Pages

Tuesday, October 9, 2018

ඒ පොල් ගහක්

ඉස්කෝලේ ,
කාට කාටත් ඉස්කෝලේ ගැන මතකයන් වගේම මතයනුත් තියෙනවා.
සමහර අය තමන්ගේ ඉස්කෝලේ ගැන මතක් කරන්නේ කෝපිමල්, සේපාලිකා මල් සුවඳක් තවරමින්.
ඒත් තවත් අයට ඒ ගැන තියෙන්නේ පිළිකුලක්,
ඉස්කෝලේට හා හා පුරා කියලා එන පැංචෝ පැංචියෝ හරි දොඩමළුයි.
කියන සුනගුවෙන් නටනවා ගයනවා.
එත් ටිකෙන් ටික උස් මහත් වෙද්දී ඒ හැමදේ හොරු ගෙනියනවා ( අපේ ඉස්කෝලේ ද මං දා මේ හොරකම කරන්නේ)
දහයේ දොළහේ පංතිවල ඉන්න නාඹර සිසු සිසුවියන්ගෙන් ප්‍රශ්නයක් ඇහැව්වොත් දන්න  දෙයක්වත් කියන්නේ එහෙමත් කෙනෙක්.

ට්‍රික්ෂි ටිචර්ගේ පංතිය තුන. ඈ නවක ගුරුවරියක් වුණාට තමන්ට පැවරුණු කාර්ය කරේ හරිම කැමැත්තෙන්.
සමහර වැඩිමහල් ගුරුවරියෝ අැයට ඒක මේක කීවේ ඇය හොඳ ලස්සණට පිළිවෙලට ඇදලා, කරලා ඉන්න හින්දා.
ඒත් ට්‍රික්ෂි ඔය කතා අල කොලේට වැටුණු වතුර බිංදු ගානට නොසලකා හැරියා.
ට්‍රික්ෂි ටිචර් හැම තිස්සේම වාගේ උගන්වනවාට වඩා ඉගෙන ගන්න දෙන්නයි උත්සහ කලේ.

එදත් ඈ ගහකොළ පාඩම කරන්න එළිමහනේ දඹ ගහ හෙවනට තමන්ගේ පැටවු ටික එක්ක ගියේ , පැටවු ටික ඇන්න කෝ කෝ කෑම කියා යන මහ කිකිළියක් වගෙයි.

ළමයි ටිකට  රවුමක් හැදෙන්න කියු ටිචර්,

"දැන් ඔයාලා ගස්, අපේ වටපිටාවේ තියෙන ගස් "

ඇය තමන්ගේ ළමයි ටික ගස් කරා.

"ලමයි ඔයාලා කවුද"?.......ඇහැව්වා

"ගා.....අ..ස්"
ළමයි ටික උත්තර දිපු සද්දෙට දඔ ගහේ කොළත් හෙලවුණා

"හොදයි.........
එහෙනම් ඔන්න දැන් හුළඟක් එනවා...
ඔයාලා දැකලා ඇතිනේ හුළ හමනවා
ෂ් ....ස් ....ශ්"

ටිචර්ගේ කටෙන් පටන් ගත්තු හුළගට ළමයි ගස් ඇඹරෙන්න පටන්  ගත්තා...
එහෙමත් හුළගක්😀
එහෙමත් ඇඹරෙන ගස් ගොම්මනක්.
ආ.......
ඩිලාන් විතරක් පැද්දෙනවා දැක්ක ටිචර්ගේ මුව ඇස් තවත් විශාල වුණා.
මොකද දෙය්යනේ මේ කොල්ලට වෙලා තියෙන්නේ යන ප්‍රශ්න⁣ය හිත රදවගෙන ට්‍රික්ෂි ටිචර් ඩිලාන් ගාවට ළං වුනා.

"ඩිලාන්......."
" මොකද මේ ......"
" හුළඟ සැර මදිද".....
ට්‍රික්ෂි ටිචර් ඇහැව්වේ හිනා කටෙන්...
"ආ........ නෑ....... ටීචර් ....
මං මේ පොල් ගහක්නේ"
ඩිලාන් උත්තරයත් එක්ක
ට්‍රික්ෂි ටිචර්ගේ හිනාව කටෙන් ඇස් වලටයි,
එතැනින් ඔළුව දක්වාම දිව්වා.

6 comments:

  1. අන්න ලමයි.
    5 වසරෙදී අත්කම් වැඩ වලට ගෙදරදී හදාගෙන ගිය මැටි චෛත්‍යය කැඩුනා.
    කරන්න දෙයක් නැහැ.
    චිත්‍ර කොලේක ගුවන් තොටුපොලක ට්‍රැක් දෙකක් ඇඳලා කඩදාසි රොකට් තුනක් හදලා ගුවන් තොටුපොලක් කියලා ලියලා දුන්නා.
    වැඩිම ලකුණු මට.
    ඒ නිර්මාණශීලිත්වයටත් එක්කලු.

    ReplyDelete
  2. දුවල පුතාල හැමෝටම මෙවන් නිර්මාණශීලී ගුරු මව්වරු ලැබෙනවා නම්!

    ReplyDelete
  3. මරු කතාව. ඔයවගේ ගුරුවරු මට නම් හම්බ වෙන්නේ එහෙමත් කාලෙකින්. ඒත් පුතේ මම නම් කාලා තියෙන්නෙ පරිප්පුම තමා පොඩි කාලේ.

    ReplyDelete
  4. හැබෑ ගුරුවරු දියුණු කරන්නත් ඕනෑ ඒ අදහස්ම තමයි. එහෙම නැතුව විභාග පාස් කරන පොතේ හොරු නෙවෙයි . ඔබේ ලියමන් ආසාවෙන් කියවන්නේ ඒවායේ තියෙන අපූරු බව නිසා

    ReplyDelete