වුණා...
දැන් ඉතිං කොල්ලා පංසලේ.....
කොහොමින් හරි සතියක් හමාරක් පහුවුණා...
කොල්ලාගේ සෑහෙන වෙනසක් පෙන්න ගත්තා......
ජෝඩුවටම හරිම සතුටුයි .
ගුණපාල මහත්තයා කල්පනා කලා කොල්ලව ආපිට එක්ක යන්න..
දෙන්නම ඇවිල්ලා ලොකු හාමුදුරුවන්ට කන පිරෙන්න ස්තුති කල්ලා එහෙම පුත්තරයත් එක්ක තැපැල් නයින්ටියට නැග්ගා.
ගුණපාල මහත්තයානේ පදවන්නේ.
මැද්දේ කොල්ලා, පස්සෙම සුමනාවතී නෝනා.

ඔය පංසලේ ඉදං ගුණපාල මහත්තයාගේ ගෙදරට යන පාර ගන්න දෙයක් නෑ.
අලි නිදියන වලවල්.
කොහොම වෙට්ටු දැම්මත් වලක..

"පියාණනි, මව්බිම"
ඔය අතරේ කොල්ලා කෙදුරුවා..
"හා ඔව් පුතේ ලංකාවනේ"
ගුණපාල කිව්වා,

"පියාණනි මව්බිම"

ඒ පාර කොල්ලාගේ හඩ ටිකක් සැරයි.
ගුණපාල ඉතිහාසයක් උගන්වනවානේ ..
ඉතිං යමි ගමන් කොල්ලට ලංකා ඉතිහාසය ගැන කියන්න පටන් ගත්තා......
ඒ පාර ඇලපතට ඇන්න කොල්ලා,

"බොල  හු............... පුතෝ
ආන් තොගේ ගැණි වැටුණා."

මහ හය්යෙන් බෙරිහන් දී කිව්වා

2 comments:

  1. ගුණපාල මහත්තයගෙ නෝනත් මහත්තයගෙ මව් ගුණ ගායනයක යෙදෙන්න ඇති ... අටමත් ලියල තිබ්බ මේ වගේම එකක් අටමිව මග දාල ආපු හැටි :-D

    අද වෙලාව තිබ්බ නිසා කළු ලෑල්ල ගිහින් එල්ලුව අමෙ බ්ලොග් එකෙත් !

    ReplyDelete