Pages

Sunday, August 7, 2016

අලුත් සර්


අදින් දසක 2 කට ඔබින් වූ දිනක දුෂ්කර පාසලක බිහිදොර අබියස එකල මෙකල වන ගැටවරයෙකි. ඔහු නොඉවසිල්ලෙන් බව පේනේ . කාර්යාලයෙන් මතු වන හිසක්  හිස වනා මේ ගැටයා කැදවයී.

"පුතා වැඩ බාර ගන්නද ?" ලොකු සර් පුතාගේ ලොකු තාත්තාය. පුතාගේ මේ පෑමිනිම අලුත් ගුරුවරයකු ලෙස වැඩ බාර ගැනීමටයි .

"කෝ ඔලුව පිරගනවත් නැහැ"

ලොකු සර් සාක්කුවෙන් ගත් පනාවකින් පුතාගේ අකීකරු කෙස්ස පීරා දමයි .ලොකු සර් ගුරු පුතාට දිග උපදෙස් මාලාවක් දෙන්නේ සතුටු සිතින් බව පෙනේ .

"දැන් මහත්තයා යන්න 10 පංතියට."

පුතා ඉනි දහදිය සගවමින් පංතිය සොයා යයි .

ගුරු පුතා ගුරු පුතාට දෙතුන් වසකින් ලපැටි සිසුන් රංචුවක් මැදය . ඔවුන් ඇතැමෙක් ගුරු පුතාගේ කෙළි සගයන්ය.

ඉතිං අපිට දැන් විද්‍යාව සර්ද කරන්නේ ? පාඩම අරබන්නේ සිසුන් ය .

අමාරු ආරම්බය පමණක්ම බව පසක් වේ .

පැරණි ගුරුවරුන් කිහිප දෙනක්ම පැමිණ හැරි යයි .ගුරු ගැටයාට කාලජෙද සීමා හඩ නිනව් නැත. සිසුන්ට පාඩම රසබරය. විදුහල්පති රවාගන පංති කාමරය අසබඩය.

අවවාදය මිහිරිය. සීනු හඩ පාසලක අඥාධිපතීෙයක් බව ෙහ් හිස වනා පිලිගනි. ඉදින් දැන් popler පැල සිටුවන්න කාලයයි.

Monday, August 1, 2016

ළිද නැතිවිම



පහුගිය දිනවල විදුහල්පති පුහුණුවට සම්බන්ද වුනා. හැමෝම වාගේ පුහුණුව ෂෝක් කිව්වා. දැන් පුහුණු ලාභින් ආපහු පාසල්වලට මුදා හැරලා. හැබැයි පරන පුරුදු විදිහට ගුරුවරුන්විදිහටමයි.

පුහුණුව ‍මොකටද? .....

වැඩය හරියට කර ගන්න බැරි නම් විභාගය පවත්වන්නේ නැතිව ඉන්න ඒක තමා  කරන්න තිබුණේ
.කාටත් පහසුයි යාලුවෙක්ට හිතවතෙක්ට ජොබ් එක දෙන එක

එක් පාසලක භාන්ඩ සමීක්ෂණයක් සදහා මාත් සහභාගී වුණා. ඒ මිට අවුරැදු ගණනකට ඉහත්තෙන්.
අපොයි දෙය්යනේ,  ඔබ දන්නවාද? ඒ විදුහලෙ ළිද ඉන්වැන්ටිගත කරලා තිබුණා. හා එක කමක් නැහැ කියලා අත හැරලා දාමුකෝ
පස්සෙන් පහු  විදුහල්පතිතුමා තොග පොතින් ළිද ඉවත් කරලා.............