Pages

Thursday, May 18, 2017

ප්‍රේම දඩයම

මල් වත්තක එක එක ජාතියේ මල් තියෙනවා. සමහර එවාට මල් කීවාට මල් පිපෙන්නේ නැහැ. ඔය පර්ණාග වල මල් නොපිපිනාට මල් වතුවල අපුරුවට වවලා තියෙන්නේ. සමහර අය මල් වෙනුවට ඔසු පැලත් ලස්සණට හිටවනවා. මං දැකල තියෙනවා එලවලු වර්ගත් අලංකාරය සදහා වවනවාග එයාලා එකෙන් දෙකක් තුනක් කර ගන්නවා. එහෙම අය තමා වැඩ්ඩෝ.
මල් වත්ත ගැන කිවේ අපේ අතීතය මතක් වුණ හින්දා. මිට දශකයකට කලින් අපේ මල් වත්ත, ඒ කියන්නේ අපේ මොන්ටිසෝරිය අමරසුරිය මුහන්දිරම් ගේ වලව්ව. ඔය වලව්වේ ලංකාවේ හැම පළාතකම මල් පැල තිවුණා. පැල කාලේ නිසා මල් නං එහෙමට තිවුනේ නැහැ එත් අනාගතයේ හොදට මල් දරන බව සාක්කි තිව්නා.
ආදරය කියන එක මානවයාගේ ශිෂ්ටාරගත විම දක්වාම දිවෙනවා ඇති. අපේ ලංකාවේත් එහෙම ආදර අන්දර තියෙනවානේ. අපිට ඉතිං දම්මි සුගත් ආදරය තමා මතක. දේදුණු කැලුම් ආදරෙත් අපේ වයසේ කාට වුණත් කී පමණින් සිහි කරන්න පුලුවන්
අපේ නේවාසිකාගාරේ සුනිලා උස අඩි පහේ පොරක් කියලා හිතාන උන්නු හාදයෙක්. අම්මාර ගම වුනාට අහන කාටත් කිව්වේ කොළඔ ඉදන් එක බස් එකෙන් යනවා කියලයි. මනුස්සයා ගමේ දී ඉන්න තරමක් ගැටිස්සියන්ගෙන් ආදරේ ගැන ඉගෙන ගන්න ගිහිං ආදරය කල් කදුරු කියලා උසික්කා කරල ඒ ගැන කවුරැ හරි කියනකොටත් පරල වෙන සයිස් එකෙන් තමා කතා බහ කරේ.
හැබැය් ඔය මල්සරා කියන හාදයා එසේ මෙසේ පොරක් නෙමෙනේ . විද්දොත් ඉතිං විද්දාම තමා. බණ්ඩත්තර පැත්තේ ඉද ආපු චුටි ගුරු මානවිකාව දැක්ක දවසේ ඉද අපිට රජ මගුල්. රෑ බත් පෙට්ටිය අසරණ වෙලා තියෙන කොට එක අයින් කරන්න උදව් කරන්න හිතවතුන් ගොඩක් හිටියා. අපේ නේවාසිකාරේ භෝජනාගාරේ ඉඩ කඩ සිමා සහිත හින්දා පිරිමි නේවාසිකයන්ට රෑ කෑම එක ලබා දුන්නේ පෙට්ටියකට දාලා. ඔය සුනිලා ජනේල ගාවට ගිහි කාන්තා නේවාසිකාගරේ දිහා බලාන හුල්ල හුල්ල ඉව කරේ අර බණ්ඩත්තරිගේ දර්ශනමාත්‍රයකින් බඩ පුරවගන්න.
දින සති වුණාට මේ ප්‍රේ‍ම කථාව නම් ඇරඹෙන ලකුණක්වත් පෙණුනේ නැහැ.
ඉගැන්විම් පුහුණුවට පාසල් වලට යන්න ඔන උදේ 7ට . මායි සුනිලායි 6ට විතර පාර දිහාට ආවේ උදේ කෑම සුදානම් නැති හින්දා. ගේට්ටුවට මිටර් 10ක් විතර තියෙද්දි බණ්ඩත්තරි තවත් දෙන්නෙක් එක්ක එනවා දැක්කාම අපේ හාදයාට ඉවසුම් නැතිව ගියා
වරේ යකෝ ආ මාතර බස් එකක් එනවා *****ලාට බස් එක නවත්තමු“
සුනිලා මාවත් ඇදගෙන කාල් ලුවිස්ට ආවේශ වුණා.
බස් එක නැවැත්තුවා.
සුනිලා චණ්ඩියා වගේ “ එන්න නංගිලාට යන්න මම බස් එක නැවැත්තුවා“
කියලා බස් එකට නගින්න නංගිලාට ආරාධනා කරා.
“ ආ කව්ද ඔයාලාට බස් එක නවත්වන්න කිව්වේ“
“ අපි මේ ගැමුණු අය්යාගේ කඩේට යන ගමන්“
මාතර බස් එකේ කොන්දොස්තර අය්යා එයාගේ බුරැසු රැවුල උඩට අතගාලා අපි දිහා බැලුවා.
සුනිලා බස් එකට නැගලා ඉස්සරහ ෂිට් එකේ වාඩිවෙලාත් ඉවරයි. ඇත්තම කියනවන මාත් බස් එකට නැග්ගුනා.
එදා අහංගම සාරිපුත්තේ ගේට්ටුව ඇරියේ අපේ සුනිලා......


10 comments:

  1. හෙහ් හෙහ් මරු කථාව

    ReplyDelete
  2. //අපේ මොන්ටිසෝරිය අමරසුරිය මුහන්දිරම් ගේ වලව්ව//මේ අර උනවටුනෙ තියෙන එක වෙන්න ඇති නේද?
    දන්නවද අහංගම සාරිපුත්තේ මහතැන පහුගිය කාලේ කළුවැල්ලේ බොඩිමේ හිටිය මාසයක් විතර

    ReplyDelete
    Replies
    1. ඔව් ..එක තමා..
      මෙ⁣ාකක්ද වෙලා තියෙන්නේ . මං නං උනවටු ⁣ෙ න් හිටියේ අනාදිමත් කාලයකට පෙර

      Delete
  3. අර ජනේරුවට එන ප්‍ර‍ශ්නේනේ මිනිහ වැඩේට මාට්ටු ජොබත් නැ.... නමත් නෑැැැ.

    ReplyDelete
  4. නියම වැඩේ සුනිලට වුනේ......... හි හි

    ReplyDelete