Pages

Tuesday, June 27, 2017

කණේ අමාරැව



දේ පාන්දර පුංචි පැටික්කෝ ඉස්කෝලේට එනවා. බලන්න ලස්සණයි. කොහොමටත් වෙනත් සේවා ස්ථානයකට සාපේක්ෂව පාසලක අමුතු ජීවි ගතියක් තියෙනවා. පාසලක් පාසලක් වෙන්න ළමයි විතරක් ඉදලා හරියන්නේ නැහැ. ගුරුවරු  එ් හැරුනාම විදුහල්පති එහෙමත් ඉන්න ඔන.

 ඉස්සර පාසල් වල නම් ඔය තුන් ගොල්ල ඇරුනාම වෙන ඈයෝ පාසලක එහෙමට කියලා හිටියේ නැහැ. මං ගිය පාසලේ කැන්ටිම කරපු ෂෙල්ටන් අය්යා, වෙරලු ආච්චි, අයිස්ක්‍රීම් වෙළෙන්දා එහෙම තමා වෙන අය විදිහට පාසලට ආව ගියේ, දැන් නං පාසල් වල ගරුවරුන්ට වඩා ඉන්නේ අනධ්‍යන සේවක මණ්ඩලය. අප්පේ ඒ මහත්වරු නෝනලා විදුහල්පතිටත් එහා. ඇත්තම කියනවානං අධ්‍යාපන ඇමැතිතුමාගේ කට්ටියනේ එහෙම නැතුව කොහොමද?

පාවර වැව ඉස්කෝලේ ලොකු මහත්මයා කලුබන්ඩා මහත්තයා. නම වාගේම තමා පාටත්. කොණ්ඩේ ගෙල දක්වා වවලා. සුදු ජාතික ඇදුම ඇදලා ඉන්නකොට මතක් වෙන්නේ ගායකයෙක්. ඉස්කෝලේ ගුරු මංඩලේ හත් දෙනයි. 

වැඩි හරියක් නෝනා මහත්තරු. මම නම් කල්පනා කරන්නේ නෝනා කියන එකට මොකටද ඔය මහත්තයා කියන කෑල්ල අලවන්නේ කියලා. කෝම වුණත් නෝනා කෑල්ල නැතිව මහත්තුරුන්ට හිටියේ ලොකු මහත්තයා ඇරුණාම ගුණපාල මහත්තයයි නැටුම් මහත්තයයි  විතරයි. ගුණපාල මහත්තයාගේ ගුණ තිබුණේ නමට විතරයි. හැන්දැ කොරේ ගම්මැද්දේ පාජාවේ ගිහිං ආපිට ඉස්කෝලේ ගුරු නිවාසේට එන්නේ කලුවරත් ඇන්නං, ඒ එන්නේ තුත්තිරි ගස් ගනං කොර කොර. ගුරු මණ්ඩලේ නෝනා මහතැන්ලා කියන්නේ ගුණපාලගේ කට මහබබාගේ නෝනා කපාපු එකක් කියලා. කිව්වොත් හරුපයක්.;

කමලාවතී නෝනා මහත්තයා තමන්ගේ පාඩුවේ දෙකේ පංතියට උගන්නාගන පාඩුවේ උන්නු බබලතීයක්. අරකිව්වා වාගේම බබලතී තමා. කමලාවතී නෝනාගේ මහත්තෑං රාජකාරි කරන්නේ ලග ටවුමේ පොලීසියේ. රාළහාමි කෙනෙක් කියන්නේ ලේසි පාසු තනාත්තරයැ. ඇදුම තියේද්දි ඉතිං ගමේ රජා. දැන් කාලේත් ඉතිං ඔය රජ්ජුරුවරුන්ගේ එක එක කයි කතාන්දර පත්තරවල රූපවාහිනි වල වැටේන්නේ.
මේ දෙන්නා කසාද බැදලා ඒ හැටි කාලයක් නෑ. තාම ඉතිං දරු පැට්ටෙක්ගේ හුරතල් බලන්න කාලයක් ගිහි නෑනේ. නැත්ත ඉතිං පොලෝසියේ මහත්තුරු විශ්ව විද්‍යාල සිසුන්ගේ ඔලු පලන විදිහට ඔය ඔන එකක් පලන එක මහ කජ්ජක්යැ.
හවස් කරේ ගම්මැදේ රස්තියාදුවක් දාලා ආපිට එන ගුණපාල මහත්තයාට කමලාවතී නෝනා මහත්තයාගේ ගේ ගාවින් කමලාවතී නෝනා මහත්තයා මුණ ගැහුනේ අහම්බෙන් 

“අප්පේ මට ගුණපාල මහත්තයා මුණ ගැහුනේ හොද වේලාවට , මං මේ ලොකු මහත්තයාලැ දිහා යමින් ගමං“ 

“මොකද කමලාවතී නෝනා මහත්තයා, ඇය් අද මහත්තයා ගෙදර නැතුවදං ලොකු මහත්තයා හොයං යන්නේ“

“ නෑ ගුණපාල මහත්තයා මට මේ නිවාඩු ඉල්ලුම් පත්තරයක් දෙන්න තියෙනවා  හෙට මේ පොඩි ගමනක් යන්ට “

නිවාඩු ඉල්ලුම් පත්තරය ගුණපාල බොහෝම සුරැකිව බැනියමට යට කර ගෙන ගුරු නිවාසේට ගියා.
පහුවදා කමලාවතී ටිචර් ඉස්කෝලේට ආවා. ලොකු මහත්තයා බොහෝම පංකාදු හිනාවක් දාලා....

“ආ නෝන මහත්තයා දැන් අමාරුව හොදද“ 

 කියලා ඇහැව්වේ . වෙනදා පුරුදු විදිහට නම් නෙමේ. පපුව පැත්ත දිහා බලාන වගේ කමලාවතී ටිවර්ට හිතුණා.

අඹ ගහ ගාවින් නැටුම් මහත්තයාත් කට කණ ගාවට අරගෙන 
“කව්ද නෝන මහත්තයා බේත් කරේ මහත්තයා ද“
 කියලා ඇහැව්වා
ඇත්තටම නිවාඩු ඉල්ලුම් පත්තර වල ඇත්ත කාරණය දාලා නිවාඩු ගන්න සිරිතක් ඒ දවස් වල තිබිලත් නෑ. කමලාවතී ටිචර් අසනීප නිවාඩුවක් තමා අර ගත්තේ.

“හරි වැඩක්නේ මහත්තයා ගෙන් බෙහෙත් ගන්න මං බෙහෙත් ගත්ත ඇති මහත්තයෙක් නෑ“.

පංතියට ගියාට පස්සේ ටික වේලාවකින්  සුමනා ටිචර් කුසුමාවතී ටිචර් එක්ක කෝමල හිනා එක්ක කමලාවතී ටිචර්ගේ දෙකේ පංතියට ආවා.

“ආ මේ ඔයාගේ නිවාඩු ඉල්ලුම් පත්තරේ..................“
සුමනා ටිචර් මල් මල් හිනාව පිටින්මයි 

සුමනා ටිචර් නිවාඩු ඉල්ලුම් පත්තරේ ගත්තා ....
නිවාඩු අවශය කාරණය කියන තැන තමන් ලියපු එක ටිකක් වෙනස් කරලා වගේ
කමලා ටිචර් නිවාඩුව ඉල්ලුවේ කනේ අමාරුවට බෙහෙත් ගැනීමට කියලා

ඈ ................

කවුරු හරි ..... කාරය කාරයට හරවලා


 

9 comments:

  1. එල ද බ්‍රා ...
    උදේ පාන්දර අපිත් හිනා උනා

    ReplyDelete
    Replies
    1. බ්‍රා..................නෝනා දැක්කොත් තමා වැඩේ

      Delete
  2. න ණ ල ළ භේදයක් නම් මීට පෙර අසා තිබෙනවා. ක ත භේදයකුත් තිබෙන බව මේ ඇහුවාමයි !

    ReplyDelete
    Replies
    1. ඇය් අප්පේ ක යන්න වෙනුවට ත යන්න දාලා බලන්නකෝ බේදේ බලන්න

      Delete
  3. හපුච්චේ.... කාල වරෙන්කෝ.. හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
  4. හම්මෙ ඉතින් විණ තකාගෙන හිනායන්නෙ

    ReplyDelete
  5. හි හි ........... හිනා වෙන්න ඇති හොඳටම....... දඟකාර ගුරු මහත්මයෙක්ම වෙන්ට ඕනා මේ වගේ වැඩක් කරන්න නම් අත් අකුරු පරීක්ෂනයක් තිබ්බානම් ප්‍රින්සිපල්ට හොයාගන්න තිබුනා ඔය කරපු කෙනාව. ලියපු කෙනාමද දන්නැ විඩකට

    ReplyDelete