Pages

Tuesday, September 4, 2018

බලු උගුල

කන පල්ලේ පිපිරුන හෙන හඩින් මගේ දුරකතන හුරතලිය නොවැටුණේ එය එතරම් තදින් මගේ අතට ගුලි ව තිබු නිසාමය.
කොහොමටත් නිවාඩු දින වල මේ මේඝ ගර්ජනා අරුමයක්යැ......
සුන්දරීයට මගේ සරම ඇද යට වලල්ල තිබුණත්, තේ කෝප්පයේ ඇඹලයන් නිවාස ව්‍යාපෘතියක් සාදාගෙන සිටියත් ඒම මදෑ හෙන පිපීරිමට........

කොස්ස එක අතකට ගෙන රෙද්ද අනිත් අතෙන් අල්ලා ගෙන රොස නැයිනියක් ලෙස ඈ පුප්පයි පිඹියි.....

ඈ...... මං කී පාරක් තමුසේට කිව්වද අර බලු හැතිකරේ වත්තට රිංගාන හැම තැනම බෙටි ගහලා......
අර ඇන්තුරියම් පාත්ති ඔක්කොම අවුස්සලා,
කොයි වෙලේ බැලුවත් ඔය හත්තිලව්ව අතගාන එකමයි වැඩේ....

මේ බලු හැතිකරයක් මටම වද දෙන්න මේ වත්තටම රිගන හැටි.
අර අල්ලපු පෙරේරා මහත්තයාගේ අක්කර කාලක තඩි ඉඩමට පලයව්කෝ.....
මේ පර්චස් දහයටම පනින්නේ....

දිය බසින්නේ පහත් තැනිනි. මේ ඌරු සුනඛයන්ට හොඳ පාඩමක් ඉගැන්විය යුතුය. එසේ වුණොත් අද රාත්‍රීය සොදුරු රාත්‍රීයක් වේවි..
නාරද දිසාසේකර කියන සිංදුවක් මට සිහි වුණා.......
"අපිටත් දවසක හඳ පායනවා.
එදා අපිත් මල් පැණියෙන් නානවා"

පුරුෂ ධෛර්ය සරම තුල නැග එනු මටම දැණුනි.
බලු ක්‍රියාන්විතයට මම මගේ දුරකතන හුරතලිය ක්‍රියා විරහිත කලෙමි.


පරණ ඇළුමිනියම් පිඟානක් හොයාගෙන එයට වයරයක් මාට්ටු කෙරුවෙමි.
කොල්ලාගේ කුක්කු බෝතලයේ ඉතුරුව තිබු කුක්කු ඒයට දැමිමි.......
වයරය ගෙන ගොස් ප්ලග් එකක නියුටල් හිලට දමා මගේ බලු උගුල සහ බලු හෝඩියේ කටයුතු අවසන් කෙරුවෙමි.
කිරි පිඟාන සුන්දරියගේ ඇන්තුරියම් මල් ගොන්න මත තබා උගුලේ සාර්ථක බව දැක ගැනීමට බලා හිටියා.........
මුලින්ම ආවේ නැට්ට කොට කළුවා..ඒ සිරිපාලගේ බල්ලා......
ඌ දැකපු දේ අදහගන්න බැරුවා වාගේ පිඟාන වටේ ටිකක් කැරකුණා......

සතුටෙන් කෙඳිරි ගෑව කළුවා පලවෙනි උගුර බොනකොටම මං ස්විච් එක දැම්මා.
කළුවා බැගිරි ගාගෙන අඩි දෙක තුනක් උඩින් ඇන්තුරියම් පැලයක් උඩට පැනපි.
මේ හදිසියේ ආ විපිරියාසේ මොකක්දැයි හිතාගන්න බැරුව ටිකක් බලාන හිටියා.
ආයෙම හෙමිහිට පිගානට ලං වෙලා දිව දැම්මා විතරයි........
සැඟවුණු ප්‍රහාරකයාගේ ප්‍රහාරය.....
ටික වේලාවකින්ම අපේ වත්ත වැසිකිලිය කර ගන්න දඩෝරියෝ සැට් එකම කිරි පිගානේ වටේ වාඩිවෙලා සම්මන්ත්‍රණයක.
මේ වෙනකොට හිතට දිරි ගත්තු කළුවා ආයෙම කුක්කු බොන්න ආවා........
හැබැයි ඉතිං ඒ පාරනම් කරනමක් ගහාගෙනම නැට්⁣ට අමුඩේ ගහගෙනම දුවන්න පටන් ගත්තේ පස්සවත් බලන්නේ නැතුව........
උගේ පස්සෙන් අනෙත් දඩෝරියෝ සැට් එකත් එකතු වුණා.......

7 comments:

  1. කන්න බොන්න දීලා එහෙම කරන්න එපා අසරණ සත්තු පව්.

    ReplyDelete
  2. මටත් අල්ලපු ගෙදර ඉන්න බලු ගෙරියෝ දෙන්න පුදුම වදයක් වෙලා තියෙන්නේ. උන් ඉන්නේ කුඩුවක් ඇතුලේ. ගොරිල්ලෝ දෙන්නෙක් වගේ කුඩුව හොලව හොලවා දවල් දවසේ කෑ ගහනවා මදිවට රෑට උන්ව එළියට දැම්මම මම නිදා ගන්න කාමරේ කිට්ටුව ඉඳගෙන ඉන්ගේ වත්ත සීමාව ඇතුලේ ඉඳගෙන කෑ ගගහ මැරෙන්න හදනවා...
    උන්ට ඒ ඉඩමෙන් එළියට එන්න බැරි උනත් පර්චස් 8, 10 ඉඩම් වල ළඟ ළඟ හදල තියෙන ගෙවල් වල බල්ලෝ හදන එක අනිත් මිනිස්සුන්ට පුදුම කරදරයක්...
    මට පේන සීමාවකට උන් එක පාරක් හරි එළියට ආවනම් උන් ආයේ බුරන්නේ නැහැ...

    ReplyDelete
    Replies
    1. හා ඔයාද ⁣ෙ ල ා කු පුතා

      Delete
  3. තත්ත වාදී ක්‍රියාමේක

    ReplyDelete