Pages

Saturday, October 20, 2018

ඇත්ත කතාවක්

ඇත්ත කතාවක්


ඇත්ත කතාවක්
වල්අඹ ගහ ගාව රිළා හඩට රෙක්සියාගේ තර්ජනාත්මක බිරුම් හඩත් එකතු වූණාම පැත්තම දෙදරන්න ගත්තා.
එත් එක්කම සිරිපාලගේ අවලාදත් එක්ක රෙක්සියා නගුටේ අමුඩ ගහගෙන දිගු පිමි වලින් දුවනවා කාර්යාලයේ ජනේලයෙන් ගුණපාල මහත්තයාට පෙනුනා. සිරිපාලව බලු පැන්නීල්ලට යොමු කරන්න ඇත්තේ සුමනා ටිචර් . සුමනා ටිචර්ගේ පංතිය තිබ්බේ ශාලාව කෙලවරේ වුණත් ඇය කතා කරන එවා ඔය යස අපුරුවට ඇහෙන්නේ.

සිරිපාල පාසලේ පියුං මහත්තයා. එයා ඉතිං කරන දෙයකුත් නෑ, නොකරන දෙයකුත් නෑ.
දැන් ඕං උදැල්ලකුත් කිහිලි ගන්නාගෙන තෙක්ක යාය පැත්තට යමින් හිටියේ නොරොක් කර ගත්ත මුණෙන්.

"සුබ උදැසනක්"
හදිසියේම වගේ කාර්යාලයේ දොරකඩ පහල වුණ අමුත්තා නිසා ගුණපාල මහත්තයා කරමින් හිටි වැඩය නැවැත්තුවා .
අමුත්තා කතා කලේ ඉංග්‍රීසියෙන්.....
ඔහු තමාව හදුන්වා දු⁣න්නේ රංගන පෙරේරා කියලා."

ගුණපාල මහත්තයා සංවාදය සිංහලට හරව ගත්තේ, ඔහු තමන්ගේ ඉංග්‍රීසි භාෂා හැකියාව ගැන නිසැකවම දැන හිටිය නිසා.

"වාඩි වෙන්න මහත්තයෝ"
ගුණපාල මහත්මයා ආගන්තුකයාව පිරික්සමින් පුටුව පෙන්නුවා.

ආගන්තුකයා වයසින් අවුරුදු තිහක පමණ වුවෙක්. මනාව මදින ලද කලිසම සහ කමිසය වටිනා බව ගුණපාල මහත්මයාට හිතුණා. ඔහුගේ ටයි පින් එක රීදි වෙන්න ඕන........
තම ⁣පාසලේ වැඩි හරියක්ම හිටියේ එදිනෙදා වැඩ කරමින් දිවි ගෙවන දෙමාපියන් නිසා මේ දෙමාපියෙක් වෙන්න බෑරි බවයි ගුණපාල මහත්තයාගේ හිතට ආවේ.
ඒ වගේම සිය ඉහල නිලධාරින් සතුව මෙවැනි ආචාරශිලී බවක් නැතිබව සහ ඒ අය ගැන සිහිපත්විමෙන් ගුණපාල මහත්තයාගේ මුවගට මද හාසයකුත් නැගුණා.

"සර්, මං ආවේ මගේ දුවව මේ ඉස්කෝලේට දාගන්න පුළුවන් ද බලන්න.."

ආගන්තුකයා ගුණපාල මහත්තයාගේ චින්තාකුල සිත නිදහස් කරා.

" මාත් මේ ඉස්කෝලේම තමයි පහට වෙනකම් ඉගෙන ගත්තේ ශිෂ්‍යත්වේ පාස් වෙලා සෙන්ට්‍රල් ගියා"........
"දැන් RDA එකේ මධ්‍යම අධිවේගේ ප්‍රජේක්ට් ඉන්ජීනියර් කෙනෙක්.......

විනාඩි කිහිපයක කතා බහකින් අනතුරුව ආගන්තුකයා පාසල් කාර්යාලයෙන් බැහැර වුණේ කාර්යාලයේ මෙන්ම ගුණපාල මහත්මයාගේ හිත ඇතුලෙත් ප්‍රසන්න සුවදක් තවරමිනුයි.

ඉන්ටවල් එකට සීනුව ගහලා සිරිපාල ඔපිස් එකේ හොරගල් අහුලන්න ගන්නකොට ගුණපාල මහත්තයාට හිතුණේ
" මේ යකාට ණයක් ඉල්ල ගන්න වාගෙයි" කියලයි.

"සර්, ඔය ආපු මහත්තයලා ඉන්නේ අපේ ගෙවල් ගාව"

"ඉතිං"
ගුණපාල මහත්තයා ⁣ටීවී ප්‍රවෘත්ති බලන එකත් නවත්තලා අවුරුදු ගාණක් වෙනවා.

"දැන් ටෙලිවිෂන් වල ප්‍රවෘත්ති නෙමෙයි, ඕපාදූප දාන්නේ"

ගුණපාල මහත්තයා හාමිනේට කිව්වේ එහෙමයි.

"සර් ,..........
එයාලා හිටියේ කොළඹ , 
කොළඹ නෝනෙක්ව කසාද බැන්දේ "
කැම්පස් එකේදී යාළු වෙච්ච කෙනෙක්, මෙහෙන් කැමැති වුණේ නැහැ..
ඒ නෝනාලා අඩුකුලේ"

"සිරිපාල, මං කිව්වා නේද ඉන්ටවල් එකේදි ඔයා ඉන්න ඕනේ සෙල්ලම් මිදුලේ කියලා,
හා හරි.......
කතාව පස්සේ කියමු,
දැන් යමු සෙල්ලම් මිදුලට....."

ගුණපාල මහත්තයාත් කාර්යාලයෙන් එලියට ඇවිත් සෙල්ලම් මිදුල පැත්තට ගියා.
පැංචෝ, පැංචියෝ තමන්ට ලැබුණු විනාඩි විස්සේ විවේකය යහමින් විඳිමින් උන්නා.

දින ගණනක ඇවැමෙන් පැහැබර කාන්තාවක් ගුණපාල මහතා හමු විමට පැමිණියා.
ඒ රංගන මහතාගේ බිරිඳ.
හර්ෂි..........

"සර් දුවගේ අස්විම් සහතික ගෙනාවා.....අපි සතියකට කලින් කතා කරා මේ ගැන."

ඇය දෝතින්ම ලිපි ගොණුවක් පැවා.
ගුණපාල මහතා ටිකක් විපිළිසර වුණේ,
ඉගෙනුම ලැබු පාසල තීරයේ සටහන් ව තිබු පාසල දැකීමෙන්.
එය බස්නාහිර පළාතේ ප්‍රකට පාසලක්.
ඒ පාසලට සිය දරුවාව ඇතුලත් කර ගැනීමට දෙමාපියන්ගේ සිහිනයක්.

"හොඳයි, ගෙනත් තියෙනවද දරුවාගේ පංතියේ පොත් එහෙම........"

ඇය වහා පොත් ගොන්නක්ම දිගු කලා.
පොත තුල වු කිසිවක් ගුරුවරයාගේ නිරීක්ෂණයට හසුව නැති බවයි පෙණුනේ.
ඉදහිටකවත් ගුරුවරයාගේ පෑන් සලකුණු එහි සටහන්ව තිබුණේ නැහැ.

"හොදයි, එහෙමනම් අපි හෙට ඉදන් දරුවාව ඉස්කෝලේට ගෙමු.

⁣ඉතිරිය ඉදිරියට............

19 comments:

  1. ඉතිරියත් කියවන්න බලාගෙන... රසවත්ව ගලාගෙන යනවා, ඇත්තටම ඇත්ත කතාවක් ද?

    ReplyDelete
  2. උඩු ගං බලා යන අපූරු ඇමුණුමක් . ඊළග කොටස කියවන්න බලාගෙන ඉන්නවා .

    ReplyDelete
  3. විශ්වාස කරන්න බැහැ වගේ පෙනුනත් මෙවන් දේ වෙන්න පුළුවන්. ඉතිරි කොටස් බලන්න ආසාවෙන් ..

    ReplyDelete
  4. හිතට දැණුනු කතාවක්. අභ්‍යන්තරයෙන් දෙන්නේ කිනිසි පහර ගැහෙන පනිවිඩයක් යන්නයි මගේ හැඟීම.

    ReplyDelete
  5. මොනව කළත්ම ගමේ පාසල තරම්ම හිතට කිසිම තැනක් සමීප නෑ. ඒ වගේම ගමේ පාසලේදි තරම් ඉගෙන ගන්න ලැබුන තල්ලුවක් ඉන් පිටවෙලා කොළඹ ආවට පස්සෙ කවදාවත් දැනුනෙ නැහැ.

    ඒක කොයිතරම් වැදුනද කිව්වොත් ගමේ පාසලේදි පළමු දෙතුන් දෙනාගෙන් එපිටට නොගිය මම පාසල් අධ්‍යාපනය අහවර වෙනකොට පන්තියේ අන්තිමය විදිහට කිසිම බලාපොරොත්තුවක් නැතිව එළියට බැස්ස 🙂

    ReplyDelete
  6. කතාවෙ ඉතිරිය ඉක්මනට ලියවෙයි කියල හිතනවා...

    ReplyDelete
  7. අනේ මේක දිගටම ලියන්න. හරිම අසාවෙන් ඉන්නවා ඉතුරු ටික බලන්න.

    ReplyDelete