Pages

Tuesday, February 7, 2017

පුංචි රාළ



පුංචි රාළ කියන නමත් එක්ක බැදිලා තියෙන්නේ කේ.ජයතිලක කියන නම. නමුත් මේ පුංචි රාළ අපේ චූ පැට්ටන්ගේ පංතියේ දගකාර සිසුවෙක්. හොස්ටල් එක පුරාම එක එක ශබ්ද සයිබරය එතරම් ප්‍රචලිත නොවුණ ඒ සන්දියේ වැඩිපුර අපේ සගයින්ගේ තනි නොතනිය මකා දැම්මේ ගුවන් විදුලිය. ලපේ මල්ලීගේ පොකට් රේඩියෝවේ හඩ පරයමින් පුංචාගේ හඩ සිගීරි ඩ්‍රෝමයත් ඉන් එහා වු කණ්ඩලම ඩ්‍රෝමයත් පුරා හති හලමින් දෝරේ ගලා යනවා.

ඊයේ ගුරු විද්‍යාලයේ ළමයි හැමෝම කොලඔ ගියා.ඒ  කේෂත්‍ර අධ්‍යයනයක් සදහා. ඇඹුල්කරල්ආණ්ඩුවේ තද වෙන පොර බස් එකේ කවුලුවක් අරක් ගෙන පොඩි පොඩි තුණ්ඩු කෑලී මග දෙපස යුවතියන්ට බෙදා දුන්නේ කිසිම ලාභ ලෝභයකින් නොමේ. එත් ගැබිණි මාතාවක් අපේ බස් රථයට අත් දිගු කරමින් මොන මොනවාදෝ කියන කොට අපේ හිතවතා අපිට එකතු වුණේ චන්දයක් අවසානයේ ඇස්. බී ආණ්ඩු පක්ෂයට යනවා වගේ.

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව අපේ එක් අධ්‍යයන ස්ථානයක්. මමත් හා පුරා කියලා ඔය සම්මන්තණ ශාලාවට පය ගැහැව්වේ එදා. අපි ඉතිං ගම්වල අයනේ. පුංචා බඩජාරී කමෙන් අගශික්ෂකනේ. හැමෝගේම කෑම වල රස බැලු රසවතා විදිහට දරුණු විදිහේ බඩාබාධයක් සම්මන්ත්‍රණ ශාලාවේ දී ඔහුව ගිලන් කළා. හැමෝම එකතු වුණේ ඉක්මණ් සහනයට වැසිකිළියක සුවය ඔහුට ලබා දෙන්න. අපේ වෑයම සාර්ථක වුණේ වැසිකිළි පරිශ්‍රය සොයා ගැනීමෙන් අනතුරුව. හැබෑයි පුංචාට තමන්ගේ අවශ්‍යතාවය අමතක කරන්න තරම් දරුණු කාරණේ වුනේ සම්මන්ත්‍රණ ශාලා වැසිකිළි සියල්ල කොමෝඩ් යෙදු ඒවා නිසා. පුංචාට වඩා පුංචාගේ පස්ස පැත්ත දරුණුයි. අවසානයේ පුංචා පස්සට අවනත වුණා. පැයක විතර වෙහෙසකර කාර්යාවලියක් නිම කොට පුංචා එළියට ආවේ සහන් සිනාවක් මුව තවරගෙන.

“වැඩක් නෑ බං මෙව්වාගේ  කකුල් තියා ගන්න පෝච්චියේ ඉඩක් නෑ. පුදුම අමාරුවකින් මම උඩ වාඩි වුණේ.......“

“පස්ස හොද ගන්න වතුර නෑ සැහෙන ගේමක් දුන්නා අර ඇතුලේ තිබ්බ වතුර වලින් පස්ස හොද ගන්න“

වටේ කට්ටිය නාසාවරණය සදහා අත් අරගෙන ආවේ නිරායාසයෙන්

“වරෙල්ල අපි මෙව්වා මේවගේ මහ එවුන්ට කියන්න ඔනේ .....“

පුංචාගේ අසාධාරණය දැණුවත් කරන්න කවුරුවත් එකතු වුණේ නැහැ.



 පුංචා මේ රෑ පරල වෙලා තියෙන්නේ ඊයේ සිද්ධියගැන කවුදෝ දහපද්දුරාවෙක් අහලා ඉතිං එක අධ්‍යාපන ක්‍රමයේ වැරැද්දක් කියලා තහවුරු කරන්න තමා පුංචාගේ මේ වෑයම......




1 comment: